මාළිගාවේ ඇඳ මකුණා
බොහෝම ඉස්සර කාලේ දිවෙහි රාජ්ජේ රදුන් ගෙ මාළිගාවේ රදුන් ගේ ඇඳේ ඇඳ මකුණෙක් වාසය කලා. මේ ඇඳ මකුණා බොහොම උගත්, නැණවත්, ආචාරශීලී සතෙක්.
එක දවසක් උදේ මැක්කෙක් මාළිගාවට ඇතුල් වුනා. මැක්කා පැනගෙන පැනගෙන යද්දි රදුන් ගේ ඇඳට පැන්නා. මැක්කා දැක්කා ඇඳ මකුණව.
"කොහොමද සහෝදරයා. මම ආවේ එළියේ වීදියේ ඉඳල. එහෙ හොඳටම රස්නෙයි. දූවිලි පිරිලා. මට හරිම මහන්සියි."
"එහෙනම් විවේක ගනිං යාළුවා. මේක බොහොම සුවපහසු ඇති තැනක්. මෙතන කවදාවත් රස්නෙ නෑ. කිසි සද්දෙකුත් නෑ."
"මට උඹත් එක්ක මෙතන ටික දවසක් ඉන්න පුළුවන් ද?"
මැක්කා එහෙම ඇහුවා. ඇඳ මකුණා උත්තර දුන්නෙ රහසින්.
"උඹට පේනවද? මේ ඇඳේ වෙන මකුණො නෑ. රදුන් ගේ සේවකයෝ බොහොම හොඳින් කාමරය සුද්ද කරනවා. ඒත් මම බේරිල ඉන්නෙ මම බොහොම පරිස්සමෙන් වැඩ කරන නිසා. උදාහරණයකට, මම එළියට එන්නෙ කවුරුත් පේන්න නැත්තං විතරයි. උඹටත් මෙහෙ ඉන්න ඕනෙ නං බොහොම පරිස්සමෙන් ඉන්න වෙයි. නැත්තං වැඩ වරදියි. මම කියන දේ හොඳට අහගනිං. හැම වෙලේම මම කියන විදිහට වැඩ කරපං. එතකොට අපි දෙන්නටම ගොඩක් කල් මෙතන ඉන්න පුළුවන්."
මැක්කා බොහොම සතුටින් ඒක පිළිගත්තා. ඇඳ මකුණා ඉන්න ඕනෙ විදිහ විස්තර කරද්දි මැක්කා බොහොම උවමනාවෙන් අහගෙන හිටියා.
"රදුන් බොහොම උසස් කෙනෙක්. අපි එතුමට ගරු කරන්න ඕනෙ. එතුමා නිදාගන්න ආවම මම කිසි සද්දයක් නොකර එතුමාට හොඳටම නින්ද යනකං බලාගෙන ඉන්නවා. එතුමාට හොඳටම නින්ද ගියාට පස්සෙ මම එතුමගෙ ඇඟේ එක තැනක් විතරක් දෂ්ඨ කරල අඩුත් නැති, වැඩිත් නැති ලේ ප්‍රමානයක් බොනවා. මේ විදිහට වැඩ කරාම එතුමට හොඳට නින්ද යනවා. එතුමා මම ඉන්න බවක් වත් දන්නෙ නෑ. තේරුණාද?"
"ඔව්"
ඇඳ මකුණගෙ බුද්ධිය ගැන පුදුම වෙමින් මැක්කා කිව්වා. මැක්කා ඒ විදිහට ඉන්න පොරොන්දු වුනාට පස්සෙ දෙන්නම ඇඳේ ලෑලි අතරෙ හැංගිලා රෑ බෝ වෙනකං බලාගෙන හිටියා.
රෑ වුනාම රදුන් නිදාගන්න ආව. ටික වෙලාවකින්ම ඔහු නින්දට වැටුනා. මැක්කා ලේ බොන්න යන්න උත්සහ කරත්, ඇඳ මකුණා ඒක වැලක්වුවා. ඇඳ මකුණා බොහොම ඉවසීමෙන් බලාගෙන හිටියා.
"මට කොච්චර බඩගිනියි ද? දැන් නං බලාගෙන හිටිය හොඳටම ඇති."
එහෙම හිතපු මැක්කා එක පාරටම රජතුමාගෙ ඇඟට පැනලා දෂ්ඨ කලා. ඇඳ මකුණට ඌ වලක්වන්න වෙලාවක් ලැබුනෙ නෑ. ලේ රසයෙන් මත් වුන මැක්කා කීප පොළක් ම දෂ්ඨ කරලා ලේ උරා බිව්වා.
එක පාරටම රදුන්ට ඇහැරුනා. ඔහුගේ ඇඟ හැම තැනම පළු දාලා. ඒවා කසමින් ඔහු තමාගේ සේවිකාවන්ට කතා කලා. පහන් දල්වාගෙන සේවිකාවෝ දුවගෙන ආවා. රදුන් ඔවුන්ට කිව්වා ඇඳේ ඉන්න සතෙක් තමන්ට දෂ්ඨ කල බව. සේවකයෝ ඇඳ පරික්‍ෂාකරල බැලුවා. එක සේවිකාවකට ඇඳේ ලෑලි දෙකක් අතරෙ හැංගිල හිටපු ඇඳ මකුණව දකින්න ලැබුනා. ඇය ඉලෝෂි (ඉරටුවකින්) ඇඳ මකුණව එළියට ගත්තා. රදුන් ඇඳ මකුණව දැකපු ගමන් ඌව මරා දාන්න අණ දුන්නා. සේවිකාව ඇඟිලි දෙකෙන් පොඩි කරලා ඇඳ මකුණව මැරුවා.
සේවිකාව ගේ ඇඟිලි දෙකට අහුවෙලා ඇඳ මකුණා පොඩි වෙලා යන හැටි මැක්කා අසල තිබුන මේසයක් උඩට වෙලා බලාගෙන හිටියා. ඇඳ මකුණා මිය ගියේ තමාගේ මෝඩකම නිසා බව මැක්කට වැටහුනා. මැක්ක ගොඩාක් පසුතැවීමෙන් රදුන් ගේ නිදන කාමරයෙන් එළියට පැන්නා.
ඌ දිගටම පැන පැන මාළිගයෙන් එළියට ගියා. ඒත් ඒ වෙද්දි පසුතැවෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න ඉතිරි වෙලා තිබ්බෙ නෑ෴
- කතාව කිව්වේ හිරුන්දුගේ දොන් කොක්කෝ (මාලේ දූපත). දොන් කොක්කෝ මාලේ රජ මාළිගයේ ලාම්පු දල්වන්නා විදිහට රාජකාරිය කළ අයෙක්.
අටුවාව
1. රදුන්
රජතුමා. මාලදිවයිනේ පාලකයා දිවෙහි බසින් හැඳින්වුනේ "රදුන්" කියලා. මාලදිවයිනේ පාලකයන් ඉස්ලාමය වැළඳගත්තට පස්සෙ ඔවුන් "සුල්තාන්" කියන පදවිය භාවිතා කලා. ඒත් සාම්ප්‍රදායික දිවෙහි ක්‍රමයටත් තමාව හඳුන්වා ගත්තා.
උදාහරණයකට 1306 ඉඳලා 1341 වෙනකං මාලදිවයින පාලනය කළ පාලකයා ඉස්ලාමීය ක්‍රමයට "සුල්තාන් අබ්දුල් ෆාත් ජලාලුදීන් ඔස්මාර්" ලෙසත් දිවෙහි ක්‍රමයට "වීරු සිරි ලෝකාභරන මහා රදුන්" ලෙසත් හැඳින්වුනා.
වීරු සිරි කියන්නෙ වීරසිරි කියන නමින් බිදිලා ගිය වචනයක්ද? දිවෙහි බස හා සිංහල බස අතර සමාන කම් ටික ගැනත් ලිව්වොත් පිං.
ReplyDeleteවීර ශ්රී කියන එක
Deletekiyewwemi...
ReplyDeleteපංචතන්ත්‍ර ආභාශයෙන්?
ReplyDeletehttp://mocomi.com/panchatantra-the-louse-and-the-bedbug/
රදුන් බුදියන්නේ කවිච්චියකද?
ReplyDelete