මාලදිවයිනේ දූපත් තියෙන්නෙ පොකුරු විදිහට. මේ දූපත් පොකුරක් දිවෙහි බසින් හැඳින්වෙන්නෙ "අතොළු" කියල. පොදුවේ කොරල් දූපත් පොකුරු හැඳින්වෙන ඉංග්‍රීසි යෙදුම වන "ඇටොල්" (atoll) හැදිල තියෙන්නෙ ඒකෙන්.
අතොළු හැදෙන හැටි
අතොළුවක් හැදෙන්නෙ පියවර පහකින්.
1. මුහුදෙන් ඉහලට මතුවුන ගිනිකඳු දූපතක් (volcanic island) තමයි අතොළුවක ආරම්භක පියවර.
2. ගිනිකඳු දූපත වටේට කොරල් පරයක් හැදෙන්න ගන්නවා. ඒ අතර ගිනිකඳු දූපත හෙමින් ගිලා බහිනවා.
3. දූපත ගිලා බහිද්දි කොරල් පරය ක්‍රමයෙන් දූපතෙන් ඈත් වෙනවා. එතකොට දූපත සහ කොරල් පරය අතර නොගැඹුරු කලපුවක් (lagoon) නිර්මානය වෙනවා.
4. දූපත සම්පූර්නයෙන්ම මුහුදේ ගිලා බහිනවා. මුහුදෙන් උඩ ඉතුරු වෙන්නෙ කොරල් පරය විතරයි. දූපත තිබුන තැන ඉතුරු වෙන්නෙ නොගැඹුරු කලපුවක්.
5. සමුද්‍ර ඛාදනය නිසා කොරල් පරය තැනින් තැන මුහුදට යට වෙලා දූපත් වළල්ලක් හැදෙනවා. මේ දූපත් වළල්ල තමයි අතොළුවක් විදිහට හඳුන්වන්නේ.
මාලදිවයිනේ අතොළු
මාලදිවයින සමන්විත වෙන්නෙ සොබාවික අතොළු 26 කින්.
1. ඉහවන්දිප්පොලු
2. තිලදුන්මති
3. මාමකුණුදූ
4. එත්තිංගිලි - අලිෆුෂි
5. මාලොස්මදුලු උතුරුබුරි
6. ෆස්දූතෙරේ
7. මාලොස්මදුලු දෙකුණුබුරි
8. ගොයුදූ
9. ෆාදිප්පොලු
10. කාෂිදූ
11. ගහාෆරු
12. මාලේ උතුරුබුරි
13. මාලේ දෙකුණුබුරි
14. තොඩ්ඩු
15. රස්දූ
16. අරි
17. ෆෙලිදේ
18. වට්ටරු
19. මුලාකු
20. නිලන්දේ උතුරුබුරි
21. නිලන්දේ දෙකුණුබුරි
22. කොළුමදුලු
23. හද්දුන්මති
24. හුවාදූ
25. ෆුවාමුලා
26. අඩ්ඩු
අතොළුවක ප්‍රමානය මනින ක්‍රම තුනක් තියෙනවා. එක අතොළුවේ දිග - පළල. දෙක අතොළුව මගින් මායිම් වන කලපුවේ වර්ගඵලය. තුන අතොළුවට අයත් දූපත් වල ගොඩබිම් වර්ගඵලය. මේ ක්‍රම තුනටම බැලුවත් ලෝකයේ විශාලම අතොළු කීපයක්ම තියෙන්නෙ මාලදිවයිනේ.
පාදඩ තුමනි, ඔබතුමාගේ දිවෙහි රාජ්ජේ කතා පෙලේ කියවුනේ කොයි කොයි අතොලු ගැනද? මේ ඔක්කොගෙම මිනිස්සු ඉන්නවද? අඩ්ඩු අතොල්ල වගේ එව්වා ගාල්ලට ද ළඟ මාලේ වලටද? ස්තූතියි ඔබේ ලිපියට.
ReplyDeleteමේක කියවන්න පටන්ගන්නකොටම මට ලොකු මල්ලි මතක් උනානේ! හෙහ් හෙහ්.. මට හිතුනා ලොකු මල්ලී මේ ගැන හොඳටම උනන්දු වෙයි කියල. මේ කියල බලනකොට මෙන්න කොමෙන්ට් කරලා! නියමයිනේ....
Deleteසුද්දො රට කරවන කාලෙ, මාලෙ වැසියෝ වෙළදාම සඳහා ඔරුවලින් ගාල්ලට ආ බව අපේ පැරන්නො කියනව, මා අසා තියනව. මතක විදිහට, ඔවුන් ගෙනැල්ල තියන්නෙ උම්බලකඩ සහ බොන්ඩි-අලුවා කියල දෙයක්.
Deleteෆියලා බොලා ඔඩි දුව්වි (ෆියලා ගේ හිස දෙසට ගමන් කරනු!) කතාවෙ බොදු නියාමි තකුරුෆානු අරි අතොළුවේ කෙනෙක්.
ReplyDeleteගස යට තිබූ හිස්කබල කතාව "උතුරු දිග දූපතක" වුනා කියල කියන්නෙ.
ලේ බිඳිති කතාවත් අරි අතොළුවේ
හෙරා ගෙ කතාව උතුරු මාලේ අතොළුවේ (මාලේ දූපතේ)
හන්ඩි දොන් කමනා කාෂිදූ දූපතේ
තෙලෙබගුදි කෝයේ (කැවුම් කෙල්ල) මාලේ දූපතේ
අඩ්ඩු ඉඳල මාලෙට කිලෝමීටර් 539
ReplyDeleteඅඩ්ඩු ඉඳල ගාල්ලට කිලෝමීටර් 1080
ඔව් - හැම අතොළුවේම මිනිස්සු ඉන්නවා. හැබැයි හැම දූපතේම නෙවෙයි.
//ඔව් - හැම අතොළුවේම මිනිස්සු ඉන්නවා. හැබැයි හැම දූපතේම නෙවෙයි// ?????????????
ReplyDeleteඅතොළුවක් කියන්නෙ දූපත් ගණනාවක එකතුවක්
ReplyDeleteවටිනා තොරතුරු රැසක්....
ReplyDeleteඔබට බෙහෙවින්ම ස්තුතියි! ඔබගේ වටිනා කාලය වැය කරමින්...... මෙවන් තොරතුරු අපවෙත දැනගැනීමට සලස්වනවට.
ගංගා ඇලදොළ නොමැති, මුහුදු මට්ටමේ පවතින; මෙවන් කුඩා දුපත් වාසීන්ගේ පරිබෝජනය පිණිස අවශ්‍ය ජලය එකල (තාක්ෂණික දියුණුවක් නොමැති මුල් අවදියේදී), ලබා ගත්තේ කෙසේදැයි කියා දැනගැනීමේ කුකුසක් ඇතිවුණා...
(වර්තමානයේ නම් බොහෝ විට මුහුදු ජලයේ ලවණතාවය ඉවත් කොට බීමට සුදුසු ජලය බවට පත් කර ගන්නවා ඇති)
මුහුදු මට්ටමේම වාගේ පවතින (බුමදානය පමණක්ම කරන මුස්ලිම් ජාතිකයන් වෙසෙන) මාලදිවයිනේ වෙසෙන්නන් මියගිය පසු බුමදාන කටයුතු සදහා ජලය කාන්දු නොවන අයුරු වලවල් කපා සකස් කර ගන්නේ කෙසේද ... වැසිකිලි ආදිය සදහා අවශ්‍ය වලවල් ජලය නොපිරෙන අයුරු කපා ගන්නේ කෙසේද වැනි කරුණු දැනගැනීමේ ආශාවක් ඇතිවුණා.
ඔබට ඉඩකඩ ලැබෙන පරිදි ඉහත තොරතුරු දැනගැනීමට, අප හට අවස්ථාවක් ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමි.