Thursday, October 12, 2017

පාදඩයා කූඹියෝ බලපු හැටි


නෑ මේ අර ටෙලි නාට්‍යය බලපු හැටි නෙවෙයි. කාලෙකට ඉහතදී "AntZ" කියල කාටූන් එකක් ආව​. මේ තියෙන්නෙ පාදඩයා ඒක බලපු හැටි.

පාදඩය ඒ කාලෙ හිටියෙ කැම්පස් එකේ. ඒ දවස් වල පාදඩය හොඳ ළමයෙක් නිසා නිති පතා මල් පහන් පූජා කරල තමයි ඉන්නෙ. මේත් ඒ වගේ දවසක්. හවස හයට විතර තවත් යාළුවෙක් එක්ක මලක් පූජා කරල​, සුවඳ දුම් පූජාව පවත්වලා හොස්ටල් එකට ආව​.

කැන්ටිමෙන් ගත්ත මිරින්ඩා බෝතලෙ එක්ක සිගරට් එකක් ගහනකොට තමයි තේරුනෙ දැන් දෙන්නම ඉන්නෙ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙකට ඇතුල් වෙන්න ඔන්න මෙන්න ලෙවල් එකේ කියල.

ඒ දවස් වල අපි ඔක්කොම නිතර සෙට් වෙන "ගුණෙ අයියගෙ කාමරේ" වගේ සීන් එකක් තිබ්බ​. ඒකෙ අයිති කාරය අපේ බැචෙක් වුනාට හිටියෙ ගජේට ඉන්න සින්නෙක්. ඌ ළඟ කොම්පියුටර් එකක් තිබ්බ​. ඒ නිසා තමයි ඔක්කොමල්ල ඒකට සෙට් වෙන්නෙ (ඔව් ඕයි මේ එක්දාස් නවසිය බර ගණං. දැං වගේ හැම කොල්ල බල්ලම කොම්පියුටර් සෙල්ෆෝන් පාවිච්චි කරේ නෑ). ඉතින් අපි දෙන්නත් ගුණෙ අයියගෙ කාමරේට ආව​.

එතන ඉන්නව අපේ බැචෙක් සහ උගේ යාළුවෙක්. යාළුව කැම්පස් නෙවෙයි. ඌ අපේ ඉස්කෝලෙ අපිට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක්. බුදු ෆිට් එකක් නොවුනට සාමාන්‍යෙයෙන් දන්න කියන එකෙක්.

අපි දෙන්න කාමරේට ඇතුල් වුනාම අපේ ඉස්කෝලෙ එකා මට හිනාවක් දැම්ම​. ඒත් මම ඌව ගණං ගත්තෙ නෑ. ලොකු කමකට නෙවෙයි. බ්‍රහ්ම ලෝකෙ ඉඳල මනුස්ස ලෝකෙට ඩිරෙක්ට් කොමියුනිකේෂන් අමාරු නිසා. අපි දෙන්න කතාවක් බහක් නැතුව කොම්පියුටරේ ඔන් කරා.

දැන් කොම්පියුටරේ බූට් වෙනකං අපි දෙන්න ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. අරුන් දෙන්න කටවල් ඇරගෙන අපි දෙන්න දිහා බලාගෙන ඉන්නවා.

බැරිම තැන මගේ බැචා

"මචං මූ උඹලගෙ ඉස්කෝලෙ, උඹ මූව දන්නවද​?" කියල ඇහුව​

අරුන් දෙන්න හිටියෙ අපි දෙන්නගෙ පිටිපස්සෙන්. මම හැරිල උන් දෙන්න දිහාවට මාරුවෙන් මාරුවට බැලුව​.

"නෑ"

මම ආපහු කොම්පියුටරේ දිහා බලා ගත්ත​. අරූ ගෙ මූණ දෙල් වෙලා යනව යාන්තමට පෙනුනත් ඒ වෙලාවෙ ඒක එච්චර ප්‍රශ්නයක් වුනේ නෑ.

කොම්පියුටරේ බූට් වෙන්න ගිය විනාඩි පහක විතර කාලය ඇතුලත ඒ කාමරේ අස්සෙ ආපහු වචනයක් වත් කතා වුනේ නෑ.

"AntZ" දැම්ම​. දැන් අපි දෙන්න ෆුල් සිරාවෙලා "AntZ" බලනවා. බලනවා කියන්නෙ මාරම උනන්දුවෙන්. ඩිස්නි කාටූන් එකක් වුනත් මෙළෝ මගුලක් තේරෙන්නෙ නෑ. කොටින්ම කතාවෙ චරිත ටිකවත් වෙන් වෙන් වශයෙන් අඳුන ගන්න අමාරුයි. ෆුල් සිරා ප්‍රබුද්ධ කාටූන් එකක් වෙන්න ඇති කියල හිතුවා. එක දෙබසක් අහගෙන ඒකෙ තේරුම ප්‍රොසෙස් කරල ඒකෙ යටි පෙළ ගැන හිතල ඒක කතාවට ගලපගන්න උත්සහ කරද්දි දෙබස කිව්වෙ කවුද කියල මතක නෑ. ඒ වුනාට ගේම අතෑරියෙ නෑ. ආපහු ඊළඟ දෙබස වත් අල්ල ගන්නව කියල දිගටම ට්‍රයි කරා.

ඔය ෆිල්ම් එකේ තියෙනවා කූඹි සෙට් එක යුද්ධෙකට යන සීන් එකක්. එතන අහස එහෙම කළු වෙලා හාත්පස අඳුරු වෙලා තියෙද්දි මාචිං සෝං එකකට අනුව පය තබමින් රණ ගී ගයමින් කූඹියෝ දහස් ගානක් එක පෙළට යුධ බිමට යනව තමයි තියෙන්නෙ.

https://www.youtube.com/watch?v=EnULSmNbCuo

මේක ටිකක් වෙලා බලාගෙන ඉද්දි මට කලිසමේ හුජ්ජ යන ගානට බය හිතුනා. බය කියන්නෙ ඩ්‍රැකියුලා ෆිල්ම් එකක් බලද්දි වත් එහෙම බය හිතිල නෑ. උගුර කට ඔක්කොම වේලිලා. ඒත් මේසෙ උඩ තියෙන වතුර බෝතලෙන් වතුර උගුරක් බොන්න වත් අත උස්සන්න බයයි. දත්මිටි කාගෙන බය තද කරගෙන දිගටම බලාගෙන හිටිය​. මුළු ඇඟම දාඩියෙන් පෙඟීගෙන යනවා.

මගේ බැචාට මේ වෙද්දි වැඩේ මීටර්. ඌ අමාරුවෙන් හිනාව නවත්තගෙන අහනවා.

"මොකද්ද බං උඹල ඔය බලන්නෙ? පට්ට සිරා ෆිල්ම් එකක් ද​?"

මගෙ යාළුව ඌට මෙහෙම උත්තරයක් දුන්නා.

"ඔව් බං මේක කූඹි ගුලක කතාවක්"

"මම යන්නං මචං" කියපු අපේ ඉස්කෝලෙ එකා දොරත් ඇරගෙන කාමරෙන් ගියා. අපේ බැචත් ඌත් එක්ක ගියාද කියල මට දැන් නිච්චි නෑ.



No comments:

Post a Comment