ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.
පළවෙනි වචනය : ඉතදකිමස්
"ඉතදකිමස්" කියන්නෙ කෑම වේලකට කලින් ජපන්නු කියන වචනයක්.
හරියටම ඉතදකිමස් කියන්නෙ මෙහෙමයි:
1. අත් දෙක වඳින ඉරියව්වට ගේනවා
2. පොඩ්ඩක් ඉස්සරහට නැවෙනවා
3. "ඉතදකිමස්" කියල කියනව
4. කෝටු දෙක අරගෙන කන්න පටන් ගන්නවා
සමීක්‍ෂනයකදි හෙළි වෙලා තියෙනවා ජපනුන් ගෙන් 90% පමණ කෑම වේලකට පෙර මේ වැඩේ කරන බව.
"ඉතදකිමස්" කියන වචනයේ තේරුම "මම නිහතමානීව, බැගෑපත්ව ලබා ගනිමි" කියන එක.
ඉතදකිමස් කියන වචනය ඔබට යම් කෙනෙක් ද්‍රව්‍යයමය දෙයක් දෙනකොට, උදාහරණයකට යම් කෙනෙක් ඔබට අව්ව වෙලාවක තොප්පියක් දුන්නොත්, ඒක ගද්දි ඉතදකිමස් කියන්න පුළුවන්.
මේක කෑම කන්න පෙර යොදා ගැනීම පටන් අරන් තියෙන්නෙ 1812 දී පළවුන පොතකින්. ඒ පොතේ නම "කෝකෝ මිචිබිකි ගුසා". ඒ පොතේ තියෙන්නෙ එදිනෙදා ජීවිතයේදී පිළිපැදිය යුතු හොඳ පුරුදු ගැන උපදෙස්. ඒකෙ එක තැනක තියෙනව "ආහාර ගැනීමට පෙර සොබාවධර්මයට, සියළුම ජීවත් වෙන සතුන්ට, අධිරාජ්‍යයාට සහ ඔබේ දෙමාපියන්ට ස්තූති කරන්න" කියල.
මේ පොත පළවුනාට පස්සෙ "ජෝදෝ-ෂින්‍ෂු" කියන බෞද්ධ නිකාය විසින් කෑම වේලකට පෙර ඉතදකිමස් කියන්න මිනිස්සුන්ව පොළඹවන්න පටන් අරගෙන තියෙනවා. මේ සිරිත විශේෂයෙන්ම ප්‍රචලිත වෙලා තියෙන්නෙ බටහිර ජපානයේ. විශේෂයෙන්ම හිරෝෂිමා නගරය ආශ්‍රිතව.
1920 ගණන් වලදි වගේ ජපන් රජය මේ සිරිත පාසැල් වල උගන්වන්න පටන් අරන් තියෙනව. ඊට පස්සෙ මේක බටහිර ජපානයෙන් පිටතටත් පැතිරිලා මුළු රටේම පිළිපදින සිරිතක් වෙලා තියෙනවා.
ඉතදකිමස් පිටිපස්සෙ තියෙන චින්තනය මොකද්ද? අපි කන්න කලින් සොබාවධර්මයට, සත්තුන්ට ස්තූති කරන්නෙ ඇයි?
මේක පිටිපස්සෙ බෞද්ධ ආභාෂය වගේම ජපානයේ සාම්ප්‍රදායික ආගම වන ෂින්ටෝ ආගමේ ආභාෂයත් තියෙනවා.
බෞද්ධ ඉගැන්වීම් අනුව සියළුම පණ ඇති දෙයට වටිනාකමක් තියෙනවා. ඉතින් මේ පණතියෙන සත්තු (සාමාන්‍යයෙන් ජපන් ආහාරයක මස් මාළු - විශේෂයෙන් මාළු - අනිවාර්‍ය අංගයක්) ඔවුන් ගේ පණ අපේ ආහාරය වෙනුවෙන් පූජා කරලා. අපි අපේ පැවත්ම සඳහා ඒ පූජාව ලබා ගන්නවා. නමුත් අපි ඔවුන් කළ ඒ පූජාව මතක් කරල, ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. හැම කෑම වේලකටම කලින් අපි මතක් කරනවා අපි මේ කන්නෙ පණතියෙන සතෙක් කියල. ඒක අපිට ආහාරයක් වීම වෙනුවෙන් ඒ සතාට කරන පින් දීමක්.
ෂින්ටෝ සම්ප්‍රදාය අනුව, පණ ඇති, නැති සියළුම දේ තුල දෙවියන් ඉන්නවා (දෙවියන් කිව්වම ක්‍රිස්තියානි ආගමේ සර්වබලධාරී දෙවියන් නෙවෙයි. අපේ රුක් දෙවියො වගේ අදහසක්).
ජපන් කියමනක් තියෙනවා "එක හාල් ඇටයක දෙවියන් හත් දෙනෙක් ඉන්නවා" කියල.
ඇත්තටම හාල් ඇටය ඇතුළේ දෙවියන් ඉන්නව කියනවටත් වඩා මේකෙ අරුත, හාල් ඇටය කියන්නෙ දෙවියෙක් කියන එක.
ඉතින් අපේ ආහාරයක ඇති පණ තියෙන, නැති සියළුම දේ ෂින්ටෝ සම්ප්‍රදාය අනුව දෙවියෙක්. අපි ඉතදකිමස් කියල ගෞරවයෙන්, බැගෑපත්ව ලබා ගන්නෙ ඒ දෙවියන්ව. අපේ ආහාරය සඳහා අපි ලබා ගන්න සියළුම දේ දෙවියන් ලෙස සැලකීම තමයි මෙතනදි වෙන්නෙ.
කොටින්ම, සොබාවධර්මය දේවත්වයෙන් සැලකීම.
ජපන් සිරිත් විරිත් වලට අනුව කෑම ඉතිරි කිරීම ඉතාමත් නරක දෙයක් විදිහට සැලකෙන්නෙ. ඊට හේතු දෙකයි.
එක, නාස්තිය.
දෙක, අපි වෙනුවෙන් ප්‍රාණය අතහැරපු සතුන් ගේ සහ ශාක වල කැපකිරීමට කරන නිගරුවක්.
ඉතින්, කෑම වේලක් අවසාන කරන්න කලින් පිඟානේ තියෙන අන්තිම බත් ඇටයත්, නූඩ්ල්ස් රැලත් කන්න ජපන්නු පරිස්සම් වෙනවා. බත් කෝප්පය අතට අරගෙන කෝටු දෙකෙන් අන්තිම බත් ඇටය ගන්න උත්සහ කරන එක (කෝටු දෙකෙන් එක බත් ඇටයක් ගන්න එක ටිකක් අමාරු වැඩක්) ඉතාමත් ලස්සන දෙයක් විදිහට ඔවුන් සලකන්නෙ.

බ්ලොගර් පලෝවරය දාපං
ReplyDelete