ලංකාවේ ඡන්ද දායකයන් සංඛ්‍යාව ජන වර්ග අනුව බෙදපු දත්ත කොහෙවත් නෑ. ඒ නිසා උපකල්පනයක් කරනවා ඒ අනුපාතයන් ලංකාවේ සමස්ත ජනවාර්ගික අනුපාත වලට සමානයි කියල.
ලංකාවෙ ජනවාර්ගික අනුපාතයන් තියෙන්නෙ මේ වගේ
අපි හිතමු දෙමළ සහ මුස්ලිම් ඡන්ද එකක් වත් ජාතිකවාදී අපේක්‍ෂකයට වැටෙන්නෙ නෑ කියල.
සිංහල ක්‍රිස්තියානි ඡන්ද බහුතරයක් සාම්ප්‍රදායිකව වැටෙන්නෙ යූඑන්පියට. නමුත් මෑත කාලීනව මේ තත්වයේ යම්කිසි වෙනසක් තියෙනවා. අපි හිතමු සිංහල ක්‍රිස්තියානි ඡන්ද වලින් 1.8% ක් ජාතිකවාදී අපේක්‍ෂකට වැටුන කියල.
එතකොට ජාතිකවාදී අපේක්‍ෂකයට දිනන්න තවත් ඡන්ද 48.2% ක් අවශ්‍යය වෙනවා. මේ සියල්ලම ගන්න වෙන්නෙ සිංහල-බෞද්ධ ගොඩෙන්.
ඒ කියන්නෙ සමස්තයෙන් 48.2% ක්. එතකොට ඒක සිංහල-බෞද්ධ ඡන්ද වලින් නම් 68.8% ක්. ඒ කියන්නෙ සිංහල බෞද්ධ ඡන්ද දායකයන් ගෙන් 68.8% ක් ජාතිකවාදී අපේක්‍ෂකයට ඡන්දෙ දෙන්න ඕනෙ.
හැබැයි වැඩේ මෙච්චර සරළ නෑ. අපි මෙතනදි උපකල්පනයක් කරා හැම දිස්ත්‍රික්කයකම ඡන්දය දීමේ අනුපාතය සමානයි කියල. නමුත් ඒක එහෙම නෙවෙයි. 2015 ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ දී පැහැදිලිවම පේනවා උතුරු නැගෙනහිර පළාත් වල ඡන්දය පාවිච්චි කිරීමේ අනුපාතය රටේ අනෙකුත් පළාත් වලට වඩා පැහැදිලිවම අඩු බව.
මේ නිසා අපිට පේනවා ඇත්තෙන්ම සුළු ජාතික ඡන්ද වල බර ඔවුන් ගේ ජන අනුපාතයේ බරට වඩා අඩු බව.
ඒ එක්කම සිංහලයන් අධිකව ඉන්න දකුණු උතුරුමැද සබරගමුව පළාත් වල ඡන්දය පාවිච්චි කිරීම රටේ සමස්තයට වඩා පැහැදිලිවම වැඩියි.
මේ නිසා අපි ගමු සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන් ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය 83% කුත් සුළු ජාතිකයන් ගේ 70% කුත් කියලා.
එතකොට අපේ ඡන්ද දායක අනුපාතයන් ලැබෙන්නෙ මේ විදිහට.
දැන් අපි ආයෙත් ගණනය කිරීම කරොත්, අපි හිතනවා සිංහල ක්‍රිස්තියානි ඡන්ද 1.5% ක් ජාතිකවාදී අපේක්‍ෂකයට ලැබෙනවා කියල. එතකොට ඔහු ඉතිරිය වන 48.5% සිංහල බෞද්ධ ඡන්ද වලින් ගන්න ඕනෙ.
ඒ කියන්නෙ සිංහල බෞද්ධ ඡන්ද වලින් 66% ක්.
මේක කරන්න පුළුවන් ද?
2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහත්තය 90% ට වඩා සිංහල බෞද්ධ ජනගහණයක් තියෙන දිස්ත්‍රික්ක වල ගත්ත ඡන්ද ප්‍රතිශත සලකල බලමු.
ගම්පහ - 61.66%
ගාල්ල - 63.69%
මාතර - 65.53%
හම්බන්තොට - 67.21%
කුරුණෑගල - 63.08%
අනුරාධපුර - 66.32%
පොළොන්නරුව - 64.92%
මොණරාගල - 69.01%
වැඩේ හිතන තරම් අමාරු නෑ කියල පැහැදිලියි.
මේ ගණනය කිරීම කරේ ඉතාම නරක තත්වය සලකා බලලා. ඒ කියන්නෙ දෙමළ මුස්ලිම් ඡන්ද 0 යි කියල හිතල. නමුත් ඒක එහෙම වෙන්නෙ නෑ කියල පැහැදිලියි නෙ.
ඒ වගේම 2015 දී දෙමළ සහ විශේෂයෙන්ම මුස්ලිම් ඡන්ද දායකයන් අතර ඡන්දය දෙන්න විශාල උනන් දුවක් තිබ්බා. නමුත් ඉදිරි මැතිවරණයකදී ඒක එහෙමම වෙයි කියල හිතන්න බෑ.
තෙල්දෙණිය සිදුවීමේදී ආණ්ඩුවේ ඇල්මැරුණු ක්‍රියා කලාපය සහ ආර්ථිකයේ අඩාල වීම නිසා වෙළඳාම් පාඩූ වීම නිසා මුස්ලිම් ඡන්ද දායකයා මේ රජයට දක්වන සහයෝගය අඩු වෙයි කියල හිතන්න පුළුවන්. ඒ වගේම බොදුබල සේනාව සහ ජාතිකවාදී කඳවුර ඈත් වීම නිසා මුස්ලිම් ඡන්ද දායකයා තුල තිබ්බ ජාතිකවාදී විරෝධයත් අඩු වෙලා කියල හිතන්න පුළුවන්.
මේ රජය ඉදිරි අවුරුදු 2 ඇතුලත ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න අපොහොසත් වුනොත් ඔවුන්ට තමාගේ ජනාධිපති අපේක්‍ෂකයව උතුරේ දෙමළ ජනතාව ඉදිරියේ මාකට් කිරීම අපහසු දෙයක් වෙන්න පුළුවන්.
මේ සියළු තත්වයන් සලකා බැලුවම 2020 දී ජාතිකවාදී අපේක්‍ෂකයෙක් ගෙ ජය ගැනීමේ ඉඩ ප්‍රස්ථාව සැලකිය යුතු තරම් විශාලයි කියල පැහැදිලියි.
2010 මහින්ද මැතිතුමාණන් ගේ චන්ද ප්‍රතිශතය නියැදියක් ලෙස ගනීම එතරම් නිවැරදි නොවෙයි නෙහ්...එය විශේෂිත තත්වයක්..
ReplyDelete