යාත්‍රිබ් නගරයේ ඉතිහාසය
ක්‍රි.ව. දෙවැනි සියවසේදී රෝම - යුදෙව් යුද්ධයෙන් යුදෙව්වන් පරාජය වුනු පසු ඊශ්‍රායලයේ සිත යුදෙව්වන් විශාල ප්‍රමානයක් යෙමනය බලා පලා ගියා. මේ යුදෙව්වන් සමහරක් නැවත උතුරට සංක්‍රමනය වෙලා රතු මුහුදු වෙරළබඩ ක්‍ෂේම භූමි ආශ්‍රිතව කෘෂිකාර්මික ජනාවාස පිහිටුවා ගත්තා. අරාබීන් අතර අවුරුදු සිය ගණනක් වාසය කිරීමෙන් පසු මේ යුදෙව්වන් අරාබි සංස්කෘතියේ අංග අවශෝෂනය කර ගත්තා. ඔවුන් ගේ නම් සැකසුනේ අරාබි ඌරුවට. ඔවුන් කතා කළේ හීබෲ සහ අරාබි මුසු වුනු බසක්. ඔවුන් අරාබීන් සමඟ ආවහ-විවාහ සිදු කර ගත්තා. නමුත් ඔවුන් තමාගේ යුදෙව් ආගම අතහැරියේ නෑ.
මේ විදිහට පිහිටුවා ගත් එක ජනාවාසයක් හැඳින්වුනේ යාත්‍රිබ් කියලා. යාත්‍රිබ් පිහිටා තිබුනේ මක්කා නගරයට කිලෝ මීටර් 300 ක් පමණ උතුරින්. එය ගොඩ නංවා තිබුනේ විශාල මඩ වගුරක් මත. මේ නිසා යාත්‍රිබ් නගරය අවට බිම් කෘෂිකර්මයට සුදුසු වුනත්, නිතර මැසි මදුරුවන් ගෙන් බෝවෙන රෝග යාත්‍රිබ් නගරයේ පැතිර ගියා.
යාත්‍රිබ් නගරයේ මුල්ම පදිංචි කරුවන් වුනේ යෙමනයෙන් ආ යුදෙව් ගෝත්‍ර දෙකක්. ඒ බැනු කුරයිසා සහ බැනු කුවයිනුකා. බැනු කුරයිසා ගෝත්‍රය ප්‍රධාන වශයෙන් ජීවත් වුනේ ගොවිතැනින්. ඔවුන් මදීනාව අවට තෙත් බිම් වල ධාන්‍යය සහ රට ඉඳි වගා කළා. බැනු කුවයිනුකා ගෝත්‍රය ගොවිතැන් කලේ නෑ. ඔවුන් ජීවත් වුනේ ප්‍රධාන වශයෙන් යකඩ වැඩ, රන් වැඩ සහ කුඩා හස්ත කර්මාන්තයන් ගෙන්. ඔවුන් තමන් නිෂ්පාදනය කළ රන් බඩු සහ ආයුධ යාත්‍රිබ් නගරය අවට වාසය කළ අරාබි ගෝත්‍ර සමඟ වෙළඳාම් කලා.
ක්‍රි.ව. හතර වෙනි සියවසේදී යෙමනයේ සිට තවත් යුදෙව් ගෝත්‍රයක් වුනු බැනු නදීර් ගෝත්‍රය යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වුනා. කෙටි කලකින්ම ගොවිතැනින් සෑහෙන දියුණුවක් ලබන්න ඔවුන්ට හැකි වුනා. ඊට සුළු කලකට පසුව බැනු අව්ස් සහ බැනු කස්.රජ් නම් අරාබි ගෝත්‍ර දෙකක් යෙමනයේ සිට යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වුනා. ඔවුනුත් ජීවිකාව කළේ ගොවිතැනින්.
යාත්‍රිබ් නගරයේ අවුල් - වියවුල්
මුල් කාලයේ යාත්‍රිබ් නගරයේ ආර්ථික බලය රැඳී තිබුනේ යුදෙව් ගෝත්‍ර තුන අතේ. හොඳම කෘෂිකාර්මික ඉඩම් අයත් වුනේ බැනු කුරයිසා සහ බැනු නදීර් ගෝත්‍රයන්ට. නගරයේ පොදු වෙළඳපොළ මෙන්ම කර්මාන්ත අයත් වුනේ බැනු කුවයිනුකා ගෝත්‍රයට. අරාබි ගෝත්‍ර දෙක යුදෙව් ගෝත්‍රයන්ට අයත් වුනු ඉඩම් වල ගොවිතැන් කලා. නමුත් ක්‍රි.ව. 6 වැනි සියවසේ පමණ පටන් අරාබි ගෝත්‍රයන් ක්‍රමයෙන් යාත්‍රිබ් නගරයේ බලය තහවුරු කර ගත්තා.
හයවන සියව්සේ අග භාගය වෙද්දී යාත්‍රිබ් නගරයේ බලය වෙනුවෙන් අරාබි ගෝත්‍ර දෙක වුනු බැනු අව්ස් සහ බැනු කස්.රජ් එකිනෙකා සමග ගැටුනා. මේ ගැටුමේදී බැනු කුරයිසා සහ බැනු නදීර් ගෝත්‍රයන් බැනු අව්ස් ගෝත්‍රයටත්, බැනු කුවයිනුකා ගෝත්‍රය බැනු කස්.රජ් ගෝත්‍රයටත් සහය දුන්නා. ඒ සමයේ අරාබි සිරිත අනුව බැනු අව්ස් සහ බැනු කස්.රජ් ගෝත්‍ර දෙකම යාත්‍රිබ් නගරය අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍ර වල සහය පැතුවා. ඒ අනුව දෙපිලම බෙදුවියන් ගෝත්‍රයන් කීපයක සහය ලබා ගන්න සමත් වුනා.
මේ බල අරගලය පිපිරීමක් බවට පත් වුනේ ක්‍රි.ව. 617 දී බැනු කස්.රජ් ගෝත්‍රයේ ප්‍රධානියා වුනු ආමර් ඉබ්න් නූමන් විසින් ඉඩම් ආරවුලකදී බැනු කුරයිසා ගෝත්‍රයට අයත් යුදෙව්වන් කීප දෙනෙක් මරා දැමීමෙන්. මේ සිද්ධියත් සමඟම බැනු අව්ස් ගෝත්‍රය බැනු කස්.රජ් ගෝත්‍රයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. මෙහිදී බැනු කස්.රජ් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු අබ්ද් අල්ලාහ් ඉබ්න් උබේයි සටනින් ඉවත් ව ස්වාධීනව සිටියා. ගෝත්‍ර දෙකම තමාගේ යුදෙව් මිතුරන් සමඟ එකිනෙකා සමඟ යුධ වැදුනා.
මදීනා නගරයට තරමක් දුරින් පිහිටි බැනු කුරයිසා ගෝත්‍රයට අයත් ගොවිබිමක් වුනු බුආත් හිදී සටන ඇවිලී ගියා. මාස කීපයක් පුරා ඇදී ගිය දරුණු සටනක් වුනු මෙයින් ආමර් ඉබ්න් නූමන් ඇතුළු දෙපිලේම නායකයන් විශාල ප්‍රමානයක් මිය ගියා. අවසානයේදී බැනු අව්ස් ගෝත්‍රය සටනින් ජයග්‍රහනය කළත්, දෙපිලේම ප්‍රධානීන් මිය ගිය නිසා දෙපිලම සිටියේ දුර්වල තත්වයක.
අවසානයේදී සියළුම ගෝත්‍ර එක්ව සාකච්ඡා කළ අතර, සියල්ලන්ටම පිළිගත හැකි නායකයෙක් ලෙස සටනේදී ස්වාධීනව උන් අබ්ද් අල්ලාහ් ඉබ්න් උබේයි පත් කර ගත්තා. ඒත් ස්ථිර සාමයක් ඇති වුනේ නෑ. සටනින් බොහෝ දෙනා මිය ගිය නිසා අරාබි සංස්කෘතියට අනුව පළිගැනීමේ ප්‍රහාර ඇති වුනු අතර, නැවතත් යුද්ධයක් ඇති වන ලකුණු පහළ වුනා.
මුහම්මද් තුමා හමු වීම
යාත්‍රිබ් නගරයේ වැසියන්ට මක්කාවේ නව ආගමක් දේශනා කරන මුහම්මද් නම් පුද්ගලයෙක් ගැන ආරංචි වෙන්නේ මේ අවස්ථාවේදී. මුහම්මද් තුමාට මක්කා නගරයේ සාධාරන සහ බුද්ධිමත් පුද්ගලයෙක් වශයෙන් තිබූ ප්‍රතිරූපය ගැන සලකා බැලූ යාත්‍රිබ් වැසියන් ඔහුට යාත්‍රිබ් නගරයට පැමින අපක්‍ෂපාතී විනිසුරුවෙක් ලෙස කටයුතු කරන ලෙස ආරාධනා කරන්න තීරණය කළා. මෙහිදී ඔවුන් බලාපොරොත්තු වුනේ ඔවුන් අතර තිබූ කෙළවරක් නැති ආරවුල් වලට සාධාරන විසඳුමක් ලබා ගැනීම.
ක්‍රි.ව. 620 වසරේ මක්කා නගරයේ වාර්‍ෂික වන්දනා ගමන සමයේදී බැනු කස්.රජ් ගෝත්‍රයට අයත් හය දෙනෙක් මුහම්මද් තුමා සොයා පැමිණියා. ඔවුන් රහසිගතව මුහම්මද් තුමා හමුවී ඔහුගේ දිව්‍යමය පණිවුඩය ගැන සාකච්ඡා කළා. සාකච්ඡාව අවසානයේදී ඔවුන් හය දෙනාම ඉස්ලාමය වැළඳ ගත්තා.
ඊළඟ අවුරුද්දේ වාර්‍ෂික වන්දනා ගමන සමයේ මේ හය දෙනාගෙන් පස් දෙනෙක් සහ තවත් යාත්‍රිබ් වැසියන් හත් දෙනෙක් මුහම්මද් තුමා සොයා ආවා. ඔවුන් හමු වුනේ මක්කා නගරයට නුදුරින් ඇති "අක්බා" නම් කඳු ගැටය මත. ඔවුන් දෙළොස් දෙනාම මුහම්මද් තුමා ඉදිරියේ අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැති බවටත්, මුහම්මද් අල්ලාහ් ගේ පණිවුඩකරුවා බවටත්, ඔවුන් මුහම්මද් තුමා විසින් පනවන ලද සදාචාර නීති පිළිපදින බවටත් ප්‍රතිඥාවක් දුන්නා. එය හැඳින්වෙන්නේ "අල්-අක්බා හි පළමු ප්‍රතිඥාව" වශයෙන්.
ඔවුන් ආපසු යාත්‍රිබ් වෙත යද්දී මුහම්ම්ද් තුමා තමාගේ සහචරයෙක් වුනු මූසාබ් ඉබ්න් උමායිර් ඔවුන් සමඟ පිටත් කර හැරියා. ඒ යාත්‍රිබ් නගරයේ වැසියන්ට ඉස්ලාමයේ පණිවුඩය ලබා දීමට. මූසාබ් ඉබ්න් උමායිර් ගේ ඉගැන්වීම් අනුව යාත්‍රිබ් වැසියන් විශාල ප්‍රමානයක් ඉස්ලාමය වැළඳ ගත්තා. යාත්‍රිබ් වැසියන් ඉස්ලාමයේ පණිවුඩය පහසුවෙන් පිළිගැනීමට හේතු දෙකක් තිබුනා.
1. දීර්ඝ කාලයක් පැවති ආරවුල් වලින් දැඩි පීඩාවට පත් ව සිටි නිසා සාම්ප්‍රදායික අරාබි දෙවිවරු සහ අරාබි සංස්කෘතිය පිළිබඳ විශ්වාසය ඔවුන් අතරින් බිඳ වැටී තිබීම
2. දීර්ඝ කාලයක් යුදෙව්වන් අතර වාසය කිරීම නිසා එක දෙවියෙක් පිළිබඳ සංකල්පය හුරු පුරුදු එකක් වීම
අල්-අක්බා හි දෙවන ප්‍රතිඥාව
ක්‍රි.ව. 622 වන්දනා සමයේදී ඉස්ලාමය වැළඳ ගත් යාත්‍රිබ් වැසියන් 73 දෙනෙක් මුහම්ම්ද් තුමා සොයා ආවා. නැවතත් ඔවුන් අක්බා කඳු ගැටය මතදී මුහම්මද් තුමා මුණගැසුනා. එහිදී ඔවුන් මුහම්මද් තුමාට යාත්‍රිබ් නගරයට පැමිණෙන ලෙස ආරාධනා කළා. මුහම්මද් තුමා එම ආරාධනය පිළිගැනීමට නම් ඔවුන් පළමු ප්‍රතිඥාවේ සඳහන් කරුණු වලට අමතර කරුණු පහක් සම්බන්ධයෙන් ප්‍රතිඥා දිය යුතු බව ප්‍රකාශ කර සිටියා.
1. සියළුම අවස්ථා වලදී මුහම්මද් තුමාගේ අවවාදයන්ට අවනත වන බව
2. ධනය ඇති කාලයන් හිදී මෙන්ම දුප්පත් කාලයන් හිදී ත් ඉස්ලාමයේ උන්නතිය වෙනුවෙන් වියදම් කිරීමට සූදානම් බව
3. යහපත් දේ වෙනුවෙන් එක් වීමටත්, නපුර ප්‍රතික්‍ෂේප කිරීමටත් සූදානම් බව
4. අල්ලාහ් වෙනුවෙන් සේවය කිරීමේදී කිසිවකුත් විසින් එල්ල කරන මර්ධනයන්ට බිය නොවන බව
5. මුහම්මද් තුමාට විපතක් වන අවස්ථාවකදී ඔහුව ආරක්‍ෂා කිරීමට සූදානම් බව
යාත්‍රිබ් වැසියන් මේ කරුණු පහට එකඟ වී ප්‍රතිඥාව ලබා දුන්නා. එය හැඳින්වෙන්නේ "අල්-අක්බා හි දෙවන ප්‍රතිඥාව" වශයෙන්.
මේ අවස්ථාව ඉස්ලාමයේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. පළමු ප්‍රතිඥාවට අඩංගු වුනේ ආගමික මූලධර්ම සහ සදාචාරය සම්බන්ධ කරුණු පමණයි. ඒත් දෙවන ප්‍රතිඥාවට අඩංගු වුනු කරුනු දේශපාලන මුහුණුවරක් ගත්තා. මේ දක්වා හුදෙක් ආගමික මූලධර්මයන්ට සහ සදාචාරයන්ට පමණක් සීමා වුනු ඉස්ලාමයට දේශපාලන මුහුණුවරක් ලැබෙන්නේ මෙතැනදී.
ප්‍රතිඥාවෙන් අනතුරුව මුහම්මද් තුමාගේ ඉල්ලීම පරිදි ඔවුන් ගෝත්‍රයන් දෙකම නියෝජනය වන පරිදි නියෝජිතයන් දොළොස් දෙනෙක් පත් කර ගත්තා. ඒ යාත්‍රිබ් නගරයේ වැසියන් සහ මුහම්මද් තුමා අතර ඉදිරියේ දී සබඳතා පවත්වාගැනීම වෙනුවෙන්. මේ දොළොස්දෙනා සමන්විත වුනේ බැනු කස්.රජ් ගෝත්‍රයෙන් නව දෙනක් සහ බැනු අව්ස් ගෝත්‍රයෙන් තුන් දෙනෙක් වශයෙන්.
මක්කා වැසියන් ගේ ප්‍රතිචාරය
මක්කා වැසියන්ට මේ හමුවීම ගැන ආරංචි වුනා. ඔවුන් මේ ප්‍රතිඥාව දැක්කේ යාත්‍රිබ් වැසියන් තමාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමක් විදිහට. ඔවුන් දැඩි කලබලයට පත්ව යාත්‍රිබ් වැසියන් ගේ කූඩාරම් වෙත පැමිණ ඔවුන් මුහම්මද් හමුවූ බවට චෝදනා කළා. නමුත් යාත්‍රිබ් වැසියන් මේ චෝදනාව ප්‍රතික්‍ෂේප කලා. එයින් සෑහීමකට පත්ව ඔවුන් පිටත් ව ගියා.
නමුත් දින කීපයකට පසුව ඔවුන්ට විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් හමුවීම සහ ප්‍රතිඥාව පිළිබඳ සියළු විස්තර දැනගන්න ලැබුනා. ඒත් ඒ වන විට යාත්‍රිබ් වැසියන් මක්කාවෙන් පිටත් ව ගිහින්. ඔවුන් වහාම අශ්වාරෝහකයන් පිරිසක් සූදානම් කරගෙන යාත්‍රිබ් වැසියන් පසුපස හඹා ගියා.
නමුත් ඔවුන්ට අල්ලා ගන්න පුළුවන් වුනේ යාත්‍රිබ් වැසියන් දෙදෙනෙක් පමණයි. ඒ සාද් ඉබ්න් උබාදා සහ අල්-මුන්දීර් ඉබ්න් අමරු. අල්-මුන්දීර් පළා යාමට සමත් වුනත් සාද් ඉබ්න් උබාදා ට අත් වුනේ අවාසනාවන්ත ඉරණමක්. මක්කා වැසියන් ඔහු අල්ලා අත්පා බැඳ කෙස්වැටිය අශ්වයකුගේ ගැට ගසා මක්කා නගරය තෙක් ඔහුව බිම දිගේ ඇදගෙන ආවා. මක්කා නගරයේදී ඔහුව මරා දමන අදහසින් ඔවුන් ඔහුට දරුණු ලෙස පහර දුන්නා. අවසානයේදී ඔහු සමඟ වෙළඳ ගනු දෙනු කළ මක්කා වැසියන් දෙදෙනෙක් ඔහුගේ ජිවිතය බේරන ලෙස ඔහුට පහර දුන් අයගෙන් ඉල්ලා සිටි නිසා ඔහුගේ ජීවිතය බේරුනා.
යාත්‍රිබ් හි සැලකිය යුතු පිරිසක් ඉස්ලාමය වැළඳ ගත් පසු සහ ඔවුන් මුහම්මද් තුමා ආරක්‍ෂා කිරීමට ප්‍රතිඥා දුන් පසු මුහම්මද් තුමා මක්කා හි මුස්ලිම් වරුන්ට යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වන ලෙස උපදෙස් දුන්නා. මුස්ලිම් වරු යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වන බව සහ යාත්‍රිබ් වැසියන් ගේ "යුධ ප්‍රකාශය" ගැන සලකා බැලූ මක්කා නගරයේ ප්‍රධානීන් තීරණය කළේ මුහම්මද් තුමා මරා දැමිය යුතු බවයි. ඒ ක්‍රි.ව. 622 දී.
සැඟවීම
මක්කා ප්‍රධානීන් ගේ තීරනය පිළිබඳව මුහම්මද් තුමාට විශ්වාසවන්තයෙක් මගින් ආරංචි වුනා. ඔහු තීරනය කළේ තව දුරටත් මක්කාවේ රැඳී සිටීම අනතුරුදායක බවයි. මේ නිසා ඔහුත් යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වීමට තීරණය කළා.
එදින රාත්‍රියේ මක්කා ප්‍රධානීන් සහ ඔවුන් ගේ සහචරයන් පිරිසක් මුහම්මද් තුමාගේ නිවසට පැමිණියේ ඔහු මරා දැමීමේ අරමුනින්. මේ පිළිබඳව කලින්ම අනුමාන කර තිබූ මුහම්මද් තුමා නිවසෙන් පිටත්ව ගොස් සිටියා. ඒ වෙනුවට ඔහුගේ ඇඳේ නිදා සිටියේ අලී ඉබ්න් අබු තාලිබ්. ඝාතක කණ්ඩායම මුහම්මද් තුමාගේ නිවසට ඇතුළු වුනු විට අලී තම කඩුවද රැගන ඔවුන් ඉදිරිපිට සිට ගත්තා.
"මම අලී, අබු තාලිබ් ගේ පුතා. නුඹලාගෙන් කවුරු හෝ මා සමඟ සටන් කරන්න පුළුවන් කියා හිතනවා නම් ඉදිරියට එන්න." අලී ඝාතක කණ්ඩායමට අභියෝග කළා.
අලී ගේ කඩු හරඹ හැකියාව ගැන දැන සිටි ඔවුන් පසුබා සිටියත්, අබු ජහල් ගේ සේවකයෙක් ඉදිරියට පැමිණියා. සුළු මොහොතකින් අලී ඉදිරිපිට වැටී තිබුනේ ඔහුගේ මළ සිරුරයි. තමාගේ ඉලක්කය වැරදී ගිය බව සහ අලී සමඟ සටනට යාම නුවණට හුරු නොවන බව දුටු ඝාතකයන් මුහම්මද් තුමාගේ නිවසින් පිටව ගියා.
මුහම්මද් තුමා පළා ගිය බව දැනගත් මක්කා ප්‍රධානීන් ඔහුගේ හිස ගෙනවිත් දෙන කෙනෙකුට ඔටුවන් 100 ක ත්‍යාගයක් දෙන බව ප්‍රසිද්ධ කළා. මක්කා වැසියන් කණ්ඩායම් වශයෙන් සංවිධානය වී නගරය පුරාම මුහම්මද් තුමා සොයන්න පටන් ගත්තා. නගරයේ රැඳී සිටීම මරුට අත වැනීමක් බව දැනගත් මුහම්මද් තුමා විශ්වාසවන්ත සගයෙක් වූ අබු බකර් සමඟ රහසින් නගරයෙන් පිට වී මක්කා නගරයට දකුණින් පිහිටි "තව්.ර්" නම් කන්දේ ගල්ගුහාවක සැඟවුනා.
තව්.ර් ගුහාව |
මක්කා වැසියන් නගරය පුරා සහ නගරය අවට මුහම්මද් තුමා සෙව්වත් ඔවුන්ට ඔහු සොයා ගන්න පුළුවන් වුනේ නෑ. ඉස්ලාමීය සම්ප්‍රදාය අනුව එක පිරිසක් මුහම්ම්ද් තුමා සැඟවී සිටි ගල්ගුහාව අසලටම ආවත්, ගල්ගුහාව ඇතුළත පරීක්‍ෂා කළේ නෑ. ඒ අල්ලාහ් විසින් ගල් ගුහාවේ කට වැසෙන ලෙස මකුළු දැලක් මවා තිබීම නිසා. ඒ නිසා ඔවුන් ගල්ගුහාව ඇතුලත කිසිවෙක් නැතැයි තීරණය කළා.
පළායාම
මුහම්මද් තුමා සහ අබු බකර් දින හතරක් ගල් ගුහාවේ සැඟවී සිටියා. ඒ මක්කා වැසියන් නගරය අවට සෝදිසි කිරීම නවතන තුරු.
මේ අතර අලීට ඉතාම දුෂ්කර කාර්‍යයක් පැවරී තිබුනා. මක්කා වැසියන් අතර තමාගේ වටිනා බඩු සහ මුදල් වැනි දේ මුහම්මද් තුමා භාරයේ ආරක්‍ෂාවට තාවකාලිකව තැන්පත් කරන පුරුද්දක් තිබුනා. ඒ ඔහු ඉතා අවංක පුද්ගලයෙක් ලෙස සැලකුණු නිසා. මේ බඩු ඒවායේ අයිතිකරුවන් හට බෙදා දීම අලීට භාර වුනා. මේ වන විට මක්කා නගරයේ රැඳී සිටියේ මුස්ලිම් වරු ඉතා සුළු දෙනෙක් පමණයි. බොහෝ දෙනා යාත්‍රිබ් බලා පිතව ගොස් තිබුනා. මේ නිසා අලී සිටියේ ඉතාමත් අවදානම් තත්වයක. නමුත් මේ 22 හැවිරිදි තරුණයා ඉතාම නිර්භීත අයෙක්. ඔහු පොදු වෙළඳපොළ වෙත ගොස් මුහම්ම්ද් තුමා භාරයේ තිබූ බඩු තමා ළඟ ඇති බව ප්‍රසිද්ධ කොට ඒවා අයිතිකරුවන් අතරේ බෙදා දුන්නා.
පස්වන දිනයේ රාත්‍රියේදී මුහම්මද් තුමා සහ අබු බකර් යාත්‍රිබ් බලා පිටත්ව ගියා. මක්කා වැසියන් මක්කා සහ යාත්‍රිබ් අතර ඇති ප්‍රදේශය පුරා රැකවල් යොදා තිබුනත්, ඔවුන් ගෙන් ගැලවී යාමට මුහම්මද් තුමාට හැකි වුනා. ඔවුන් කාන්තාරය හරහා දින හතක් ගමන් කිරීමෙන් පසු යාත්‍රිබ් නගරයට කිලෝ මීටර් 6 ක් නුදුරින් ඇති "ක්වාබා" නම් ගමක් වෙත පැමිණියා.
මේ අතර අලීට තවත් දුෂ්කර සහ අවදානම් කාර්‍යයක් පැවරුනා. ඒ මක්කා නගරයේ රැඳී සිටි මුස්ලිම් කාන්තාවන් හතර දෙනෙක් යාත්‍රිබ් කරා රැගෙන ඒම. මේ කාන්තාවන් අතරට ඔහුගේ මව වූ ෆාතිමා බින්ට් අසාද් සහ මුහම්මද් තුමාගේ දියණිය වූ ෆාතිමා බින්ට් මුහම්මද් අයත් වුනා. ඔහු මේ පිරිසත් සමඟ කාන්තාරය හරහා ගමන් කිරීම ඇරඹුවා. මේ වන විට මුහම්මද් තුමා සොයා ගැනීමට නොහැකිව විතරු වැටී උන් මක්කා වැසියන් අලී සහ පිරිස ලුහුබැඳ ආවා. කාන්තාරය අතර මගදී ඔවුන් අලී සහ පිරිස අල්ලා ගැනීමට සමත් වුනත්, අලී හුදෙකලාවම ඔවුන් සමඟ සටන් කර ඔවුන් පළවා හැරීමට සමත් වුනා. දැඩි ලෙස තුවාල ලබා සිටි අලී දින 14 ක දුෂ්කර ගමනකින් පසු කාන්තාවන් හතර දෙනා නිරුපද්‍රිතව යාත්‍රිබ් කරා ගෙන ආවා.
මුහම්මද් තුමා යාත්‍රිබ් නගරයට ඇතුළු නොවී අලී සහ පිරිස එනතුරු ක්වාබා හි රැඳී සිටියා. ඒ දින 14 ක කාලය තුල ඔහු ක්වාබා හි මස්ජීදයක් (පල්ලියක්) ඉඳි කළා. මේ ඉස්ලාමයේ ඉතිහාසයේ පළමු මස්ජීදයයි. පළමු ජුම්මා (සිකුරාදා) යඥාව පැවැත්වුනේ ක්වාබා මස්ජීදයේ. දින 14 කට පසු අලී සහ පිරිස පැමිණි විට මුහම්මද් තුමා ඔවුනුත් සමඟම යාත්‍රිබ් නගරයට ඇතුළු වුනා.
මක්කා සිට යාත්‍රිබ් බලා ආ මේ ගමන හැඳින්වෙන්නේ "හෙගිරා" නමින්.
මදීනා අන්-නබි
මුහම්මද් තුමා යාත්‍රිබ් නගරයේ පදිංචියට පැමිණි පසු යාත්‍රිබ් හැඳින්වුනේ "දිවැසිවරයා ගේ නගරය" යන අරුත ඇති "මදීනා අන්-නබි" ලෙසින්. පසුව එය කෙටි කර "මදීනා" නමින් හැඳින්වුනා.
මුහම්මද් තුමා මදීනාවට පැමිණි පසු බැනු අව්ස් සහ බැනු කස්.රජ් ගෝත්‍ර වල බොහෝ දෙනා ඉස්ලාමය වැළඳ ගත්තා. ඒ එක්කම එතෙක් ඉතියෝපියාවේ සිටි මුස්ලිම් වරු මදීනාව බලා සංක්‍රමනය වුනා. මේ නිසා මදීනාවේ විශාල මුස්ලිම් සමාජයක් නිර්මානය වුනා.
මේ මුස්ලිම් සමාජය සමන්විත වුනේ කණ්ඩායම් දෙකකින්. මක්කාවේ සහ ඉතියෝපියාවේ සිට මදීනාවට සංක්‍රමනය වුනු මුස්ලිම් වරු හැඳින්වුනේ "මුහජිරුන්" (සංක්‍රමනිකයෝ) නමින්. ඉස්ලාමය වැළඳගත් මදීනා වැසියන් හැඳින්වුනේ "අන්සාරි" (උදව් කළ අය) නමින්.
මුහජිරුන් වරුන් මදීනාවට පැමිණියේ තමා සතු සියළු ධනය මක්කාවේ අතහැර දමලා. මේ නිසා ඔවුන් ආර්ථිකව සිටියේ ඉතා දුෂ්කර තත්වයක. ඒ එක්කම මුහජිරුන් සහ අන්සාරි වරු අයත් වුනේ වෙනස් අරාබි ගෝත්‍ර වලට. මේ නිසා දෙපිරිස අතර සමගිය ඇති කර මුහජිරුන් වරු මදීනා සමාජයට ඉක්මනින් ඇතුළු කර ගැනීම අවශ්‍යය වුනා. මුහම්මද් තුමා ඒ අරමුණෙන් සියළුම මුහජිරුන් වරයෙක්ට අන්සාරි වරු අතරින් සහෝදරයෙක් පත් කළා. එතැන් සිට මුහජිරුන් සොහොයුරා ආර්ථිකව ස්ථාවර වන තුරු ඔවුන් රැක බලා ගැනීම අන්සාරි සොහොයුරාට අයත් වුනා.
මුහම්මද් තුමා පමණක් තම සොහොයුරා තෝරා ගත්තේ මුහජිරුන් වරු අතරින් මයි. ඒ අලී ඉබ්න් අබු තාලිබ්.
මදීනා සම්මුතිය
මදීනා නගරයේ මුහජිරුන්, අන්සාරි මෙන්ම යුදෙව් ගෝත්‍රයන් ද වාසය කළා. මේ විවිධ ජන කොටස් වල සාමකාමී සහජීවනය පවත්වා ගැනීමට නම් සියල්ලන්ම එකඟ වන පොදු සම්මුතියක අවශ්‍යතාවය මුහම්මද් තුමාට වැටහී ගියා. ඒ අනුව ඔහු වගන්ති 47 කින් සමන්විත සම්මුතියක් පිළියෙල කළා. මදීනාවේ සියළුම වැසියන් මේ සම්මුතිය පිළිගැනීමටත්, ඒ අනුව ජීවත් වීමටත් එකඟ වුනා. මේ සම්මුතිය හැඳින්වෙන්නේ "මදීනා සම්මුතිය" නමින්. මෙය ලෝකයේ මුල්ම දේශපාලන ව්‍යවස්ථාවක් විදිහට සැලකෙනවා.
මදීනා සම්මුතියට අයත් ප්‍රධාන කරුණු වෙන්නේ,
1. මුහජිරුන් සහ අන්සාරි වරු ලෝකයේ අනෙකුත් ජනයාගෙන් වෙනස් එකම සමාජයකට (උම්මා) අයත් වන බව.
2. මදීනා හි අරාබි ජාතිකයන් ඔවුන් ගේ පවුල් අනුව වංශයන් 9 කට අයත් වන බව සහ ඒ ඒ වංශය තමාගේ වංශය ඇතුලත ආරවුල් වංශය ඇතුලත සාධාරන අයුරින් විසඳාගත යුතු බව. මෙහිදී මුහජිරුන් වරු එක් වංශයක් ලෙස සලකා ඇති අතර, අන්සාරි වරු වංශ 8 කට බෙදා දක්වනවා.
3. මුස්ලිම් වරු ආර්ථිකව දුෂ්කරතා වලට මුහුණ පා ඇති අනෙක් මුස්ලිම් වරුන්ට උදව් කළ යුතු බව සහ මුස්ලිම් වරයෙක් තවත් මුස්ලිම් වරයෙක් ව පළිගැනීමේ අදහසින් මරා දැමිය නොයුතු බව.
4. මුස්ලිම් වරු යුද්ධයකට එලැඹි ඇති අවස්ථාවකදී මුස්ලිම් වරුන් ගෙන් කොටසක් සතුරා සමඟ වෙනම සමාදානයකට එලැඹිය නොයුතු බව.
5. මුස්ලිම් වරු සමඟ සහයෝගයෙන් කටයුතු කරන යුදෙව්වන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව සහ ඔවුන්ට සමානාත්මතාවයෙන් සැලකිය යුතු බව. ඔවුන් ගේ සතුරන්ට උදව් නොකළ යුතු බව.
6. කණ්ඩායම් දෙකක් අතර ආරවුලක් ඇති වූ විට එහි විසඳුම ලබා දීම මුහම්මද් ගේ වගකීමක් බව.
7. එක්ව යුධ වදින අවස්ථාවකදී යුදෙව්වන් යුද්ධයේ වියදමට දායක විය යුතු බව.
8. මදීනා හි යුදෙව්වන් ඔවුන් ගේ පවුල් අනුව වංශ 10 කට අයත් වන බව සහ මුස්ලිම් වරුන්ට හිමි සියළුම අයිතිවාසිකම් ඔවුන්තත් හිමිවන බව.
9. මදීනා වැසියන්ට එරෙහිව යුද්ධයක් ඇති වූ අවස්ථාවක මුස්ලිම් වරු සහ යුදෙව්වන් සහයෝගයෙන් කටයුතු කල යුතු බව සහ සම්මුතිය බිඳ නොහෙලිය යුතු බව.
මුස්ලිම් වරු මදීනාවට සංක්‍රමනය වීම සහ මදීනාවේ මුස්ලිම් දේශපාලන ඒකකයක් ඇති වීම ඉස්ලාමීය ඉතිහාසයේ ඉතාමත් වැදගත් සිද්ධිය විදිහට සලකන්න පුළුවන්. මෙතෙක් හුදෙක් ආගමක් විදිහට පැවතුනු ඉස්ලාමයට දේශපාලන මුහුණුවරක් ලැබෙන්නේ මෙතැන් සිට. ජන සමාජයක දේශපාලන හැසිරීම කෙසේ විය යුතුද යන්න පළමු වරට ඉස්ලාමයේ අවධානයට ලක් වෙන්නේ මදීනාවේදී.
ඒ වගේම මක්කාවේදී ආගමික කණ්ඩායමක් වුනු මුස්ලිම් වරු මදීනාවේදී ඊට අමතරව දේශපාලන ඒකකයක් බවට පත් වෙනවා. මෙතැන් සිට මුස්ලිම් වරු කටයුතු කරන්නේ අරාබි ගෝත්‍රයක් විදිහට. වෙනත් අරාබි ගෝත්‍ර පවුල් සබඳතා අනුව සංවිධානය වුනත්, මුස්ලිම් වරු සංවිධානය වෙන්නේ ආගමික විශ්වාසය මත.
මේ වෙනස කොයිතරම් වැදගත් එකක් ද කියන එක ඔප්පු වෙන්නේ පසු කාලීනව මුස්ලිම් වරු ඔවුන් ගේ දින දර්ශනය නිර්මානය කිරීමේදී ආරම්භක වර්‍ෂය ලෙස යොදා ගන්නේ හෙගිරාව සිදු වුන වසර නිසා. එමගින් ඔවුන් මුහම්මද් තුමාට දිව්‍යමය පණිවුඩය ලැබීමටත් වඩා වැදගත් කමක් හෙගිරාවට ලබා දී තියෙනවා.
මහත්මයා මම ඔබතුමාගේ ලිපි ඉතා ආශාවෙන් කියවනවා.
ReplyDeleteනමුත් මෙම ලිපියේ පුංචි අඩුපාඩුවක් පෙන්වාදෙන්න සිදුවෙනවා.
හිජ්රා කියන්නේ ඔබ කියන දේ නෙවෙනයි.
හිජ්රා කියන්නේ ඉන්දියාවේ ඉන්න සංක්‍රාන්තික සමාජභාවී අයට කියන නමක්
ඔිට අමතරව කින්නර් අර්වානි කියන නම් වලිනුත් ඔවුන් හඳුන්වනවා.
ඔබ නිවැරදියි. ඉන් දියාවේ සංක්‍රාන්තික ලිංගිකයන්ට හිජ්.රා කියල තමයි කියන්නෙ. අරාබි බසින් මෙදීනාවට සංක්‍රමනය වීම හඳුන්වන්නේ හෙගිරා කියලා. නමුත් සමහර තැන්වල හිජ්.රා කියලත් යෙදෙනවා. වරද පෙන්වා දීම ගැන ස්තූතියි. නිවැරදි කරන්නම්.
ReplyDeleteමම හිතුවේ මකයි කියලා
Deleteතම්බියගේ හුලිජ්ජා බොන පොන්සියා පුදුමයි කොමෙන්ට් එක අයින් කරේ නැතිවා. ඕකා අමු හීන මානෙන් ජීවත් වෙන බැල්ලිගෙ පුතෙක්. තම්බි ගූ දානකොට සසර සැරිසරන පාදඩයා එව්වා දිවෙන් ලෙව කනවා කියනවනි.
Delete