Wednesday, July 30, 2014

Behind the Enemy Lines......







I was in an ambush
Behind the enemy lines
Hiding among the bushes
Waiting and Waiting


Then the enemy came
A man without a face
I shot him...dead
Right between the eyes


I walked up to him
Where he was lying
He stared blankly ahead
Face covered in blood


He must've been a fine lad
Young and charming
If I met him in bar
I'd buy him a drink, I promise


But now he just lay there
Without a word, even a smile
What the hell I have done
I didn't even know him


But what else could I do
I was in an ambush
And he was my enemy
Or he really was?

Once............



Once I was a mouse
In a rich house
Life was a party
Full of cheese
I thought the party would go for ever
But there was this cat
Those cats.....
What do they know about cheese?

Once I was a frog
In a big swamp in France
Life was fat
As a bunch of flies
I thought I was a prince
But they caught me and ate my legs
Those Frenchies.....
What do they know about flies?

Once I was a chameleon
In a bush
Life was colourful
As a rainbow
I thought I would live to be a hundred
But there was this bushfire
Those bushfires.....
What do they know about colours?

Once I was a fish
In a big Lake
Life was vast
As the big blue sky
I thought one day I would swim across the sky
But there was this kingfisher
Those kingfishers.....
What do they know about the sky?

Once I was a boy
In an island
Made of emerald
And I loved a girl
With beautiful eyes
Made of emerald
Life was a flawing dream
Full of joy
I thought I would never wake up
But I did ...........

Thursday, July 17, 2014

මා දුටු යාපනය - නා කපන වැස්සේ හමුවුන තංගච්චි


අපේ පළවෙනි ඉලක්කය වුනේ කදුරුගොඩ නටබුන් (මේකට යාපනේ මිනිස්සු කියන්නෙ කන්තරෝඩෙයි කියල​). කදුරුගොඩ තියෙන්නෙ ඉස්සර යාපනේ හිටපු රහතන් වහන්සෙලගෙ භෂ්මාවශේෂ තැන්පත් කරල හදපු දාගැබ් සමූහයක්.

කදුරුගොඩ තියෙන්නෙ යාපනයට කිලෝමීටර් පහළොවක් විතර දුරින් උතුරට වෙන්න​. ඉතින් අපි නැග්ග කන්කසන්තුරේ (යාපනේ භාෂාවෙන් නම් කේකේටී) බස් එකකට​.

එහෙම බස් මම දකුණෙ අන්තිමට දැකල තියෙන්නෙ එක්දාස් නවසිය අනූවෙ විතර​. අපි ඒකාලෙ "හුන්ඩු වෑන්" කියල හඳුන්වපු තනිදොරේ වෑන් යාපනයේ පොදු ප්‍රවාහන සේවා සඳහා බහුලව යොදා ගැනෙනවා. ඒවයෙ මිනිස්සු යන හැටි දැක්කම හිත කීරි ගැහිල ගියා. දෙයියන් ගෙ පිහිටෙන් අපි නැගපු බස් එක නං ලොකු තනිදොරේ බස් එකක්. හැබැයි ඒකෙ සමහර ජනේල නෑ. ඒවට ඉටිකොල ගහල තියෙන්නෙ. කලිනුත් කිව්ව වගේ මේක වැහි කාලෙ නිසා ටික දුරක් යද්දි පටන් ගත්ත වැස්සට බස් එක ඇතුළෙ හිටපු සිංහල දෙමළ කොයි කවුරුත් එක විදියට නා ගත්ත​.

විනාඩි හතළිස් පහක විතර දුෂ්කර ගමනකින් පස්සෙ අපි චුන්නාකම් හන්දියෙන් බැහැ ගත්ත​. චුන්නාකම් හන්දියෙ ඉඳල කදුරුගොඩට කිලෝමීටර් පහක් විතර තියෙනවා. ඒ පාරෙ බස් යන්නෙ නැති (හෝ යන්නෙ කලාතුරකින්) නිසා අපි චුන්නාකම් හන්දියෙන් ත්‍රීවිල් එකක් ගත්තා.

කදුරුගොඩ නටබුන් පිහිටල තියෙන්නෙ පොඩි පිට්ටනියක් වගේ තැනක​. ඒ ළඟම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බෝඩ් එකක් සහ හමුදා මුරපොළක් තිබ්බා. ඒ පැත්තම පුදුම පාළුයි. මිනිස් පුළුටක් නෑ. ඒ වෙලාවෙ තිබ්බ මද වැස්සත් එක්ක පුදුම ගුප්ත ලස්සනක් පුළු පරිසරයෙම තිබ්බෙ.

නටබුන් දාගැබ් දහයක් - පහළොවක් විතර තියෙනවා. ඒවා හදල තියෙන්නෙ හතරැස් ගල් වලින්. වැඩිය ලොකු නෑ. උසම දාගැබ අඩි අටකට වැඩිය නෑ. පොඩිම එක අඩි තුනක් වගේ ඇති. අර හතරැස් ගල් හැම එකේම පුංචි සිදුරක් තිබ්බ​. මට හිතුනෙ ඒවා වෙඩි උණ්ඩ නිසා ඇතිවුන සිදුරු කියල​. සමහරවිට වෙන හේතුවක් වෙන්න ඇති.



ආපහු එන්න පිටත් වුනා. හැබැයි ත්‍රීවිල් නැති නිසා චුන්නාකම් හන්දියට එනකං එන්න වෙන්නෙ පයින්. මද වැස්සෙම කුඩ දෙකත් ඉහළගෙන අපි පයින්ම ආව​. එන්න තියෙන්නෙ ගම්බද ප්‍රදේශයක් මැදින්. අපේ ගම් වල වගේ නෙවෙයි එහෙ ගෙවල් පාරට නොපෙනෙන්න තල් අතු වලින් වැටක් ගහල තියෙන්නෙ. ඒ වගේම වෙලාව දවල් දෙළහට​ විතර ඇති වුනත් පාරෙ කවුරුත් මිනිස්සු පේන්න හිටියෙ නෑ. මම හිතන්නෙ ඒක යුද්දෙ නිසා ඇතිවුන හුරුවක් වෙන්න ඇති. අපිත් ඉතින් ආඩියා ළිං බල බල හස් යට තියෙන ගණදෙවි රූප ෆොටෝ ගහමින් හෙමීට ආව​.

පැය බාගයක් විතර යද්දි මුරුගසං වැස්සක් කඩා හැළුන​. එහෙම වැස්සක් මම අත්දැකල තියෙන්නෙ කලාතුරකින්. බාල්දිවලින් වක්කරනව වගේ වතුර වැටෙන්නෙ. ඒ වැස්සෙ යනව තියා හිතන්නවත් බැරි නිසා පාර අයිනෙ තිබ්බ වහපු කඩයක පිළිට ගොඩ වුනා.

අපි කඩපිළට වෙලා සිගරට් එකක් එහෙම ගහගෙන පාර දිහා බලාගෙන හිටියා. අතරින් පතර මිනිස්සු එකෙක් දෙන්නෙක් යනවා. බයිසිකලයක තණකොළ මිටියක් බැඳගත්තු මනුස්සයෙක් ගියා. පුදුම හිතෙන දේ ඒ එක මනුස්සයෙක්වත් කුඩයක් පාවිච්චි කලේ නෑ. අර මහ වැස්සෙ වහින්නෙ නෑ වගේ ගියා.

වැස්ස අඩු වෙන පාටක් නැති නිසා සහ ගොඩක් හවස් වෙලා බස් නැති වුනොත් යාපනේටම පයින් යන්න වෙන නිසා අපි දෙන්නත් වැස්සෙම යන්න තීරණය කලා. කැමරා එක ටී ෂර්ට් එක අස්සෙ ඔබාගෙන කුඩ දෙක බෑග් එකේ දාගෙන වහින්නෙ නෑ කියල හිතාගෙන අපිත් පාරට බැස්ස​. සාමාන්‍ය වෙලාවක නං ඒ වගේ වැස්සක පාරට බහිනවා තියා ඇඳෙන් වත් බහින්නෙ නෑ.

ටික දුරක් යද්දි අපේ පිටිපස්සෙ ඉඳල අවුරුදු දහයක විතර තංගච්චි කෙනෙක් දුවගෙන ආව​. එයා ඉස්කෝලෙ ඇරිල ගෙදර යනවා. සුදු ගවුමක් (සුදු කිව්වට සුදු සහ දුඹුරු පැල්ලම් මිශ්‍ර​) ඇඳගෙන හිටියෙ. කළුම කළුයි. අඟුරු කැටයක් වගේ. දත් ටික සුදුම සුදුයි. හරිම ලස්සන හිනාවක්. සුදු පාට පොඩි දත් පේන්න හිනාවෙනකොට පිච්ච මල් වගේ.

එයා අපෙන් දෙමළෙන් මොනවදෝ ඇහුව​. සමහරවිට "මේ වගේ වැස්සක පාරෙ යන්න උඹලට පිස්සුද?" කියල වෙන්න ඇති. අපි දෙන්නටම දෙමළ බැරි නිසා අපි සිංහලෙන් ම කිව්ව "අපි චුන්නාකම් හන්දියට යනව​" කියල​. මේකි දිගටම අපිට මොනවදෝ කියනවා. මගේ යළුව කිව්ව "මේකි කියන්නෙ 'අයියේ ඉක්මනට දුවල පණබේර ගනින්. අපේ අයියල සෙට් එකක් පිටිපස්සෙන් කැති අරගෙන එනව' කියලද දන්නෙ නෑ" කියල​. මට හිනාව නවත්තගන්න බෑ. අන්තිමේ මම දන්න දෙමළෙන් කිව්ව "තමිල් ඉල්ලෙ" කියල​. ඒකිට හිනාව නවත්ත ගන්න බෑ.

එයා අපිට අඩි තුන හතරක් ඉස්සරහින් අපිත් එක්කම පාරෙ ඇවිදගෙන යනවා. පාරෙ තියෙන වතුර වලවල් වලට පනිනවා. ඉඳල හිටල ආපහු හැරිල අපිට මොනවදෝ කියනවා. හිනාවෙනවා. මාරම සුන්දරයි. අපිත් සිංහලෙන් එයත් එක්ක කතා කරා. ගෙදර කොහෙද​? මොකද්ද ඉස්කෝලෙ? කීයෙ පන්තියෙද ඉන්නෙ? වගේ දේවල්. අපි දිගටම කතා කර කර ආව​. අපි සිංහලෙන්. එයා දෙමළෙන්. අපි කියපු දේවල් එයාටවත්, එයා කියපු දේවල් අපිටවත් තේරුනේ නෑ. මම ජීවිතේට කරපු ලස්සනම කතාබහක්.

චුන්නාකම් හන්දියට කිලෝමීටරයක් විතර තියෙද්දි එයා මොනවදෝ කියල - "මම යන්නම්" කියල වෙන්න ඇති - එක පාරටම අතුරු පාරකට හැරිල දිව්වා. අපි දෙන්නා දිගටම පාර දිගේ ඇවිදගෙන ගියා.

චුන්නාකම් හන්දියට එද්දි අපි දෙන්නගෙම වතුර බේරෙනවා. බස් එකකට වද්ද නොගනියි කියල බය හිතුනත්, එහෙම කරදරයක් වුනේ නෑ. හවස දෙක විතර වෙද්දි යාපනේට ආව​.

ගමන ගැන තිබ්බ එකම පසු තැවීම අර තංගච්චිගෙ පිච්චමල් හිනාවෙ පින්තූරයක් ගන්න කැමරාව එළියට ගන්න බැරි තරමට ඒ වෙලාවෙ වැහැපු එක​.

Tuesday, July 15, 2014

මා දුටු යාපනය​ - යාපනේට ආපු හැටි





2010 අවුරුද්දේ මම යාළුවෙක් එක්ක යාපනේ ගියා.

අපි ගියේ සාමාන්‍යයෙන් මිනිස්සු ට්‍රිප් යන විදිහට වෑන් එකක් හයර් කරගෙන නෙවෙයි. ඒ කාලේ ලේක් හවුස් එකේ බස් එකක් කොළඹ ඉඳං පත්තර අරගෙන යාපනේ යනවා. ටිකක් සුඛෝපභෝගී බස් එකක් (සමහරවිට තාම යනව ඇති). ඒකෙ ටිකට් කලින් බුක් කරල යාපනේ යන්න පුළුවන්. ගිහිල්ල නවතින්න වැල්ලවත්තෙ දෙමළ කාන්තාවක් ගෙ යාපනයේ තිබුන ගෙදරක් සෙට් කරගත්තා.

යාපනේ ගිහිල්ල එහෙ මෙහෙ ගියේ පයින්, බස්වල සහ ත්‍රී විල් වල​. අපි දෙන්නටම දෙමළ බෑ - වචන දෙකතුනක් ඇරෙන්න​. ඒ වුනාට යාපනයේ මිනිස්සුන් ගෙ ආගන්තුක සත්කාරය සහ හමුදාවෙ පොලිසියේ අයගෙ මිත්‍රශීලී සහයෝගය නිසා අපි දෙන්නට කොළඹ ඇවිදිනකොට තරං වත් චාටර් එකක් වුනේ නෑ.

අපි දෙන්න යාපනේට ගොඩ බැහැල තිබ්බෙ ප්‍රභාකරන් ගෙ උපන් දිනේ දවසෙ. එදා යාපනේ කැම්පස් එක ළඟ "ප්‍රභාකරන් මැරුණෙ නෑ" කියල පත්‍රිකා බෙදපු එවුන් දෙන්නෙක් පොලිස් අත් අඩංගුවට පත්වෙලා තියෙනවා. ඒ සෙල්ලං දැනගත්තෙ ආපහු ගෙදර​ ආවට පස්සෙ.

කොළඹින් රෑ හතට විතර පිටත් වුන අපි පහුවෙනිදා උදේ දහයට විතර යාපනේට ආව​. එනකං ගමනෙ මතක තියපු එකම අත්දැකීම වවුනියාවෙන් එහාට පාරෙ තිබ්බ අලි වලවල් සහ බස් එක ඒවට වැටෙනකොට උස්සල පොළවෙ ගහනව වගේ අපි උඩ විසිවෙච්ච හැටි.

යාපනේ ටවුමෙ සයිවර් කඩේකින් උදේ ආහාරය විදිහට තෝසෙ සහ වඩේ කෑවා. එහෙම රස තෝසෙ සහ වඩේ දකුණෙ සයිවර් කඩේකින් නං ජීවිතේට කාල නෑ. කඩේ මිනිස්සු අපිට විශේෂයෙන් වෙනස් ආකාරයකට සැලකුවෙ නෑ. යාපනය හෝ එහෙ මිනිස්සුන් ගෙ සිතිවිලි ගැන කිසිම දෙයක් නොදැන හිටපු අපිට ඒක ටිකක් පුදුමයක් වුනා. අපි බලාපොරොත්තු වුනේ සිංහල මිනිස්සු කිව්වම අපි ගැන ටිකක් වෙනස් ඇහැකින් (හොඳ හෝ නරක​) බලයි කියල​. නමුත් අපි දෙන්න උන්ට සාමාන්‍ය කස්ටමර් ල දෙන්නෙක් විතරයි.

අපිට ඇතිවෙච්ච අනිත් පුදුමය යාපනේ දේශගුණය​. පුත්තලම පැත්තෙ වගේ දේශගුණයක් බලාපොරොත්තුවෙන් ආවත් අපිට හමුවුනේ මහනුවර වගේ දේශගුණයක්. ඒක වැහි කාලෙ නිසා වෙන්න ඇති.

නවතින්න සෙට් කරගත්තු ගෙදර තිබ්බෙ යාපනේ ටවුමෙ ඉඳල කිලෝමීටර් තුන හතරක් දුරින්. එතනට ත්‍රී විල් එකක ආව​. ත්‍රී විල් අයියා ටිකක් සිංහලත් පුළුවන් මාරම ෆ්‍රෙන්ඩ්ලි බුවෙක්. කොළඹ ත්‍රීවිල් කාරයො වගේ පාරවල් නොදන්න එකෙක් සෙට් වුනාම අන්දල ගාන කපන්න කිසිම උත්සහයක් තිබ්බෙ නෑ. අපි මැප් එකෙන් බලල දැනගෙන හිටපු පාර ඔහුට පෙන්නුවම ඔහු හිනාවෙලා කැඩිච්ච සිංහලෙන් කිව්වෙ ඊට වඩා ළඟ පාරවල් තියෙනවා කියල​. යාපනේ හිටපු දවස් දෙක තුනට මේක යාපන වැසියන් ගේ පොදු ලක්‍ෂනයක් බව අපි දැනගත්ත​.

අපි නවාතැනට ආව​. එතන බලාගන්න හිටපු අංකල්ට සිංහල පුළුවන් ඉතාම මද වශයෙන්. කැඩිච්ච සිංහලෙන් ඔහු අපිට දාපු එකම නීතිය "බීල කෑගහන්න එපා" කියපු එක​. අපිත් ඉතින් නාගෙන එහෙම ආපහු යාපනේ ටවුමට පයින් ම ආව​.

වහාබි වාදයේ ඉතිහාසය - 3

 

හැෂමයිට් වරු තනිවීම​

බ්‍රිතාන්‍යයෝ මෙහිදී තම කූට රාජ්‍ය තාන්ත්‍රික ඥානය පාවිච්චි කරමින් හැෂමයිට් වරුන්ට එතෙක් ලබා දුන් සහය ඉවත් කළහ​. හුසේන් ගේ සුපිරි අරාබි රාජ්‍යය ගොඩනැංවුවහොත් එය බලවත් රාජ්‍යයක් බවට පත්වී තමාට තර්ජනයක් වන බව කල්පනා කල ඔවුහු හැෂමයිට් වරුන් ගේ බලය බිඳීම සඳහා කටයුතු කළහ​.

එහි පළමු පියවර වූයේ පැරණි තුර්කි අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ හැෂමයිට් වරුන් යටතේ එක්සත් අරාබි රාජ්‍යයක් බවට පත් කරනු වෙනුවට ඉරාකය​, පලස්තීනය සහ ජෝර්දානය බ්‍රිතාන්‍යයටත්, සිරියාව සහ ලෙබනනය ප්‍රංශයටත් ලැබෙන සේ ගිවිසුමක් අත්සන් කිරීමයි. මෙහිදී හැෂමයිට් වරුන්ව හිතාමතාම නොසලකා හරුනු ලැබූ අතර ඔවුන්ට අවසානයේ ඉතිරි වූයේ මක්කම සහ මදීනාව අයත් හෙජාස් ප්‍රදේශය පමණි.


හෙජාස් රාජධානිය (උපුටා ගැනීම විකිපීඩියා)

සාවුද් වරුන් ගේ නැගීම​

හැෂමයිට් වරුන් ගේ බලය බිඳීම සඳහා බ්‍රිතාන්‍යයන් මීළඟට තෝරා ගත්තේ අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් එමීර් වරයායි. ඔහුගේ වහාබි වාදය පදනම් කරගෙන ක්‍රියාත්මක වූ නජ්ද් සහ හසා එමීර් රාජ්‍යයට බ්‍රිතාන්‍යය හමුදා සහය ගලා එන්නට විය​. බ්‍රිතාන්‍යය මුදල් සහ ආයුධ වලින් සහ වහාබි අන්තවාදයේ අදහස් වලින් සන්නද්ධ වූ ඉක්වාන් හමුදා අරාබිය සිසාරා තම ප්‍රහාර ඇරඹූහ​.

1918 දී සාවුද් වරු හෙජාස් රාජධානියට පහර දී අල්-කුර්මා ප්‍රදේශය අල්ලා ගත්හ​. නමුත් බ්‍රිතාන්‍යයන් ගේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති කර ගැනිනි.

1919-20 කාලයේදී තම පැරණි මිතුරා වූ කුවේට් එමීර් රාජ්‍යයට සාවුද්‍ වරු පහර දුන් අතර නැවතත් බ්‍රිතාන්‍යය මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති කර ගැනිනි.

මේ ගැටුම් දෙකෙන් පසු සාවුද් වරු සහ ඔවුන් ගේ ඉක්වාන් හමුදාවන් ගේ බලය වටහා ගත් බ්‍රිතාන්‍යයෝ තම ඍජු සහය සාවුද් වරුන්ට ලබා දුන්හ​.

1921 දී අබ්දුල් අසීස් තම රාජ්‍යයේ නම නජ්ද් සුල්තාන් රාජ්‍යය ලෙස වෙනස් කරගත් අතර ඔහු මෙතැන් සිට හැඳින්වුනේ සුල්තාන් අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් ලෙසිනි.

නජ්ද් සුල්තාන් රාජ්‍යයේ කොඩිය (උපුටා ගැනීම විකිපීඩියා)


1921 දී ඉක්වාන් හමුදා මේ වනවිට දුර්වල වී පැවතුනු ජබල්-ෂමර් එමීර් රාජ්‍යයට කඩා වැදී එහි බලය සම්පූර්නයෙන්ම අල්ලා ගත්හ​.

1922 දී කුවේටය සහ සාවුද් වරුන් අතර නැවතත් සටන් ඇවිළුනු අතර බ්‍රිතාන්‍යය මැදිහත් වීමෙන් කුවේට් එමීර් රාජ්‍යයේ භූමියෙන් තුනෙන් දෙකක් සාවුද් වරුන්ට හිමිවිය​. සාවුද් වරු කුවේටයට එරෙහිව වසර 14ක් ආර්ථික සම්බාධක පැනවූහ​.


ඉක්වාන් හමුදා ප්‍රහාර​

මේ වනවිට ඉක්වාන් හමුදාවන් ඉතාමත් ප්‍රභල ස්ථානයක පසු විය​. සාවුද් වරුන් ගේ බලය සම්පූර්නයෙන්ම රැඳී තිබුනේ ඔවුන් අතය​. ඉක්වාන් වරු වහාබිවාදය ප්‍රචලිත කිරීමේ අරමුණින් සාවුද් වරුන් ගේ දේශසීමාවලින් එපිටට තම ප්‍රහාරයන් දියත් කිරීම ඇරඹූ අතර මෙම ප්‍රහාරයන් අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් ගේ එතරම් මනාපයට හේතු නොවුනේ සමහර විට මෙම ප්‍රහාර වල ඉලක්කය වූයේ මේ වනවිට ඔහුගේ අනුග්‍රාහකයා බවට පත්ව සිටි බ්‍රිතාන්‍යයන් ගේ පාලන ප්‍රදේශ වීමයි.

1921 දී ඉක්වාන් හමුදාවන් දකුණු ඉරාකයේ ෂියා මුස්ලිම් ගම්මාන වලට කඩා වැදී ෂියා මුස්ලිම් වරු 700ක් මරා දැමූහ​.

මින්පසු ඉක්වාන් හමුදාවන් තම අවධානය ජෝර්දානය වෙත යොමු කළ අතර මේ වනවිට ජෝර්දානය පාලනය වුනේ බ්‍රිතාන්‍යය ආරක්‍ෂාව යටතේ හැෂමයිට් පෙළපතට අයත් අබ්දුල්ලා රජු යටතේය​. අබ්දුල්ලා හට තනිවම ඉක්වාන් ප්‍රහාරයන්ට මුහුණ දීමට නොහැකි වූ අතර​, ජෝර්දානය ඉක්වාන් හමුදා යටතට පත්වීමේ තර්ජනයක් ඇතිවිය​. එම නිසා බ්‍රිතාන්‍යයෝ හමුදා බල ඇණියක් සහ ගුවන් හමුදා කඳවුරක් ජෝර්දානයේ පිහිටවූහ​.

1922 දී 1600ක ඉක්වාන් හමුදාවක් ජෝර්දානයේ ගම් දෙකකට කඩා වැදී එහි වැසියන් සමූල ඝාතනය කල අතර​, බ්‍රිතාන්‍යය හමුදාවන් ගේ පැමිණීමත් සමඟම ඔවුහු පලා ගියහ​.

1924 දී 4500ක ඉක්වාන් හමුදාවක් ජෝර්දාන අගනුවර වූ අම්මාන් නගරය වෙත ගමන් කළ අතර​, නගරය අවුන් යටතට පත්වීමේ අවදානමක් ඇතිවිය​. නමුත් බ්‍රිතාන්‍යය ගුවන් හමුදා ප්‍රහාරයකින් ඉක්වාන් හමුදාව සම්පූර්නයෙන්ම විනාශ වූ අතර ඉක්වාන් සෙබළු 500ක් පමණ මිය ගියහ​.

මේ ප්‍රහාරයන් අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් ගේ අනුමැතියෙන් තොරව සිදුවූ නිසා ඉක්වාන් හමුදාවන් සහ ඔහු අතර හොඳහිත පළුදු විය​.

මක්කම සහ මදීනාව සාවුද් වරුන් යටතට පත්වීම​

1924 දී අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් හෙජාස් රාජධානියට එරෙහිව තම දෙවන ප්‍රහාරය ඇරඹීය​.

හෙජාස් හමුදාවන්ට සාවුද් වරුන්ට එරෙහිව වැඩි සටනක් දීමට අපහසු වූ අතර, විශේෂයෙන්ම ඉක්වාන් හමුදාවන් ඉදිරියේ ඔවුහු පසු බැස ගියහ​. 1924 ඔක්තෝබර් 13 දා මක්කම සාවුද් ගේ යටතට පත්වූ අතර, ඉස්ලාමයේ ශුද්ධ වූ නගරය වහාබිවරුන් ගේ ග්‍රහනයට නතුවිය​. සති දෙකකට පසු රියාද් නුවර සාවුද් වරුන් ගේ අනුග්‍රහයෙන් පැවැත්වුනු ඉස්ලාමීය සමුළුවකින් ලොව පුරා මුස්ලිම් වරු මක්කමේ පාලකයා ලෙස අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් පිළිගන්නා බවට දැනුම් දෙන ලදී.

1925 දී මදීනාව​, යන්බු සහ ජෙඩා යන නගර ද සාවුද් වරුන්ට අත් වූ අතර හෙජාස් රාජධානිය සම්පූර්නයෙන්ම බිඳ වැටිනි.

අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් තම රාජ්‍යයේ නම නැවත වරක් වෙනස් කලේ "නජ්ද් - හෙජාස් රාජධානිය​" ලෙස එය නම් කරමිනි. ඔහුගේ තනතුර "නජ්ද් සහ හෙජාස් හි රජු" ලෙස අළුත් විය​.

 නජ්ද් - හෙජාස් රාජධානියේ කොඩිය (උපුටා ගැනීම විකිපීඩියා)



ඉක්වාන් කැරැල්ල

හෙජාස් රාජධානිය අත්පත් කරගැනීමෙන් පසු අබ්දුල් ඉබ්න් සාවුද් ගේ සහ ඉක්වාන් වරුන් ගේ අරමුණු අතර පැහැදිලි ගැටුමක් වර්ධනය විය​.

අබ්දුල් රජුට අවශ්‍යය වූයේ මේ වනවිට ඔහු අත්කරගෙන තිබූ ප්‍රදේශ වල බලය තහවුරු කරගෙන සමෘදිමත් රාජ්‍යයක් ගොඩ නැංවීමයි. නමුත් ඉක්වාන් වරු ප්‍රමුඛ වහාබි අන්තවාදීන්ට අවශ්‍යය වූයේ වහාබිවාදය ඉස්ලාම් ලෝකය පුරා පැතිරවීමටත්, වහාබිවාදය මුල් කරගත් ජිහාඩයක් ක්‍රියාත්මක කිරීමටත් ය​.

අබ්දුල් රජු නිවැරදිව අවබෝධ කරගත්තේ ඉක්වාන් වරුන් ගේ ප්‍රහාර දිගින් දිගටම බ්‍රිතාන්‍යය ආරක්‍ෂාව යටතේ පැවති ජෝර්දානයට සහ ඉරාකයට එල්ල වුවහොත් තමාට ලැබෙන බ්‍රිතාන්‍යය සහය නැතිවී යා හැකි බවයි. හැරත් ඔහුට තවදුරටත් තම රාජ්‍යය පුළුල් කිරීමේ අවශ්‍යයතාවයක් නොමැති වූ හෙයින් ඔහුට තවදුරටත් ඉක්වාන් වරු අනවශ්‍යය විය​.

අබ්දුල් රජු බ්‍රිතාන්‍යය සහ අසල්වැසි රාජ්‍යයන් සමඟ ගිවිසුම් ඇතිකරගත් අතර ඉක්වාන් හමුදාවේ නායකන් වූ සුල්තාන් බින් බජාද් අල්-ඔටාබි සහ ෆයිසාල් අල්-දුවායිෂ් මෙය දුටුවේ 1744 දී අල්-වහාබ් සහ මුහම්මද් බින් සාවුද් අතර ඇතිකරගත් එකඟතාවය බිඳ දැමීමක් ලෙසිනි. එමනිසා වහාබි වරුන් ගේ සහය තවදුරටත් සාවුද් රජවරුන්ට නොලැබෙන බව ප්‍රකාශ කල ඔවුහු තනිව ක්‍රියා කිරීමට පටන් ගත්හ​.


 අබ්දුල්ලා අසීස් ඉබ්න් සාවුද් රජු (උපුටා ගැනීම විකිපීඩියා)



ඉක්වාන් නායක සුල්තාන් බින් බජාද් අල්-ඔටාබි (උපුටා ගැනීම විකිපීඩියා)


 ඉක්වාන් නායක ෆයිසාල් අල්-දුවායිෂ් (උපුටා ගැනීම විකිපීඩියා)

1927 දී ඉක්වාන් හමුදාවන් ඉරාකයට සහ කුවේටයට පහර දුන් අතර අබ්දුල් රජු මේ ප්‍රහාරයන් අනුමත නොකළද​, ඒවා වැලැක්වීමට ක්‍රියා නොකලේය​. එවිට බ්‍රිතාන්‍යය හමුදා කුවේටයේ ආරක්‍ෂාව සඳහා කඳවුරු ඇතිකලහ​. බ්‍රිතාන්‍යයන් සමඟ ගැටුමක් ඇතිවීම ආසන්න බව දුටු අබ්දුල් රජු ඉක්වාන් වරු මර්ධනයට ක්‍රියාත්මක විය​.

1928 දී අබ්දුල් රජුගේ හමුදා සහ ඉක්වාන් හමුදා එකිනෙකා සමඟ සටන් වැදීම ඇරඹූ අතර 1929 දී සබීලා හිදී අබ්දුල් රජුගේ 30,000ක හමුදාවක් 10,000ක ඉක්වාන් හමුදාවකට පහර දුන්නේය​. ඉක්වාන් හමුදාවන් ඔටුවන් සහ අශ්වයන් යොදාගත් අතර රජුගේ හමුදාවන් බ්‍රිතාන්‍යය මැෂින් තුවක්කු සහ සන්නද්ධ රථ යොදාගනිමින් පහර දුන්හ​. ඉක්වාන් වරු දරුණු පරාජයකට ලක්වූ අතර​, ඔවුන් ගේ නායකයන් ගණනාවක් මරණයට පත්විය​.

ෆය්සාල් අල්-දුවායිෂ් මේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ අතර​, කුවේටයට පලා ගොස් බ්‍රිතාන්‍යයන්ට යටත් විය​. අහු රියාද් හිදී සිරගත කරන ලද අතර 1931 දී සිර ගෙදරදී මිය ගියේය​. බජාද් අල්-ඔටයිබි ප්‍රහාරයෙන් දිවි ගලවා ගෙන පලා ගියත් 1931 දී මරා දමන ලදී.

මේ සටනින් ඉක්වාන් වරුන් ගේ බලය සහමුලින්ම නැතිවී ගිය අතර​, අබ්දුල් රජු වහාබි වරු අභිබවා බලය තහවුරු කරගත්තේය​.

 

සවුදි අරාබිය​

1932 දී අබ්දුල් රජු නැවත වරක් තම රාජ්‍යයේ නම වෙනස් කරමින් එය සවුදි අරාබිය ලෙස නම් කලේය​. නූතන සවුදි අරාබියේ බිහිවීම එලෙස සිදුවිය​.

සවුදි අරාබියේ කොඩිය (උපුටා ගැනීම විකිපීඩියා)

සවුදි අරාබිය (උපුටා ගැනීම විකිපීඩියා)


1934 දී දකුණු අරාබියේ කොටසක් සවුදි අරාබියට ඈඳා ගත් නමුත්, මින් පසු සවුදි අරාබියේ විශාල වශයෙන් භූමි වෙනසක් ඇති නොවීය​.

1938 දී සවුදි අරාබියේ තෙල් සොයාගන්නා ලද අතර මින් පසු සවුදි අරාබිය සහ බටහිර බලවතුන් අතර මිත්‍රත්වය වඩාත් තර විය​. ඊශ්‍රායලය ළඟට මැදපෙරදිග බටහිරයන් ගේ හොඳම මිතුරා බවට පත්වූයේ සවුදි අරාබියයි. නමුත් මේ මිත්‍රත්වය වහාබි උලමා වරුන් ගේ සතුටට හේතු නොවූ අතර ඔවුන් හා රජ පවුල අතර නොයෙක් මත ගැටීම් වලට මෙය හේතුවක් විය​.

නමුත් වහාබි වරුන් ගේ දේශපාලන සහ මිලිටරි බලය සම්පූර්නයෙන්ම බිඳවැටුනු හෙයින් රජු සමඟ ඍජු ගැටුමකට යාමට ඔවුනු අපොහොසත් විය​. මෙම තත්වය කැපී පෙනුනේ 1980 දී ඉක්වාන් සෙබළුන් ගේ පෙළපතකින් පැවත එන ජුහයිමන් ඉබ්න් මුහම්මද් නම් වහාබි වරයෙක් මෙහෙයවූ වහාබි අන්තවාදී සන්නද්ධ කල්ලියක් මක්කමේ දේවස්ථානයක් අල්ලාගැනීමේ සිද්ධියෙනි. මෙහිදී වහාබි උලමා වරු ජුහයිමන් ඍජුවම විවේචනය නොකලද, සවුදි රජු ගේ ඉල්ලීම පරිදි ඔහුට එරෙහිව ෆත්වාවක් නිකුත් කළහ​. 

අද තත්වය​


සවුදි අරාබිය අදත් බටහිරයන් විසින් 1919 දී මෙන්ම සෙකියුලර් අරාබි ජාතිකවාදයට එරෙහිව යොදා ගනිති. සෙකියුලර් අරාබි ජාතිකවාදීන් වූ ඊජිප්තුවේ නසර්, ලිබියාවේ ගඩාෆි, ඉරාකයේ සදාම් සහ සිරියාවේ බසාර් යන සියල්ලන් ගේම සතුරෙක් වූ සවුදි අරාබිය​, ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට බටහිරයන්ට නොමද සහයක් ලබා දුන්නේය​. ඊට අමතරව ඉරානයේ නැග ආ ෂියා ඉස්ලාමීය ව්‍යාපාරයට එරෙහිව ද සවුදි වහාබි වාදය බටහිරයන් හා අත්වැල් බැඳගෙන ක්‍රියා කලේය​. මේ සැම තැනදීම බටහිරයන් යොදාගත් ආයුධය වූයේ සවුදි සුන්නි වහාබ් අන්තවාදයයි.

ඉක්වාන් හමුදාවන් ගේ වර්තමාන අනුප්‍රාප්තිකයා ලෙස සැලකිය හැකි අල්-කයිඩා ව්‍යාපාරය සවුදි වහාබ් වාදයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන බව නොරහසකි. එසේම ඇෆ්ගනිස්ථානය​, ලිබියාව, සිරියාව සහ ඉරාකයේදී අල්-කයිඩා වරුන්ට බටහිරයන් ගේ නොමද අනුග්‍රහය ලැබුනු බවද නොරහසකි. එදා මෙන්ම අදත් එක පැත්තකින් ඉක්වාන් / අල්-කයිඩා අන්තවාදය සීමාව ඉක්මවා යන අවස්ථාවලදී ඔවුන්ට පහර දුන්නද, බටහිරයෝ තමාට අවශ්‍ය විට ඔවුන්ව තම අරමුණු කරා යොදාගනිති.

හුසේන් රජුගේ සෙකියුලර් අරාබි රාජ්‍යයක සිහිනය සැබෑ වුයේ නම් ඉතාමත් ප්‍රභල රාජ්‍යයක හිමිකරුවන් වීමට වාසනාව තිබූ අරාබීන් අද වහාබි අන්තවාදයේ අඳුරු සෙවනැලි යට විනාශය කරා ක්‍රමයෙන් ගමන් කරමින් සිටිති.

වහාබි වාදයේ ඉතිහාසය - 2


 තුන්වන සවුදි රාජ්‍යය (නජ්ද් සහ හසා එමීර් රාජ්‍යය​)


අල්-රෂීද් වරු අරාබි අර්ධ ද්වීපයේ බලය අල්ලා ගැනීමත් සමඟම සාවුද් එමීර් වරු කුවේටය වෙත පලා ගොස් කුවේට් හි එමීර් වරයාගේ ආරක්‍ෂාව යටතේ වාසය කලහ​.

1901 දී අවසාන නජ්ද් එමීර් වරයාගේ පුතා වූ අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් කුවේට් හි එමීර් වරයා ගේ ආධාර සහිතව රියාද් නගරයට පහර දී එය අල්ලා ගත්තේය​. ඉන්පසු ඔහු රියාදය අගනුවර කරගෙන නජ්ද් සහ හසා එමීර් රාජ්‍යය ප්‍රකාශයට පත් කළේය​. මෙය තුන්වන සවුදි රාජ්‍යයේ ආරම්භයයි.

1903 සිට 1907 දක්වා අල්-රෂීද් වරු සහ සාවුද් වරු අතර පැවති යුද්ධයකින් අනතුරුව රියාද් නගරය අවට කුඩා ප්‍රදේශයක බලය පැතිරවීමට අබ්දුල්ලා ඉබ්න් සාවුද් සමත්විය​.


නජ්ද් සහ හසා එමීර් රාජ්‍යයේ කොඩිය​ (උපුටා ගැනීම විකීපීඩියා)


නජ්ද් සහ හසා එමීර් රාජ්‍යය (උපුටා ගැනීම විකීපීඩියා)

 

 අරාබි කැරැල්ල​

1914 දී පළමුවන ලෝක යුද්ධය ආරම්භ වන විට අරාබි අර්ධද්වීපයේ බල කඳවුරු හතරක් විය​.

1. ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය​

 අරාබි අර්ධද්වීපයේ මක්කම සහ මදීනාව අයත් බටහිර වෙරළ සහ ඉරාකය​, සිරියාව​ ඇතුළු අරාබි ලෝකයෙන් වැඩි ප්‍රදේශයක් පාලනය කළ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය ප්‍රභල බලයක් විය​. ඔවුන් පළමුවන ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයට සතුරු වෙමින් ජර්මනිය සමඟ මිත්‍ර වූහ​.

2. අල්-රෂීද් වරුන් ගේ ජබල්-ෂමර් එමීර් රාජ්‍යය​

 තුර්කින් ගේ අනුග්‍රහය යටතේ අරාබි අර්ධද්වීපයේ උතුරුදිග කොටස් පාලනය කළ අල්-රෂීද් වරු තරමක ප්‍රභල බලයකට හිමිකම් කීහ​.

3. සාවුද් වරුන් ගේ නජ්ද් සහ හසා එමීර් රාජ්‍යය​

 අරාබි අර්ධද්වීපයේ මධ්‍යම කොටසේ කුඩා ප්‍රදේශයක් පාලනය කල සාවුද් වරු පිරිස් බලයෙන් සහ විශාලත්වයෙන් කුඩා වුවද වහාබිවාදයේ ආශිර්වාදය ලද දක්‍ෂ සහ නිර්භීත හමුදාවකට හිමිකම් කීහ​.

4. හැෂමයිට් වරු

 මක්කම සහ මදීනාව අයත් හෙජාස් ප්‍රදේශය තුර්කිවරුන් යටතේ පාලනය කල හැෂමයිට් පෙළපතට "මෙකා හි ෂරීෆ්" යන පදවිය ලැබී තිබුනට, සත්‍ය වශයෙන්ම ඔවුහු තුර්කිවරුන් හට අවනතව පාලනය ගෙනගියහ​. දේශපාලන බලය අතින් සැලකිය යුතු බලයක් නොවුනද නබිතුමාගේ පෙළපතට ඍජුවම නෑකම් කී හෙයින් හැෂමයිට් වරුන්ට අරාබි ජාතිකයන් අතර විශාල පිළිගැනීමක් විය​.


අරාබි අර්ධද්වීපයේ මෙම සංකීර්න බල තුලනය සැලකිල්ලට ගත් බ්‍රිතාන්‍යයෝ අරාබීන් තුර්කීන්ට විරුද්ධව උසි ගැන්වීමට වැඩ පිළිවෙලක් සකස් කළහ​. ඔවුන් ගේ පළමු තේරීම වූයේ අරාබි අර්ධද්වීපයේදී තුර්කීන් ගේ ප්‍රධාන මිතුරා වූ අල්-රෂීද් වරුන් ගේ සතුරා වූ සාවුද් වරුන් ය​.

සාවුද් වරුන් ගේ හමුදාවේ මේ වනවිට ප්‍රධාන තැනක් ඉසිලියේ "ඉක්වාන් (සහෝදරත්වය​)" ලෙස හැඳින්වුනු වහාබිවාදය වැළඳගත් සංචාරක බෙදූවියන් ගෝත්‍රික බල ඇණියයි. ඔවුහු අශ්වයන් සහ ඔටුවන් පිට නැගී සටන් කළ අතර​, ගරිල්ලා සටන් ක්‍රම වල විශේෂඥයෝ වූහ​.

 

ඉක්වාන් හමුදාව​ (උපුටා ගැනීම විකීපීඩියා)

සාවුද් වරුන් ගේ හමුදාවට උපදේශකයෙක් ලෙස බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතන් වරයෙක් වූ විලියම් ෂේක්ස්පියර් පත් කෙරුණු අතර​, ඔහුගේ පෙළඹවීම පිට සාවුද් වරු අල්-රෂීද් වරුන්ට එරෙහිව යුධ වැදුනි. නමුත් 1915දී ජරාබ් හි ඇති වූ සටනකින් සාවුද් වරුන් පරාජය වූ අතර විලියම් ෂේක්ස්පියර් මරණයට පත්විය​.

මේ පසුබෑමෙන් පසු බ්‍රිතාන්‍යයන් සාවුද් වරුන් පසෙක ලා හැෂමයිට් වරු තම ඉත්තා ලෙස යොදා ගැනීමට සැලසුම් කළ අතර​, ඒ කාර්‍යය පැවරුනේ බ්‍රිතාන්‍යය හමුදාවේ නිලධාරියෙක් වූ ලෝරන්ස් ටය (පසුව මොහු "අරාබියේ ලෝරන්ස්" ලෙස හැඳින්විනි).

මේ වනවිට මෙකා හි ෂරීෆ් වරයා ලෙස කටයුතු කලේ හුසේන් බින් අලී වූ අතර ඔහුගේ අදහස වූයේ බ්‍රිතාන්‍යය සහයෙන් ඔටෝමන් තුර්කීන් සහමුලින්ම අරාබියෙන් එළවා දමා සිරියාව​, ජෝර්දානය​, පලස්තීනය​, ඉරාකය සහ මුළුමහත් අරාබි අර්ධද්වීපයම ඇතුලත් වන සුපිරි අරාබි රාජ්‍යයක් නිර්මානය කිරීමයි. සාවුද් වරුන් ගේ වහාබි අන්තවාදය මෙන් නොව ඔහුගේ සිහින රාජ්‍යයේ පදනම වූයේ අරාබි ජාතිකවාදයයි. එය වඩා සෙකියුලර් මුහුණුවරක් ගත්තේය​. මේ සඳහා ඔහුගේ පුත් ෆයිසාල් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ අතර, ෆයිසාල් කුමරු ගේ උපදේශකයා වූයේ ලෝරන්ස් ය​.
1916 දී හුසේන් ෂරීෆ් වරයා හෙජාස් ප්‍රදේශය තුර්කි වරුන් ගේ පාලනයෙන් ඉවතට ගෙනයමින් බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට මිතුරු නිදහස්ස් රාජ්‍යයක් "හෙජාස් රාජධානිය​" ලෙස ප්‍රකාශයට පත් කලේය​. ෆයිසාල් කුමරු අරාබි ජාතිකයන් ගෙන් සමන්විත හමුදාවක් ගොඩනැංවූ අතර බ්‍රිතාන්‍ය හමුදාවේ ආධාරයෙන් ඔවුහු ඔටෝමන් තුර්කීන්ට එරෙහිව සටන් කළහ​.

හෙජාස් රාජධානියේ කොඩිය (උපුටා ගැනීම විකීපීඩියා)
කෙසේ නමුත් බ්‍රිතාන්‍යයන් ගේ අරමුණ වූයේ තුර්කීන් පරාජය කිරීම නිසා සටන් තුර්කීන් ගේ ඍජු පාලනයට නතුව තිබූ සිරියාව​, ඉරාකය, ජෝර්දානය, ලෙබනනය සහ පලස්තීනය අවට වැඩිවශයෙන් පැවතුනු අතර, සාවුද් වරුන්ට ඉන් වූ බලපෑම අවම විය​. නමුත් ඔටෝමන් සහය නොලැබී යාම නිසා අල්-රෂීද් වරුන් ගේ බලය බිඳවැටුනි.

පළමුවන ලෝක යුද්ධය අවසාන වද්දී අරාබි අර්ධද්වීපයේ බටහිර වෙරළ​, සිරියාව​, පලස්තීනය​, ඉරාකය, ලෙබනනය සහ ජෝර්දානය බ්‍රිතාන්‍යය සහය ලද හැෂමයිට් වරුන් යටතට පත්ව තිබුණු අතර​, හුසේන් ගේ සුපිරි අරාබි රාජ්‍යයේ සිහිනය සැබෑවන ලකුණු පහල විය​.