ඉස්ලාමයේ ඉතිහාසය ලිපි මාලාව​



ඉස්ලාමයේ ඉතිහාසය ලිපි මාලාව තුලින් ගෙන එන්නේ ඉස්ලාම් ආගමේ උපත සහ එහි මුල් යුගයේ ඉතිහාසය.

ඉස්ලාමය ආගමික​, දේශපාලනික සහ දාර්ශනික ලෙස පරිණාමය වුනු ආකාරය සහ​ අද අපි දකින ඉස්ලාමය බිහි වීමට බලපෑ ඓතිහාසික සාධක මේ ලිපි මාලාවෙන් සාකච්ඡා කරනවා.



1. ඉස්ලාමයේ උපතට පෙර

ක්‍රි.ව​. 610 දී ඉස්ලාම් ආගම බිහි වීමට පෙර අරාබියේ සහ මැද පෙරදිග තිබුනු සංස්කෘතික​​, ආගමික​, දේශපාලනික සහ ආර්ථික වටපිටාව​


2. මුහම්මද් තුමා ගේ උපත සහ තරුණ කාලය

මුහම්මද් තුමාගේ පවුලේ ඉතිහාසය​, එතුමාගේ උපත, ළමා කාලය​ සහ තරුණ කාලය ගත වුනු හැටි


3. දිව්‍යමය පණිවුඩය

මුහම්මද් තුමාට දිව්‍යමය පණිවුඩය ලැබුනු හැටි


4. ඉස්ලාමයේ මුල් දවස්​

ඉස්ලාමය මක්කා නගරයේ පැතිරෙන්න පටන් ගත් හැටි, මුලින්ම ඉස්ලාමය වැළඳ ගත් අය​, මක්කා නගරයේ දේශපාලනය සංවිධානය වී තිබුණු හැටි සහ මක්කා නගරයේ බලවතුන්


5. මක්කාවේ ඉස්ලාමය සහ මුස්ලිම් වරුන්ට එරෙහි මර්ධනය

මක්කා නගරයේ ඉස්ලාමය පැතිරෙද්දී මුස්ලිම් වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වුනු මර්ධනය​


6. හෙගිරා

මක්කා නගරයේ මුස්ලිම් වරු යාත්‍රිබ් හෙවත් මදීනා නගරයට සංක්‍රමනය වුනු හැටි


7. පුරහඳ සටන හෙවත් බදර් හි සටන

මුස්ලිම් වරු සහ මක්කා නගරය අතර ඇතිවුනු ආරවුල් සහ බදර් හි සටනින් මුස්ලිම් වරු ජය ගැනීම​


8. උහුද් හි සටන

අබු සුෆියාන් මක්කාවේ බලයට පැමිණීම, බැනු කුවයිනුකා යුදෙව් ගෝත්‍රය මදීනාවෙන් පිටුවහල් කිරීම​ සහ මක්කාවරු මදීනාවට පහර දීම​. උහුද් හි සටනින් මුස්ලිම් වරු පරාජයට පත් වීම​.


9. යුධ අගලේ සටන හෙවත් කන්දක් සටන

මුස්ලිම් වරුන්ට එරෙහිව බෙදුවියන් ගෝත්‍රිකයන් කටයුතු කිරීම​, බැනු නදීර් ගෝත්‍රයේ යුදෙව්වන් මදීනාවෙන් පිටුවහල් කිරීම​, අබු සුෆියාන් ගේ නායකත්වයෙන් යුතු දැවැන්ත හමුදාවක් මදීනාව ආක්‍රමනය කිරීම​. මුස්ලිම් වරු මදීනාව වටා යුධ අගලක් කැනීමෙන් ආක්‍රමනය ව්‍යර්ථ කිරීමට සමත් වීම​.

10. කයිබාර් හි සටන​

බැනු කුරෙයිසා ගෝත්‍රය සමූල ඝාතනය කිරීම​, මුස්ලිම් වරු කයිබාර් නිම්නයේ යුදෙව්වන්ට එරෙහිව සටන් වැදීමෙන් ඔවුන් යටත් කිරීම​, ඉස්ලාමීය රාජ්‍යයේ ආරම්භය​.

No comments:

Post a Comment