Wednesday, January 17, 2018

මාලදිවයිනේ පරිපාලනමය බෙදීම්


ඕනෑම රටක් වගේ මාලදිවයිනත් තමාගේ රට පරිපාලනමය පහසුව සඳහා කොටස් වලට බෙදල තියෙනවා.

ප්‍රාන්ත​


මූලික පරිපාලන ඒකකය වෙන්නෙ ප්‍රාන්ත (province). මාලදිවයින ප්‍රාන්ත හතකට බෙදල තියෙනවා. මේ ප්‍රාන්ත පදනම් වෙලා තියෙන්නෙ මාලදිවයිනේ ඓතිහාසික ප්‍රාන්ත බෙදීම් මත​.

ඓතිහාසික ප්‍රාන්ත නම්


1. උතුරු බොදුතිලදුන්මති
2. දෙකුණු බොදුතිලදුන්මති
3. උතුරු මෙදු රාජ්ජේ
4. මෙදු රාජ්ජේ
5. දෙකුණු මෙදු රාජ්ජේ
6. උතුරු සුවාදින්මති
7. දෙකුණු සුවාදින්මති

වර්තමාන ප්‍රාන්ත නම්


1. ඉහළ උතුරු ප්‍රාන්තය​ (Upper North Province)
2. උතුරු ප්‍රාන්තය​ (North Province)
3. උතුරු මධ්‍යම ප්‍රාන්තය (North Central Province)
4. මධ්‍යම ප්‍රාන්තය​ (Central Province)
5. දකුණු මධ්‍යම ප්‍රාන්තය​ (South Central Province)
6. ඉහළ දකුණු ප්‍රාන්තය​ (Upper South Province)
7. දකුණු ප්‍රාන්තය​ (South Province)




අතොළු


ප්‍රාන්ත තවදුරටත් බෙදල තියෙනවා අතොළු (atolls) වශයෙන්. මේවා සොබාවික අතොළු එක්ක පටලගන්න හොඳ නෑ. මේ බෙදීම හුදෙක් පරිපාලනමය අවශ්‍යතා සඳහා කරපු එකක්. මේ පරිපාලනමය අතොළු සමහර විට සොබාවික අතොළු එක්ක සමපාත වෙනවා. සමහර විට නෑ.

පරිපාලනමය අතොළු 21 ක් තියෙනවා. මේවායින් දෙකකට "නගර" (city) කියන විශේෂ තත්වය ලබා දීලා තියෙනවා. ඒ ඒවායේ අධික ජනගහණය සලකලා.

1. තිලදුන්මති උතුරුබුරි
2. තිලදුන්මති දෙකුණුබුරි
3. මිලදුන්මදුලු උතුරුබුරි
4. මිලදුන්මදුලු දෙකුණුබුරි
5. මාලොස්මදුලු උතුරුබුරි
6. මාලොස්මදුලු දෙකුණුබුරි
7. ෆාදිප්පොලු
8. මාලේ අතොළු
9. මාලේ නගරය​
10. අරි අතොළු උතුරුබුරි
11. අරි අතොළු දෙකුණුබුරි
12. ෆෙලිදේ අතොළු
13. මුලාක් අතොළු
14. නිලන්දේ අතොළු උතුරුබුරි
15. නිලන්දේ අතොළු දෙකුණුබුරි
16. කොළුමදුලු
17. හද්දුන්මති
18. හුවාදු අතොළු උතුරුබුරි
19. හුවාදු අතොළු දෙකුණුබුරි
20. ෆුවමුලා
21. අඩ්ඩු නගරය​

හැම අතොළුවකටම කේතයක් දීල තියෙනවා. කේතය විදිහට පාවිච්චි වෙන්නෙ දිවෙහි හෝඩියේ අකුරක්.



2 comments:

  1. මීට පෙර නෑසූ කතාවක් ඉතා වැදගත් තොරතුරු රාශියක් දැන ගත්තා. මාගේ කුඩා කාලයේ, මට මතකයි මාල දිවයිනෙන් ගෙනල්ලා අලෙවි කරපු රසකැවිල්ලක් ගැන. ඒක හරියටම අප දැක ඇති කොළපත් පට්ටයකින් ඔතපු කලු දොදොල් පට්ටයක් වගෙයි, (පටියක් වගේ) නමුත් වෙනසකට තියෙන්නේ එක ළඟ, එක ළඟ තිබෙන ගුලි වගේ තමයි ඒක හදලා තිබුණේ. ඔබ ඒ ගැන යමක් දන්නවද, කරුණාකර පැහැදිලි කරන්න.

    ReplyDelete