ජපානයේ බෞද්ධ ජනගණය
ජපානයේ බෞද්ධයන් ඒ රටේ මුළු ජනගහණයෙන් 35% පමණ වෙනවා. මේ 35% හැදිල තියෙන්නෙ බුද්ධාගම සමඟ ෂින්ටෝ ආගමත් අදහන අය 25% ක් සහ බුද්ධාගම පමණක් අදහන අය 10% වශයෙන්.
බෞද්ධයන් කිව්වම මේ අයගේ ඇදහීමේ ප්‍රමානය විවිධයි. ඉතාමත් භක්තිමත් බෞද්ධයන් ගෙ ඉඳල හුදෙක් සංස්කෘතිකව පමණක් බෞද්ධ වෙන අය දක්වා මේක වෙනස් වෙනවා. ඒ වගේම සමහර බෞද්ධ වතාවත් කරන අය, තමාව බෞද්ධයන් විදිහට හඳුන්වා ගන්නෙ නෑ. ඒ නිසා මේ 35% ඉලක්කම ටිකක් නොමඟ යවන සුළුයි.
ඒ වගේම ජපානයේ බෞද්ධයන් ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනවා. පහුගිය අවුරුදු 30 ඇතුළත ඒ ගාණ වැඩිවෙලා තියෙන්නෙ මෙහෙමයි.
1984 - 27%
1996 - 30%
2008 - 34%
ඒ වගේම 2009 දි කරපු සමීක්‍ෂනයකට අනුව ජපන් නිවෙස් වලින් 50% කට වඩා බෞද්ධ වතාවත් කරන්න සකසපු ස්ථානයක් තියෙනවා.
2011 ඇති වුන සුනාමියකින් පස්සෙ කරපු සමීක්‍ෂනයකදි 90% ක් ම තමන් බෞද්ධ හෝ ෂින්ටෝ හෝ දෙකම අදහන බව ප්‍රකාශ කරල තියෙනවා.
මේ සිතියමේ තියෙන්නෙ ජපානයේඑ ප්‍රාන්ත අනුව බෞද්ධයන් ව්‍යාප්තවෙලා ඉන්න ආකාරය. පැහැදිලිව පේන කරුණක් තමයි බෞද්ධයන් වැඩිපුර ඉන්නෙ බටහිර ජපානයේ කියන එක. තෝකියෝ නගරය අවට බෞද්ධ ප්‍රතිශතය ඉතාමත් අඩුයි.
ඒ වගේම හිරෝෂිමා සහ නගසකි නගර දෙකම ඉහළ බෞද්ධ ප්‍රතිශතයන් සහිත නගර.
ෂින්ටෝ ආගම සහ බෞද්ධ ආගම අතර සම්බන්ධය
බොහෝ බෞද්ධයන් ෂින්ටෝ ආගමික වතාවත් වලත් යෙදෙන්වා. ඇත්තෙන්ම බොහෝ දෙනා ෂින්ටෝ ආගම "ආගමක්" විදිහට සලකන්නෙ නෑ. ඒ නිසා ඔවුන් බෞද්ධයන් ෂින්ටෝ ආගමික වතාවත් වල යෙදීම පරස්පරයක් විදිහට දකින්නෙ නෑ.
ෂින්ටෝ ආගමේ තියෙන්නෙ භූතාත්මයන් (කමි) ඇදහීම. මේක අපේ යක්‍ෂ, දේව ඇදහිලි වලට ඉතා සමානයි. ඇත්තෙන්ම ජපන්නු බෞද්ධ සහ ෂින්ටෝ ආගම් දෙකම ඇදහීම අපේ බෞද්ධයෝ දේව ඇදහිලි කිරීමට ඉතා සමාන තත්වයක්.
ජපානයේ බෞද්ධ සම්ප්‍රදායන්
ලංකාවෙ බෞද්ධයන් ගෙන් අති බහුතරය ථෙරවාද සම්‍ප්‍රදායට අයිති වුනාට ජපානයේ බෞද්ධ සම්ප්‍රදායන් ගණනාවක් තියෙනවා. ඒ නිසා ජපන් බෞද්ධයන් කියන්නෙ ලංකාවෙ වගේ තනි පිරිසක් නෙවෙයි. ඔවුන් විවිධ බෞද්ධ ඉගැන්වීම් අනුගමනය කරනවා.
ජපානයට මුලින්ම බුද්ධාගම එන්නෙ හත්වෙනි සියවසේ දි කොරියාවෙ ඉඳල. ඒ කාලෙ ජපානයේ අගනුවර "නරා" නගරය. මේ මුල්ම සමයේ ජපානයට ආපු බෞද්ධ සම්ප්‍රදායන් හැඳින්වෙන්නෙ "නරා බෞද්ධ සම්ප්‍රදායන්" කියල.
නරා සම්ප්‍රදායන් හයක් ජපානයේ තියෙනවා. එවායින් තුනක් මුල් බුදු සමයේ සම්ප්‍රදායන් (මහායාන, වජ්‍රයාන හෝ ථෙරවාද නොවන). අනිත් තුන මහායාන සම්ප්‍රදායන්.
නරා බෞද්ධ සම්ප්‍රදායන්
1. ජොජිත්සු-ෂු (තත්වසිද්ධි)
මුල් බුදු සමයේ සම්ප්‍රදායක් වන ජොජිත්සු-ෂු තමයි මුලින්ම ජපානයට ආවෙ. ඒ 625 දී "එක්වන්" නම් කොරියන් භික්‍ෂුව මගින්.
ජොජිත්සු සම්ප්‍රදායේ ප්‍රධාන ඉගැන්වීම වෙන්නෙ අපිට පේන යථාර්තය "ඇත්තටම" නොපවතින බව සහ ඒවා හුදෙක් මායාවක් බව. ජොජිත්සු සම්ප්‍රදායේ "සම්මුති සත්‍යය" සහ "පරමාත්ම සත්‍යය" කියල සත්‍යයන් දෙකක් ගැන ඉගැන්වෙනවා.
ජොජිත්සු සම්ප්‍රදාය තුන්වෙනි සියවසේදී ඉන්දියාවේ ඇති වූවක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifbrAegka6qPb5ckbnOcwg_sx9wAxbklwksugNdo65Ir3hOZno9J2J0OdjShkU-glf2NAY1nfDYNjLTaoZrfTwq8C9iigkgX6EfLsTj6o_0cjyFbjVjPQamV96IHruScwr8aa9FPIkD7LK/s400/800px-Gango-ji_Gokurakubo.jpg) |
ජොජිත්සු සම්ප්‍රදායේ පන්සලක් වන ගංගෝ-ජි, නරා නගරය |
හොස්සෝ-ෂු (යෝගාචර)
හොස්සෝ සම්ප්‍රදාය ජපානයට ගේන්නෙ 654 දි "දෝසෝ" කියල භික්‍ෂුවක්. හොස්සෝ අයිති වෙන්නෙ මහායාන සම්ප්‍රදායට.
හොස්සෝ සම්ප්‍රදායේ ප්‍රධාන ඉගැන්වීම අපිට පේන යථාර්තය මනසේ නිර්මානයක් බව. ඒක විඥානවාදී ඉගැන්වීමක්. ඒ වගේම හොස්සෝ සම්ප්‍රදායේ යෝග ක්‍රම වලට විශේෂ තැනක් ලැබෙනවා.
යෝගාචර සම්ප්‍රදාය මුලින්ම ඇතිවෙන්නෙ හතරවෙනි සියවසේ දි ඉන්දියාවේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg27jMpt9_nOgKadjs1Yjhnmg5mUF0py-f26UHsevz3AFZcT77032VBiZ6S-SUCmXa4qNKZ86DDP8Z-eSbfeNWELQhb0EOeNNZPBDPhtXhmAs2pAqLvj9BoZLjX11hyf0daC1SCXzSuvsPJ/s400/4105_01.jpg) |
හොස්සො සම්ප්‍රදායේ පන්සලක් වන යකුෂි-ජි, නරා නගරය |
සංරොන්-ෂු (මධ්‍යමක)
මහායාන සම්ප්‍රදායට අයත් සංරොන් සම්ප්‍රදාය ජපානයට එන්නෙ 680 දි පමණ.
සංරොන් සම්ප්‍රදාය පදනම් වෙන්නෙ ඉන්දියාවේ නාගර්ජුන භික්‍ෂුව ගේ ඉගැන්වීම් මත. සියළු ධර්මතාවයන් ශුන්‍ය බව එහි ප්‍රධාන ඉගැන්වීමක්.
නරා සමයේදී වඩාත්ම ප්‍රචලිත වුන බෞද්ධ සම්ප්‍රදාය මේක.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_SNXOmt1LkPNmFMzHH8OoKvNIuWbh2MAuov49G6RRD_zKV-VaJhVsKa5QFbVyOHiTXxBwcfV20gKhZm-AeEAMiG5n34GODC9_VPCMd0cXrXxC-rXBMGw-32A7Zrh7HFeYegZZ4h4a9SUZ/s400/17374751249_9c7aeea63a_b.jpg) |
සංරොන් සම්ප්‍රදායේ පන්සලක් වන හෝරයු-ජි, නරා නගරය |
කෙගොන්-ෂු (අවතම්සක)
මහායානයට අයත් කෙගොන් සම්ප්‍රදාය ජපානයට ගේන්නෙ 736 දි ඉන්දියානු ජාතික බෝධිසේන භික්‍ෂුව.
කෙගොන් සම්ප්‍රදාය පදනම් වෙන්නෙ අවතම්සක සූත්‍රය මත. අවතම්සක සූත්‍රයේ හරය වෙන්නෙ සමස්තය තනි වස්තුවක් තුලත්, තනි වස්තුව සමස්තය තුලත් පවතින බව.
අවතම්සක සම්ප්‍රදාය බිහි වෙන්නෙ අටවෙනි සියවසේ දි චීනයේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvGjfD94pfmGlmVRcB6LaBsbLtZdYUvMc0NZNLgSrDAd3qFJUH4BvySWRBZ52AI4qoK-MvptquGHRK5oJOci38VhpGg3COVlLwq-IN1f-2lZ3RNm-BPV_eIQyjg8sQemR3X_uAbkxXlAP-/s400/todaiji-temple-front-view.jpg) |
කෙගොන් සම්ප්‍රදායේ පන්සලක් වන තෝදායි-ජි, නරා නගරය
|
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtF62krG30frP6pNZu2LxU5rxVRCTd6NX5i9UFZZB_xmYHDAZjnCaYKr7_gTZgkKIeX18Gvdi1dURxpUzqbZbcW8OB5-XZwniT2Y0A9dY8QzFclLg-saEruBMvvFD64xoRLGbOP8yvzs60/s320/timthumb.php.jpg) |
තෝදායි-ජි පන්සලේ ඇති සුප්‍රසිද්ධ බුදු රුව |
රිත්ස්-ෂු (ධර්මගුප්තික)
මුල් බුදු සමයේ සම්ප්‍රදායක් වන රිස්-ෂු ජපානයට එන්නෙ 753 දි ජියන්සෙන් භික්‍ෂුව හරහා.
රිත්ස් සම්ප්‍රදායේ ප්‍රධාන ඉගැන්වීම වෙන්නෙ බුදුන් වහන්සේ සෙසු රහතන් වහන්සේලාට වඩා සුවිශේෂී බව. රිත්ස් සම්ප්‍රදාය විනය පිටකයට විශේෂ තැනක් දෙනවා.
ධර්මගුප්තික සම්ප්‍රදාය බිහි වෙන්නෙ පළවෙනි සියවසේ ඉන්දියාවෙ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6PEZk7Q_PHt8MhPS1uCVjEIOp82IcpRsoa6vYy2aVxfPW9mU8pdLRs6OzmCcKfbnx9B-XZVSkmByqbPdDnNWTO0ZWbrhqv_WuzhuiA4M6MlGjlcdKK4ob3dbHkDYs3yqXPiijrXxiSNim/s400/4106_01.jpg) |
රිත්සු සම්ප්‍රදායේ පන්සලක් වන තෝෂොදායි-ජි, නරා නගරය |
|
|
|
|
|
|
කුෂා-ෂු (සර්වස්ථිවාදී)
කුෂා සම්ප්‍රදායත් මුල් බුදු සමයේ සම්ප්‍රදායක්.
කුෂා සම්‍ප්‍රදාය අභිධර්මයට විශේෂ තැනක් දෙනවා. සියළුම ධර්මතාවයන් අතීත, වර්තමාන, අනාගත යන ත්‍රිකාලයේම පවතින බව කුෂා සම්‍ප්‍රදායේ ප්‍රධාන ඉගැන්වීම.
සර්වස්ථිවාදය පළවෙනි සියවසේ ඉන් දියාවේ බිහිවෙනවා. කුෂාන රාජ වංශයේ අනුග්‍රහය ලබමින් උතුරු ඉන්දියාවේ සහ මධ්‍යම ආසියාවේ ප්‍රධානම බෞද්ධ සම්ප්‍රදාය බවට වසර දහසක් පමණ කාලයක් පවතින්න සර්වස්ථිවාදය සමත් වෙනවා.
ජපානයේ කුෂා සම්‍ප්‍රදාය පවතින්නෙ හොස්සෝ සම්ප්‍රදායත් එක්ක ඉතා කිට්ටුවෙන්. කුෂා සහ හොස්සෝ සම්ප්‍රදායන් තමයි වඩාත්ම සංකීර්න ධර්ම විග්‍රහයන් සහිත සම්‍ප්‍රදායන් කියල සැලකුනේ.
නරා බෞද්ධ සම්ප්‍රදායන් වැඩි අවධානය යොමු කලේ ගැඹුරු ධර්ම කරුණු වලට. ඒ නිසා නරා සමයේ බුද්ධාගම බුද්ධිමතුන් සහ උගතුන් අතර පැතිරුනත්, සාමාන්‍යය ජනයා අතරට වැඩි වශයෙන් පැතිරුනේ නෑ.
නරා බෞද්ධ සම්ප්‍රදායන් හයෙන් එකකටවත් වත් අද සැලකිය යුතු අනුගාමිකයන් පිරිසක් නෑ.
හෙයියන් සමය
නරා නගරයේ ඉඳලා අගනුවර කියෝතෝ නගරයට මාරු වුනාට පස්සෙ කාලය ජපන් ඉතිහාසයේ හඳුන්වන්නෙ "හෙයියන් සමය" කියල. ජපානයේ සාමාන්‍යය ජනයා අතර බුදු දහම ව්‍යාප්ත වෙන්න පටන් ගන්නෙ මේ කාලෙ.
මේ කාලයේ අළුත් සම්‍ප්‍රදායන් දෙකක් ජපානයට එනවා. එකක් වජ්‍රයාන සම්ප්‍රදායට අයත් ෂිංගොං-ෂු. අනෙක මහායාන සම්ප්‍රදායට අයත් තෙන්දායි-ෂු.
තෙන්දයි-ෂු
807 දි සයිචෝ නම් භික්‍ෂුව තමයි තෙන්දයි සම්ප්‍රදාය ජපානයට හඳුන්වා දෙන්නෙ. තෙන්දයි සම්ප්‍රදායේ නිජබිම වෙන්නෙ චීනය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNrm8gIk9B-BBpemREYyVZT3yuajpqtGFAPQriC6KnLytyQQ2FdKkFHFvIXmZCnS9IBiujHP8vIRjaceIaiG1CgGCm9WQ8R9XcJr18msuFCfelBO7JL174Q-fFFw081xk3z_P1umISh9ek/s320/800px-%25E6%259C%2580%25E6%25BE%2584%25E5%2583%258F_%25E4%25B8%2580%25E4%25B9%2597%25E5%25AF%25BA%25E8%2594%25B5_%25E5%25B9%25B3%25E5%25AE%2589%25E6%2599%2582%25E4%25BB%25A3.jpg) |
සයිචෝ භික්‍ෂුව |
තෙන්දයි සම්ප්‍රදාය පදනම් වෙන්නෙ සද්ධර්ම පන්ඩරික සූත්‍රය මත. ඊට අමතරව සෙන් ඇතුළු චීන බෞද්ධ සම්ප්‍රදායන් ගෙනුත් අදහස් අවශෝෂනය කරල තියෙනවා. ජපානයේදී තෙන්දයි සම්ප්‍රදාය විකාශනය වෙන්නෙ ෂින්ටෝ ආගමේ සම්ප්‍රදායනුත් ඇතුල් කරගෙන.
ෂින්ටෝ ආගම එක්ක බැඳෙන නිසා තෙන්දයි සම්ප්‍රදාය පොදු ජනතාව අතර ව්‍යාප්ත වෙනවා. මේ කාලයේදී තමයි බෞද්ධ-ෂින්ටෝ සංකලනය ජපානයේ ප්‍රධාන ආගම විදිහට මුල් බැස ගන්න පදනම වැටෙන්නෙ. ෂින්ටෝ-බෞද්ධ-ජපන් සංස්කෘතියේ ආරම්භය පටන් ගන්නෙ මේ කාලෙ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgG9ZxHHY_qiJUszQs8vXOwlK0lyjMlSaz_C9QQGaLyljStr-0_MC9UF3RzSSGDJ1YSgQvDfrD1HzoGa60k9slUW0gOpVmbfpWIgy_BNYp4dI_QxAnKAmci2-_q5At_OQOtYNhSrUXlkDOQ/s400/Enryakuji-003.jpg) |
තෙන්දයි සම්ප්‍රදායේ පන්සලක් වන එනරයකු-ජි, කියෝතෝ නගරය |
ජපානයේ බුද්ධාගමේ අනාගතය සකස් කරන්නෙ තෙන්දයි බෞද්ධ සම්ප්‍රදාය කිව්වොත් ඒක නිවැරදියි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpIutwCUu09v_-l5f1SzZxabNCnYUbpAQ_OfkL61YlVLKRKr4t6YSeQPvGFeEGo0i4jf-gVJwf4rGqmTVJsFGYavkSByKuiwRvemLKh67saDq1jkJqOyhvkNBpgmuiL9qHUWTb1TG5thRO/s320/170px-Ryokan_Ara%252C_Tendai.jpg) |
තෙන්දයි සම්ප්‍රදායේ භික්‍ෂුවක් |
තෙන්දයි සම්ප්‍රදායේ භික්‍ෂුන් අතර තියෙනවා එක්තරා අති දුෂ්කර වෘතයක්. ඒක හඳුන්වන්නෙ "කයිහෝග්‍යෝ" කියලා. මේ වෘතය සම්පූර්න කරන්න අවුරුදු 7 ක් ගතවෙනවා. ඒක කරන්නෙ තෙන්දන් බෞද්ධ සම්ප්‍රදායේ මුල්බිම වන හියෙයි කන්ද ආශ්‍රිතව.
මේ වෘතය පිළිපදින භික්‍ෂුන් අවුරුදු හතක් පුරාවට හියෙයි කන්ද වටා පැදකුණු කරන්න ඕනෙ. ඒක කරන්නෙ මේ විදිහට :
පළවෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
දෙවෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
තුන්වෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
හතරවෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
පස්වෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
හයවෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 60 බැගින් දින 100
හත්වෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 84 බැගින් දින 100 සහ දිනකට කිලෝ මීටර 30 බැගින් තවත් දින 100
මේක එක්තරා විදිහක සක්මන් භාවනාවක් විදිහටයි සැලකෙන්නෙ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifrhGK3tBRXzdn4j0lRIwzddcr2n4d-wHH1YzLUXahMnHHOo_Ec6V-5XwNGmhyphenhyphenLZcY50tOLSqknh7u9KW5TvITOO9sXhyFHd0M1AHJowtbbTcWGkKqs2gGSHKLo0cAdzM1oWLWdxZhpec7/s400/marathon-monk_thumbnail.jpg) |
කයිහෝග්‍යෝ වෘතයේ යෙදෙන භික්‍ෂුවක් |
ෂිංගොං-ෂු
816 දී කුකයි භික්‍ෂුව විසින් තමයි ෂිංගොං සම්ප්‍රදාය ජපානයට හඳුන්වා දෙන්නෙ. ඒ චීනයේ ඉඳල. ෂිංගොං සම්ප්‍රදාය වජ්‍රයානයට අයත්. ඒකෙ නිජ බිම ඉන්දියාව. නැගෙනහිර ආසියාවේ පවතින වජ්‍රයාන සම්ප්‍රදායන් අතලොස්සෙන් එකක් තමයි ෂිංගොං-ෂු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2UBS3RVui9xPP_JamXuFAl1S3jqMZR0sxkk3dqeS9bLJ74OdxDT6IGvQuRGb7d-2ufLH21rr5zSfPEGXadG7PBNZuZPmdzNMzS9jHUdmcFow3rilHWE4dlEIwql37josp_gHOYC9DJuYH/s320/Kobo_Daishi_%2528Taisanji_Matsuyama%2529.jpg) |
කුකයි භික්‍ෂුව |
ෂිංගොං සම්ප්‍රදාය පදනම් වෙන්නෙ වජ්‍රයානික සූත්‍ර තුනක් මත. ඒ මහාවෛරෝචන සූත්‍රය, වජ්‍රසේඛර සූත්‍රය සහ අධ්‍යර්දසතිකා ප්‍රඥාපාරමිතා සූත්‍රය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLMggbvgR-EAaKXDibhs3FDeV_9_bHGgw59Qk3Ca3VprAhSrT-wQqmKqNou48-gS9BIJtZTr_AFDgvySlQgIz2nuXAxnQWGi3VFns9zypLB1kzIl4xdhshrrorXuILQKVeFp7Lmm_yXSoI/s400/buddhist-shingon-monks-pray-in-danjo-garan-monastery-complex-in-koyasan-b5xckw.jpg) |
ෂිංගොං සම්‍ප්‍රදායේ භික්‍ෂූන් |
ෂිංගොං සම්ප්‍රදායේ ධර්මයට අනුව සමස්තය නිරූපනය කෙරෙන්නෙ මහාවෛරෝචන බුදුරජාණන් වහන්සේගෙන්. ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු අනෙක් සියළුම බුදුවරු මහාවෛරෝචන බුදුන් ගේ විවිධ ආකාරයේ ප්‍රකාශනයන්.
නිර්වානාවබෝධය කියල සලකන්නේ මහාවෛරෝචන බුදුන් සමඟ ඒකාත්මික වීම. මේ ඒකාත්මික වීම මන්ත්‍ර සච්ඡායනයෙන්, විවිධ පිළිවෙත් පිරීමෙන් සහ භාවනාවෙන් ලබා ගන්න පුළුවන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGtd43UfOzGOnouaYk_IkMQACLFxAg2te8poWZtpMdp5GvPf0J-5c3dKZ9zqhzN2KPtNlzF5orWDxiTbUx5AqJ5152aWEIDKhZrwtGilF-zy_Axi42VPJ6A0tAUZPRDCs_rChIpvVhOskD/s320/800px-Noufukuji-hyogodaibutu.JPG) |
මහාවෛරෝචන බුද්ධ ප්‍රතිමාවක්, කෝබේ නගරය |
ෂිංගොං-ෂු බුදු දහම අනෙකුත් සම්ප්‍රදායන් එක්ක සහයෝගයෙන් කටයුතු කල නිසා අද අනෙක් සම්ප්‍රදායන් ගෙත් ෂිංගොං-ෂු වතාවත් දකින්න පුළුවන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsroX5_P6uQzuuVje4hGO5Qa1PrGNA3UTELxJWhgSpU1I4lpf0Vpo662yh3CT2P9pSKiGX9uNx8Tg1I6lLyUTWsvt8Qf3K1mGTjmyyUwOAkeQ4brBF0U-LXCSUR3CW-e7OmXW4hRuUbX36/s400/index.jpg) |
ෂිංගොං සම්ප්‍රදායේ පන්සලක් වන දයිගො-ජි, කියෝතෝ නගරය |
කමකුරා සමය
1170 දි පමණ ජපානයේ අගනුවර කියෝතෝ නගරයෙන් කමකුරා නගරයට මාරු වෙනවා. මේ කාලය ජපන් ඉතිහාසයේ හැඳින්වෙන්නෙ "කමකුරා සමය" කියලා.
මේ කාලයේදී තමයි ජපානයේ පොදු ජනයා අතර බුදු දහම වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නෙ. ජපනුන් ගෙන් අතිමහත් බහුතරය බෞද්ධ ආගමට සහ ෂින්ටෝ-බෞද්ධ-ජපන් සංස්කෘතියට අනුගත වෙනවා.
මේ කාලයේදීම තමයි මහායාන බුද්ධාගම ජපානයේ ප්‍රධාන බෞද්ධ ධාරාව විදිහට මුල් බැස ගන්නෙ.
ඒක ඇරඹුම වෙන්නෙ 1175 දී හෝනෙන් භික්‍ෂුව විසින් ජෝදො-ෂු හෙවත් ශුද්ධභූමි බුද්ධාගම ජපානයට හඳුන්වා දීමෙන්.
ශුද්ධභූමි (Pure Land) බෞද්ධ සම්ප්‍රදාය
ශුද්ධභූමි බෞද්ධ සම්ප්‍රදාය පළවෙනි සියවසේදි ඉන්දියාවේ බිහි වෙනවා. එහි පදනම වෙන්නෙ අමිතාභ සූත්‍රය, සුඛවතීව්‍යූහ සූත්‍රය සහ අමිතයුර්ධ්‍යාන සූත්‍රය කියන මහායාන සූත්‍ර තුන.
ශුද්ධභූමි සම්ප්‍රදායට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු සියළුම බුදුවරු බුද්ධත්වය ලබද්දි "ශුද්ධභූමියක්" (ශුඛවතී) නිර්මානය කරනවා. මේ ශුද්ධභූමිය ලෞකික සංඥා වලින් සහ කර්ම ඵල වලින් නිදහස් වුන තැනක්. හරියට අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් වගේ.
මේ ශුද්ධභූමියේදී අපිට ලෞකික බාධා කිරීම් සහ කර්මඵල වලින් නිදහස් වෙලා නිර්වානාවබෝධය කරා පමණක් සිත යොමු කරන්න පුළුවන්. ඒ සඳහා කලින් ශුද්ධ භූමියට ඇතුල් වෙලා නිර්වානාවබෝධ කළ බෝධිසත්වයන් උදව් කරනවා. මේ නිසා කෙටි කලකින් නිවන් දැකීම පුළුවන් වෙනවා.
අපිට ඇතුල් වෙන්න ලේසිම ශුද්ධභූමිය හෙවත් ශුඛවතී තියෙන්නෙ ගෞතම බුදුන්ට කලින් පහලවුන අමිතාභ බුදුරජාණන් වහන්සේ ට කියල ශුද්ධභූමි සම්ප්‍රදායේ ඉගැන්වෙනවා. ඒ නිසා ඔවුන් අමිතාභ බුදුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie8QMM0UpzEU4907smurmvZeDfo0Nb_2dB6CDLaTRDdwECXctPjJJwBOSOAC8nBCJVHPkXTpExV3imJDrqJAIERoplUEsx0ZTP7MJhcmAhe_Vd-KQa28446rEgvXD4o5t7TUOZT0IneaR-/s400/amitabha-buddha-statue-1.jpg) |
ලෝකඩෙන් නිම කළ අමිතාභ බුද්ධ ප්‍රතිමාවක්, කමකුරා නගරය |
ශුද්ධභූමි සම්ප්‍රදායේ බෞද්ධයන් ව දිරි ගන්වන්නෙ ශුද්ධභූමියට ඇතුල් වීමට. කාලයත් එක්ක නිවැරදි බුදු දහම විකෘති වන නිසාත්, ලෞකික බාධා කිරීම් වැඩි වෙන නිසාත් මනුෂ්‍ය ලෝකයේදී නිර්වානාවබෝධය අපහසු බවයි ඒ ඉගැන්වීම් වල කියැවෙන්නෙ.
අද ලෝකයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සහිත මහායාන සම්ප්‍රදාය වෙන්නෙ ශුද්ධභූමි සම්‍ප්‍රදාය.
ශුද්ධ භූමි සම්ප්‍රදායට අයත් බෞද්ධ සම්ප්‍රදායන් කීපයක් ජපානයේ අද වෙනවිට තියෙනවා.
ජෝදො-ෂු
මුලින්ම ජපානයට හඳුන්වා දුන් ශුද්ධභූමි බෞද්ධ සම්ප්‍රදාය මේක. මේක හඳුන්වා දෙන්නෙ 1175 දි හෝනෙන් භික්‍ෂුව විසින්. ජෝදො සම්ප්‍රදායට ඇතුල් වෙන්න කලින් එතුමා තෙන්දයි සම්ප්‍රදායේ භික්‍ෂුවක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8apb44A4fMExeSp2y6gnd-0AjPjEokcG5tAuqN11hMo0YnEqNLtGMQFclfGzllhLdURuTFV8gHgrZ9Zh9ucXZvgfeKSz8ctf2SMKJRCR7t82o4QytzGfyveJEql4HwU7uQFY2bqn-IXF8/s320/220px-Takanobu-no-miei.jpg) |
හෝනෙන් භික්‍ෂුව |
ජෝදො සම්ප්‍රදායේ ප්‍රධානම ඉගැන්වීම වෙන්නෙ අමිතාභ බුදුන් ගේ ශුද්ධභූමියට ඇතුල් වීම සඳහා කෙරෙන සච්ඡායනාව. මේක ජපන් බසින් හැඳින්වෙන්නෙ "නෙම්බුත්සු" කියල. මෙහිදී කරන්නේ "නමු අමිද බුත්සු" (අමිතාභ බුදුන්ට නමස්කාර වේවා) යන පාඨය නැවත නැවත කීම. මේ සච්ඡායනය භාවනාවක් විදිහට සැලකෙන්නෙ. ඒ භාවනාවේ අරමුන වෙන්නෙ අමිතාභ බුදුන් ගේ ශුද්ධභූමියට ඇතුල් වීම.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimxAmYjzrtZ-We2W3uqQSO6wmu5gLTm85HuG3auPPr4iWxKtx1fQaGn-_UHVXcThOgdLORqNV5c-aFPzah7SR42diO2_6SlBwM7Emxil33Uqb-J9MVgV_A0JMjzHtEYdu49tcYEf0zmOC6/s320/Jodo+Buddhism.jpg) |
ජෝදො සම්ප්‍රදායේ භික්‍ෂුවක් |
ජෝදො සම්ප්‍රදාය ජපානයට එන්නෙ ජපානයේ දරුණු සිවිල් යුද්ධයක් පවතින කාලයක. ඒ කාලයේ බුදු දහම පිරිහීමකට ලක් වෙලා තියෙන්නෙ. ඒ නිසා සාමාන්‍යය ජනයා බුදු දහමෙන් ඈත් වුනා. නමුත් ජෝදො සම්ප්‍රදායේ ඉගැන්වීම් වල එන අනුව මනුෂ්‍ය ලෝකයේ බුදු දහම පිරිහුනත්, අපට ශුද්ධභූමියට ඇතුල් වීම හරහා නිවන් දකින්න පුළුවන් කියන අදහස ජපානයේ සාමාන්‍යය ජනතාව අතර නැවතත් බුදු දහම ප්‍රචලිත කරන්න හේතුවක් වුනා. මේ නිසා සාමාන්‍යය ජනතාව අතර වේගයෙන් බුදු දහම පැතිරෙන්න පටන් ගත්තා.
ජපානයේ ජනගහණය සම්පූර්නයෙන්ම පාහේ බෞද්ධයන් වෙන්නෙ මේ කාලයේදී.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEmYHfLQWomWCFrDpyr0AP51amGfQvRXGv59j_qR4L3Tc52Gqcm_GmH7BjzbJqtmaGLYPz3b_XJInkNebUMGZ-j_oC_bdArD1u-GsXzuWx4zSzJkxpEBfd_JsrRMQ-jgpr9FD8NS54H3_x/s400/800px-Chionin01n4272.jpg) |
ජෝදො සම්ප්‍රදායේ පන්සලක් වන චියොන්-ඉන්, කියෝතෝ නගරය |
ජෝදො ෂින්-ෂු
හෝනෙන් භික්‍ෂුව ගේ ගෝලයෙක් වන ෂිංරන් භික්‍ෂුව විසින් 1224 දි ජෝදො සම්ප්‍රදායේම තවත් ශාඛාවක් විදිහට ජෝදො ෂින් සම්ප්‍රදාය හඳුන්වා දෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfwYFoMeqNfATxNeKlMedeODcFmURaXZdy3yomW43Njls2mu8DQOxmw0LbunnTpcTplo20lr2_apjmDBXPVYQDgZOKkGthYwRbif7ENxjwTy43bqYWV2SIxDN5FPILmJe8DBN9JFnLs44t/s320/220px-Shinran.jpg) |
ෂිංරන් භික්‍ෂුව ගේ ප්‍රතිමාවක් |
ජෝදො ෂින් සම්ප්‍රදාය ජෝදො සම්ප්‍රදායට වඩා පොදු ජනතාව ඉලක්ක කරගත් සම්ප්‍රදායක්. එහිදී නෙම්බුත්සු සච්ඡායනාවට වඩා තැනක් දෙන්නෙ ශ්‍රද්ධාවට. අමිතාභ බුදුන් කෙරෙහි ඇති ශ්‍රද්ධාවෙන් පමණක් ශුද්ධභූමියට ඇතුල් වෙන්න පුළුවන් කියල ජෝදො ෂින් සම්ප්‍රදායේ කියැවෙනව.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2_GuHSXzsEVrC_FIMhbodV4916DGs-54KgtNkiRwm3i6JNcfHS3H5QIpbKkl302yCL5Rcx451kh4UC4fHe6p9nO0khueMbwhUXKq5roz9TcvyucUZWb__0zXEeBufHQU841UKds5ylYhF/s400/610x-2.jpg) |
ජෝදො ෂින් සම්ප්‍රදායේ භික්‍ෂුන් |
අද ජපානයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සහිත බෞද්ධ සම්ප්‍රදාය වෙන්නෙ ජෝදො ෂින්-ෂු.
ශුද්ධභූමියට ඇතුල් වෙන්න ඕන කෙනෙකුට පුළුවන් කියල පෙන්වීම සඳහා ෂිංරන් භික්‍ෂුව මස් ආහාරයට ගැනීමට පටන් ගන්නවා. ඒ වගේම විවාහ ජීවිතයට ඇතුල් වෙනවා. එතෙක් බෞද්ධ භික්‍ෂුන් සම්පූර්නයෙන්ම නිර්මාංශික වෙන නිසා සහ විවාහයෙන් වැළකිලා ඉන්න නිසා මේක බෞද්ධ සමාජයේ ලොකු ආන්දෝලනයක් ඇති කරන සිද්ධියක් වෙනවා. අදටත් සමහර බෞද්ධ සම්ප්‍රදායන් ගෙ භික්‍ෂුන් විවාහ වීම සහ මත්පැන් පාව්ච්චිය කරනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiw3B9svcdxwAw8rEilUg5_x-vHJnRXDh4d-V3-RfPCPt4Ij-fxVMIwBJDAP269QAZa7mfKzw_4D_k6NfcUoyITrnYXp4jnOROXCO0yn3ZFHkUdd6aqeUiaCh6isqV2L5Ij50fcRiV9KOMW/s400/170216_Nishi_Honganji_Kyoto_Japan03s4.jpg) |
ජෝදො ෂින් සම්ප්‍රදායේ පන්සලක් වන හොංගං-ජි, කියෝතෝ නගරය |
යුසු නෙම්බුත්සු-ෂු
යුසු නෙම්බුත්සු සම්ප්‍රදාය නෙම්බුත්සු සච්ඡායනාවට විශේෂ තැනක් ලබා දෙනවා. එහිදී ඉගැන්වෙන්නෙ නෙම්බුත්සු සච්ඡායනාව තනි පුද්ගලයෙක් ගේ හිතසුව පිණිස කිරීමකට වඩා සමස්ත ලෝකයේම හිත සුව පිණිස කෙරෙන්නක් කියල (මෛත්‍රී භාවනාව වගේ).
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSM2n647m6gaTR6PcweqK9D8zPDUHBOO69RfFu2LkZhWte_zCuUN9o3SKhfpgRMxvV-WOL-IdNV9Dmg6LQwhpzke09BPCB5cSkboPGUjzmtkoK-E5nzCC5sJfWZCCsdtoDeuzX_VpO5cIr/s400/800px-Dainenbutsuji01s2048.jpg) |
යුසු නෙම්බුත්සු සම්ප්‍රදායේ පන්සලක් වන දයිනෙම්බුත්සු-ජි, ඕසකා නගරය |
ජී-ෂු
ජී සම්ප්‍රදාය බිහි කරන්නෙ 1270 දි ඉප්පං භික්‍ෂුව විසින්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-yJ-mDTqCpCo26r9cr53_3pxblZGqvpdEsSifFOhpyYysf8-bvwyZMP0pd8q_gNheOerCHXbrH5Y1keLT1SUuLq1Gi36aeYIyob3Cm1AMcIWVB3kXTcIBFBbtPbGIgNINHkmqhiyDVgal/s320/Ippen2.jpg) |
ඉප්පෙං භික්‍ෂුව ගේ ප්‍රතිමාවක් |
ඉප්පෙං භික්‍ෂුව සහ එතුමා ගේ අනුගාමිකයන් ජපානය පුරා සංචාරය කරමින් නෙම්බුත්සු සච්ඡායනා සහ නෙම්බුත්සු නැටුම් වල යෙදෙමින් පොදු ජනතාව අතර බුදු දහම ප්‍රචලිත කිරීමට විශාල උත්සහයක් දරනවා.
ජි සම්ප්‍රදාය අනෙක් බෞද්ධ සම්ප්‍රදායන්ට වඩා අල්පේච්ඡතාවට උසස් තැනක් දෙනවා. ඒ නිසා ඉප්පෙං භික්‍ෂුව පොදු ජනයා අතර විශේෂ ගෞරවයක් ලබා ගන්නවා. එතුමා හැඳින්වෙන්නෙ "සංචාරක ශාන්තුවරයා" නමින්.
ජි සම්ප්‍රදායට සෙන් ආභාෂය තදින් ලැබිල තියෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhm-cLT1oUWXScak8wuowaDv5womBR7Ik5YwWl6XnRClgqM_wgMDDVL5BRSQMjyqF6lTFI4X-zcfsTfwbHCj4cpkYhgo8DetAHSf1SqVPj9ztvhmSiHbcXnyehnCUBiA1JSmzdHC1us7ffy/s400/img_4434.jpg) |
ජි සම්ප්‍රදායේ පන්සලක් වන යුග්‍යෝ-ජි, ෆුජිසව නගරය |
කමකුරා සමයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සහිත සම්ප්‍රදාය වුනේ ජි-ෂු.
සෙන් බුදු දහම
හයවෙනි සියවසේ දි චීනයේ නව බෞද්ධ සම්ප්‍රදායක් ඇති වෙනවා "චැන්" කියල. මේ බෞද්ධ සම්ප්‍රදාය කමකුරා සමයේදි ජපානයට පැමිණෙනවා. ජපානයේදි එය හැඳින්වෙන්නෙ "සෙන්" කියලා.
සෙන් බෞද්ධ සම්‍ප්‍රදාය ඇති වෙන්නෙ මහායානයේ ශාඛාවක් විදිහට. නමුත් ඒක වෙනත් මහායාන සම්ප්‍රදායන්ට වඩා ඉතාමත් වෙනස්. සෙන් සම්ප්‍රදාය හඳුන්වා දෙන්නෙ ඉන්දියානු ජාතික භික්‍ෂුවක් වන බෝධිධර්ම සහ චීන ජාතික භික්‍ෂුවක් වන දාසු හුයිකේ විසින්.
සෙන් සම්ප්‍රදායේ සූත්‍ර සහ අභිධර්ම කරුණු වලට වඩා වැඩි තැනක් ලැබෙන්නෙ ව්‍යවහාරයට. භාවනාව, ස්වයං විනය, අල්පේච්ඡතාවය වගේ දේවල් සෙන් සම්ප්‍රදායේ ඉහළින් සැලකෙනවා. ඒ වගේම පොත පතින් කරුණු හැදෑරීම සෙන් සම්ප්‍රදායේ බැහැර කරනවා. ඒ වෙනුවට මුල් තැන දෙන්නෙ ගුරු-ගෝල සම්බන්ධයට.
සෙන් සම්ප්‍රදායට අයත් බෞද්ධ සම්ප්‍රදායන් තුනක් අද ජපානයේ තියෙනවා.
රින්සයි-ෂු
සෙන් බුදු දහම ජපානයට එන්නෙ 1191 දි එයිසයි භික්‍ෂුව හරහා. එතුමාගේ සම්ප්‍රදාය හැඳින්වෙන්නෙ රින්සයි-ෂු කියල.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBf4xKxeKzt5AXABPmVjbNkNtHNn-nVVswHXPfGuZyY21ZYx6msx4KtqMAV0fU3kWFiSVJJVOmtyRL20GEjcz4sX71jXKWvVvg_03FP-6UPikaCAkHsAzkWkehvo28TGJmqspoMTLrNX4U/s320/220px-Eisai.jpg) |
එයිසයි භික්‍ෂුව |
රින්සයි සම්ප්‍රදායේ ප්‍රධාන අංග තුනක් තියෙනවා.
1. සාසෙන් - භාවනාව
2. කෝඅන් - දාර්ශනික ප්‍රශ්න, කතා, ප්‍රකාශ. උදාහරණයකට "එක අතකින් අත්පුඩි ගහද්දි එන ශබ්ධය මොකද්ද?" අද බටහිර රටවල සෙන් සම්ප්‍රදාය වැඩිපුරම ප්‍රචලිත වෙලා තියෙන්නෙ කෝආන් හරහා.
3. සමු - එදිනෙදා ජීවිතයේ කාර්‍යයන් කිරීමේදී එළඹි සිහියෙන් කිරීම.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwTcExitFHHt6ba0cJmsaJhBsp8moxulvIR_rFIlQHO7atoWREJLkGy9dCf0kck5aCDDytzAaPfOS_1o3FAv-OyhFSX0H41QBEWoBB-zSS_n6rO2eMBUXgqRTyA8ZmIkOO2tYs1aw__9Wx/s400/zen-monk-3.jpg) |
රින්සයි සම්ප්‍රදායේ භික්‍ෂුන් |
රින්සයි සෙන් සම්‍ප්‍රදාය උගතුන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබනවා. ඒ නිසාම රින්සයි සම්ප්‍රදාය හැඳින්වෙන අන්වර්ථ නාමයක් වෙන්නෙ "සමුරයි සෙන්".
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgP2Jb34uje-FRywg3dDDRfftniaePqwzoPWPJwk4xixZj0Y4nP5vT7HxclkmG04wwZ3aawg4IGDZU6alTYvDOrhyphenhyphenJ-I3vmp9unjSXDub-S5FiaGejb8HWywPC0XPWxH3bGsg4L_tmsNVk2/s400/bdaitokujihoshunin.jpg) |
රින්සයි සම්ප්‍රදායේ පන්සලක් වන දයිතොකු-ජි, කියෝතෝ නගරය |
සෝතෝ-ෂු
සෝතෝ සම්ප්‍රදාය ජපානයට හඳුන්වා දෙන්නෙ 1227 දි දොගෙන් භික්‍ෂුව විසින්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUr7TYjt3Lo6kazhMbP0G6tiz_OrzhJ4UGsUc5hLvMRts8Q2JyTCjpe1hHllqVsPMIckReHwYnX7vx8dOpq_IIzoy86eqmbYFTv8CMI55WUExJmMngumFiffYf7fZ6kBQcjw1qV7EpaEPY/s320/Dogen.JPG) |
දොගෙන් භික්‍ෂුව |
සෝතෝ සෙන් සම්ප්‍රදායේ මුල්තැන ලැබෙන්නෙ භාවනාවට. එහිදී කමටහන් භාවිතා නොකිරීම විශේෂත්වයක් උසුලනවා. ඒ වගේම සූත්‍ර අධ්‍යනයටත් තරමක අවධානයක් යොමු කෙරෙනෙවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh27GtDwF3jh9PvZKx0t6UiohfMv7PmlHkqYPvLtX4vHLgixpTNumUdqe825vwhkcIXoApG4kFmPt3ShlI-7a017auUiBCtQaZDO42ublxeY4U9aQolinHI4ko493j-gGZ-yTpdXBCogvpF/s400/sojiji.jpg) |
සෝතෝ සම්ප්‍රදායේ පන්සලක් වන සෝජි-ජි, යොකොහම නගරය |
සෝතෝ සෙන් සම්ප්‍රදාය වැඩි ජනප්‍රියත්වයක් ලබන්නෙ උගතුන්ට වඩා සාමාන්‍යය ජනයා අතර. ඒ නිසා සෝතෝ සෙන් සම්‍ප්‍රදාය හැඳින්වෙන අන්වර්ථ නමක් වෙන්නෙ "ගොවි සෙන්".
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJs5wWFftX5V3tNdkRtkCDMzrJm0gr4hcDBQ39_xdUsWYZEfUztM0H0inxlyNsDYGZzPZit3qv3Xd6ntna3gUHRDAiBCS6Jhq_uoZrKrD_7JQslXB3Mp01wPsCEYPTbUUGTVlO8c9_vuvf/s320/180px-Japanese_buddhist_monk_by_Arashiyama_cut.jpg) |
සෝතෝ සම්ප්‍රදායේ භික්‍ෂුවක් |
ඕබකු-ෂු
ඕබකු සම්ප්‍රදාය හඳුන්වා දෙන්නෙ 1654 දි ඉංගෙන් භික්‍ෂුව විසින්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEju0YEWBR4tstSEgiXOnXS8AJeNeMHIXl3bXteYK1a2Eq_zeQiV7O1l5RrW3vpgYA1ULrAW1UBiAlr2FddJJDYEwMGzSwA_7W6zz0FogvOieGIBUZ0wFPCpP3bamHRkxjTAjEGYWrtAy5z9/s320/Portrait_of_Ingen_Ry%25C5%25ABki_by_Kita_Genki.jpg) |
ඉංගෙන් භික්‍ෂුව |
ඕබකු සම්ප්‍රදායේ ප්‍රධානම අංගය වෙන්නෙ කෝආන් සහ නෙම්බුත්සු සච්ඡායනාවන් ගේ සංකලනය. නෙම්බුත්සු පාඨය සච්ඡායනා කරන අතර කෝආන් ව්‍යවහාරයේ යෙදීම මේ සම්ප්‍රදායේ ඉගැන්වෙනවා.
මේ නිසා ඕබකු සම්ප්‍රදාය හැඳින්වෙන අන්වර්ථ නමක් වෙන්නෙ "නෙම්බුත්සු සෙන්"
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgz28N4w1we0YbiM7_5s0ZWcj40kSVejzFMgIAin9BXnO6WVNkRmslEUhb0vrJ7yDPcnZ2tmpadcI7FZlPMdw8c1Z-9VbebVrrFKk2fDNtdXfZyHMJMCJCATTOc3SDA5CdDgKH8oDEpDB60/s400/Map.jpg) |
ඕබකු සම්ප්‍රදායේ පන්සලක් වන මංපුකු-ජි, කියෝතෝ නගරය |
නිචිරෙන් සම්ප්‍රදාය
කමකුරා සමයේදී තෙන්දයි සම්ප්‍රදායෙන් බිඳී ගිහින් තවත් බෞද්ධ සම්ප්‍රදායක් ඇති වෙනවා. ඒ සම්ප්‍රදාය හඳුන්වන්නෙ "නිචිරෙන්" කියලා. නිචිරෙන් සම්ප්‍රදාය බිහි කරන්නෙ 1253 දි නිචිරෙන් භික්‍ෂුව විසින්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhklmtlFhv5_BFEXIy_gHjFNfV8KZJzfacZZQBhDJAtAHuCE_ZpeLY0heLXJzu3_Vt2Wyh-0cWmLqNlsjCNJSR7PtIPGg36b5L6nohbZ5IBzPtkVhGGlcZgy1Bjw28L3Dm-4Y2HQgaiFFl6/s320/nichiren.jpg) |
නිචිරෙන් භික්‍ෂුව |
නිචිරෙන් හිමියන් තෙන්දයි භික්‍ෂුවක් විදිහට පැවිදි ජීවිතය අරඹනවා. එහිදී සද්ධර්ම පන්ඩරික සූත්‍රය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කිරීමෙන් පසු තමාගේම අලුත් බෞද්ධ සම්ප්‍රදායක් බිහි කරනවා. එය හැඳින්වෙන්න නිචිරෙන් සම්ප්‍රදාය කියලා.
නිචිරෙන් සම්ප්‍රදායේ පදනම වෙන්නෙ සද්ධර්ම පන්ඩරික සූත්‍රය. එහිදි නිචිරෙන් භික්‍ෂුව සද්ධර්ම පන්ඩරික සූත්‍රය වටා නව දැණුම් පද්ධතියක් ගොඩ නංවනවා. එහි මූලිකම ඉගැන්වීමක් වෙන්නෙ ගෞතම බුදු රජාණන් වහන්සේ සදාකාලික බව. නිචිරෙන් සම්ප්‍රදායේ ප්‍රධාන වතාවතක් වෙන්නෙ "නමු ම්‍යෝහෝ රෙංගෙ ක්‍යෝ" පාඨය සච්ඡායනා කිරීම.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAJWgFkXs6nX16Ri9gfOYg4EaOk7j2k-6uySLk6VfNOG_bf9ZqSt3NQ3PYLEyBt_1FeuPqWUP3efUbryNvcTP3SnMcANYSLq6ZSQEkbxZ1kWO-kJTDO7rDC9ACHK29vkuNv8xetUjVKmRB/s400/marching.jpg) |
නිචිරෙන් සම්ප්‍රදායේ භික්‍ෂූන් |
ජපානයේ ඇති අනෙකුත් බෞද්ධ සම්ප්‍රදායන් විදේශ වලින් ජපානයට ආවත්, නිචිරෙන් සම්ප්‍රදාය උපත ලබන්නෙ ජපානයේ මයි. එය විශේෂ කරුණක්. ඒ නිසා නිචිරෙන් බෞද්ධ සම්‍ප්‍රදායේ ඉතා දැඩි ජාතිකවාදී ලක්‍ෂන තියෙනවා. ඒ වගේම එය අනිත් සම්ප්‍රදායන්ට වඩා දේශපාලනිකයි.
නිචිරෙන් හිමියන් විශ්වාස කළ පරිදි බෞද්ධ ධර්මය අන් සියල්ලටම වඩා ඉහළින් තියෙනවා. ඒ නිසා ජපානයේ පාලකයන්ට බලපෑම් කිරීමට තමාට අයිතියක් ඇති බව එතුමා විශ්වාස කළා. ඒ නිසාම පාලකයන් සමඟ නිරන්තර ගැටුම් ඇති කර ගත්තා. ඒ හේතුවෙන් නිචිරෙන් හිමියන්ව ඝාතනය කිරීමේ තැතක් ද තිබ්බා. එතුමන්ව දෙවරක් ජපානය අවට ඇති කුඩා දූපත් වලට පිටුවහල් කෙරෙනවා.
නිචිරෙන් හිමියන් ගේ ආදර්ශය අනුව නිචිරෙන් සම්ප්‍රදායේ භික්‍ෂූන් දිගින් දිගටම දේශපාලන කටයුතු වල නියැලෙනවා.
නිචිරෙන්-ෂු
නිචිරෙන් හිමියන් ගෙ මරණයෙන් පස්සෙ එතුමන් ගේ ප්‍රධාන ගෝලයන් හය දෙනා ගේ අනුගාමිකයන් වෙන වෙනම සංවිධානය වෙනවා. මේ ගෝලයන් පස් දෙනෙක් ගෙ අනුගාමික පන්සල් එකතුවෙලා හදා ගන්න සම්ප්‍රදාය හැඳින්වෙන්නෙ නිචිරෙන්-ෂු කියලා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrPeA7we2RkIocoF2-MnWbk2L0PLPnFCx0rgi7t-r1L6g1rSid_l0PIfF9TWDe3wf7eYiQ1BocUFBo4Ns8j4OnOTQjjoQvOnBQJN30EGWu81bjg5veLDElsp4DKw_-Jl-V9V6CQeYuwl48/s400/nichiren+shu.jpg) |
නිචිරෙන් සම්‍ප්‍රදායේ පන්සලක් වන කුඔන්-ජි, යමනාෂි ප්‍රාන්තය |
නිචිරෙන් ෂෝ-ෂු
නිචිරෙන් හිමියන් ගේ ගෝලයෙක් වන නික්කො හිමියන් ගෙ ඉගැන්වීම් අනුව නිර්මානය වන සම්ප්‍රදාය හඳුන්වන්නෙ නිචිරෙන් ෂෝ-ෂු කියලා.
නිචිරෙන් ෂෝ සම්ප්‍රදාය නිචිරෙන් සම්ප්‍රදායෙන් වෙනස් වෙන ප්‍රධාන කරුණ වෙන්නෙ නිචිරෙන් ෂෝ සම්ප්‍රදායේ නිචිරෙන් හිමියන් බුදු වරයෙක් වශයෙන් සැලකීම.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4f3ZnmQ-SC_VOgTluHedzzXoN2VaccVgprxIJMZr3nWGxoVToTlbtlB99Y-GChtyaXPX5DpvkYeUkmIbOLZq74CObRfGp9u7VmoWj5sD9Vk_D-jfbRw_k6hG6-BPGesOTlB4Vyv7WY8I-/s400/nichiren+sho.jpg) |
නිචිරෙන් ෂෝ සම්‍ප්‍රදායේ පන්සලක් වන තයිසෙකි-ජි, ෆුජිනොමියා නගරය |
නිචිරෙන් ෂෝ සම්ප්‍රදාය ඉතා දැඩි මතධාරීන් වගේම ජාතිකවාදී දේශපාලනයට කිට්ටු සම්බන්ධයක් දක්වනවා. ඔවුන් තමාගේ ආගමික සම්ප්‍රදායන් දැඩි ලෙස රකින අතර වෙනත් ආගම් හෝ සංස්කෘතීන් වලට ප්‍රතිරෝධයක් දක්වනවා.
නිචිරෙන් ෂෝ සම්ප්‍රදායට අනුබද්ධිතව ගිහි සංවිධාන ගණනාවක් පවතින අතර මේවායින් සමහරක් දේශපාලනිකයි. දේශපාලන සංවිධාන වලින් ප්‍රධාන තැන ගන්නේ "සොකා ගක්කයි" සංවිධානය.
සොකා ගක්කයි
සොකා ගක්කයි සංවිධානය 1930 දි පටන් ගන්නෙ නිචිරෙන් ෂෝ සම්ප්‍රදායට අනුබද්ධ ගිහි සංවිධානයක් විදිහට. එහි පළමු සභාපති ධූරය දරන්නෙ ත්සුනෙසබුරෝ මකිගුචි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnj2QeEkR4a7aXaCKbmw0jthiFuL0WQEcYv6HLmpAqFT0Ip71zAyXSaWKi3F6W_Y9fM0UTvvGVPRpsnIYh7iNW03FT5v-E5eRSbeqIt-nexE3sh4UsASXql64i8MZ1qGQf8PJf0IKubc6l/s320/Tsunesaburo_Makiguchi.jpg) |
ත්සුනෙසබුරෝ මකිගුචි |
දෙවෙනි ලෝක යුද්ධ සමයේදි විවිධ ආගමික සහ දේශපාලනික ප්‍රශ්න මත සොකා ගක්කයි සංවිධානය ජපන් රජය එක්ක ගැටෙනවා. ඒ නිසා 1943 දි සංවිධානය තහනම් කෙරෙනවා.
යුද්ධයෙන් පසුව සංවිධානය නැවත අරඹන අතර, 1950 දශකයේ දී එය වේගයෙන් වර්ධනය වෙනවා. 1961 දි සොකා ගක්කයි සංවිධානය "කෝමෙයිතෝ" නමින් දේශපාලන පක්‍ෂයක් ආරම්භ කරනවා. කෝමෙයිතෝ පක්‍ෂය බෞද්ධ-ජපන් ජාතිකවාදී ප්‍රතිපත්තියක ඉඳල ක්‍රියාත්මක වෙන්නෙ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguAkCN80gGnNvQrTEd6dcLlVK2jEAeGP3wnQMbULq70Z1SdBjP4trH2CMYSylFm7i4DpsGW4iwXmxznwvX0ANohCHMlk-PW3EMC4OWM5VC-uI4cO_MPti2Udj9-0l4waffTPFR-NvB-UgQ/s200/100px-Komeito_logo.svg.png) |
කෝමෙයිතෝ පක්‍ෂයේ සලකුණ |
කෝමෙයිතෝ පක්‍ෂය මහමැතිවරණ වලදී ඡන්ද 10% පමණත්, ආසන 30-40 පමණත් දිගටම දිනාගන්න සමත් වෙනවා. 1980 වෙනකොට ජපානයේ තුන්වෙනි දේශපාලන පක්‍ෂය බවට පත්වෙන්නෙ කෝමෙයිතෝ පක්‍ෂය.
1991 දි සොකා ගක්කයි සංවිධානය ආරවුලකින් පස්සෙ නිචිරෙන් ෂෝ-ෂු බෞද්ධ සම්ප්‍රදායෙන් වෙන් වෙනවා. නමුත් ඔවුන් දිගටම බෞද්ධ-ජපන් ජාතිකවාදී ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වෙනවා.
1998 දි කෝමෙයිතෝ පක්‍ෂය ප්‍රතිසංවිධානය වෙනවා. ඊට පස්සෙ ඔවුන් මැතිවරණ වලදි පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට සහය දෙනවා. 2000 ඉඳන් අද වෙනකන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ රජයන් පිහිටුවන්න කෝමෙයිතෝ පක්‍ෂය හවුල් වෙලා තියෙනවා.
වර්තමාන ජපන් රජයේ පාලක සභාගයේ දෙවෙනි විශාලම පක්‍ෂය වෙන්නෙ කෝමෙයිතෝ පක්‍ෂය. ඔවුන්ට ආසන 35ක් හිමියි.
සාරාංශය
ජපානයේ බෞද්ධ සම්ප්‍රදායන් සංවිධානගත වෙලා තියෙන්නෙ මේ ආකාරයට.
ඒ ඒ සම්ප්‍රදාය අනුව ජපන් බෞද්ධයන් බෙදෙන්නෙ මේ විදිහට.
ඒ ඒ ප්‍රාන්තයේ වැඩිම අනුගාමිකයන් ගණනක් සහිත බෞද්ධ සම්ප්‍රදාය එන්නෙ මේ විදිහට: