(පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)
එක
මේක අපි ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච සීන් එකක්. මොකද්දෝ වැඩකට ඉස්කෝලෙ ඇරිල මාළිගාවෙ ඇත්තු බඳින තැන හිටිය අපි. ඒ කාලෙ මාළිගාව ඉස්සරහ පාර වහල නෑ.
ට්‍රිප් එකක් යන බස් එකක් වැව රවුම පැත්තෙ ඉඳල ඇවිල්ල තරුණ බෞද්ධ සමිතිය ඉස්සරහ නැවැත්තුව. ඒ බස් එක පිටිපස්සෙ රතු පාට පොඩි කාර් එකකුත් කඟවේන වගේ ඇවිල්ල නැවැත්තුව. ඒකෙන් බැස්ස පොඩි මැරවර පෙනුමක් තියන ඩයල් එකක්. ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක ඇරල. ලොකු චේන් එකක් කරේ. සරම කැහැපොට ගහල.
බැහැපු ගමන් ගියා අර බස් එකේ ෆුට් බෝඩ් එකේ හිටපු කොල්ලො සෙට් එක ළඟට. උන්ට හොඳටම බැන්න. උං වැව රවුමෙන් එන ගමන් පාරෙ හිටපු මහමායා එකේ කෙල්ලො වගේකට මොනාදෝ කියල. අරූ හොඳටම බැන්න. මේක නුවර. මේ තියෙන්නෙ දළදා මාළිගාව. තොපේ ගමේ වගේ සත්තු විදිහට ඉන්න බෑ මේකෙ. අරකද. මේකද. ඔක්කොම කියල බැන්න.
බැනල ඉවර වෙලා ඌ ආපහු කාර් එක දිහාවට යන ගමන් මෙහෙම කියනවා.
"හැසිරෙන්න ඉගෙන ගනිං. පකයා."
දෙක
මේක අපි කැම්පස් ඉද්දි වෙච්ච සීන් එකක්. ඒ කාලෙ අපි සිගරට් බොන්න යන කඩයක් තිබ්බ. ඒ කඩේ කරේ නේවි එකේ හිටපු අයිය කෙනෙක්. ෆුල් ආතල් බුවෙක්. අපිත් එක්ක හෙන ෆිට්. අපි පොරගෙ කඩේට ඇවිල්ල පැය ගණං ලැගල ඉන්නවට පොරගෙ කිසි විරෝධයක් නෑ.
දවසක් අපි කඩේ ඉන්නව. කඩේ පුරෝල සෙනඟ. බිත්තියක එල්ලල තිබ්බ කැලෙන්ඩරයක්. ඒකෙ පින්තූරෙ තිබ්බෙ දකුණු ඉන්දියානු නිළියක්. දකුණු ඉන්දියානු නිළියක් කිව්වම දන්නවනෙ ඉතින්. හැට්ටය සහ සාරිය අතර වියත් තුනක් විතර එළියෙ.
මම මොකද්දෝ කල්පනාවක් දාගෙන ඉන්න ගමන් ඔය කැලෙන්ඩරේ දිහා බලාගෙන ඉඳල තියෙන්නෙ. මම දන්නෙත් නෑ.
කඩේ අයිය එක පාරටම මුළු කඩේටම ඇහෙන්න මෙහම අහපි.
"ආ මල්ලී...... බරිය බුලනව වගේ...."
තුන
අපි කැම්පස් ඉද්දි අපේ බැච් එකේ එකෙක් තව බැච් දෙකක් විතර ජූනියර් බැච් එකේ කෙල්ලෙක්ට සීන් කරා. මූ නිකං කාලගෝලයා වගේ වුනාට ඒ කෙල්ල හා පැටියෙක් වගේ අහිංසකයි. හුරුබුහුටියි. සුදුයි.
දවසක් ඌයි මමයි ඒ කෙල්ලගෙ බැච් එකේ කොල්ලෙකුයි කැන්ටිමේ ඉන්නකොට අර කෙල්ල ඇවිල්ල මොනාදෝ අරගෙන ගියා. සීන් කරන එකා ආලයෙන් මුසපත් වෙලා බලාගෙන ඉන්නවා.
එතකොට කෙල්ලගෙ බැච් එකේ එකා කියනව මෙහම.
(කෙල්ලගෙ නම සමල්කා කියල හිතමු)
"මචං අපේ බැච් එකේ වෙන කෙල්ලො මතක් කරල අතේ ගහද්දි පැය බාගයක් විතර ගහන්න ඕනෙ. හැබැයි සමල්ක මතක් කරල ගහද්දි දෙක හොල්ලනකොට විදිනව බං."
අරූ වලක් කපාගෙන වැළලෙනව දැක්ක.
හතර
මම ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් යන්න කලින් ගන්දබ්බ අවධිය ගත කරද්දි වෙච්ච වැඩක්.
මොකද්දෝ වැඩකට නුවර ටවුමට ගියා. ටවුමෙ ඉන්නකොට අපේ ඉස්කෝලෙ අපේ පන්ති වල එවුන් සෙට් එකක් හම්බුනා. ඉස්කෝලෙ කාලෙ හොඳ යාළුවො නොවුනත්, කාලෙකින් දැකපු නිසා නැවතිල කතා කරා.
උං ඔක්කොම නස්තාර් වෙන්න රා ගහල හිටියෙ. වෙලාව දවල් දොළහට විතර ඇති. දැන් මුං කරන්න දෙයක් නැතුව ඔහේ ඇවිද ඇවිද ඉන්නවා. උං ටික මාළිගාව පැත්තට ගියා. මමත් උං එක්කම ගියා.
දැන් අපි මාළිගාව ඉස්සරහින් වැව රවුමෙ ඇවිදගෙන යනවා. අර මාළිගාවට කෙලින්ම වැව අස්සෙ තට්ටු දෙකේ පරණ ගොඩනැගිල්ලක් තියෙන්නෙ. හරියටම ආන්න එතන. එතන ඉන්නව ට්‍රිප් එකක් ආපු කොල්ලො සෙට් එකක්. උං ළඟ කොංගෝ එකක් තිබුන.
අපේ සෙට් එකෙ එවුන් ටික අරුන්ට සෙට් වෙලා කොංගො එක ගහල සින්දු කියන්න ලෑස්තිය. උන්ට තේරුන වැඩේ වාතයක් වේගෙන එන්නෙ කියල. උං එක එක ඒව කියල ෂේප් වෙලා යන්න බලනවා.
"බෑ මචං මේ මාළිගාව ඉස්සරහ සින්දු කියන එක හරි නෑ නෙ"
අපේ සෙට් එකේ එකෙක් හිටිය පිස්සු බල්ල කියල. ඌ මෙහෙම යෝජනාවක් දැම්මා.
"හරි මචං ඒනං අපි මගේ රටට දළදා හිමි සරණයි කියමු"
"බෑ මචං අපි මේ අනාත වෙලා ඉන්නෙ. අපේ සල්ලි ටික නැති වෙලා. අපිට ආපහු යන්න සල්ලි නැතුව ඉන්නෙ."
"අයියෝ මචං ඕකත් ගේමක් ද? පොලිසියෙ අංකල් කෙනෙක්ට කියපං. ඩාං ගාල ගතම් එක හොයල දෙයි."
'පටාස්' ගාල සද්දයක් ඇහුනා.
පොලිස් රාළහාමි කෙනෙක් අපි පිටිපස්සෙ ඉඳල. පොර පිස්සු බල්ලගෙ කණට ගහපු සද්දෙ තමයි අපිට ඇහුනෙ.
පිස්සු බල්ල ආපහු හැරුනෙ ස්ලෝ මෝෂන් එකේ.
"ඇයි ඔයා මට ගාන්නේ? මම ඔයාට අංකල් නෙ කිව්වෙ. මම ඔයාට කොච්චිය කිව්වෙ නෑ නෙ."
"තොගෙ අම්මට..." කියල රාළහාමි පිස්සු බල්ලගෙ බෙල්ලෙන් අල්ල ගන්නව දැක්ක.
අපි හැමෝම හිස් ලූ ලූ අත පැනල ගියා.
පස්සෙ ආරංචි වුනා පිස්සු බල්ලව කාමරේකට දාගෙන හොඳටම නෙළපු බවත්, ඌ මාසයක් විතර යනකං ශරීරයේ විවිධ ස්ථාන වල කැක්කුම් වලින් පෙලුන බවත්.
පහ
මේ කතාව පාදඩයා පිට රටක හිටපු කාලෙ වෙච්ච වැඩක්. අපි වැඩ කරපු ඔෆිස් එකේ ලංකාවෙ එවුන් හතක් අටක් හිටියා. අපි හැමෝම හොඳටම ෆිට්.
මේ අතරෙ හිටිය ඩයල් එකක්. අපි පොරගෙ නම ජයලත් කියල හිතමු. පොර අපිට වඩා අවුරුදු පහක් විතර වැඩිමල්. අපි පොරට කියන්නෙ ජයලත් අයියා. ජයලත් අයියගෙ නමේ "දෑල බණ්ඩාර" කියල කෑල්ලක් තියෙනවා. හැබැයි කවදාවත් අපිට වංසෙ දාල නෑ. හරි හොඳයි.
තව එකෙක් හිටිය අපේ හොඳ ෆිට් එකක් උගේ නමේ "මුදියන්සෙ" කෑල්ලක් තියෙනවා. මුදියන්සෙ කෑල්ල තියෙන එකා හොඳට බොන එකෙක්. ජලයත් අයියා බොන්නෙ නෑ. අපි බොන්න සෙට් වුනොත් සමහර වෙලාවට පොරත් එනවා. හැබැයි කවදාවත් බොන්නෙ නෑ.
අපේ නම් වල ඔය අනං මනං කෑලි මොකවත් නෑ.
දවසක් නිවාඩුවට ලංකාවට යද්දි ජයලත් අයියයි මුදියන්සෙයි එකට ගියේ. මුන් දෙන්න ෆ්ලයිට් එකේදිත් එක ළඟ වාඩි වෙලා ගිහින්. උඩදි මුදියන්සෙ බියර් එකක් අරගෙන. ජයලත් අයියත් එකක් අරගෙන. මුන් දෙන්න බිව්වලු.
අරූ ආපහු ඒ රටට ඇවිත් අපිට කියනවා "අඩේ එදා ජලයත් අයිය මාත් එක ෆ්ලයිට් එකේදි බිව්වනෙ" කියල.
ඊට පස්සෙ වැඩට ගිය දවසෙ අපි ජයලත් අයියව හම්බෙලා ඒ ගැන ප්‍රශ්න කරාම ඌ ඒක පිළිගත්තා. මම උගෙන මෙහෙම ඇහුවා.
"ඇයි ජයලත් අයියා අපිත් එක්ක බොන්නෙ නැත්තෙ? අපි මුදියන්සෙල නෙවෙයි නිසාද?"
ජයලත් අයියා යථා තත්වයට පත් වුනේ සෑහෙන වෙලාවක් ගිහිල්ල.
(බයි ද වේ, ඌ එහෙම බොන්නෙ නැත්තෙ වංසෙ සීන් එකක් නිසා නෙවෙයි)
හය
අපි කැම්පස් ඉද්දි කතාවක්.
පාදඩයා කැම්පස් එකේදි රැග් වුනේ නෑ. කැම්පස් එකේ සම්ප්‍රදාය අනුව කාටවත් බලෙන් රැග් කරන්න බෑ. ඒ නිසා රැග් වෙන්නෙ නෑ කියල තීරණය කරොත් රැග් කරන්න බෑ. ඒත් නිල නොවන මට්ටමෙන් තර්ජන ගර්ජන සහ අංචි ඇදිලි එමටයි. රැග් සීසන් එකේදි ඒවට මුහුණ දෙන්න ඕනෙ. ඊට පස්සෙත් බැච් එකේ "නිල සාමාජිකත්වය" හිමි වෙන්නෙ නෑ. තමා පුද්ගලික මට්ටමෙන් ගොඩ නගා ගන්න සබඳතාවයන් තමයි.
දවසක් අපේ ජූනියර් බැච් එකේ රැග් නොවෙන එකෙක්ට සින්නෙක් තගක් දාල. ඌ ඇවිත් රැග් නොවෙන එවුන්ට ඒක කිව්ව.
ඊට සතියකට විතර පස්සෙ තගට ලක් වුන එකා සහ උගෙ තවත් රැග් නොවෙන බැචෙක් ගෙදර යන්න බස් හෝල්ට් එකට එනවලු. මේ අනිත් එකා අඩි පහයි අඟල් තුනක් විතර උස කොටෙක්. හැබැයි ලොරියකට හරි මූණ තියන ජාතියෙ ඩයල් එකක්.
මුං දෙන්න එනකොට ඈත තියාම දැක්කලු හෝල්ට් එකේ දහයක් විතර ඉන්නව. අර තගට ලක් වුන එකා කිව්වලු "ආං අර කළු එකා තමයි මචං මට එදා තග දැම්මෙ" කියල. කොටා උස එකා බලල හොඳට මීටර් කරගෙන හනිකට හෝල්ට් එකට ගියාලු ඌව අල්ලගන්න. අරුත් පස්සෙන් ආවලු.
උං හෝල්ට් එකට එද්දිම බස් එකක් ඇවිල්ල එතන හිටපු එවුන් ඔක්කොම වගේ ඒකට නැගල. හැබැයි වාසනාවකට වගේ "කළු එකා" බස් එකට නැග්ගෙ නැල්ලු.
කොටා කෙලින්ම ගියාලු කළු එකා ළඟට.
"අයිය මටත් ගොං තෙලක් දෙන්න පුළුවන් ද?"
අරූ උඩ බිම බැලුවලු.
"කවුද උඹ?"
"නෑ මට ආරංචි වුනා උඹ එක එකාට ගොං තෙල් ගහනව කියල. මටත් ගොං තෙලක් ගහපං කො."
අනිත් එකා කොටාගෙ අතින් අදිනවලු. මූ අත ගසල දාල කෙලින්ම ගේමටම යනවලු. කළු එකා උතුර දකුණ නැතුව බලං ඉන්නවලු.
"තෝ කවුද යකෝ. මම තෝව දැක්කෙත් අද"
"ඒ වුනාට ගොං තෙලක් දීපං කො"
ඔය යනාදි වශයෙන් වලිය ඇදිල යද්දි අරූ දිගටම කොටා ගෙ අතින් අදිනවලු. බැරිම තැන කොටා උගෙන් "මොකද හුත්තො?" කියල ඇහුවලු.
"මූ නෙවෙයි බං. ඌ බස් එකේ නැගල ගියා. මූ වෙන එකෙක්."
හත
ආයෙත් අපේ ජූනියර් බැච් එකේ රැග් සීසන් එකේ වෙච්ච සීන් එකක්.
රැග් සීසන් එකේ රැග් වෙන බැච් එකේ එවුන්ට ජිම් එකට, නාට්‍යය බලන්න, පුස්තකාලෙට එහෙම යන්න තහනම්. ඒත් රැග් නොවෙන එවුන්ට ඒ නීති අදාල නැති නිසා අපේ ජූනියර් බැච් එකේ රැග් නොවෙන එවුන් ටික නාට්‍යයක් බලන්න ගිහිල්ල. ඒක ඕගනයිස් කරල තියෙන්නෙ වෙන ෆැකල්ටියකින්.
නාට්‍යය ගූ හැත්තෑවයි ලු. බලගෙන ඉන්න බැරිම තැන මුං මගින් නැගිටල ඇවිත්. එන ගමං පශ්චිම අංගමාරය උත්සන්න වෙලා හූ ත් කියල.
පාරෙ ටික දුරක් ඇවිදගෙන එද්දි බයිසිකල් වලින් ආපු සෙට් එකක් මුංව වට කරල. බලද්දි නාට්‍යය ඕගනයිස් කරපු එවුං.
"උඹල කැම්පස් ද?"
"ඔව් අයියා"
"මොන ෆැකල්ටි ද?"
"--ෆැකල්ටියේ නම--"
"මොන බැච් එකේ ද?"
"ෆර්ස්ට් ඉයර් අයියා"
"තොපේ රැග් සීසන් නේද?"
"ඔව් අයියා"
"ඉතිං නාට්‍යය බලන්න එන්නෙ? උඹලට සීනියර්ස් ල කියල දුන්නෙ නැද්ද?"
"අපි රැග් වෙන්නෙ නෑ අයියා"
"රැග් වෙන්නෙ නෑ? ඇයි ඒ?"
"අපිට බෑ කියල හිතුන අයියා"
"හරි දැං උඹල හූ කිව්ව නේද?"
"ඔව් අයියා"
"එහෙම හූ කියන්නෙ නෑ කියල දන්නෙ නැද්ද?"
"නෑ අයියා"
"ඇයි උඹල හූ කිව්වෙ?"
"ආතල් එකට අයියා"
මූංට කියල වැඩක් නෑ බං කියල උං ටික ආපහු ගිහින්
අට
ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ එයා හොස්ටස් නම්කිල ගෙ ලොකු සීන් ගැන හැමෝම දන්නව නෙ.
දවසක් මම යන ෆ්ලයිට් එකක අපි ෆ්ලයිට් එකට නගිද්දි නම්කිල දෙන්නෙක් දොර ළඟ හිටගෙන එන එවුන්ට ආයිබෝවන් කියනවා. හැබැයි සුද්දොන්ට හොඳට කට පුරා හිනාවෙලා. ලංකාවෙ උන්ට නිකං එපා වාහෙට හොදි බෙදනව වගේ.
මට කලින් හිටියෙ අවුරුදු 25 විතර සීමාවෙ කොල්ලො හතර පස් දෙනෙක්. උං කොහෙ හරි ආතල් එකට යන ගමනක්. සමහර එවුං ත්‍රී ක්වාටර් ගහල හිටියෙ. උං ටික දැක්ක විතරයි අර නම්කිල දෙන්න අහක බලාගෙන ඉන්නව. ආයිබෝවන් කිව්වෙ නෑ.
සෙට් එකේ අන්තිමට හිටපු එකා ඇතුලට ගිහිල්ලත් ආපහු හැරිල ඇවිත් අරකිල දෙන්න ඉස්සරහ හිටගෙන දොහොත් මුදුන් තියල මහා සද්දෙන් "ආයිබෝං ඈ" කිව්ව.
"ආයිබෝං ඈ" කිව්ව.
ReplyDelete"ආයිබෝං ඈ"
ReplyDelete