Sunday, April 1, 2018

පාදඩ කතා - 2 (ආදර කතා)


(පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට​, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)

අට​

පාදඩයා විදේශගතව හිටපු කාලෙ වෙච්ච සිද්ධියක්.

පාදඩයට සහ උගේ යාළුවෙක්ට එක පාරක් ඒ රටේම රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවියක් ගෙ ෆෝන් නම්බර් එකක් ලැබුනා. ඉතිං අපිත් කම්මැලි වෙලාවට කෝල් කරල පොඩි ෆන් එකක් ගන්නව (කෝල් විතරයි ඈ, එයා හිටියෙ අපි හිටපු තැනට කිලෝමීටර් සිය ගානක් ඈත​).

ඉතිං මේ කාන්තාවියට කෝල් කරාට කවදාවත් දැකල තිබ්බෙ නෑ. ඒ නිසා අපි දවසක් කිව්වෙ පොටෝ එකක් එවන්න කියල​. පොටෝ එකක් ආව​.

පොටෝ එක බලල අපි ආයෙත් කෝල් එකක් ගත්ත​. සංවාදය ඇදිල ගියේ මේ වගේ.

"මොකද්ද බං උඹෙ පිට ලෑලි නෙ? තන් දෙකෙන් වැඩක් ගත්තෙ නැද්ද​?"

"අඩෙ අවංකවම බං. තන් දෙකෙන් නං වැඩක් ගත්තෙ නෑ බං."


නවය​​

මේකත් විදෙස් ගතව ඉද්දි පාදඩයගෙ යාළුවෙක්ට වෙච්ච සීන් එකක්.

අපි හිටපු නගරයේම හිටිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකා අක්ක කෙනෙක්. එයා ඉතිං තනිකමේ පාළුවේ ඉන්න මල්ලිලට හරි අනුකම්පා සහගතයි.

දවසක් අපේ එකෙක්ට සෙල්ලම දාන්න හිතිල අක්කව හොයාගෙන ගියාලු. ඒත් වැඩේ හරි ගිහිල්ල නෑ. ඌට ලැබිල තියෙන්නෙ මේ වගේ ප්‍රතිචාරයක්.

"අනේ අද නං බෑ මල්ලි. අද බීට් රූට්."


දහය​​

මේක පාදඩයගෙ යාළුවෙක්ට සහ උගේ යාළුවෙක්ට වෙච්ච එකක්.

මුං දෙන්න රැකියාවේ අවශ්‍යතාවයකට සිංගප්පූරුවෙ ගිහිල්ල​. ඉතිං වැඩ කටයුතු හමාර කරල කාරිය හවස් වෙලා ගියාලු මසාජ් එකක් දාගන්න​.

මසා ජොයින්ට් එකට ගියාම එතන හිටපු චීන ජාතික නංගිල දෙන්නෙක් මුං දෙන්නව කාමර දෙකකට කැඳවගෙන ගිහිල්ල​. කාමර කිව්වට ඒව කාමර නෙවෙයි. වෙන් වෙලා තිබිල තියෙන්නෙ ස්ක්‍රීන් එකකින්. උඩින් සම්බන්ධයි. ඒ නිසා පෙනුනෙ නැතුවට එහා පැත්තෙ සද්ද ඇහෙනවා.

ඉතිං නංගිල දෙන්න මුන්ට චේන්.ජ් කර ගන්න කියල එළියට ගියාලු. පාදඩයගෙ යාළුව ඇඳුම් ගලවල තුවායක් ඇඳගෙන මසාජ් ටේබල් එකට නගින්න යද්දි එහා පැත්තෙ එකා කතා කරාලු.

"ඒයි මචං"

"මොකද හුත්තො?"

"කලිසමත් ගලවනවද​?"


එකොළහ​​

පාදඩයගෙ යාළුවෙක් එක පාරක් ලංකාවෙ මසා ජොයින්ට් එකකට ගිහිල්ල​. ඒකත් අර සිංගප්පූරු ජොයින්ට් එක වගේ ස්ක්‍රීන් එකකින් වෙන් වෙලා තියෙන කාමර සහිත එකක්.

ඉතිං මසාජ් නංගි මුගේ අතේ ගහන ගමන් එහා පැත්තෙ කාමරේ මසාජ් නංගිත් එකක් හෙන ලොකු කතාවක් ලු. මොකද්දො උංගෙ ගෙදර ප්‍රශ්නයක් ගැන​. මෙලෝ රහක් නැති නිසා මූට නග්ගල තියාගන්නත් මාර ගේමක් දෙන්න වුනාලු.

එක පාරටම එහා පැත්තෙ නංගි මෙහා පැත්තෙ නංගිගෙන් මෙහෙම අහනව ලු.

"ඔයාගෙ එක්කෙනට ගියාද අනේ? මගේ එක්කෙනා නං හරි."

එතකොට මෙහා පැත්තෙ නංගි උත්තර දෙනවලු.

"අනේ නෑ වදේ. තාම නෑ."

අරූ එවෙලෙම ආපහු ඇවිල්ල ගෙදර ඇවිල්ල ඌම අතේ ගහගත්තලු,


 දොළහ​

මේකත් පාදඩයා විදේශගතව ඉද්දි වෙච්ච එකක්.

පාදඩයා හිටපු රටට පාදඩයගෙ කැම්පස් කාලෙ යාළුවෙක් ආව රැකියාවේ අවශ්‍යතාවයකට​. පාදඩයා මූව හොඳට අඳුනන බොක්කෙ ෆිට් එකක්. මූගෙ වෙඩිමටත් ගිහිල්ල තියෙනවා. උගෙ වයිෆ්වත් සාමාන්‍යයෙන් අඳුනනවා.

හැබැයි මූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සල්ලාලයෙක්.

ඉතිං මූ ෆ්ලයිට් එකේ එද්දි ඒකෙ හිටපු ලංකාවෙ කෙල්ලෙක් ටෝක් වෙලා. මූ ඒ රටේ හිටපු සතියක විතර කාලය ඒකිත් එක්ක තමයි ගත කරේ.

සල්ලාලයා වුනාට මී හරකෙක් නිසා මූ ඒකිත් එක්ක එකට ෆොටෝ ගහල ඒව කැමරාවෙම තියාගෙන. ෆොටෝ අපිටත් පෙන්නුව. ඒවයෙ මූයි කෙල්ලයි බදාගෙන ඉන්න ඒව එහෙමත් තියෙනවා. ඉතිං ගෙදර ගිහිල්ල වයිෆ් කැමරාව බැලුවම ෆොටෝ ටික මාට්ටු වෙලා. එක යුද්ධයයි ලු.

ඉතිං මම මේ හාංකවිසියක් දන්නෙ නෑ. මම ඒ රටට වෙලා මගේ පාඩුවෙ ඉන්නව​. ඔහොම ඉද්දි මට මුගෙන් කෝල් එකක් ආව​.

"ආ මචං කොහොමද​? අවුලක් නැතුව ගියාද​?"

"අවුල් හුත්තො කෙළවෙලා ඉන්නෙ"

ඊට පස්සෙ ඌ මට සීන් එක පැහැදිලි කරා.

"දැන් මෙහෙමයි. මම ගෑණිට කිව්වෙ ඒ උඹේ කෙල්ල කියල​. උඹල දවසක් බීච් එකේ සෙල්ලං කරද්දි ඒකියි මායි ගොඩ හිටියෙ එතකොට ගහපු ෆොටෝ වගයක් කියල තමයි කිව්වෙ."

"ඉතිං පකෝ ගෑණි ඇහුවෙ නැද්ද මගේ කෙල්ල උඹත් එක්ක ෆොටෝ ගන්නෙ ඇයි කියල​?"

"ඇහුව බං මම කිව්ව ඒ රටේ කල්චර් එක එහෙමයි කියල​"

"ඉතිං ගෑණි මොකද කිව්වෙ?"

"කැරි සීන් එක බං. ඌගෙ කෙල්ල තමුසෙව බදාගෙන ෆොටෝ ගහනකං බලාගෙන හිටියෙ ඌ පොන්නයෙක් ද කියල ඇහුව බං."

"........................."

"මේ මම උඹේ නම්බර් එක ගෑණිට දුන්න​. දැන් කොයි වෙලේ හරි ගෑණි උඹට කෝල් කරයි. ඒ විදිහටම කියපං ඈ"

3 comments: