Saturday, April 28, 2018

කනමරා මත්සුරි - ජපන් ශිෂ්නෝත්සවය​


"කනමරා මත්සුරි" කියන්නෙ ජපානයේ කවසාකි නගරයේ පැවැත්වෙන උත්සවයක්. මේ උත්සවය පැවැත්වෙන්නේ හැම අවුරුද්දෙම අප්‍රේල් මාසෙ පළවෙනි ඉරිදා දවසේ. උත්සවයේ තේමාව වෙන්නෙ ශිෂ්ණයන්.

මේ උත්සවයේ ඡායාරූප අපි හැමෝම දැකල තියෙනවා. වීදි දිගේ ඇදගෙන යන යෝධ ශිෂ්ණයන්, ශිෂ්ණයන් ගේ හැඩය ගත්ත අයිස් පලම් අතින් ගත්ත ගෑණු ළමයි, ලී ශිෂ්ණයන් උඩ නැගපු කාන්තාවන් මේ උත්සවයේ දකින්න පුළුවන් දසුන්. බොහෝ විට මේ උත්සවය විස්තර කෙරෙන්නෙ ජපානයේ තවත් එක් "අමුතු" ආතල් එකක් විදිහට​.

ඒත් ඇත්තෙන්ම මේ උත්සවයේ පසුබිම අවුරුදු සිය ගාණක් පැරණි ජනකතාවක් සහ ෂින්ටෝ ආගමික​ සම්ප්‍රදායක් එක්ක බැඳිල තියෙනවා.

 

ජනකතාව​


බොහොම ඉස්සර කාලයේ ජපානයේ ඉතාම ලස්සන තරුණ ගෑණු ළමයෙක් වාසය කලා. අවාසනාවට මේ ගෑණු ළමයට උල් දත් වලින් පිරුන කටක් සහිත අවලස්සන අමනුෂ්‍යයෙක් ගෙ බැල්ම වැටුනා. මේ අමනුෂ්‍යයා ගෑණු ළමයා එක්ක පෙමින් බැඳුනත්, ගෑණු ළමයා අමනුෂ්‍යයා ව පිළිකෙව් කරා.

ඒ නිසා ඒකට පළිගැනීමක් වශයෙන් අමනුෂ්‍යයා කරේ මොකද්ද​? ගෑණු ළමය ගෙ යෝනි මාර්ගයට ඇතුල් වෙලා ඒක ඇතුලෙ බින්න බැසීම​.

ගෑණු ළමයා තරුණයෙක් එක්ක විවාහ වුනා. මංගල රාත්‍රියේ දී ඔවුන් සංසර්ගයේ යෙදෙන්නෙ සැරසිලා තරුණයා තමාගෙ ශිෂ්ණය ගෑණු ළමයගෙ යෝනියට ඇතුල් කලා. ඒත් යෝනිය ඇතුලෙ හිටපු අමනුෂ්‍යයා තරුණයා ගෙ ශිෂ්ණය වෙන් වෙලා යන පරිදි හපා කෑවා.






ගෑණු ළමය ගෙ අත පතාගෙන ආව ඊළඟ මනමාලයටත් අත් වුනේ ඒ ඉරණම මයි.

අමනුෂ්‍යයා ගෙන් මිදෙන්න උපායක් කල්පනා කළ තරුණිය ගමේ කම්මල් කාරයා හමුවෙන්න ගිහින් ඔහුට කියලා ඉස්තරම්ම වානේ වලින් ශිෂ්ණයක් හදා ගත්තා.

ඊට පස්සෙ ඇය මේ වානේ ශිෂ්ණය තමාගේ යෝනියට ඇතුල් කලා.

අමනුෂ්‍යයා සුපුරුදු පරිදි ශිෂ්ණය හපා කෑවා. ඒත් සිද්ධ වුනේ අමනුෂ්‍යයාගේ දත් කැඩිල යන එක​. දත් ටික අහිමි වුන අමනුෂ්‍යයා ගෑණු ළමයා අතහැරල පැනලා ගියා.

ගෑණු ළමයා නැවතත් විවාහ වෙලා දීර්ඝ කාලයක් සතුටින් ජීවත් වුනා.



උත්සවයේ පසුබිම​



මේ ජනකතාවෙන් ව්‍යංගයෙන් කියැවෙන්නෙ මොකද්ද​? ලිංගිකව බෝවෙන රෝගයක් වැළඳුන තරුණියක් සහ ඇය එම රෝගයෙන් මිදෙන හැටි ගැන​.

කවසාකි නගරය පිහිටලා තියෙන්නෙ පැරණි ජපානයේ ප්‍රධාන නගර දෙක වුන කියෝතෝ සහ එදෝ (වර්තමාන තෝකියෝ) නගර අතර මාර්ගයේ. මේ නගර දෙක අතර ගමන් කළ මගියන් රාත්‍රියට නවාතැන් ගත්ත නැවතුම් පොළක් වුනේ කවසාකි නගරය​.

ඒ නිසා කවසාකි නගරය අතීතයේ ඉඳල ගණිකාවන් සඳහා ප්‍රසිද්ධ නගරයක් වුනා.

කවසාකි නගරයේ පිහිටල තියෙන ප්‍රධානම ෂින්ටෝ දේව් මැදුරක් වුනේ "වකමියා හචිමංගු" දෙව් මැදුර​. මේ දෙව් මැදුර දේවාල ගණනාවකින් සමන්විත විශාල දෙව් මැදුරක්.


 වකමියා හචිමංගු දෙව් මැදුරේ පිහිටල තියෙන එක දේවාලයක් වන "කනයාමා" දේවොල​ වෙන් කෙරුනේ "කනයාමාහිකෝ" සහ "කනයමාෂිමෙ" කියන භූතාත්ම දෙක වෙනුවෙන්. ෂින්ටෝ ආගමේ එන මේ භූතාත්ම හැඳින්වෙන්නේ "කමි" කියලා. කනයමාහිකෝ සහ කනයමාෂිමෙ යකඩ කර්මාන්තය සහ පතල් කර්මාන්තය සම්බන්ධ භූතාත්ම​.

කවසාකි නගරයේ ගණිකාවන් ලිංගිකව බෝවෙන රෝග වලින් ආරක්‍ෂාව පතා කමි භූතාත්ම වලට කන්නලව් කරන්න ආවම අර ජනකතාව අනුව ඔවුන් තෝරාගත්තේ කම්මල් කරුවන්ට සම්බන්ධ කනයාමා දෙවොල​. ජනකතාවේ කම්මල් කරුවා තරුණිය බේරාගත් විදිහට කම්මල් කරුවන්ට  සම්බන්ධ කමි භූතාත්ම තමාව ලිංගිකව බෝවෙන රෝග වලින් ආරක්‍ෂා කරයි කියල ඔවුන් බලාපොරොත්තු වුනා.

මේ සිරිත පටන් අරන් තියෙන්නෙ 17 වෙනි සියවසේ මුල් භාගයේදී. අවුරුදු සිය ගානක් පුරාවට කවසාකි නගරයේ ගණිකාවන් කනයාමා දෙවොලේ තමාගේ ආරක්‍ෂාව පතා භූතාත්ම වලට කන්නලව් කලා. ඔවුන් විශාල ශිෂ්ණයක වානේ අනුරුවක් දෙවොලේ පිහිටෙව්වා.


ක්‍රමයෙන් මේ සම්ප්‍රදායට ලිංගික සරු බව සහ කරදරයකින් තොරව දරු උපත් ලබා දීමත් එකතු වුනා. ගණිකාවන් නොවන කාන්තාවනුත් කනයාමා දෙවොලට එන්න පටන් ගත්තා. මේ කාන්තාවන් වෙනුවෙන් දෙවොලේ උත්සවයක් ආරම්භ කෙරුනා.

නමුත් 19 වෙනි සියවසේ අග භාගයේ දී ජපානයේ නවීකරණය වීමේ වැඩසටහනත් එක්ක මේ සම්ප්‍රදාය අභාවයට ගියා.



වර්තමාන උත්සවය



නැවතත් මේ සම්‍ප්‍රදාය ආරම්භ වෙන්නෙ 1969 දී. කනයාමා දෙවොලේ ප්‍රධාන කපු තැන වුන හිරොහිකෝ නකමුරා නැවතත් මේ උත්සවය පටන් අරන් තියෙනවා. ඒ රාත්‍රී කාලයේ තරමක් රහසිගතව පැවැත්වුන උත්සවයක් විදිහට​. මුල් කාලීන උත්සව වලට සහභාගී වෙලා තියෙන්නෙ විස්සක පමණ කුඩා පිරිසක්. ඒ අයගෙන් බහුතරය ගණිකාවන්.

නමුත් ක්‍රමයෙන් මේ උත්සවය වර්ධනය වෙලා අද ඒක 50,000 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් දිවා කාලයේදී ප්‍රසිද්ධියේ කෙරෙන දැවැන්ත සැනකෙලියක් බවට පත් වෙලා තියෙනවා. මේ උත්සවය කවසාකි නගරයට විශාල ආදායමක් ගෙන එන මාර්ගයක් බවටත් පත් වෙලා තියෙනවා.

"කනමරා මත්සුරි" කියන එකේ තේරුම "වානේ ශිෂ්ණයේ උත්සවය​" කියන එක​.

මේ උත්සවයේ ප්‍රධාන අංගය වෙන්නෙ විශාල ශිෂ්ණ අනුරූ තුනක් නගරයේ වීදි පුරා පෙරහැරින් ගෙන යාම​. මේවා "මිකෝෂි" නමින් හැඳින්වෙන දෝලා මත තියලා බැතිමතුන් විසින් නගරය පුරා ඔසවාගෙන යනවා.

පළවෙනි අනුරුව කළු පාට වානේ වලින් කළ අඩි හතරක් පමණ උස අනුරුවක්. උත්සවයේ ප්‍රධාන සහ වඩාත්ම පූජනීය අංගය මේක​.



දෙවැන්න අඩි දෙකක් පමණ උස ලීයෙන් කල අනුරුවක්. මේක ඉතාම පැරණි එකක්.



තුන්වැන්න තමයි වඩාත්ම ප්‍රසිද්ධ​. මේක අඩි හයක් පමණ උස රෝස පාට විශාල අනුරුවක්. තෝකියෝ නගරයේ "එළිසබෙත් කයිකන්" නම් සංක්‍රාන්ති ලිංගිකයන් ගේ සමාජ ශාලාවක් තමයි මේ අනුරුව පරිත්‍යාග කරල තියෙන්නෙ. එය හැඳින්වෙන්නේ "එළිසබෙත්" යන සුරතල් නාමයෙන්. මේ අනුරුව ඔසවාගෙන යන්නේ එළිසබෙත් කයිකන් සමාජ ශාලාවේ සාමාජිකයන් විසින්..


මීට අමතරව තවත් අංග රාශියක් උත්සවයට ඇතුලත් වෙනවා.

ප්‍රධානම අංගය වෙන්නෙ ශිෂ්ණයන් ගේ හැඩයට තැනූ කෑම​. විශේෂයෙන්ම ශිෂ්ණයන් ගේ හැඩයට තැනූ අයිස් පලම්, ලොලිපොප් සහ ලොසින්ජර අතැතිව ඒවා උරමින් උත්සවය නරඹන තරුණියන් සුලබ දසුනක්.




තරුණියන් ලීයෙන් තැනූ විශාල ශිෂ්ණයන් මත නැගී ඡායාරූප ගැනීමත් ජනප්‍රිය අංගයක්.


 ශිෂ්ණයන් ගේ හැඩයට තැනූ ඉටිපන්දමුත් දකින්න පුළුවන්.


ඊට අමතරව ශිෂ්ණයන් ගේ හැඩයට කපන ලද එළවළු,



සහ "ශිෂ්ණ වෙස්මුහුණු" ත් දකින්න පුළුවන්.


මේවා ඉතා අධික මිලෙන් යුක්තයි. කවසාකි නගරයට මේ උත්සවය හොඳ ආදායම් මාර්ගයක්.


මේ උත්සවයේ දී ආරක්‍ෂිත ලිංගික උපක්‍රම සහ ලිංගිකව බෝවෙන රෝග පිළිබඳව දැනුවත් කිරීමක් කෙරෙනවා. ඒ වගේම උත්සවයේ ආදායමෙන් කොටසක් ඒඩ්ස් රෝගයට එරෙහිව කෙරෙන පර්‍යේෂන කටයුතු සඳහා පරිත්‍යාග කරනවා.

ඒ වගේම විශේෂයෙන්ම මෑත කාලයේදී මේ උත්සවය ලිංගික සමානාත්මතාවය සඳහා වේදිකාවක් වෙලා තියෙනවා. සාමාන්‍යෙයෙන් දැඩි ලෙස සාම්ප්‍රදායික ජපන් සමාජයේ සමලිංගිකත්වය සහ සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා ඒතරම් පිළිගැනීමක් නැතත්, මේ උත්සවයේදී ඔවුන් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනවා. මෙය ඔවුන්ට තමාගේ ලිංගිකත්වය ප්‍රදර්ශයන කිරීමේ වේදිකාවක්.

උත්සවය සඳහා වාර්‍ෂිකව සහභාගී වෙන 50,000 ක පමණ පිරිසෙන් වැඩි පිරිස විදේශීය සංචාරකයන් කියලයි කියැවෙන්නේ. ඔවුන්ට නම් මේක තවත් විනෝදාත්මක සැනකෙළියක්.

ඒත් සරළ විනෝදයට එහා ගිය යමක් සහ අවුරුදු සිය ගානක් පැරණි සම්ප්‍රදායක් මේ උත්සවය පිටුපස තියෙනවා.

Thursday, April 19, 2018

ජාතිකවාදී අපේක්‍ෂකයෙක්ට ජය ගත හැකිද​


ලංකාවේ ඡන්ද දායකයන් සංඛ්‍යාව ජන වර්ග අනුව බෙදපු දත්ත කොහෙවත් නෑ. ඒ නිසා උපකල්පනයක් කරනවා ඒ අනුපාතයන් ලංකාවේ සමස්ත ජනවාර්ගික අනුපාත වලට සමානයි කියල​.

ලංකාවෙ ජනවාර්ගික අනුපාතයන් තියෙන්නෙ මේ වගේ




අපි හිතමු දෙමළ සහ මුස්ලිම් ඡන්ද එකක් වත් ජාතිකවාදී අපේක්‍ෂකයට වැටෙන්නෙ නෑ කියල​.

සිංහල ක්‍රිස්තියානි ඡන්ද බහුතරයක් සාම්ප්‍රදායිකව වැටෙන්නෙ යූඑන්පියට​. නමුත් මෑත කාලීනව මේ තත්වයේ යම්කිසි වෙනසක් තියෙනවා. අපි හිතමු සිංහල ක්‍රිස්තියානි ඡන්ද වලින් 1.8% ක් ජාතිකවාදී අපේක්‍ෂකට වැටුන කියල​.

එතකොට ජාතිකවාදී අපේක්‍ෂකයට දිනන්න තවත් ඡන්ද 48.2% ක් අවශ්‍යය වෙනවා. මේ සියල්ලම ගන්න වෙන්නෙ සිංහල​-බෞද්ධ ගොඩෙන්.

ඒ කියන්නෙ සමස්තයෙන් 48.2% ක්. එතකොට ඒක සිංහල​-බෞද්ධ ඡන්ද වලින් නම් 68.8% ක්. ඒ කියන්නෙ සිංහල බෞද්ධ ඡන්ද දායකයන් ගෙන් 68.8% ක් ජාතිකවාදී අපේක්‍ෂකයට ඡන්දෙ දෙන්න ඕනෙ.

හැබැයි වැඩේ මෙච්චර සරළ නෑ. අපි මෙතනදි උපකල්පනයක් කරා හැම දිස්ත්‍රික්කයකම ඡන්දය දීමේ අනුපාතය සමානයි කියල​. නමුත් ඒක එහෙම නෙවෙයි. 2015 ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ දී පැහැදිලිවම පේනවා උතුරු නැගෙනහිර පළාත් වල ඡන්දය පාවිච්චි කිරීමේ අනුපාතය රටේ අනෙකුත් පළාත් වලට වඩා පැහැදිලිවම අඩු බව​.


මේ නිසා අපිට පේනවා ඇත්තෙන්ම සුළු ජාතික ඡන්ද වල බර ඔවුන් ගේ ජන අනුපාතයේ බරට වඩා අඩු බව​.

ඒ එක්කම සිංහලයන් අධිකව ඉන්න දකුණු උතුරුමැද සබරගමුව පළාත් වල ඡන්දය පාවිච්චි කිරීම රටේ සමස්තයට වඩා පැහැදිලිවම වැඩියි.

මේ නිසා අපි ගමු සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන් ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය 83% කුත් සුළු ජාතිකයන් ගේ 70% කුත් කියලා.

එතකොට අපේ ඡන්ද දායක අනුපාතයන් ලැබෙන්නෙ මේ විදිහට​.


දැන් අපි ආයෙත් ගණනය කිරීම කරොත්, අපි හිතනවා සිංහල ක්‍රිස්තියානි ඡන්ද 1.5% ක් ජාතිකවාදී අපේක්‍ෂකයට ලැබෙනවා කියල​. එතකොට ඔහු ඉතිරිය වන 48.5% සිංහල බෞද්ධ ඡන්ද වලින් ගන්න ඕනෙ.

ඒ කියන්නෙ සිංහල බෞද්ධ ඡන්ද වලින් 66% ක්.

මේක කරන්න පුළුවන් ද​?

2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහත්තය 90% ට වඩා සිංහල බෞද්ධ ජනගහණයක් තියෙන දිස්ත්‍රික්ක වල ගත්ත ඡන්ද ප්‍රතිශත සලකල බලමු.

ගම්පහ - 61.66%
ගාල්ල - 63.69%
මාතර - 65.53%
හම්බන්තොට - 67.21%
කුරුණෑගල - 63.08%
අනුරාධපුර - 66.32%
පොළොන්නරුව - 64.92%
මොණරාගල - 69.01%

වැඩේ හිතන තරම් අමාරු නෑ කියල පැහැදිලියි.

මේ ගණනය කිරීම කරේ ඉතාම නරක තත්වය සලකා බලලා. ඒ කියන්නෙ දෙමළ මුස්ලිම් ඡන්ද 0 යි කියල හිතල​. නමුත් ඒක එහෙම වෙන්නෙ නෑ කියල පැහැදිලියි නෙ.

ඒ වගේම 2015 දී දෙමළ සහ විශේෂයෙන්ම මුස්ලිම් ඡන්ද දායකයන් අතර ඡන්දය දෙන්න විශාල උනන් දුවක් තිබ්බා. නමුත් ඉදිරි මැතිවරණයකදී ඒක එහෙමම වෙයි කියල හිතන්න බෑ.

තෙල්දෙණිය සිදුවීමේදී ආණ්ඩුවේ ඇල්මැරුණු ක්‍රියා කලාපය සහ ආර්ථිකයේ අඩාල වීම නිසා වෙළඳාම් පාඩූ වීම නිසා මුස්ලිම් ඡන්ද දායකයා මේ රජයට දක්වන සහයෝගය අඩු වෙයි කියල හිතන්න පුළුවන්. ඒ වගේම බොදුබල සේනාව සහ ජාතිකවාදී කඳවුර ඈත් වීම නිසා මුස්ලිම් ඡන්ද දායකයා තුල තිබ්බ ජාතිකවාදී විරෝධයත් අඩු වෙලා කියල හිතන්න පුළුවන්.

මේ රජය ඉදිරි අවුරුදු 2 ඇතුලත ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න අපොහොසත් වුනොත් ඔවුන්ට තමාගේ ජනාධිපති අපේක්‍ෂකයව උතුරේ දෙමළ ජනතාව ඉදිරියේ මාකට් කිරීම අපහසු දෙයක් වෙන්න පුළුවන්.

මේ සියළු තත්වයන් සලකා බැලුවම 2020 දී ජාතිකවාදී අපේක්‍ෂකයෙක් ගෙ ජය ගැනීමේ ඉඩ ප්‍රස්ථාව සැලකිය යුතු තරම් විශාලයි කියල පැහැදිලියි.

Friday, April 13, 2018

නොහිතන කතා


අපි සමහර වෙලාවට ඔළුවට දාගෙන ඉන්න දේවල් ඇත්තටම වැරදියි. ඒ වගේම අපි හීනෙකින් වත් නොහිතන දේවල් ඇත්තටම බැලුවම සත්‍යය​.

මේ ඒ වගේ නොහිතන කතා.

1. ධර්මිෂ්ට​ එළාර රජතුමා



සාමාන්‍යයෙන් ජනප්‍රිය මතයක් තමයි මහාවංශයේ එළාර රජතුමා ධාර්මික රජ කෙනෙක් බව සඳහන් වන බව​. නමුත් මහාවංශයේ කොතැනකවත් එහෙම සඳහන් වෙන්නෙ නෑ. ඔහු නීතිය අකුරට ක්‍රියාත්මක කළ රජ කෙනෙක් බව නම් සඳහන්.


2. මාලදිවයින ලංකාවේ යටත් විජිතයක් ද​? ​



ඒ වගේම තවත් සමහර වෙලාවට කියැවෙන කතාවක් තමයි අතීතයේදී මාලදිවයින ලංකාවට අයත් ව තිබුනු ප්‍රදේශයක් බවත්, ඔවුන් 1965 වෙනකං ලංකාවට කප්පම් ගෙවූ බවත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඔවුන්ට නිදහස දුන් බවත්.

මාලදිවයින මීට අවුරුදු 2000 කට විතර කලින් ලංකාවෙන් ගිය සිංහල ජනතාව මගින් ජනාවාස වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් ක්‍රි.ව​. 1100 පමණ වෙනතුරු බෞද්ධයන්. නමුත් ඒ රටේ තිබිල තියෙන්නෙ ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායන නෙවෙයි - වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදාය​.

නමුත් කිසිම දවසක මාලදිවයින ලංකාවට අයිති වෙලා තිබිල නෑ.

මේ කතාවෙ මුල 1887 දී මාලදිවයින බ්‍රිතාන්‍යයේ ආරක්‍ෂිත ප්‍රදේශයක් වීම​. ඊට පස්සෙ ඔවුන් පාලනය වෙලා තියෙන්නෙ ලංකාවේ හිටපු බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයා යටතේ. ඒ සඳහා වාර්‍ෂික සංකේතාත්මක කප්පම් ගෙවීමක් කරල තියෙනවා. මේ සම්ප්‍රදාය ලංකාව නිදහස ලැබූ පසුත් දිගටම කරගෙන ගිහින් තියෙනවා. ඒත් 1965 දී මාලදිවයින ජනරජයක් වුනාට පස්සෙ ඒක නවත්තල තියෙනවා.


3. ජපානයේ නිරාගමිකයන්



බොහෝ දෙනා විශ්වාස කරන්නේ ජපානය නිරාගමිකයන් ගෙන් පිරි රටක් කියල​. ඒත් මේකත් අමු බොරුවක්.

මේ වැරදි විශ්වාසයට හේතු වෙලා තියෙන්නෙ ජපානයේ ප්‍රධාන ආගම වෙන ෂින්ටෝ ආගම "සංවිධානාත්මක ආගමක්" විදිහට ගැනෙන්නෙ නැති එක​. ඒකට හේතුව ෂින්ටෝ ආගමේ පූජකයන් නොමැති වීම​. ෂින්ටෝ ආගම අපේ දේව ඇදහිල්ල වගේ එකක්. ෂින්ටෝ දේවාල වල අපේ කපු මහත්තුරු වගේ දේවාල බලාගන්න පිරිසක් ඉන්නවා. නමුත් ඒ අය රාජකාරියක් කරන පිරිසක් මිස ආගමික පූජකයන් නෙවෙයි. ඒ නිසා ෂින්ටෝ ආගම සංවිධානාත්මක ආගමක් කියල සැලකෙන්නෙ නෑ.

මේ හේතුව නිසා සමහර සංගනණ වල ෂින්ටෝ ආගම අදහන පිරිස "ආගම් නොඅදහන​" කියල වර්ගීකරනය කෙරෙනවා. නමුත් ඒක නොමග යවන සුළුයි.

ජපානයේ ආගම් ඇදහීම මේ වගේ.

ෂින්ටෝ - 55%
බෞද්ධ සහ ෂින්ටෝ - 26%
බෞද්ධ - 10%
ක්‍රිස්තියානි - 2%
ආගම් නොඅදහන - 7%


4. ඉස්ලාමය සහ නිකාබය​




බොහෝ දෙනා විශ්වාස කරන පරිදි කුරානයේ මුස්ලිම් කාන්තාවන්ට මුහුණ වසාගැනීමට අනිවාර්‍යය කරල තියෙනවා.

ඇත්තෙන්ම කුරානයේ කිසිම තැනක මෙහෙම නීතියක් පනවලා නෑ. කුරානයේ සඳහන් වෙන එකම නීතිය කාන්තාවන් ගේ හිස සහ පපුව වසා ගැනීමට පමණයි. ඊට අමතරව පිරිමින් ගේ අවධානය ඇද ගැනීමේ අරමුනෙන් ඇඳුම් අඳින්න එපා කියලත් කියැවෙනවා.

මුහුණ වසා ගැනීමේ සම්ප්‍රදාය එන්නෙ ඉස්ලාමයේ තියෙන "සුන්නා" සංකල්පය හරහා. සුන්නා කියන්නෙ මුස්ලිම් පිරිමියෙක් නම් නබි තුමා සහ මුස්ලිම් කාන්තාවක් නම් නබි තුමාගේ බිරියන් තම ජීවිතයට ආදර්ශයක් කර ගැනීම​. එහිදී නබි තුමා සහ ඔවුන් ගේ බිරියන් එදිනෙදා ජීවිතයේ හැසිරුනු ආකාරය ආදර්ශයට ගැනීම කෙරෙනවා. මුස්ලිම් පිරිමි බොහෝ දෙනෙක් රැවුල වවන ක්‍රමය (උඩු රැවුල නොමැතිව යටි රැවුල පමණක්) මේකට උදාහරණයක්.

නබි තුමා තම බිරියන්ට ඔවුන් වෙනත් කාන්තාවන්ට වඩා ශීලයෙන් උසස් බව ඇඟවීමට ප්‍රසිද්ධ ස්ථාන වලදී මුහුණ වසා ගැනීමට උපදෙස් දුන්නා. අද මුස්ලිම් කාන්තාවන් සමහර දෙනා අනුගමනය කරන්නේ ඒ සුන්නාව​.


5. අරාබි ජාතික​යන් සහ මුස්ලිම් වරු




සියළු මුස්ලිම් වරු අරාබි ජාතිකයන් නෙවෙයි. ඒක හැමෝම දන්න දෙයක්. ඒත් බොහෝ දෙනා නොදන්න දෙය නම් අරාබි ජාතිකයන් කියන්නෙ ලෝක මුස්ලිම් ජනගහණයෙන් සුළුතරයක් බව​. ඇත්තෙන්ම ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහණයක් සහිත රටවල් පහම අරාබි නොවන රටවල්.

ඉන්දුනීසියාව - මිලියන 227
පාකිස්ථානය - මිලියන 204
ඉන්දියාව - මිලියන 189
බංගලාදේශය  - මිලියන 149
නයිජීරියාව - මිලියන 95

වැඩිම මුස්ලිම් ජනගහණයක් සහිත අරාබි රට ඊජිප්තුව​. ඒ මිලියන 87 ක්.


6. උතුරු කොරියාවේ සාගතය​



අපට ජාත්‍යන්තර පුවත් ආයතන වලින් නිතර කියන්නෙ උතුරු කොරියාව සාගතයෙන් පීඩා විඳින රටක් කියල​.

උතුරු කොරියාවේ 1993-98 සමයේ දරුණු සාගතයක් තිබුනා. ඒකෙන් විශාල මරණ සංක්‍යාවකුත් සිද්ධ වුනා. නමුත් දැන් උතුරු කොරියාවේ සාගතයක් නෑ. ඇත්ත​, උතුරු කොරියාව කියන්නෙ ලෝකයේ ආහාර සුලබම රට නෙවෙයි. ඒත් ඒ රටේ සාගතයක් නෑ.


7. නායක්කාර් වරු දෙමළ ද​?



මහනුවර යුගයේ අවසන් සමයේ රට පාලනය කළ නායක්කාර් වාංශික රජවරු බොහෝ දෙනා සිතන ආකාරයට දෙමළ ජාතිකයන් නෙවෙයි.

ඔවුන් පැවත එන්නේ විජයනගර් අධිරාජ්‍යයේ ප්‍රාදේශීය යුධ නායකයන් වුන "නායක්" වරුන් ගෙන්. මේ නායක් වරු තෙළිඟු භාෂාව කතා කළ අය​. විජයනගර් අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟම ඔවුන් ස්වාධීන රාජ්‍යයන් රැසක් දකුණු ඉන්දියාවේ පිහිටුවා ගත්තා. මදුරෙයි නගරය මූලික කරගෙන පිහිටවූ මේ වගේ නායක් රාජ්‍යයක පාලකයන් හැඳින්වුනේ මදුරෙයි නායක් වරු නමින්.

ලංකාවේ සිහසුන උරුම වෙන්නේ මේ මදුරෙයි නායක් වරුන්ට​. ඔවුන් ලංකාවේදී හැඳින්වුනේ "නායක්කාර් වංශිකයන්" විදිහට​.

නායක්කාර් වරු උපතින් හින්දු ආගම ඇදහුවත්, ලංකාවේ සිහසුන දැරීම සඳහා බෞද්ධයන් බවට පත් වුනා.


8. අඩ සඳ සහ තරුව​, කොළ පාට සහ මුස්ලිම් වරු



අඩ සඳ සහ තරුව සහ කොළ පාට වර්තමානයේ මුළු ලෝකය පුරාම ඉස්ලාමය සහ මුස්ලිම් වරු හඳුන්වන සංකේත බවට පත් වෙලා තියෙනවා. නමුත් නබි තුමාගේ සමයේ මේවා භාවිතා වුනේ නෑ.

කොළ පාට ඉස්ලාමයත් එක්ක සම්බන්ධ වෙන්නෙ නබි තුමාගේ මරණයෙන් අවුරුදු 300 කට විතර පස්සෙ. ඒ ඉස්ලාමීය කලීෆාතයක් වන ෆතිමත් කලීෆාතය තමාගේ කොඩි සඳහා කොළ පාට යොදා ගැනීමෙන් පසු. නබි තුමා තම සලකුණ විදිහට පාවිච්චි කලේ අකුරු හෝ සංකේත කිසිවක් නැති තනි කළු පාට කොඩියක්.

අඩ සහ තරුව මැද පෙරදිග සංස්කෘතීන් වල යොදා ගැනුනේ අනාදිමත් කාලයක ඉඳලා. මිසරය​, මෙසපොතේමියාව සහ බයිසැන්තයින් අධිරාජ්‍යය මේ සංකේත භාවිතා කරල තියෙනවා. මුස්ලිම් වරු මුල් වරට අඩ සඳ සහ තරුව පාවිච්චි කරන්න පටන් ගත්තේ 13 වන සියවසේදී. ඒ නබි තුමාගේ මරණයෙන් අවුරුදු 600 කට විතර පසුව​.

අඩ සඳ සහ තරුව ලෝකය පුරා මුස්ලිම් වරු අතර ජනප්‍රිය වුනේ 1844 දී තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය තම කොඩියට අඩ සහ තරුව යොදාගත් පසු.

9. ක්ලියෝපැට්‍රා - නූතන රැජිණ​



මිසර පිරමීඩ, ක්ලියෝපැට්‍රා බිසව වගේ දේවල් ඉතා ඈත අතිතයේ සිදුවීම් කියලයි අපි හිතන්නෙ.

ඒත්, ක්ලියෝපැට්‍රා බිසව ජීවත් වුන කාලය ගීසා හි පිරමිඩ ඉඳිකිරීමට වඩා සමීප වෙන්නෙ ප්‍රංශයේ අයිෆල් කුළුණ ඉඳි කිරීමට​.

ගීසා හි පිරමිඩ ඉඳි කෙරෙන්නේ ක්‍රි.පූ. 2560 දි. ඒ ක්ලියෝපැට්‍රා බිසව ජීවත් වුන ක්‍රි.පූ. 50 ට වඩා අවුරුදු 2500 කට කලින්. අයිෆල් කුළුණ ඉඳිකෙරෙන්නෙ ක්‍රි.ව​. 1889 දී. ඒ ක්ලියෝපැට්‍රා බිසවට අවුරුදු 1950 කට පස්සෙ.

මිසර ශිෂ්ඨාචාරය කොයිතරම් දීර්ඝ කාලයක් තිස්සේ පැවතුන එකක් ද කියන එක වටහා ගන්න මේක කදිම දර්ශකයක්.



10. මහා පරාක්‍රමබාහු - නූතන රජතුමා



දුටුගැමුණු රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා අයිති වෙන්නෙ අපේ පුරාණ ඉතිහාසයට​, එහෙම තමයි අපිට හිතෙන්නෙ.

ඒත්, මහා පරාක්‍රමබාහු රජතුමා ජීවත් වුන කාලය විජිතපුර සටනට වඩා සමීප වෙන්නෙ නන්දිකඩාල් සටනට​.

විජිතපුර සටන සිද්ධ වෙන්නෙ ක්‍රි.පූ. 161 දි. ඒ මහා පරාක්‍රමබාහු රජතුමා හිටපු ක්‍රි.ව​. 1153 ට අවුරුදු 1300 කට විතර කලින්. ක්‍රි.ව​. 2009 දි සිද්ධ වෙන නන්දිකඩාල් සටන සහ මහා පරාක්‍රමබාහු රජතුමා අතර කාල අවුරුදු 850 විතරයි.

නැවතත් මේක අනුරාධපුර යුගයේ දීර්ඝකම ගැන හොඳ දර්ශකයක්.

ඇත්තෙන්ම අපේ ලිඛිත ඉතිහාසයෙන් 58% ක්ම අයිති වෙන්නෙ අනුරාධපුර යුගය ට​.


11. "අනුන්ගේ" අධිරාජ්‍යයෝ



ලෝක ඉතිහාසයේ ගොඩක් මහා අධිරාජ්‍යය ගොඩනංවපු අධිරාජ්‍යයෝ සහ පාලකයෝ ඒ රටේ හෝ ජාතියේ අය නෙවෙයි.

ග්‍රීක ශිෂ්ඨාචාරයේ දැවැන්තම අධිරාජ්‍යය ගොඩ නංවන්නේ මහා ඇලෙක්සැන්ඩර්. නමුත් ඔහු ග්‍රීකයෙක් නෙවෙයි මැසිඩෝනියානු ජාතිකයෙක්. මැසිඩෝනියාව විසින් ග්‍රීසිය යටත් කරගත් පසු ග්‍රීසියත් සමඟ එක්ව තමයි ඇලෙක්සැන්ඩර් ගේ මහා අධිරාජ්‍යය ගොඩ නංවන්නේ.

එංගලන්ත ඉතිහාසයේ හැරවුම් ලක්‍ෂයක් වගේම නූතන එංගලන්ත රාජ්‍යයයේ ආරම්භකයා විදිහට සැලකෙන්නේ පළමුවන විලියම්. නමුත් ඔහු ඉංග්‍රීසි ජාතිකයෙක් නෙවෙයි, නෝර්මන් ජාතිකයෙක්. නෝර්මන් වරු කියන්නේ ප්‍රංශයේ නෝර්මඩි ප්‍රදේශයේ පදිංචි වෙලා ප්‍රංශකරණය වුන වයිකිං වරු.

කුරුස යුධ සමයේ අරාබි (සැරසන්) වරුන් ගේ විශිෂ්ඨතම නායකයා වුනේ සලාහ්-උද්-දින් (සැලඩින්). නමුත් ඔහු අරාබි ජාතිකයෙක් නෙවෙයි. කුර්දි ජාතිකයෙක්.

චීන ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යය කියල සැලකෙන්නෙ කුබ්ලායි ඛාන් ගේ අධිරාජ්‍යය​. නමුත් කුබ්ලායි ඛාන් චීන ජාතිකයෙක් නෙවෙයි. මොංගෝලියානු ජාතිකයෙක්. මොංගෝලියාව විසින් චීනය යටත් කරගෙන, පසුව චීන අධිරාජ්‍යයක් ගොඩනංවනවා.

ප්‍රංශය තමාගේ ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යය ගොඩ නංවන්නේ නැපෝලියන් බොනපාට් යටතේ. නමුත් නැපෝලියන් ප්‍රංශ ජාතිකයෙක් නෙවෙයි. ඔහු උපත ලබන්නේ කෝර්සිකාවේ ඉතාලි ජාතික පවුලක​. කෝර්සිකාව ප්‍රංශයට අයිති වෙන්නේ නැපෝලියන් උපත ලබපු වසරේදීමයි.

මෞර්‍යය අධිරාජ්‍යයට පස්සෙ ඉන්දියාවේ බිහි වුන මහා අධිරාජ්‍යය වුනේ මෝගල් අධිරාජ්‍යය​. මෝගල් අධිරාජ්‍යයේ විශ්‍ෂ්ඨතම පාලකයා වුන මහා අක්බාර් රජු ඉන්දියානු ඉතිහාසයේ සුවිශේෂී චරිතයක්. නමුත් අක්බාර් රජතුමා අනෙක් සියළුම මෝගල් පාලකයන් වගේම ඉන්දියානුවෙක් නෙවෙයි. මෝගල් වරු පැවත එන්නේ පර්සියානු සංස්කෘතිය වැළඳ ගත් තුර්කි-මොංගොල් ගෝත්‍රයක් වුන තිමුරිද් වරුන් ගෙන්.

රුසියාව ඉතිහාසයේ බලවත්ම රටක්ව පවතින්නේ ජෝශප් ස්ටාලින් සෝවියට් දේශයේ නායකයාව හිටපු සමයේ. ඒත් ස්ටාලින් රුසියන් ජාතිකයෙක් නෙවෙයි. ඔහු ජෝර්ජියන් ජාතිකයෙක්. එවකට ජෝර්ජියාව රුසියාවේ (සෝවියට් දේශයේ) කොටසක්.

ජර්මනිය මුළු යුරෝපයම පාහේ අල්ලාගෙන දැවැන්ත අධිරාජ්‍යයක් ගොඩ නංවනවා ඇඩොල්ෆ් හිට්ලර් යටතේ. නමුත් හිට්ලර් ජර්මන් ජාතිකයෙක් වුනත් උපත ලැබුවේ ජර්මනියේ නෙවෙයි - ඔස්ට්‍රියාවේ.


12. "අනුන්ගේ" දේශ ගවේෂකයෝ



මේ තත්වය අධිරාජ්‍යයන්ට විතරක් සීමාවුන එකක් නෙවෙයි. දේශ ගවේෂකයන්ටත් පොදු තත්වයක්.

ලෝක ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යයක් ගොඩ නංවපු රටක් තමයි ස්පාඤ්ඤය​. ස්පාඤ්ඤය අධිරාජ්‍යයේ පදනම වුනේ දේශ ගවේෂකයන් දෙදෙනෙක් ගේ මුහුදු ගමන්. ඒ ක්‍රිස්ටෝපර් කොලම්බස් සහ ෆර්ඩිනන්ඩ් මැගලන්. නමුත් මේ දෙන්නම ස්පාඤ්ඤය ජාතිකයන් නෙවෙයි.

කොලම්බස් ඉතාලි ජාතිකයෙක්. ඔහු උපත ලබන්නේ ජිනීවා හි. ඔහු තමාගේ බටහිරට යාත්‍රා කිරීමෙන් ආසියාවට ළඟා වීමේ අදහස සඳහා මුදල් සහ නැව් ලබාගැනීමේ අදහසින් රටවල් කීපයකටම යනවා. පෘතුගාලය සහ එංගලන්තය ඔහුගේ අදහස් ප්‍රතික්‍ෂේප කරනවා. අවසානයේ ඔහුව පිළිගන්නේ ස්පාඤ්ඤය​.

මැගලන් පෘතුගීසි ජාතිකයෙක්. ඔහු පෘතුගාල නැව් කන්ඩායම් සමඟ ඉන්දියාවේ සහ මලක්කාවේ ආක්‍රමන වලට සහභාගී වූ අයෙක්. නමුත් පසු කාලීනව පෘතුගාල රාජ සභාව ඔහු සමඟ අමනාප වීම නිසා මැගලන් ස්පාඤ්ඤයට යනවා. ඔහුගේ පෙරදිග අත්දැකීම් නිසා ස්පාඤ්ඤය රාජසභාව බටහිරින් මලක්කාව සඳහා යන මුහුදු ගමනක නායකයා විදිහට ඔහුව පත් කරනවා.


13. කොකුරා - ලෝක ඉතිහාසයේ වාසනාවන්තම නගරය​



කොකුරා කියන්නෙ දකුණු ජපානයේ නගරයක්. දෙවෙනි ලෝක යුධ සමයේදී කොකුරා ඇමරිකානු යුධ සැලසුම් වල වැදගත් තැනක් ඉසිලුවා. ඒ හිරොෂිමා වෙන් පසු දෙවෙනි පරමාණු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වශයෙන්.

1945 අගෝස්තු 9 වෙනිදා ඇමරිකානු "බොක්ස්කාර්" බෝම්බ ප්‍රහාරක අහස් නැව "මහත මිනිහා" ප්ලූටෝනියම් බෝම්බයත් සමඟ පිටත් වෙන්නේ කොකුරා නගරයට බෝම්බය හෙලීමේ අරමුණෙන්. නමුත් ඔවුන් ගේ සැලසුම් වල ඇතිවෙන ප්‍රමාද දෝෂයක් නිසා ප්‍රහාරය පැය බාගයක් පරක්කු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඊට කලින් දවසේ අසල්වැසි යහටා නගරයට එල්ල වුනු නාපාම් බෝම්බ ප්‍රහාරයන් ගෙන් ඇති වුන ගින්න නිසා ඇති වූ දුම කොකුරා නගරයට ඉහළින් අහස වසා ගන්නවා.

මේ දුම සහ අධික වළාකුළු වැස්ම නිසා බොක්ස්කාර් අහස් නැවේ ගුවන් නියමුවන්ට කොකුරා නගරය හරිහැටි දර්ශනය වෙන්නෙ නෑ. ඔවුන් කොකුරා නගරයට ඉහළින් තුන් වරක් පියාසර කරත් නිවැරදි ඉලක්කය ගන්න අසමත් වෙනවා.

මේ නිසා ඔවුන් තමාගේ දෙවැනි ඉලක්කය වෙත ගිහින් එතැනට පරමාණු බෝම්බය හෙලනවා. ඒ නගසකි නගරය.

ප්‍රහාරයෙන් මිය ගිය ගණන 80,000 ක්.

පාදඩ කතා - 3 (මල් කතා)


(පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට​, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)

පාදඩයා කූඹියො බලපු හැටි කියවල තියෙනව නෙ. මේත් ඒ වගේ මල් කතා ටිකක්.

එක​


එක පාරක් පාදඩයා කැම්පස් ඉද්දි පාටියකට යන්න සෙට් වුනා. පාටිය හතට විතර පටන් ගන්න නිසා  පාදඩයයි තව එවුන් දෙන්නෙකුයි හයට විතර මල් පූජා කරල පේවුනා.

ඊට පස්සෙ අපි ලෑස්ති වෙන්න මල් පූජා කරන්නෙ නැති එකෙක් ගෙ රූම් එකට ගියා. ඌත් පාටියට යන්න ලෑස්ති වෙනවා. දැන් තියෙන්නෙ ෂර්ට් අයන් කරන වෙලාව​. ඌ කොහෙන් දෝ අයන් එකක් හොයාගෙන ඇවිල්ල (අපි ගාව කොහෙද ඕයි අයන්? අපි ෂර්ට් අයන් කරනවද​?) මට ඒක ප්ලග් කරන්න දීල ෂර්ට් එකක් හොයන්න ගියා.

මමත් අයන් එක ප්ලග් කරා. ටූ පින් ප්ලග් එකක්.

අරූ ෂර්ට් එකක් අරගෙන ඇවිල්ල පුක ඉරාගෙන අයන් කරනව​. ඒත් අයන් වෙන්නෙ නෑ. මොකද අයන් එක රත් වෙලා නෑ. අයන් එකේ අයිතිකාරයට බණිනවා. අයන් එක රත් වෙන්නෙ නැත්තෙ ඇයි කියල අහනවා. අයන් එක කරකව කරකව බලනවා.

එක පාරටම ඌ මෙහෙම ඇහුවා.

"කවුද මේක ප්ලග් කරේ?"

"මම​. ඇයි?"

"මෙහෙමද යකෝ ප්ලග් ගහන්නෙ?"

ප්ලග් එක නියුට්‍රල් එකට සහ අර්ත් එකට ගහල තිබුනා.


දෙක​


එකපාරක් මම කොහෙදෝ ගිහින් හොස්ටල් එකට එද්දි මගේ යාළුවො දෙන්නෙක් හොස්ටල් එක ඉස්සරහ තියෙන කොට තාප්පෙ උඩ වාඩි වෙලා මූණෙන් මූන බලාගෙන ඉන්නව​. තව එකෙක් ටිකක් දුරින් ඉඳගෙන උන් දෙන්න දිහා බලාගෙන ඉන්නව​. තුන් දෙනාම ඉන්නෙ කක්‍ෂගත වෙලා බව බැලූ බැල්මට පේනවා.

"උඹල මොකද මේ කරන්නෙ?"

"අපි ක්‍රිකට් ගහනවා"

ක්‍රිකට් ගැහිල්ලක් තියා බැට් එකක් බෝලයක් වත් පේන තෙක් මානෙක නෑ.

"මොකා?"

"ඔව් මචං අපි මනසින් ක්‍රිකට් ගහනවා"

".........."

"මචං දැන් මූ මනසින් දුවගෙන ඇවිල්ල මනසින් උඩ පැනල මනසින් බෝලයක් දානව​. මම ඒකට මනසින් ගහනව​. මූ මනසින් බෝලෙ අල්ලනව​. මම මනසින් දුවනවා."

උන් දෙන්න ඉන්නෙ මට ළං වෙන්න බැරි තලයක කියල තේරුන නිසා වැඩි විස්තර අහන්නෙ නැතුව මම යන්න හැදුවා. ඒත් අර පැත්තක වාඩි වෙලා ඉන්න එකා මොකද කරන්නෙ කියල අහන්නෙ නැතුව යන්න බැරි තරං කුතුහලය වැඩියි.

"එතකොට අරූ මොකද කරන්නෙ?"

"ඌ තමයි අම්පයර්"


තුන​


මගේ තවත් යාළුවෙක් ගෙ යාළුවෙක් හිටියා (මාත් එක්කත් තරමක් ෆිට්) මල් පූජා කිරීම කලාවක් නං ඌ එකේ පිකාසෝ.

එක පාරක් ඌ තවත් කීප දෙනෙක් එක්ක තණමල්විල පැත්තෙ ගංජ හේනකට ගිහින් ඒකෙ සතියක් විතර නැවතිලා ඉඳල​.

ඊට පස්සෙ ඌ ගෙදර ගියාලු (අනුරාධපුරේ පැත්තෙ එකෙක්). ගෙදර ගිහිල්ල සතියක් දෙකක් යනකං උගෙන් කිසි ආරංචියක් නැල්ලු.

මුගෙන් ආරංචියක් නැති තැන මුගෙ යාළුවො දෙන්නෙක් මූව හොයාගෙන ගෙදර ගිහිල්ල​.

කලින් උගෙ ගෙදර ගිහිල්ල නැති නිසා ගෙවල් ළඟ හන්දියක බැහැල එතන හිටපු ත්‍රීවිල් ඩයල් එකකින් උගෙ නම කියල ඇහුවලු උගෙ ගෙවල් කොහෙද කියල​. එතකොට ත්‍රීවිල් බුවා ඇහුවලු "ආ අර කොහා වගේ කෑගහන එක්කෙනාද​?" කියල​.

ඒ අපබ්‍රංශය මොකද්ද කියල නොතේරුනත් උගෙන් පාර අහගෙන මුන් දෙන්න ගෙදරට ගිහිල්ල​.

බලද්දි ඌ ෆුල් අවුට් ගිහින්. හැමදාම උදේට ගෙවල් ළඟ තියෙන ලොකු නුග ගහකට නැගල කොහෙක් වගේ කෑ ගහනවලු. ඒ මදිවට ඌ හිතාගෙන ඉන්නෙ ඌ බුදු වෙලා කියලලු. සිගරට් එහෙම අතට දුන්නට බොන්නෙ නැල්ලු. පත්තු කරල කටේ තියන්න ඕනෙ ලු.

ඉස්පිරිතාලෙ මානසික රෝගී වාට්ටුවෙ නැවතිල​ මාස දෙකක් ප්‍රතිකාර අරගෙන තමයි යථා තත්වයට පත් වෙලා තියෙන්නෙ.


හතර​


තව යාළුවෙක් ගෙ යාළුවෙක් හිටිය ඌ මල් පූජා කරාම උගෙ පෙම්වතියට පණිවිඩ යවනවා. හැබැයි අපි උඹල වගේ එස්.එම්.එස්. ගහල​, කෝල් කරල නෙවෙයි. ළඟ තියෙන ටෙලිකොම් ටවර් එකකට මනසින් සම්බන්ධ වෙලා චිත්ත තරංග ඔස්සේ.

ඒ වගේ පණිවිඩ යවල සමහර වෙලාවට ඌ ඒ ගෑණු ළමයට තැනක් වෙලාවක් කියල එතනට එන්න කියනවා. ඒ කරල මූ ඒ වෙලාවට එතනට ගිහිල්ල ඒකි එනකං බලාගෙන ඉන්නවා.

බලාගෙන ඉඳල ඉඳල ඒකි ආවෙ නැතිවුනාම කෝල් කරල තිත්ත කුණුහරුපෙන් බණිනවා.

Saturday, April 7, 2018

රෝනින් වරු 47 දෙනා


සමුරායි සහ රෝනින්


සමුරායි වරු කියන්නේ අතීත ජපානයේ හිටපු සමාජ - ආර්ථික පන්තියක්. ඔවුන් තමයි ජපන් සමාජයේ ඉහළම ස්ථරය වුනේ. ජපානයේ ඉඩම් හිමි පන්තිය වුනේ සමුරායි වරු. ජපානයේ ප්‍රාන්ත පාලනය වුනේ බලවත් සමුරායි වරයෙක් යටතේ. මේ ප්‍රාදේශීය පාලකයෝ හැඳින්වුනේ "දයිමියෝ" නමින්. දයිමියෝ වරු අතරින් වඩාත්ම බලවත් දයිමියෝ වරයා මුළු ජපානයේම පාලනය ගෙනගියා. ඔහු හැඳින්වුනේ "ෂෝගුන්" නමින්. නිල වශයෙන් ෂෝගුන් අධිරාජ්‍යයා වෙනුවෙන් පාලය ගෙන ගියත්, ඇත්ත වශයෙන්ම නියම පාලකයා වුනේ ෂෝගුන්. අධිරාජ්‍යයාට තිබුනේ නාම මාත්‍රික බලයක් පමණයි.

හැම සමුරායි කෙනෙකම දයිමියෝ වරයෙක් හෝ ෂෝගුන් යටතේ සේවය කරා. මේ සේවය වෙනුවෙන් සමුරායි වරුන්ට ස්වාමියා ගෙන් ඉඩම් ලැබුනා.

ස්වාමියා මිය යාම හෝ වෙනත් හේතුවක් නිසා ස්වාමියෙක් නොමැති සමුරායි වරයෙක් හැඳින්වුනේ "රෝනින්" කියලා. ස්වාමියෙක් නොමැති වීම නිසා බොහෝ විට රෝනින් වරයෙක්ට ඉඩම් තිබුනෙත් නෑ. ඒ නිසා බොහෝ රෝනින් වරු ගත කලේ සංචාරක දිවියක්.


රෝනින් වරු 47 දෙනා


රෝනින් වරු 47 දෙනා, රෝනින් වරු 47 දෙනාගේ පළිගැනීම​, අකෝ සිදුවීම​, අකෝ පළිගැනීම ආදී විවිධ නම් වලින් හැඳින්වෙන්නේ 1703 දී ජපානයේ සිදු වූ සිදුවීමක්. මේ සිදුවීම වීරත්වය​, පක්‍ෂපාතීබව​, නිර්භීතබව සහ කැපවීම පිළිබඳ පුරාවෘතයක් විදිහට ජපන් ඉතිහාසයට එක් වෙලා තියෙනවා.

අතීත ජපානයේ දයිමියෝ වරු වසරේ යම්කිසි කාලසීමාවක් තෝකියෝ (එවකට එදෝ) නගරයේ ෂෝගුන් සහ අධිරාජ්‍යයා ගේ සේවයේ ගත කළ යුතු වුනා. මේ සම්ප්‍රදාය ඇති වුනේ දයිමියෝ වරුන් ගේ පක්‍ෂපාතීබව පවත්වාගන්න​. මේ සේවය හැඳින්වුනේ "සන්කින් කෝතයි" කියල​.


ආරවුල ඇතිවීම​


1701 දී සන්කින් කෝතයි සේවයේ යෙදී සිටි දයිමියෝ වරු දෙදෙනෙක් ට අධිරාජ්‍යයා ගේ පිරිවර වෙනුවෙන් එදෝ මාළිගයේ උත්සවයක් සංවිධානය කරන්න පැවරෙනවා.

මේ දයිමියෝ වරු දෙන්නා වෙන්නේ බටහිර ජපානයේ ත්සුවනෝ ප්‍රාන්තයේ පාලකයා වුන කමෙයි කොරෙචිකා සහ මධ්‍යම ජපානයේ කුඩා ප්‍රාන්තයක් වුන අකෝ ප්‍රාන්තයේ පාලකයා වුන අසනෝ නගනොරි.

අසනෝ නගනොරි
මේ කාර්‍යය අධීක්‍ෂනය කරන්න සහ ඔවුන්ට අවශ්‍යය උපදෙස් ලබාදෙන්න ෂොගුන් වරයා විසින් පත් කරන නිලධාරියා වෙන්නෙ කිරා යොෂිනක. කිරා යොෂිනක ඉතාමත් බලවත් වගේම ඉතාමත් දූෂිත නිලධාරියෙක්. ඔහු දයිමියෝ වරු දෙන්න ගෙන් අල්ලස් බලාපොරොත්තු වෙනවා. ඒවා නොලැබුනු විට ඔහු ඔවුන්ට ඉතාමත් නරක විදිහට සලකන්න පටන් ගන්නවා.

කිරා යොෂිනක ගේ මේ හැසිරීමෙන් කෝපයට පත් වෙන කමෙයි කොරොචිකා ඔහුට පහර දෙන්න සැරසුනත්, ඊට පෙර කොරොචිකා ගේ සහයකයන් කිරා යොෂිනකාට විශාල අල්ලසක් ලබා දීමෙන් තත්වය සමථයකට පත් කරනවා.

නමුත් තරුණ සහ ප්‍රතිපත්තිගරුක සමුරායි වරයෙක් වුන අසනෝ නගනොරි අල්ලස් දීම දිගටම ප්‍රතික්‍ෂේප කරනවා. මේ නිසා යොෂිනක සහ නගනොරි අතර ගැටුමක් ඇති වෙනවා. මේ ගැටුම බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය අවස්ථාවක යොෂිනක "සිරිත් විරිත් නොදන්න ගොඩයෙක්" වශයෙන් නගනොරි ට අපහාස කරනවා. තවදුරටත් අපහාස විඳගන්න නොහැකි වෙන නගනොරි කිණිස්සකින් යොෂිනක ට පහර දෙනවා. කිණිසි පහරින් ඔහුගේ මුහුණ කැපෙනවා.

අසනෝ නගනොරි කිරා යොෂිනක ට පහර දීම​.
ෂෝගුන් වරයාගේ මාළිගාව තුලදී ෂෝගුන් වරයාගේ උසස් නිලධාරියෙක්ට පහර දීම ඉතාම බරපතල වරදක් විදිහටයි සැලකුනේ. විශේෂයෙන්ම ෂෝගුන් වරයාගේ ආරක්‍ෂාව සහතික කිරීමේ පියවරක් වශයෙන් මාළිගය තුල කිසිම ආකාරයක ප්‍රචන්ඩකාරී හැසිරීමක යෙදීම සම්පූර්නයෙන්ම තහනම් කරල තිබුනා. මේ නිසා අසානෝ නගනොරි ට මරණ දඬුවම හිමිවෙනවා.

ඒ කාලයේ සමුරායි වරයෙක්ට මරන දඬුවම දුන්නේ බඩ කපාගෙන මිය යාමට අණ කිරීමෙන්. මේ බඩ කපා ගැනීමේ ක්‍රියාව හැඳින්වුනේ "සෙප්පුකු" කියලා. අසානෝ නගනෝරි ත් සෙප්පුකු ක්‍රමයට දිවි තොර කර ගන්නවා. ඔහුගේ සියළුම ඉඩම් සහ දේපල රාජසන්තක කරන්න ෂෝගුන් වරයා අණ දෙනවා.

අසානෝ ව මිහිදන් කරන්නේ එදෝ නගරයේ තියෙන ප්‍රසිද්ධ පන්සලක් වන සෙංගකු-ජි පන්සලේ සුසාන භූමියේ. 

අසනෝ නගනොරි ගේ සොහොන් ගැබ​
සමුරායි කෙනෙක් සෙප්පුකු කරගන්න කලින් කවියක් ලියන එක සිරිතක්. මේ නගනොරි ගේ "මරණයේ කවිය​"

"තමාව පා කර හරින්නට සුළඟකට ඇරයුම් කරන සකුරා මලකටත් වඩා මම කල්පනා කරමි, වසන්තයේ ඉතුරු කාලයේ කරන්නේ කුමක් ද කියා"


සැලසුම​


නගනොරි යටතේ සමුරායි වරු 300 ක් සේවය කලා. ඔහුගේ මරණයත් සමඟම ඒ සියළු දෙනා රෝනින් වරු බවට පත් වෙනවා.

මේ අතරින් 47 දෙනෙක් ස්වාමියා ගේ මරණය වෙනුවෙන් පළි ගන්න සූදානම් වෙනවා. මේ පිරිසේ නායකත්වය ගන්නේ නගනොරි ගේ ප්‍රධාන උපදේශකයා විදිහට කටයුතු කළ ඔයිෂි යොෂියෝ.

ඔයිෂි යොෂියෝ
නමුත් ඔයිෂි යොෂියෝ පළිගැනීමකට අර අදින බව යොෂිනක ට ආරංචි වෙනවා. ඔහු යොෂියෝ සහ අනෙකුත් රෝනින් වරු ගැන සැලකිල්ලෙන් ඉන්න ඔත්තු කාරයන් යවනවා.

ඒත් ටික කලකින්ම ඔවුන් ගේ පලිගැනීමේ අදහස නැති වෙන බවක් තමයි පේන්නෙ. රෝනින් වරු විසිර යනවා. බොහෝ දෙනා පැවිදි වෙනවා. තව අය සමුරායි ජීවිතයට සමු දීලා වෙළෙඳාමට යනවා. යොෂියෝ බීමත් කමට ඇබ්බැහි වෙනවා.

ටික කලකින්ම යොෂියෝ තමාගේ විසි වසරක විවාහ ජීවිතය අවසන් කරලා ඔහුගේ බිරිඳ දික්කසාද කරනවා. ඔහු අකෝ නගරය අතහැරලා ක්.යෝතෝ නගරයට යනවා. එහෙදී ඔහුගේ ජීවිතය ගෙවෙන්නෙ තැබෑරුම් සහ ගණිකා නිවාස අස්සෙ. ටික කලකින්ම ඔහු ක්.යෝතෝ නගරයේ ප්‍රසිද්ධ බේබද්දෙක් විදිහට හංවඩු ගැහෙනවා. ඔහු බීමතින් කල කෝලහල ඇති කරගන්නවා. බීමතින් පාරේ වැටිල ඉන්නවා. සමහර අවස්ථාවලදී ඔහු පාරේ වැටිල ඉද්දි මිනිස්සු පිළිකුලෙන් ඔහුට කෙල ගහනවා, පයින් ගහනවා. සමුරායි වරයෙක් ගේ ඇඟට අත තැබීම පවා බරපතල වරදක් වුන කාලයක මේ විදිහට සිදු වීම යොෂියෝ ගේ පිරිහීම හොඳටම පෙන්නන සාධකයක්.

යොෂිනක ගේ ඔත්තු කාරයෝ මේ බව ඔහුට දන්වනවා. තමාගේ අනතුර පහව යන බව හිතන යොෂිනක ආරක්‍ෂක විධි විදාන අඩු කරනවා. මේ විදිහට අවුරුදු එකහමාරක් ගත වෙනවා.

නමුත් මේ සියළු දේ යොෂිනක මුලා කරන්න යොදපු උපායක් විතරයි. යොෂියෝ බිරිඳව දික්කසාද කරන්නෙ ඉදිරියේ වීමට නියමිත දේ වලින් ඇයට අනතුරක් වීම වලක්වන්න​.

ඒ අතරේ අනෙක් රෝනින් වරු හොරෙන්ම යොෂිනක ගැන විස්තර හොයනවා. ඔවුන් භික්‍ෂූන් සහ වෙළෙන්දන් විදිහට වෙස්වලාගෙන ඔහුගේ නිවසේ සැලසුම​, එහි ඉන්න අය​, ඔවුන් ගේ චරිත ලක්‍ෂන යනාදිය ගැන විස්තර එකතු කරනවා. ඔකනෝ කන්හිදේ කියන රෝනින් වරයා යොෂිනක ගේ ගෙදර හදපු ගෘහ නිර්මාන ශිල්පියාගේ දුව විවාහ කරගන්නව​. ඒ ගෙදර සැලසුම් ලබා ගැනීමේ අරමුනෙන්. වෙළෙන්දෝ වගේ වෙස්වලාගත්ත රෝනින් වරු රහසිගතව ආයුධ එදෝ නගරයට ගේනවා. ඔවුන් ගේ සන්නාහයන් සියල්ලම ඔවුන් තම අතින්ම සකසා ගත්නවා. ඒ සන්නාහ මිලදී ගැනීමෙන් සැක ඇති වෙයි කියල​.

මේ සියල්ල මෙහෙයවන්නේ යොෂියෝ.



ප්‍රහාරය​


1703 ජනවාරි මාසයේ දවසක රෝනින් වරු රහසිගතව එදෝ නගරයේ තැනක රැස් වෙනවා. ඔවුන් ඉතාමත් සූක්‍ෂම සැලසුමක් හදනවා යොෂිනක ගේ නිවසට පහර දෙන්න​.

ජනවාරි 3 වෙනි දා කියන්නෙ එදෝ නගරයේ දැඩි සුළං සහ හිම පතනයක් තිබුන දවසක්. රෝනින් වරු තමාගේ ප්‍රහාරයට යොදා ගන්නෙ ඒ දවස​.

රෝනින් වරු කණ්ඩායම් දෙකකට බෙදෙනවා. පළමුවන කණ්ඩායම මෙහෙයවනේ යොෂියෝ. ඔවුන් ගෙදර ප්‍රධාන දොරටුවෙන් පහර දෙනවා. පසුපස දොරටුවෙන් පහර දෙන දෙවන කණ් ඩායම මෙහෙයවන්නේ යොෂියෝ ගේ පුතා වන ඔයිෂි යොෂිකනේ. ප්‍රහාරයන් දෙකම එල්ල වෙන්නෙ එකම වෙලාවේ. ප්‍රහාරයට සංඥාවෙ දෙන්නෙ බෙර හඬකින්. ප්‍රහාරය සාර්ථක වුනාම ඒ බව නලා හඬකින් දැනුම් දෙන්න සැලසුම් කරනවා.

ඔවුන් සැලසුම් කරන්නේ යොෂිනක ගේ හිස කපලා එය තම ස්වාමියාගේ සොහොන මත තබන්න​. ඊට පස්සෙ ඔවුන් අවි බිම තියලා යටත් වෙන්න සැලසුම් කරනවා. හැම දෙනෙක්ම මරණ දඬුවම බලාපොරොත්තුවෙන් තමයි ප්‍රහාරයට එක් වෙන්නේ.

නියමිත වෙලාවට යොෂියෝ ගේ කණ්ඩායමේ රෝනින් වරු හතර දෙනෙක් ගෙදර තාප්පය නැගලා ප්‍රධාන ගේට්ටුව මුර කරන මුරකරුවන්ට පහර දෙනවා.

ඒ අතරේ යොෂියෝ රහසිගතව අසල්වැසි නිවෙස් වලට පණිවුඩ යවනවා ඔවුන් හොරු නොවන බවත්, ප්‍රහාරය එල්ල කරන්නේ පළිගැනීමේ අරමුණෙන් විතරක් බවත්.

යොෂියෝ ගේ කණ්ඩායමේ දුනුවායන් ස්ථානගත වුනාට පස්සෙ යොෂියෝ බෙර හඬ නංවනවා. බෙර හඬින් අවදි වන මුර කරුවන් යොෂියෝ ගේ කණ්ඩායම එක්ක සටන් කරන අතරතුරේ යොෂිකනේ ගේ කණ්ඩායම නිවසේ පසුපසින් ගේ ඇතුලට කඩා වදිනවා.


බැරැක්ක වල ඉඳල නිවස ඇතුලට එන්න තැත් කරන මුරකරුවන් වහල උඩ ඉන්න දුනුවායන් ගේ ප්‍රහාර වලින් මිය යනවා. ඒ අතරේ දී යොෂියෝ ගේ කණ්ඩායමත් නිවස ඇතුලට කඩා වදිනවා.

මුරකාරයෝ තත්වය දරුණු බව වටහාගෙන උදව් ඉල්ලලා පණිවුඩ කාරයෝ යවනවා. නමුත් යොෂිනකා නිවසෙන් පිට ස්ථානගත කරල ඉන්න දුනුවායෝ පණිවුඩකාරයන් ව මරා දානවා.

සටන නිමා වෙද්දි යොෂිනකා ගේ මුරකරුවන් 16 ක් මිය ගිහින්. 22 ක් තුවාල ලබලා. ඔහුගේ මුණුපුරත් තුවාල ලබපු අය අතරේ. එක රෝනින් වරයෙක් වත් මිය යන්නේ නෑ.

නමුත් රෝනින් වරුන්ට යොෂිනකා හොයාගන්න බැරි වෙනවා. ප්‍රහාරය අසාර්ථක වුනා කියල රෝනින් වරු කලබල වුනත්, යොෂිනකා ගේ ඇඳ තවමත් උණුසුම් බව දකින යොෂියෝ ඔහු නිවස ඇතුලෙම සැඟවී ඉන්න බව වටහා ගන්නවා.


යොෂිනකා ගේ මරණය​


රෝනින් වරු මුළු නිවසම පරීක්‍ෂා කරනවා. එහිදී ඔවුන්ට විශාල බිත්ති සැරසිල්ලක් පසුපස සැඟවී තියෙන රහසිගත දොරටුවක් හමු වෙනවා. ඒ දොරටුව විවෘත වෙන්නෙ රහස් මැද මිදුලකට​. එහි සැඟවී ඉන්න තවත් මුර කරුවන් දෙන්නෙක් මරා දැමෙන අතර තවෙකෙක් ජීවග්‍රහයෙන් අල්ලා ගැනෙනවා.

සිරකරුවා තමන් කවුද කියලා කීම ප්‍රතික්‍ෂේප කරත්, රෝනින් වරු ඒ කිරා යොෂිනක බව හඳුනා ගන්නවා. ඒ අසානෝ ගේ කිණිසි පහරෙන් ඔහුගේ මුහුණේ තිබ්බ තුවාල කැලලෙන්.

යොෂියෝ ඔහු ඉදිරිපිට දණින් වැටිලා තමන් අසානෝ ගේ සමුරායි වරු බවත්, ස්වාමියා වෙනුවෙන් පළිගන්න ආපු බවත් කියනවා. රෝනින් වරු ඔහුට නියම සමුරායි වරයෙක් වගේ ගෞරවාන්විතව සෙප්පුකු කරගෙන මිය යන්න අවස්ථාව දෙනවා. නමුත් යොෂිනකා බියෙන් වෙව්ලමින් බිම බඩගානවා.

යොෂිනකා සෙප්පුකු කරගන්නේ නැති බව දකින යොෂියෝ ඔහුගේ හිස කපා මරා දාන්න අණ දෙනවා.

කිරා යොෂිනකා ගේ හිසත් එක්ක රෝනින් වරු නිවසෙන් පිට වෙනවා.

එක් රෝනින් වරයෙක්, තෙරසක නොබුයුකි, අකෝ නගරයට යැවෙනවා ප්‍රහාරය සාර්ථක වුන බව දැනුම් දෙන්න​.


ප්‍රහාරයෙන් පසු


රෝනින් වරු 46 දෙනා (තෙරසකා හැර අනික් අය​) එදෝ නගරය මැදින් යොෂිනක ගේ හිසත් අරගෙන අසානෝ ගේ සොහොන බලා සෙංගකු-ජි පන්සලට එනවා. මේ වෙන විට උදේ වෙලා. මග දෙපස රෝනින් වරු දැකගන්න විශාල සෙනඟක් එක් රැස් වෙනවා. ඔවුන්ට ප්‍රහාරය ගැන ආරංචි වෙනවා. යොෂිනක ගේ නිවසේ සිට සෙංගකු-ජි පන්සලට ඇති කිලෝමීටර් 10 ක පමණ දුර පුරාවටම මග දෙපස ඉන්න මිනිස්සු රෝනින් වරුන්ට කෑම බීමෙන් සංග්‍රහ කරනවා.

යොෂිනක ගේ හිස සමඟ සෙංගකු-ජි පන්සලට යන රෝනින් වරු
ඔවුන් පන්සලේදී යොෂිකවා ගේ හිස ළිඳකින් සෝදා පිරිසිදු කර එය අසානෝ ගේ සොහොන මත තියනවා. ඊට පසු ඔවුන් පන්සලට ගිහින් වැඳ පුදාගෙන ඔවුන් සතු සියළු මුදල් සහ වටිනා වස්තු පන්සලට දන් දෙනවා. ඔවුන් නායක හිමියන් ගෙන් ඉල්ලනවා ඔවුන් මියගිය පසු ගෞරවාන්විතව මිහිදන් කරන ලෙසත්, ඔවුන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන ලෙසත්.

ඊට පසුව ඔවුන් ෂෝගුන් වරයාගේ නිලධාරින්ට භාර වෙනවා.

ෂොගුන් වරයා ඉදිරියේ තියෙන්නෙ අසීරු තීරණයක්. රෝනින් වරු අමු අමුවේ නීතිය කඩ කරලා. ඔහුගේ උසස් නිලධාරියෙක් ව මරා දාලා. ඔහුගේ ආධිපත්‍යයට අභියෝග කරලා. නමුත් මේ වෙද්දි එදෝ වල වැසියන් රෝනින් වරුන්ට සලකන්නේ වීරයන්ට වගේ. මේ නිසා ෂෝගුන් වරයා රෝනින් වරුන්ට මරණ දඬුවම දීම වෙනුවට ඔවුන්ට ගෞරවාන්විතව සෙප්පුකු කරගන්න අවස්ථාව දෙනවා.

1703 පෙබරවාරි 4 වෙනිදා රෝනින් වරු 46 දෙනාම සෙප්පුකු කරගැනීමෙන් දිවි හානි කරගන්නවා. පිරිසේ ලාබාලම රෝනින් වරයා වෙන්නේ ඔයිෂී යොෂිකනේ. ඔහුට වයස අවුරුදු 16 යි. අකෝ නගරයට පණිවුඩය ගෙන ගිය තෙරසක නොබුයුකි ට සමාව ලැබෙනවා.

රෝනින් වරු 46 දෙනාගේ සිරුරු සෙංගකු-ජි පන්සලේ ඔවුන් ගේ ස්වාමියාගේ සොහොන ඉදිරිපිට මිහිදන් කෙරෙනවා.


රෝනින් වරු ජපන් ජනතාව අතර වීරත්වයට පත් වෙනවා. ඔවුන් ගේ සොහොන් දැක ගන්න දහස් ගණන් ජනතාව එන්න පටන් ගන්නවා.

මේ අතර ඉන්නවා ක්.යෝතෝ නගරයේදී ඔයිෂි යොෂියෝ බීමතින් මග වැටිල ඉද්දි ඔහුට පයින් ගහපු පුද්ගලයෙක්. ඔහු ඔයිෂි ගේ සොහොන ඉදිරියේ දණ ගහල ඔයිෂී ගෙන් සමාව අයදිනවා. ඉන්පසු එතැනදීම දිවි නසා ගන්නවා. ඔහුගේ සිරුරත් ඒ අසලින්ම මිහිදන් කෙරෙනවා.

තෙරසක නොබුයුකි අවුරුදු 87 වෙනකන් ජීවත් වෙනවා. ඔහු 1747 දී මියගිය පසු ඔහුගේ සිරුරත් මිහිදන් කරන්නේ ඔහුගේ සගයන් සමඟ​.

රෝනින් වරුන් ගේ ආයුධ​, සන්නාහ​, ඔවුන් සංඥා කිරීම සඳහා යොදා ගත්ත බෙරය සහ නළාව අදටත් සෙංගකු-ජි පන්සලේ ගෞරවාන්විතව තැන්පත් කරල තියෙනවා.

යොෂිනක ගේ හිස ලබා ගන්න ඔහුගේ මිතුරන් දෙදෙනෙක් පන්සලට එනවා. ඔවුන් ට හිස ලබා දීමේදී මිතුරන් දෙදෙනා සහ නායක හිමිනම අත්සන් කළ ලියැවිල්ලක් අද වෙනතුරු සෙංගකු-ජි පන්සලේ තියෙනවා.

අසානෝ පවුලේ නම නැවතත් සියළු චෝදනාවන් ගෙන් නිදහස් කරලා ඔවුන්ට තමාගේ ඉඩම් නැවත ලබා දෙන්න ෂෝගුන් වරයා තීරණය කරනවා.

රෝනින් වරු 47 දෙනාගේ සොහොන් අදටත් ජපානයේ ජනතාවගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ ස්මාරක වශයෙන් සැලකෙනවා.

සෙංගකු-ජි පන්සල​

 රෝනින් වරු 47 දෙනා ගේ නම්


1. ඔයිෂි යොෂියෝ
2. ඔයිෂි යොෂිකනේ
3. හරා මොතොතොකි
4. කත​ඕකා තකෆුස
5. හොරිබේ අකිසනෙ
6. හොරිබේ තකෙත්සුනෙ
7. යොෂිදා කනෙසුකෙ
8. යොෂිදා කනෙසද​​
9. චිකමත්සු යුකිෂිගෙ
10. මසෙ මසාකි
11. මසෙ මසතොකි
12. අකබනෙ ෂිගෙකත​
13. උෂියොද තකනෝරි
14. තොමිනොමොරි මසයෝරි
15. ෆුවා මසතනෙ
16. ඔකනො කනෙහිදෙ
17. ඔනොදෙරා හිදෙකසු
18. ඔනොදෙරා හිදෙතොමි
19. කිමුරා සදයුකි
20. ඔකුදා ෂිගෙමොරි
21. ඔකුදා යුකිතකා
22. හයාමි මිත්සුතක​
23. යදා සුකෙතකෙ
24. ඔයිෂි නොබුකියෝ
25. ඉසොගයි මසහිසා
26. හසම මිත්සුනොබු
27. හසම මිත්සුඔකි
28. හසම මත්සුකසෙ
29. නකමුරා මසතොකි
30. සෙංබා මිත්සුතබා
31. සුගයා මසතෝෂි
32. මුරමත්සු හිදෙන​ඔ
33. මුරමත්සු තකන​ඔ
34. කුරහෂි තකෙයුකි
35. ඔකජිම ත්සුනෙෂිගෙ
36. ඕතක තදාඕ
37. යතෝ නොරිකනෙ
38. කත්සුත තකෙතක​
39. තකෙබයෂි තකෂිගෙ
40. මයෙබර මුනෙෆුස​
41. කයිගා තොමොනොබු
42. සුගිනො ත්සුගිෆුස​
43. කන්සකි නොරියසු
44. මිමුරා කනෙත්සුනෙ
45. යකොකවා මුනෙතොෂි
46. කයනො ත්සුනෙනරි
47. තෙරසක නොබුයුකි


Sunday, April 1, 2018

පාදඩ කතා - 2 (ආදර කතා)


(පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට​, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)

අට​

පාදඩයා විදේශගතව හිටපු කාලෙ වෙච්ච සිද්ධියක්.

පාදඩයට සහ උගේ යාළුවෙක්ට එක පාරක් ඒ රටේම රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවියක් ගෙ ෆෝන් නම්බර් එකක් ලැබුනා. ඉතිං අපිත් කම්මැලි වෙලාවට කෝල් කරල පොඩි ෆන් එකක් ගන්නව (කෝල් විතරයි ඈ, එයා හිටියෙ අපි හිටපු තැනට කිලෝමීටර් සිය ගානක් ඈත​).

ඉතිං මේ කාන්තාවියට කෝල් කරාට කවදාවත් දැකල තිබ්බෙ නෑ. ඒ නිසා අපි දවසක් කිව්වෙ පොටෝ එකක් එවන්න කියල​. පොටෝ එකක් ආව​.

පොටෝ එක බලල අපි ආයෙත් කෝල් එකක් ගත්ත​. සංවාදය ඇදිල ගියේ මේ වගේ.

"මොකද්ද බං උඹෙ පිට ලෑලි නෙ? තන් දෙකෙන් වැඩක් ගත්තෙ නැද්ද​?"

"අඩෙ අවංකවම බං. තන් දෙකෙන් නං වැඩක් ගත්තෙ නෑ බං."


නවය​​

මේකත් විදෙස් ගතව ඉද්දි පාදඩයගෙ යාළුවෙක්ට වෙච්ච සීන් එකක්.

අපි හිටපු නගරයේම හිටිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකා අක්ක කෙනෙක්. එයා ඉතිං තනිකමේ පාළුවේ ඉන්න මල්ලිලට හරි අනුකම්පා සහගතයි.

දවසක් අපේ එකෙක්ට සෙල්ලම දාන්න හිතිල අක්කව හොයාගෙන ගියාලු. ඒත් වැඩේ හරි ගිහිල්ල නෑ. ඌට ලැබිල තියෙන්නෙ මේ වගේ ප්‍රතිචාරයක්.

"අනේ අද නං බෑ මල්ලි. අද බීට් රූට්."


දහය​​

මේක පාදඩයගෙ යාළුවෙක්ට සහ උගේ යාළුවෙක්ට වෙච්ච එකක්.

මුං දෙන්න රැකියාවේ අවශ්‍යතාවයකට සිංගප්පූරුවෙ ගිහිල්ල​. ඉතිං වැඩ කටයුතු හමාර කරල කාරිය හවස් වෙලා ගියාලු මසාජ් එකක් දාගන්න​.

මසා ජොයින්ට් එකට ගියාම එතන හිටපු චීන ජාතික නංගිල දෙන්නෙක් මුං දෙන්නව කාමර දෙකකට කැඳවගෙන ගිහිල්ල​. කාමර කිව්වට ඒව කාමර නෙවෙයි. වෙන් වෙලා තිබිල තියෙන්නෙ ස්ක්‍රීන් එකකින්. උඩින් සම්බන්ධයි. ඒ නිසා පෙනුනෙ නැතුවට එහා පැත්තෙ සද්ද ඇහෙනවා.

ඉතිං නංගිල දෙන්න මුන්ට චේන්.ජ් කර ගන්න කියල එළියට ගියාලු. පාදඩයගෙ යාළුව ඇඳුම් ගලවල තුවායක් ඇඳගෙන මසාජ් ටේබල් එකට නගින්න යද්දි එහා පැත්තෙ එකා කතා කරාලු.

"ඒයි මචං"

"මොකද හුත්තො?"

"කලිසමත් ගලවනවද​?"


එකොළහ​​

පාදඩයගෙ යාළුවෙක් එක පාරක් ලංකාවෙ මසා ජොයින්ට් එකකට ගිහිල්ල​. ඒකත් අර සිංගප්පූරු ජොයින්ට් එක වගේ ස්ක්‍රීන් එකකින් වෙන් වෙලා තියෙන කාමර සහිත එකක්.

ඉතිං මසාජ් නංගි මුගේ අතේ ගහන ගමන් එහා පැත්තෙ කාමරේ මසාජ් නංගිත් එකක් හෙන ලොකු කතාවක් ලු. මොකද්දො උංගෙ ගෙදර ප්‍රශ්නයක් ගැන​. මෙලෝ රහක් නැති නිසා මූට නග්ගල තියාගන්නත් මාර ගේමක් දෙන්න වුනාලු.

එක පාරටම එහා පැත්තෙ නංගි මෙහා පැත්තෙ නංගිගෙන් මෙහෙම අහනව ලු.

"ඔයාගෙ එක්කෙනට ගියාද අනේ? මගේ එක්කෙනා නං හරි."

එතකොට මෙහා පැත්තෙ නංගි උත්තර දෙනවලු.

"අනේ නෑ වදේ. තාම නෑ."

අරූ එවෙලෙම ආපහු ඇවිල්ල ගෙදර ඇවිල්ල ඌම අතේ ගහගත්තලු,


 දොළහ​

මේකත් පාදඩයා විදේශගතව ඉද්දි වෙච්ච එකක්.

පාදඩයා හිටපු රටට පාදඩයගෙ කැම්පස් කාලෙ යාළුවෙක් ආව රැකියාවේ අවශ්‍යතාවයකට​. පාදඩයා මූව හොඳට අඳුනන බොක්කෙ ෆිට් එකක්. මූගෙ වෙඩිමටත් ගිහිල්ල තියෙනවා. උගෙ වයිෆ්වත් සාමාන්‍යයෙන් අඳුනනවා.

හැබැයි මූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සල්ලාලයෙක්.

ඉතිං මූ ෆ්ලයිට් එකේ එද්දි ඒකෙ හිටපු ලංකාවෙ කෙල්ලෙක් ටෝක් වෙලා. මූ ඒ රටේ හිටපු සතියක විතර කාලය ඒකිත් එක්ක තමයි ගත කරේ.

සල්ලාලයා වුනාට මී හරකෙක් නිසා මූ ඒකිත් එක්ක එකට ෆොටෝ ගහල ඒව කැමරාවෙම තියාගෙන. ෆොටෝ අපිටත් පෙන්නුව. ඒවයෙ මූයි කෙල්ලයි බදාගෙන ඉන්න ඒව එහෙමත් තියෙනවා. ඉතිං ගෙදර ගිහිල්ල වයිෆ් කැමරාව බැලුවම ෆොටෝ ටික මාට්ටු වෙලා. එක යුද්ධයයි ලු.

ඉතිං මම මේ හාංකවිසියක් දන්නෙ නෑ. මම ඒ රටට වෙලා මගේ පාඩුවෙ ඉන්නව​. ඔහොම ඉද්දි මට මුගෙන් කෝල් එකක් ආව​.

"ආ මචං කොහොමද​? අවුලක් නැතුව ගියාද​?"

"අවුල් හුත්තො කෙළවෙලා ඉන්නෙ"

ඊට පස්සෙ ඌ මට සීන් එක පැහැදිලි කරා.

"දැන් මෙහෙමයි. මම ගෑණිට කිව්වෙ ඒ උඹේ කෙල්ල කියල​. උඹල දවසක් බීච් එකේ සෙල්ලං කරද්දි ඒකියි මායි ගොඩ හිටියෙ එතකොට ගහපු ෆොටෝ වගයක් කියල තමයි කිව්වෙ."

"ඉතිං පකෝ ගෑණි ඇහුවෙ නැද්ද මගේ කෙල්ල උඹත් එක්ක ෆොටෝ ගන්නෙ ඇයි කියල​?"

"ඇහුව බං මම කිව්ව ඒ රටේ කල්චර් එක එහෙමයි කියල​"

"ඉතිං ගෑණි මොකද කිව්වෙ?"

"කැරි සීන් එක බං. ඌගෙ කෙල්ල තමුසෙව බදාගෙන ෆොටෝ ගහනකං බලාගෙන හිටියෙ ඌ පොන්නයෙක් ද කියල ඇහුව බං."

"........................."

"මේ මම උඹේ නම්බර් එක ගෑණිට දුන්න​. දැන් කොයි වෙලේ හරි ගෑණි උඹට කෝල් කරයි. ඒ විදිහටම කියපං ඈ"