Friday, April 13, 2018

පාදඩ කතා - 3 (මල් කතා)


(පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට​, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)

පාදඩයා කූඹියො බලපු හැටි කියවල තියෙනව නෙ. මේත් ඒ වගේ මල් කතා ටිකක්.

එක​


එක පාරක් පාදඩයා කැම්පස් ඉද්දි පාටියකට යන්න සෙට් වුනා. පාටිය හතට විතර පටන් ගන්න නිසා  පාදඩයයි තව එවුන් දෙන්නෙකුයි හයට විතර මල් පූජා කරල පේවුනා.

ඊට පස්සෙ අපි ලෑස්ති වෙන්න මල් පූජා කරන්නෙ නැති එකෙක් ගෙ රූම් එකට ගියා. ඌත් පාටියට යන්න ලෑස්ති වෙනවා. දැන් තියෙන්නෙ ෂර්ට් අයන් කරන වෙලාව​. ඌ කොහෙන් දෝ අයන් එකක් හොයාගෙන ඇවිල්ල (අපි ගාව කොහෙද ඕයි අයන්? අපි ෂර්ට් අයන් කරනවද​?) මට ඒක ප්ලග් කරන්න දීල ෂර්ට් එකක් හොයන්න ගියා.

මමත් අයන් එක ප්ලග් කරා. ටූ පින් ප්ලග් එකක්.

අරූ ෂර්ට් එකක් අරගෙන ඇවිල්ල පුක ඉරාගෙන අයන් කරනව​. ඒත් අයන් වෙන්නෙ නෑ. මොකද අයන් එක රත් වෙලා නෑ. අයන් එකේ අයිතිකාරයට බණිනවා. අයන් එක රත් වෙන්නෙ නැත්තෙ ඇයි කියල අහනවා. අයන් එක කරකව කරකව බලනවා.

එක පාරටම ඌ මෙහෙම ඇහුවා.

"කවුද මේක ප්ලග් කරේ?"

"මම​. ඇයි?"

"මෙහෙමද යකෝ ප්ලග් ගහන්නෙ?"

ප්ලග් එක නියුට්‍රල් එකට සහ අර්ත් එකට ගහල තිබුනා.


දෙක​


එකපාරක් මම කොහෙදෝ ගිහින් හොස්ටල් එකට එද්දි මගේ යාළුවො දෙන්නෙක් හොස්ටල් එක ඉස්සරහ තියෙන කොට තාප්පෙ උඩ වාඩි වෙලා මූණෙන් මූන බලාගෙන ඉන්නව​. තව එකෙක් ටිකක් දුරින් ඉඳගෙන උන් දෙන්න දිහා බලාගෙන ඉන්නව​. තුන් දෙනාම ඉන්නෙ කක්‍ෂගත වෙලා බව බැලූ බැල්මට පේනවා.

"උඹල මොකද මේ කරන්නෙ?"

"අපි ක්‍රිකට් ගහනවා"

ක්‍රිකට් ගැහිල්ලක් තියා බැට් එකක් බෝලයක් වත් පේන තෙක් මානෙක නෑ.

"මොකා?"

"ඔව් මචං අපි මනසින් ක්‍රිකට් ගහනවා"

".........."

"මචං දැන් මූ මනසින් දුවගෙන ඇවිල්ල මනසින් උඩ පැනල මනසින් බෝලයක් දානව​. මම ඒකට මනසින් ගහනව​. මූ මනසින් බෝලෙ අල්ලනව​. මම මනසින් දුවනවා."

උන් දෙන්න ඉන්නෙ මට ළං වෙන්න බැරි තලයක කියල තේරුන නිසා වැඩි විස්තර අහන්නෙ නැතුව මම යන්න හැදුවා. ඒත් අර පැත්තක වාඩි වෙලා ඉන්න එකා මොකද කරන්නෙ කියල අහන්නෙ නැතුව යන්න බැරි තරං කුතුහලය වැඩියි.

"එතකොට අරූ මොකද කරන්නෙ?"

"ඌ තමයි අම්පයර්"


තුන​


මගේ තවත් යාළුවෙක් ගෙ යාළුවෙක් හිටියා (මාත් එක්කත් තරමක් ෆිට්) මල් පූජා කිරීම කලාවක් නං ඌ එකේ පිකාසෝ.

එක පාරක් ඌ තවත් කීප දෙනෙක් එක්ක තණමල්විල පැත්තෙ ගංජ හේනකට ගිහින් ඒකෙ සතියක් විතර නැවතිලා ඉඳල​.

ඊට පස්සෙ ඌ ගෙදර ගියාලු (අනුරාධපුරේ පැත්තෙ එකෙක්). ගෙදර ගිහිල්ල සතියක් දෙකක් යනකං උගෙන් කිසි ආරංචියක් නැල්ලු.

මුගෙන් ආරංචියක් නැති තැන මුගෙ යාළුවො දෙන්නෙක් මූව හොයාගෙන ගෙදර ගිහිල්ල​.

කලින් උගෙ ගෙදර ගිහිල්ල නැති නිසා ගෙවල් ළඟ හන්දියක බැහැල එතන හිටපු ත්‍රීවිල් ඩයල් එකකින් උගෙ නම කියල ඇහුවලු උගෙ ගෙවල් කොහෙද කියල​. එතකොට ත්‍රීවිල් බුවා ඇහුවලු "ආ අර කොහා වගේ කෑගහන එක්කෙනාද​?" කියල​.

ඒ අපබ්‍රංශය මොකද්ද කියල නොතේරුනත් උගෙන් පාර අහගෙන මුන් දෙන්න ගෙදරට ගිහිල්ල​.

බලද්දි ඌ ෆුල් අවුට් ගිහින්. හැමදාම උදේට ගෙවල් ළඟ තියෙන ලොකු නුග ගහකට නැගල කොහෙක් වගේ කෑ ගහනවලු. ඒ මදිවට ඌ හිතාගෙන ඉන්නෙ ඌ බුදු වෙලා කියලලු. සිගරට් එහෙම අතට දුන්නට බොන්නෙ නැල්ලු. පත්තු කරල කටේ තියන්න ඕනෙ ලු.

ඉස්පිරිතාලෙ මානසික රෝගී වාට්ටුවෙ නැවතිල​ මාස දෙකක් ප්‍රතිකාර අරගෙන තමයි යථා තත්වයට පත් වෙලා තියෙන්නෙ.


හතර​


තව යාළුවෙක් ගෙ යාළුවෙක් හිටිය ඌ මල් පූජා කරාම උගෙ පෙම්වතියට පණිවිඩ යවනවා. හැබැයි අපි උඹල වගේ එස්.එම්.එස්. ගහල​, කෝල් කරල නෙවෙයි. ළඟ තියෙන ටෙලිකොම් ටවර් එකකට මනසින් සම්බන්ධ වෙලා චිත්ත තරංග ඔස්සේ.

ඒ වගේ පණිවිඩ යවල සමහර වෙලාවට ඌ ඒ ගෑණු ළමයට තැනක් වෙලාවක් කියල එතනට එන්න කියනවා. ඒ කරල මූ ඒ වෙලාවට එතනට ගිහිල්ල ඒකි එනකං බලාගෙන ඉන්නවා.

බලාගෙන ඉඳල ඉඳල ඒකි ආවෙ නැතිවුනාම කෝල් කරල තිත්ත කුණුහරුපෙන් බණිනවා.

2 comments:

  1. අපේ ගමේ කොල්ලෝ "මල්"පුජා කරලා වෙච්ච කතා දෙකතුනක් මම අහලා තියනවා . ඒවා 80/90 දශකවල සිදුවීම්. මේ කතා ඇත්තද බොරුද කියලා මගෙන් අහන්න එපා.
    ළිං බැම්මක් උඩ දෙන්නෙක් මලක් ගැහුවාලු . පළමුවැන්නා ලිඳේ පිට පැත්තට කකුල් දාගෙන හිටි අතර දෙවැන්නා ළිඳේ ඇතුල් පැත්තට කකුල් දාගෙන ළිං බැම්මේ ඉඳ ගෙනලු වැඩේ කලේ. මල අවසානයේ "එහෙනම් අපි ගෙදර යමු" කියලා පළමුවැන්නා ළිං බැම්මෙන් බහිද්දී දෙවනියාත් "ඔව් රෑ උනා" කියලා බැම්මෙන් බැස්සාලු
    මලක් ගහලා කරවෙලා ඇඳේ බුදියාගෙන හිටපු එකෙක් ඇඳෙන් පහල බලලා ඇඳෙන් බහින්න ඉනිමගක් ඉල්ලුවාලු .
    තවත් එකෙක් කරවෙලා ගෙදර ගියාම අම්මා කිව්වලු "බත් බෙදාගෙන කාපං" කියලා . ඌ බත් මුට්ටිය ඇරියහම ඉහලට නගින හුමාලය දැකලා "බුදු අම්මෝ ,,යකෙක් යකෙක් "" කියලා පැනලා .දිව්වලු
    තව කෙනෙක් (පොඩි) කෝච්චි පාරේ රේල් පීලි දෙකට කකුල් දෙක තියලා කෝච්චිය කකුල් දෙක මැද්දෙන් යනකම් බලා හිටියාලු

    ReplyDelete
  2. මේ ඊයෙ පෙරේස ගිය රස්තියාදුවෙ අපේ උන් දෙන්නනෙක් අඩි 6-7ක් උස ගලක් උඩට වෙලා ගුවන් ගතවලො
    මද්දත් ඉතින් සුරා මේරය මද පමනට ග්ලාස් එකක් දාගද්දිි දෙන්නකේ මද්දෝ................ මද්දෝ.................
    කියල කෑ ගහනව බලද්දි අර මි්‍ත්‍රයොා් දෙන්න
    මමත් ඉතින් මල් වට්ටියට අතගහන්ට කතෙ කරනව කියල හිතන් අඩි දෙකනේ ගලඋඩ
    පළවෙනිය- උඹ කෝමද බං ඔච්චර ඉක්මමන්ට උඩට නැග්ගෙ
    දෙවනිය - ඇයි බං ඔච්චර උඹ උස?
    මද්දා - කෝදියන් පාරක් ෙෙෂාට් එකත් බාගටෙ දාල ආවෙ.
    පළවෙනිය - ඒක ඉරයි බං අපිට මේ බිමට බැහැගන්න බෑ මේක හෙන උසයි ඒකයි කතා කරේ
    මද්දා - කනයිආදසයෙඅන

    ReplyDelete