බෙදීම් උත්සන්න වීම
1947 අග භාගය වෙද්දි කොරියාව දරුනු දේශපාලන අවුලක පැටලිලා ඉන්නෙ.
උතුරේ සෝවියට් දේශය එක්සත් කොරියාවකට සහය පළ කරන අතරම, ජාතිකවාදීන් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා. නමුත් ක්‍රමයෙන් මහජන කමිටු වල වැදගත් තනතුරු වලට කොමියුනිස්ට් වාදීන් ඇතුල් කිරීමෙන් ක්‍රමයෙන් කොමියුනිස්ට් වාදීන් ගේ බලය වැඩි කර ගන්නවා.
දකුණේ තත්වය ඊට වඩා ප්‍රචන්ඩයි. කොමියුනිස්ට් වරු සහ ජාතිකවාදීන් දක්‍ෂිනාංශිකයන් සහ ඔවුන් ගේ ඇමරිකානු මිතුරන් එක්ක දරුණු ගැටුම් ඇති කර ගන්නවා. මේ ගැටුම් මැඩ පවත්වන්න ඇමරිකාව බලයට ගේනවා උග්‍ර කොමියුනිස්ට් විරෝධී සහ ඒකාධිපති අදහස් ඇති දේශපාලකයෙක් ව. ඔහු තමයි සිංමාන් රී.
සිංමාන් රී |
සිංමාන් රී තමයි චීනයේ පිහිටුවන පළවෙනි විකල්ප කොරියන් රජයේ ජනාධිපති වෙන්නෙ. නමුත් බලය අයුතු ලෙස පාවිච්චි කරන නිසා ඔහුව ඒ තනතුරෙන් ඉවත් කෙරෙනවා.ඔහු ඊට පස්සෙ වැඩිපුර ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ. ඔහු නැවත කොරියාවට එන්නෙ ජපානය යටත් වීමෙන් පස්සෙ. කොරියානු ජනතාව අතර ඔහුට ලොකු පිළිගැනීමක් නෑ.
රී ගේ ප්‍රධාන දේශපාලන අරමුණක් වෙන්නෙ දකුණේ කොමියුනිස්ට් වරුන් ගේ බලය විනාශ කිරීම. මේ සඳහා ඔහු ජාතිකවාදීන් ගේ සහය පතනවා. නමුත් බොහෝ ජාතිකවාදීන් ඔහුට සහය දෙන්නෙ නෑ. ඒ ජාතිකවාදීන් ගේ "එක කොරියාවක්" සටන් පාඨයට ඔහු අකැමති නිසා. කොමියුනිස්ට් බලය විනාශ කරන්න රී ප්‍රධාන වැඩ පිළිවෙල තුනක් අනුගමනය කරනවා.
1. පොලිසියේ බලය වැඩි කිරීම
2. කොමියුනිස්ට් වරු සහ ඔවුන්ට සහය දෙන ජාතිකවාදීන් "බොදෝ ලීගය" ලෙස හඳුන්වන සංවිධානයක ලියා පදිංචි කරලා ඔවුන්ට "නැවත අධ්‍යාපනය" ලබා දීම.
3. මිලිෂීයා කණ්ඩායම් සංවිධානය කිරීමෙන් කොමියුනිස්ට් වරුන්ට එරෙහිව දැඩි මර්ධනයක් එල්ල කිරීම. මේ මිලීෂියා කණ්ඩායම් වල වැඩි පුර ඉන්නෙ උතුරේ කොමියුනිස්ට් වරුන් ගෙ මර්ධනය නිසා දකුණට පැනල ආපු පවුල් වල තරුණයක්. ඔවුන් කොමියුනිස්ට් වරු එක්ක දැඩි වෛරයකින් ඉන්නෙ.
මැතිවරණය සහ දෙකඩ වීම
මේ අර්බුධය පුපුරා යන්නෙ 1947 නොවැම්බර් මාසෙ. ඒ එක්සත් ජාතීන් ගේ සංවිධානය කොරියාවට නිදහස ලබා දීමේ මැතිවරණය ප්‍රකාශ කිරීමෙන්.
මේ වෙද්දි උතුරු කොටසේ ජනගහණය මිලියන 9 යි. නමුත් දකුණු කොටසේ ජනගහණය මිලියන 16 ක්. ඒ නිසා යෝජිත පාර්ලිමේන්තුවේ ආසන බෙදෙන්නෙ උතුරු කොටසට 100 ක් සහ දකුණු කොටසට 200 ක් විදිහට.
නමුත් කොමියුනිස්ට් වරු සැක කරනවා රී ගේ දැඩි මර්ධනකාරී වැඩ පිළිවෙල යටතේ ඔවුන්ට දකුණේ මැතිවරන දිනන එක සිහිනයක් වෙයි කියලා. ඒ නිසා සෝවියට් දේශය මැතිවරණයට විරුද්ධ වෙනවා. ඒත් ඇමරිකාව දකුණු කොටසේ විතරක් මැතිවරණය පවත්වන්න සූදානම් වෙනවා.
1948 පෙබරවාරි මාසෙ දි දකුණ පුරාම දැවැන්ත වැඩ වර්ජන සහ උද්ඝෝෂන රැල්ලක් ඇති වෙනවා මැතිවරණයට විරුද්ධව. කොමියුනිස්ට් වරු සහ රී විරෝධී ජාතිකවාදීන් තමයි මේක සංවිධානය කරන්නෙ. රී මේ උද්ඝෝෂන මර්ධනය කරනවා.
1948 අප්‍රේල් මාසෙදි සෝවියට් දේශයේ අනුග්‍රහයෙන් එක්සත් කොරියාවක් වෙනුවෙන් සම්මන්ත්‍රනයක් පියොංයැං නුවර පැවැත්වෙනවා. මේ සමුළුවට මේ වෙනකොට දකුණේ ජාතිකවාදී කඳවුරේ නායකයන් වන කිම් කූ සහ කිම් ක්‍යූ-සික් සහභාගී වෙනවා. මේ නිසා දක්‍ෂිනාංශිකයන් ඔවුන් ව ද්‍රෝහීන් විදිහට නම් කරනවා. කිම් කූ 1949 දි දක්‍ෂිනාංශික අන්තවාදියෙක් විසින් වෙඩි තියල මරනවා.
කිම් කූ |
1948 මැයි 10 වෙනිදා දකුණේ මැතිවරණය පැවැත්වෙනවා. ඒකෙන් කාටවත් පැහැදිලි ජයක් ලැබෙන්නෙ නෑ. නමුත් රී ට හිතවාදී පිරිස් පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගෙන රජයක් පිහිටුවනවා.
1948 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රී ජයග්‍රහනය කරලා ජනාධිපති ධූරයට පත් වෙනවා. ඒ ප්‍රකාශිත ඡන්ද වලින් 92% ලබා ගැනීමෙන්.
කොමියුනිස්ට් වරු සහ ජාතිකවාදීන් මේ මැතිවරණ දෙකම වර්ජනය කරනවා. ඒවා සාධාරන මැතිවරන නොවන බවට චෝදනා කරනවා. දකුණ පුරා නොසන්සුන්තා ඇති වෙනවා.
ඡන්දය ප්‍රකාශ කරන කොරියානුවන් |
දකුණු කොරියාවේ කොඩිය සහ නිල සලකුණ |
ඒකට පිළිතුරු වශයෙන් සෝවියට් අනුග්‍රහය ඇතුව උතුරේ කොමියුනිස්ට් වරු 1948 සැප්තැම්බර් 9 වෙනිදා "කොරියානු ප්‍රජාතන්‍ත්‍රවාදී මහජන ජනරජය (Democratic People's Republic of Korea)" ප්‍රකාශ කරනවා. එහි නායකයා වෙන්නෙ කිම් ඉල්-සුං. එය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නෙ උතුරු කොරියාව කියලා
උතුරු කොරියාවේ කොඩිය සහ නිල සලකුණ |
කොරියාව නිල වශයෙන් දෙකඩ වෙනවා
ජෙජු කැරැල්ල
කොරියානු අර්ධ ද්වීපයට දකුනෙන් ලොකු දූපතක් තියෙනවා "ජෙජු" කියලා. මේ දූපතේ කොමියුනිස්ට් වරුන් ගේ බලය බොහෝ දුරට පැතිරිලා තිබ්බා. 1948 දි ප්‍රකාශිත මැතිවරණයට එරෙහිව ඇති වුන විරෝධතා රැල්ල ජෙජු දූපතටත් එනවා. නමුත් ජෙජු දූපතේදී උද්ඝෝෂන කරුවෝ පොලිස් මර්ධනයට එරෙහිව අවි ගන්න තීරණය කරනවා.
1948 අප්‍රේල් තුන් වෙනිදා කොමියුනිස්ට් වරු විසින් සංවිධානය කරපු කැරලි කණ්ඩායම් ජෙජු දූපතේ පොලිස් ස්ථාන වලට පහර දීලා අවි පැහර ගන්නවා. ඉන් පස්සෙ ගරිල්ලා යුද්ධයක නිරත වෙනවා. මේ යුද්ධය කොයිතරම් දරුණු වෙනවද කිව්වොත් 1948 මැයි 10 වෙනිදා පැවතුන මැතිවරණය ජෙජු දූපතේ පවත්වන්න බැරි වෙනවා. කැරලි කරුවෝ දූපතේ බලය සම්පූර්නයෙන්ම වගේ අල්ල ගන්නවා.
පොලිසියට තත්වය පාලනය කරගන්න බැරි වෙන නිසා 1948 ඔක්තෝබර් මාසෙදි රී හමුදාව යොදවන්න තීරණය කරනවා. ඔහු ජෙජු දූපතට යාබද දකුණු ජෙයෝලා ප්‍රාන්තයේ ස්ථානගත කර තිබුනු හමුදා බල ඇණියක් ජෙජු දූපතට යවන්න අණ දෙනවා.
ජෙජු දූපත (තැඹිලි) සහ දකුණු ජෙයෝලා ප්‍රාන්තය (කහ) |
නමුත් මේ අණ ලද වහාම ඒ හමුදා බල ඇණිය කැරලි ගහනවා. ඔවුන් ජෙජු දූපතට යාම ප්‍රතික්‍ෂේප කරලා කැරලි කරුවන්ට සහය පල කරමින් දකුණු ජෙයෝලා ප්‍රාන්තයේ ප්‍රධාන නගර කීපයක්ම අල්ල ගන්නවා. යෙඕසු, සන්චියොන් ඒ අතරින් ප්‍රධානයි.
රී මේ සිද්ධියෙන් දැඩි ලෙස කුපිත වෙලා තමාට පක්‍ෂපාතී හමුදා බලඇණි යොදවලා කැරැල්ල දරුණු විදිහට මර්ධනය කරනවා. ඒ සඳහා ඔහුට ඇමරිකන් සහය ලැබෙනවා. මුලින්ම දකුණු ජෙයෝලා ප්‍රාන්තයේ කැරැල්ල මර්ධනය කරන ඔහු ඉන් පසු ජෙජු දූපතට හමුදාව යවනවා.
යෙඕසු නගරයේ දී කැරලිකාරී හමුදා භටයන් වෙඩි තබා ඝාතනය කිරීම |
මරා දැමූ ගම්වාසීන් |
මේ වෙනකොට උතුරු කොරියාව සහ දකුණු කොරියාව යන රටවල් දෙකම සලකන්නෙ තමාට සම්පූර්ණ කොරියාවේම අයිතිය තියෙනව කියලා. කිම් ඉල්-සුං වගේම රී ගේත් ප්‍රධාන ප්‍රතිපත්තියක් වෙන්නෙ යුධමය ක්‍රියා මාර්ගයකින් කොරියාව එක්සත් කිරීම.
ඒ නිසා 1949 අග වෙද්දි කොරියාව කියන්නෙ පත්තු වෙන්න ඔන්න මෙන්න තියෙන බෝම්බයක්.
No comments:
Post a Comment