හයිකු යනු ජපන් පද්‍යය සම්ප්‍රදායකි. එය ඊටම සුවිශේෂී වූ නීති රීති කීපයකින් හයිකු කවි නිර්වචනය වී තිබේ.
හයිකුවක ප්‍රධාන ලක්‍ෂනය වන්නේ එහි කෙටි බවයි. හයිකුවක් වචන කීපයකට සීමා වේ.
හයිකු කවියේ ඉතිහාසය.
කවි ගණනාවකින් සමන්විත ජපන් කවි පන්තියක් හැඳින්වෙන්නේ "රෙංගා" හෝ "රෙංකු" යන නමිනි. රෙංකු කවි පන්තියක පළමු කවිය හැඳින්වුනේ "හොක්කු" යන නමිනි. "හොක්කු" යන ජපන් වචනයේ තේරුම "පළමු කවිය" යනුයි. හයිකුවේ අද ඇති නීති රීති බොහොමයක් හොක්කු කවියට ද අදාල විය.දහ හත්වන සියවසේ ජපන් කවියෝ හොක්කු කවි, කවි පන්තියක පළමු කවිය වෙනුවට තනි නිර්මාන වශයෙන් යොදා ගැනීමට පටන් ගත්හ.
මේ තනි හොක්කු හැඳින්වුනේ "හයිකු" නමිනි.
හයිකු බිහි කිරීමේ පුරෝගාමී මෙහෙයක් ඉටු කළේ "මත්සුවෝ බාෂෝ" විසිනි. ඔහු සාමාන්‍යයෙන් හයිකු කවියේ පියා සහ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම හයිකු කවියා ලෙස සැලකේ.
මත්සුවෝ බාෂෝ |
හයිකුවක නීති - රීති
හයිකුවක ප්‍රධාන නීති තුනකි.
1. කිරෙජි (කැපුම් පදය)
හයිකු කවියක වැදගත්ම නීතිය මෙයයි. හයිකු කවියක් සැමවිටම අදහස් (හෝ රූප) දෙකකින් සමන්විත වේ. මේ අදහස් දෙක වෙන් කිරීමට "කිරෙජි" නමින් හඳුන්වන කෙටි වචනයක් යොදා ගැනේ. හයිකුවේ ආකෘතිය සහ එහි ශබ්ධ රසය රඳා පවතින්නේ කිරෙජි මතය.
2. ඔන් (මාත්‍රා)
හයිකුවක් සැම විටම පද තුනකින් සමන්විතය. මේ පද තුනේ මාත්‍රා ගණන 5-7-5 ලෙස තිබිය යුතුය.
3. කිගෝ (සෘතු වදන)
හයිකුවේ පාදක සිද්ධිය ඇති වන සෘතුව ඇඟවීම සඳහා වචනයක් හයිකුවේ අන්තර්ගත විය යුතුය. මේ වචනය කිගෝ ලෙස හැඳින්වේ. හයිකු වල යෙදීම සඳහා භාවිතා කරන කිගෝ වචන අඩංගු ලැයිස්තුවක් ජපන් කවියන් භාවිතා කරන අතර එය "සයිජිකි" ලෙස හැඳින්වේ.
මේ නීති අකුරටම පිළිපදින හයිකු "තෙයිකෙයි" හෙවත් "ස්ථාපිත ආර" හයිකු ලෙසත්, අවශ්‍යය ආකාරයට නීති වෙනස් කොට භාවිතා කරන හයිකු "ජියුරිත්සු" හෙවත් "නිදහස් ආර" හයිකු ලෙසත් හැඳින්වේ.
"හයිකු මොහොත"
ස්ථාපිත ආර වුවත්, නිදහස් ආර වුවත් හයිකුවක අනිවාර්‍යයෙන් තිබිය යුතු ලක්‍ෂනය වන්නේ "හයිකු මොහොත" යි.
හයිකුවකට පාදක වන්නේ යම් කිසි එක මොහොතක හෙවත් ක්‍ෂනයක සිදුවන සිදුවීමක් සහ ඒ අනුව ඇතිවන චිත්ත සංඥාවකි. හයිකුවක යටි පෙළක්, සැඟවුනු අරුතක්, සමාජයට දෙන පණිවිඩයක් හෝ උත්ප්‍රාසයක් නැත. යම්කිසි සිදුවීමක් දකින කවියා ඒ අනුව ඇතිවන චිත්ත සංඥාව කවියට නගයි.
හයිකුවේ විශිෂ්ඨත්වය ඇත්තේ හයිකු මොහොතේය.
එක් මොහොතක සිදුවන සිදුවීමක් අරමුණු කරන හයිකු සෙන් බෞද්ධ සම්‍ප්‍රදායේ බිහි වූවකි. හැම විටම එක මොහොතක් කෙරෙහි සිත අරමුණු කරවීමට පොළඹවන හයිකුව භාවනාවකි.
මත්සුවෝ බාෂෝ ගේ "පැරණි පොකුණ"
මත්සුවෝ බාෂෝ විසින් රචිත "පැරණි පොකුණ" නම් හයිකුව මේ නීති රීති සියල්ලම අකුරටම පිළිපදින ලද විශිෂ්ඨ හයිකුවකි. හයිකු පිළිබඳ ඉගෙන ගැනීමට අධ්‍යයනය කිරීමට කදිම හයිකුවකි, පැරණි පොකුණ.
අත් අකුරු බාෂෝ ගේ ය |
ෆුරුයිකෙ යා
කවාසු තොබිකොමු
මිසු නො ඔතෝ
පැරණි පොකුන;
ගෙඹි පිනුමක්
වතුරේ හඬ
Old pond;
A frog jumps in
Sound of water
සිතේ මවා ගන්න, පැරණි, පෙඳ පාසි ගැවසුනු නිසල පොකුණක්. දැන් එක විටම ගෙම්බෙක් පොකුණට පනී. ජලය කැළඹී හඬක් නිකුත් කරයි.
එපමනකි. ඊට වඩා දෙයක් හයිකුවේ නැත.
සහෝ., මේ ලිපිය කවිය සම්බන්ධව කෙරෙන වත්පොත් සමූහයක ඔබේ කතු අයිතිය ඇතිව පල කිරීමට උපුටා ගැනීමට අවසරද.?
ReplyDeleteකිසිම ප්‍රශ්නයක් නැත. පාදඩ අසපුවෙන් උපුටා ගත්තා කියල දාන්න.
ReplyDeleteකතු අයිතිය සහිතව, ලින්කුවද සමග මුහුණුපොතේ පල කරන්නෙමි. අවසර
Deleteඒකෙ ලින්ක් එක මෙතන පෝස්ට් කරන්න
ReplyDeletehttps://m.facebook.com/groups/2025702917711497/permalink/2956945204587259/
ReplyDeleteඔබේ සටහන පිටපත් කර කොමෙන්ටුවක් ලෙස යොදාගතිමි,ඉහත ලින්කුවෙන් ගොස් නිකා,නමින් ඇති කොමෙන්ටුව තුල ඇත,බෙහෙවින්ම ස්තුතියි ,ඔබේ සටහන තව බොහෝ දෙනෙකුගේ දැණුම පිණිස යෙදෙනුඇත,හෘදයාංගම තුතිය ..
ස්තූතියි ඔබට. මෙවැනි තවත් ලිපි අපට ලබාදෙන්න.
ReplyDeleteමටත් මෙම ලිපිය වැදගත්,අනන්‍යතාවය සුරකිමින් ලබා ගන්නද?
ReplyDeleteඔබේ ලිපියෙන් තොරතුරු අරගෙන අපි ලියන පොතට දාන්න අවසරද?
ReplyDeleteමම මේ දැන් 11.00/23-04/xii share කලා.
ReplyDeleteඉදිරි කොටස්ද කියවමි. මූලික කාරණා ග්‍රහණය කරගත්තා.
බෙහෙවින්ම ස්තූතියි.
සොයන පොත
නෙත ඉදිරිපිට
කියැවීමට
මංදී
හයිකු කවියක 5-7-5 වන්නේ පද ද? පද පේළි ද? එතන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
ReplyDeleteමාත්‍රා 5
මාත්‍රා 7
මාත්‍රා 5
ද?