Monday, March 19, 2018

මාලදිවයිනේ අතොළු - 4 (උතුරු මධ්‍යම ප්‍රාන්තය​)


උතුරු මධ්‍යම ප්‍රාන්තය අතොළු හතරකින් සමන්විතයි.

1. මාලේ අතොළු
2. අරි අතොළු උතුරුබුරි
3. අරි අතොළු දෙකුණුබුරි
4. ෆෙලිදු අතොළු

මාලේ අතොළු


නිල නාමය : මාලේ අතොළු
කේතය : කාෆු
ප්‍රාන්තය : උතුරු මධ්‍යම
අයත්වන සොබාවික අතොළු : කාෂිදූ, ගහෆරු, මාලේ උතුරුබුරි, මාලේ දෙකුණුබුරි
ජනගහණය : 12,166
දූපත් : 107
ප්‍රධාන දූපත : තුලුස්දූ

පදිංචිකරුවන් සහිත දූපත් : 10
(දිෆ්ෆුෂි, ගාෆරු, ගුලි, ගුරයිදූ, හිමෆුෂි, හුරා, කාෂිදූ, මාෆුෂි, තිලෆුෂි, තුලුස්දූ)

පදිංචි කරුවන් ර​හිත දූපත් :97

මාලදිවයිනේ අගනුවර වන මාලේ දූපත අඩංගු අතොළුව​. නමුත් මාලේ සහ අවට දූපත් කීපයක් වෙනම පරිපාලන ඒකකයක් යටතට ගැනෙනවා. සංචාරක කර්මාන්තය ඉතා දියුණු අතොළුවක්.

වැදගත් ස්ථාන​:

හුරා දූපත -

මාලදිවයිනේ අවසාන රජ වංශය වුන හුරා වංශය පැවත එන්නේ හුරා දූපතෙන්.

කාෂිදූ දූපත -

7 වන සියවසේ ඉඳි කල බෞද්ධ විහාර සංකීර්නයක නටබුන් මේ දූපතේ තියෙනවා. මේ විහාර සංකීර්නය ගොඩනැගිලි 64 කින් සමන්විතයි. මේක මාලදිවයිනේ හමුවෙන විශාලතම බෞද්ධ​ විහාරයක්.


මාෆුෂි දූපත -

මාලදිවයිනේ විශාලම සිර ගෙදර තියෙන්නෙ මාෆුෂි දූපතේ.

තිලෆුෂි දූපත -

මාලේ දූපතෙන් බැහැර කරන කුණු කසල වලින් මුහුද ගොඩ කරල හදපු කෘතීම දූපතක්.


අරි අතොළු උතුරුබුරි



නිල නාමය : අරි අතොළු උතුරුබුරි
කේතය : අලිෆ් අලිෆ්
ප්‍රාන්තය : උතුරු මධ්‍යම
අයත්වන සොබාවික අතොළු : අරි, තොඩ්ඩු, රස්දූ
ජනගහණය : 5,905
දූපත් : 33
ප්‍රධාන දූපත : රස්දූ

පදිංචිකරුවන් සහිත දූපත් : 8
(බොදුෆොළුදූ, ෆෙරිදූ, හිමන්දූ, මාලොස්, මතිවෙරි, රස්දූ, තොඩ්ඩූ, උකුළස්)

පදිංචි කරුවන් ර​හිත දූපත් : 25

සංචාරක කර්මාන්තයට සහ කිමිදුම් සඳහා ප්‍රසිද්ධ අතොළුවක්

වැදගත් ස්ථාන​:


ෆෙරිදු දූපත -

මාලදිවයිනේ රදුන් මක්කම සංචාරය කරපු අවස්ථාවක මිලදී ගත්ත අප්‍රිකානු වහල්ලු දෙන්නෙක් පසුව නිදහස් කරල ෆෙරිදූ දූපතේ පදිංචි කරල තියෙනවා. අදටත් මේ අප්‍රිකානුවන් ගෙන් පැවත එන අය ෆෙරිදූ දූපතේ ජීවත් වෙනවා. ඔවුන් බෙර හැදීමට දක්‍ෂයි.

මාලොස් දූපත -

කොරල් ගල් වලින් හදපු කුඩා ස්ථුපයක නටබුන් මේ දූපතේ තියෙනවා. මේක දූපත් වාසීන් හඳුන්වන්නේ "මුදු" කියල​.


තොඩ්ඩු දූපත -

තොඩ්ඩු දූපතෙන් 1959 දී ඉතාමත් අලංකාර කොරල් ගලෙන් නිමැවූ බුදු පිළිමයක් හොයා ගත්තා. මේ පිළිමය තමයි මාලදිවයිනේ මෙතෙක් හමුවුන විශිෂ්ඨතම බෞද්ධ පුරාවස්තුව විදිහට සැලකෙන්නේ. මේ පිළිමය සොයා ගනිද්දි එය ඉතාම පරිස්සමෙන් වල දාලා ඊට උඩින් ගල් අතුරල ආරක්‍ෂිතව සඟවලා තමයි තිබිල තියෙන්නෙ. මේ පිළිමයත් එක්ක එය තැන්පත් කරල් තිබ්බ විහාර සංකීර්නයකුත් සොයාගෙන තියෙනවා. අද මේ පිළිමය තියෙන්නෙ මාලේ කෞතුකාගාරයේ.

මාලදිවයිනේ කොමඩු වගාව අතින් අංක එකට එන්නෙ තොඩ්ඩු දූපත​.




අරි අතොළු දෙකුණුබුරි



නිල නාමය : අරි අතොළු දෙකුණුබුරි
කේතය : අලිෆ් දාල්
ප්‍රාන්තය : උතුරු මධ්‍යම
අයත්වන සොබාවික අතොළු : අරි
ජනගහණය : 8,145
දූපත් :49
ප්‍රධාන දූපත : මහිබදූ

පදිංචිකරුවන් සහිත දූපත් : 8
(දන්ගෙති, දිද්දූ, හංඥාමීදූ, කුංබුරුදූ, මාමිංගිලි, මහිබාදූ, මන්දූ, ඔමදූ)

පදිංචි කරුවන් ර​හිත දූපත් :41

ලොව විශාලතම මාළු විශේෂය වන තල්මස් මෝරන් බහුලව හමු වන අතොළුවක්.

වැදගත් ස්ථාන​:

අරියාදූ දූපත -

මිනිස්සු වාසය නොකරන දූපතක් වන අරියාදූ වල බෞද්ධ ස්ථුපයක නටබුන් දකින්න පුළුවන්.

මාමිංගිලි දූපත -

මාමිංගිලි දූපතේ විලා සමූහ ව්‍යාපාරය විසින් ඉඳිකරපු ගුවන්තොටුපොළක් තියෙනවා.


ෆෙලිදු අතොළු


නිල නාමය : ෆෙලිදු අතොළු
කේතය : වාවු
ප්‍රාන්තය : උතුරු මධ්‍යම
අයත්වන සොබාවික අතොළු : ෆෙලිදු, වට්ටරු
ජනගහණය : 1,601
දූපත් :19
ප්‍රධාන දූපත : ෆෙලිදු

පදිංචිකරුවන් සහිත දූපත් : 5
(ෆෙලිදූ, ෆුලිදූ, කෙයොදූ, රකීදූ, තිනදූ)

පදිංචි කරුවන් ර​හිත දූපත් :14

මාලදිවයිනේ කුඩාම අතොළුව​.

වැදගත් ස්ථාන​:

ෆුලිදූ දූපත -

රබන් වැයීම සහ නර්තනයන් සහිත "ලංගිරි" නම් උත්සවය සඳහා මේ දූපත ප්‍රසිද්ධයි.

No comments:

Post a Comment