Monday, October 23, 2017
ලෙනින් ජාතීන් ගේ ස්වයං නිර්නන අයිතිය ගැන
ලෙනින් 1914 මැයි තීසිසය (ජාතීන් ගේ ස්වයං නිර්නන අයිතිය ගැන) ලියන්නෙ නෝර්වේ ස්වීඩනයෙන් වෙන්වීම සහ පෝලන්තය ජර්මනියෙන් වෙන්වීම ගැන සමාජවාදී කඳවුරේ ඇති වුන විවාද සම්බන්ධයෙන් ඒ අදහස් රුසියානු අධිරාජ්‍යයේ සුළු ජාතීන් ගේ ස්වයං නිර්නන අයිතියට ගලපමින්.
මෙහිදී ජර්මන් කොමියුනිස්ට් වාදිනියක් වුන රෝසා ලක්සම්බර්ග් මේ වෙන්වීමට කොමියුනිස්ට් වාදීන් සහය නොදිය යුතුයි කියන මතයේ හිටියා. ඒ කොමියුනිස්ට් වාදීන් ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයකට සහය නොදිය යුතුයි කියන අරුතෙන්.
නමුත් මෙහිදී ලෙනින් ඊට එරෙහිව යමින් වෙන්වීමට සහය පළ කලා. ඒ කාල් මාක්ස් කලකට පෙර අයර්ලන්ත විමුක්තිකාමීන් ගේ වෙන්වීමේ ව්‍යාපාරයට සහය දීමේ දී පළකල අදහස් ගුරුකොට ගනිමින්.
මෙහිදී ලෙනින් ගේ තර්කය වෙන්නේ වෙන්ව යාමකදී අදාල දෙපාර්ශවයේම නිර්ධන පන්ති ව්‍යාපාරය ශක්තිමත් වන්නේ නම්, එම අවස්ථාවේදී කොමියුනිස්ට් වරු වෙන්ව යාමට සහය පළ කල යුතු බවයි. මෙහිදී ඔහු නෝර්වේ ස්වාධීන රටක් වීමෙන් නෝර්වේ සහ ස්වීඩනය යන දෙරටේම නිර්ධන පන්ති ව්‍යාපාරයන් ශක්තිමත් වූ බව පෙන්වා දෙනවා.
ඔහු තමාගේ තීසිසය අවසානයේදී ඉතා පැහැදිලිව සඳහන් කරනවා මෙහෙම :
"මේ අවස්ථාවේදී රුසියානු නිර්ධන පන්තිය මුහුණ දෙන තත්වය පැති දෙකකින් සමන්විතයි. එක පැත්තකින් ඔවුන් සියළු ජාතිකවාදීන්ට එරෙහිව කටයුතු කළ යුතුයි - විශේෂයෙන්ම රුසියානු ජාතිකවාදීන්ට. සියළුම ජාතින්ට ඇති සමාන අයිතිවාසිකම් සහ සියළුම ජාතීන්ට ඇති ස්වයං නිර්නන අයිතිය පිළිගත යුතුයි. අනෙක් පැත්තෙන් ඔවුන් සියළුම ජාතීන් අතර ඇති සියළුම ආකාරයේ ජාතිකවාදී ව්‍යාපාරයන්ට එරෙහි වීමෙන් නිර්ධන පන්ති අරගලයේ එක්සත් බව රැක ගත යුතුයි. ජාතීන් වශයෙන් වෙන්වීමේ ධනපති අභිලාෂයන් පරාජය කරමින් සියළුම ජාතීන් අතර නිර්ධන පන්ති ව්‍යාපාරයන් තදින් එකට බැඳුනු අන්තර්ජාතිකවාදී එක ව්‍යාපාරයකට එක්සත් කළ යුතුයි."
දැන් අපේ "කාල්" මාක්ස් ල දෙමළ බෙදුම්වාදයට සහය දෙන්නෙ මේකෙ පළවෙනි කෑල්ල විතරක් අල්ලගෙන. ලෙනින් මෙතනදි ඉතා පැහැදිලිව කියනව මේ වෙන්වීමේ ව්‍යාපාර වලට සහය දෙන්න ඕනෙ නිර්ධන පන්ති අරගලය ශක්තිමත් කිරීමේ පදනමෙන් පමණයි කියල. ලංකාවෙ දෙමළ බෙදුම්වාදයෙන් නිර්ධන පන්ති අරගලය ශක්තිමත් වෙන හැටි අහගන්න වෙන්නෙ ලෙනින් ගෙ කිරි අප්පොච්චි ගෙන්.
අනිත් වැදගත් දේ තමයි ලෙනින් මෙතන "ජාතියක්" කියල හඳුන්වන්නේ පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් භූමියක දීර්ඝ කාලයක් තිස්සේ තමාගෙ සංස්කෘතික අනන්‍යතාවයක් ගොඩ නංවා ගත්ත පෝලන්ත, නෝර්වේ, අයිරිෂ් වගේ ජනවර්ග.
ලංකාවෙ දෙමළ ජනවර්ගයට එහෙම තත්වයක් තියෙනවද? ලංකාවෙ වර්තමාන දෙමළ ජනගහණයෙන් 55% ජීවත් වෙන්නෙ ඔවුන් ගෙ ඊනියා නිජබිමෙන් පිට.
ලෙනින් ගෙ කාලෙ රුසියාවෙත් හිටිය ඒ වගේ විසිරුනු ජන වර්ගයක්. ඒ යුදෙව්වෝ. යුදෙව්-සමාජවාදී ව්‍යාපාරයක් තිබ්බ ඒ කාලෙ "යුදෙව් බුන්ඩ් (Jewish Bund)" කියල. ඔවුන් රුසියාවෙ යුදෙව් ජාතික කම්කරුවන් ව නියෝජනය කලා. ඔවුන් ලෙනින් ගේ සමාජ - ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්‍ෂය ඇතුලේ "ස්වයංපාලිත" කන්ඩායමක් වශයෙන් කටයුතු කරන්න අවසර ඉල්ලුවා. ලෙනින් ඔවුන්ට පුකට බූවල්ලෙන් ගහල පක්‍ෂයෙන් පැන්නුවා.
ඔවුන්ව පුකට බූවල්ලෙන් ගහල පැන්නුවට පස්සෙ 1916 දී යුදෙව් කම්කරුවන් අමතා ලෙනින් ඉදිරිපත් කළ ලියැවිල්ලක ඔහු මෙහෙම කියනවා.
"යුදෙව් බුන්ඩ් සංවිධානය යුදෙව් සහ යුදෙව් නොවන කම්කරුවන් එකසත් කිරීම වෙනුවට ඔවුන් බේද කිරීමට කටයුතු කලා. පක්‍ෂ සමුළුවේදී ඔවුන් යුදෙව්වන් වෙනම ජාතියක් බව ප්‍රකාශ කලා"
(Instead of trying to draw the Jewish and the non-Jewish workers closer together, the Bund embarked upon a policy of weaning the former away from the latter; at its congresses it claimed a separate existence for the Jews as a nation.)
ලෙනින් අද හිටිය නං දෙමළ බෙදුම්වාදය්ට කත් අදින මේ "කාල්" මාක්ස් ලටත් පුකට බූවලු පාර තමයි.
Subscribe to:
Post Comments (Atom)
ස්වයං නිර්නන අයිතිය කියන්නේ ධනවාදී අදහසක්, සංකල්පයක් . මේකට ලෙනින් සහයෝගය දුන්න පැවති අවස්ථවට අනුව. ස්වයං නිර්නන අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානප්‍රඥප්තියේ තියෙනවනේ ලියල.
ReplyDelete