දයාබර නැගනියට
රන් මාල පළඳවමි
නුඹට මා කවද හරි
කියා නුඹ රවටන්න
මට නොහැක නැඟනියේ
රන්මාලයක් තියා
කහට තේ උගුරටත්
අතේ සතයක් නොමැති
නුඹෙ අයිය අසරණ ය
කුඩා සන්දියෙ පටන්
නුඹ තමයි මගෙ දිවියෙ
එකම වස්තුව වුනේ
මගේ පොඩි නැඟනියේ
මා මිතුරු කැලට වත්
ඇස ගැටෙන්නට නොදී
ඇසක් ලෙස රැක ගත්තෙ
මා නුඹව නැඟනියේ
මත් කුඩට මුදල් නැති
නිසා නුඹෙ රන් මාල
පොට හොරෙන් අරන් ගොස්
විකුණුවේ බැරිම තැන
අද හෙටම මේ පවිටු
ජීවිතෙන් සමු ගනිමි
ඉන් පසුව නුඹත් මා
මව් පියොත් නිදහස් ය
මා නොමැති ජීවිතේ
නිදහසේ ගෙවන්නට
නුඹට හැකි වේ ඉතින්
කමා වන් නැඟනියේ
No comments:
Post a Comment