තුන්වන සවුදි රාජ්‍යය (නජ්ද් සහ හසා එමීර් රාජ්‍යය)
අල්-රෂීද් වරු අරාබි අර්ධ ද්වීපයේ බලය අල්ලා ගැනීමත් සමඟම සාවුද් එමීර් වරු කුවේටය වෙත පලා ගොස් කුවේට් හි එමීර් වරයාගේ ආරක්‍ෂාව යටතේ වාසය කලහ.
1901 දී අවසාන නජ්ද් එමීර් වරයාගේ පුතා වූ අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් කුවේට් හි එමීර් වරයා ගේ ආධාර සහිතව රියාද් නගරයට පහර දී එය අල්ලා ගත්තේය. ඉන්පසු ඔහු රියාදය අගනුවර කරගෙන නජ්ද් සහ හසා එමීර් රාජ්‍යය ප්‍රකාශයට පත් කළේය. මෙය තුන්වන සවුදි රාජ්‍යයේ ආරම්භයයි.
1903 සිට 1907 දක්වා අල්-රෂීද් වරු සහ සාවුද් වරු අතර පැවති යුද්ධයකින් අනතුරුව රියාද් නගරය අවට කුඩා ප්‍රදේශයක බලය පැතිරවීමට අබ්දුල්ලා ඉබ්න් සාවුද් සමත්විය.
නජ්ද් සහ හසා එමීර් රාජ්‍යයේ කොඩිය (උපුටා ගැනීම විකීපීඩියා)
නජ්ද් සහ හසා එමීර් රාජ්‍යය (උපුටා ගැනීම විකීපීඩියා)
අරාබි කැරැල්ල
1914 දී පළමුවන ලෝක යුද්ධය ආරම්භ වන විට අරාබි අර්ධද්වීපයේ බල කඳවුරු හතරක් විය.
1. ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය
අරාබි අර්ධද්වීපයේ මක්කම සහ මදීනාව අයත් බටහිර වෙරළ සහ ඉරාකය, සිරියාව ඇතුළු අරාබි ලෝකයෙන් වැඩි ප්‍රදේශයක් පාලනය කළ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය ප්‍රභල බලයක් විය. ඔවුන් පළමුවන ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයට සතුරු වෙමින් ජර්මනිය සමඟ මිත්‍ර වූහ.
2. අල්-රෂීද් වරුන් ගේ ජබල්-ෂමර් එමීර් රාජ්‍යය
තුර්කින් ගේ අනුග්‍රහය යටතේ අරාබි අර්ධද්වීපයේ උතුරුදිග කොටස් පාලනය කළ අල්-රෂීද් වරු තරමක ප්‍රභල බලයකට හිමිකම් කීහ.
3. සාවුද් වරුන් ගේ නජ්ද් සහ හසා එමීර් රාජ්‍යය
අරාබි අර්ධද්වීපයේ මධ්‍යම කොටසේ කුඩා ප්‍රදේශයක් පාලනය කල සාවුද් වරු පිරිස් බලයෙන් සහ විශාලත්වයෙන් කුඩා වුවද වහාබිවාදයේ ආශිර්වාදය ලද දක්‍ෂ සහ නිර්භීත හමුදාවකට හිමිකම් කීහ.
4. හැෂමයිට් වරු
මක්කම සහ මදීනාව අයත් හෙජාස් ප්‍රදේශය තුර්කිවරුන් යටතේ පාලනය කල හැෂමයිට් පෙළපතට "මෙකා හි ෂරීෆ්" යන පදවිය ලැබී තිබුනට, සත්‍ය වශයෙන්ම ඔවුහු තුර්කිවරුන් හට අවනතව පාලනය ගෙනගියහ. දේශපාලන බලය අතින් සැලකිය යුතු බලයක් නොවුනද නබිතුමාගේ පෙළපතට ඍජුවම නෑකම් කී හෙයින් හැෂමයිට් වරුන්ට අරාබි ජාතිකයන් අතර විශාල පිළිගැනීමක් විය.
අරාබි අර්ධද්වීපයේ මෙම සංකීර්න බල තුලනය සැලකිල්ලට ගත් බ්‍රිතාන්‍යයෝ අරාබීන් තුර්කීන්ට විරුද්ධව උසි ගැන්වීමට වැඩ පිළිවෙලක් සකස් කළහ. ඔවුන් ගේ පළමු තේරීම වූයේ අරාබි අර්ධද්වීපයේදී තුර්කීන් ගේ ප්‍රධාන මිතුරා වූ අල්-රෂීද් වරුන් ගේ සතුරා වූ සාවුද් වරුන් ය.
සාවුද් වරුන් ගේ හමුදාවේ මේ වනවිට ප්‍රධාන තැනක් ඉසිලියේ "ඉක්වාන් (සහෝදරත්වය)" ලෙස හැඳින්වුනු වහාබිවාදය වැළඳගත් සංචාරක බෙදූවියන් ගෝත්‍රික බල ඇණියයි. ඔවුහු අශ්වයන් සහ ඔටුවන් පිට නැගී සටන් කළ අතර, ගරිල්ලා සටන් ක්‍රම වල විශේෂඥයෝ වූහ.
සාවුද් වරුන් ගේ හමුදාවේ මේ වනවිට ප්‍රධාන තැනක් ඉසිලියේ "ඉක්වාන් (සහෝදරත්වය)" ලෙස හැඳින්වුනු වහාබිවාදය වැළඳගත් සංචාරක බෙදූවියන් ගෝත්‍රික බල ඇණියයි. ඔවුහු අශ්වයන් සහ ඔටුවන් පිට නැගී සටන් කළ අතර, ගරිල්ලා සටන් ක්‍රම වල විශේෂඥයෝ වූහ.
ඉක්වාන් හමුදාව (උපුටා ගැනීම විකීපීඩියා)
සාවුද් වරුන් ගේ හමුදාවට උපදේශකයෙක් ලෙස බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතන් වරයෙක් වූ විලියම් ෂේක්ස්පියර් පත් කෙරුණු අතර, ඔහුගේ පෙළඹවීම පිට සාවුද් වරු අල්-රෂීද් වරුන්ට එරෙහිව යුධ වැදුනි. නමුත් 1915දී ජරාබ් හි ඇති වූ සටනකින් සාවුද් වරුන් පරාජය වූ අතර විලියම් ෂේක්ස්පියර් මරණයට පත්විය.
මේ පසුබෑමෙන් පසු බ්‍රිතාන්‍යයන් සාවුද් වරුන් පසෙක ලා හැෂමයිට් වරු තම ඉත්තා ලෙස යොදා ගැනීමට සැලසුම් කළ අතර, ඒ කාර්‍යය පැවරුනේ බ්‍රිතාන්‍යය හමුදාවේ නිලධාරියෙක් වූ ලෝරන්ස් ටය (පසුව මොහු "අරාබියේ ලෝරන්ස්" ලෙස හැඳින්විනි).
මේ පසුබෑමෙන් පසු බ්‍රිතාන්‍යයන් සාවුද් වරුන් පසෙක ලා හැෂමයිට් වරු තම ඉත්තා ලෙස යොදා ගැනීමට සැලසුම් කළ අතර, ඒ කාර්‍යය පැවරුනේ බ්‍රිතාන්‍යය හමුදාවේ නිලධාරියෙක් වූ ලෝරන්ස් ටය (පසුව මොහු "අරාබියේ ලෝරන්ස්" ලෙස හැඳින්විනි).
මේ වනවිට මෙකා හි ෂරීෆ් වරයා ලෙස කටයුතු කලේ හුසේන් බින් අලී වූ අතර ඔහුගේ අදහස වූයේ බ්‍රිතාන්‍යය සහයෙන් ඔටෝමන් තුර්කීන් සහමුලින්ම අරාබියෙන් එළවා දමා සිරියාව, ජෝර්දානය, පලස්තීනය, ඉරාකය සහ මුළුමහත් අරාබි අර්ධද්වීපයම ඇතුලත් වන සුපිරි අරාබි රාජ්‍යයක් නිර්මානය කිරීමයි. සාවුද් වරුන් ගේ වහාබි අන්තවාදය මෙන් නොව ඔහුගේ සිහින රාජ්‍යයේ පදනම වූයේ අරාබි ජාතිකවාදයයි. එය වඩා සෙකියුලර් මුහුණුවරක් ගත්තේය. මේ සඳහා ඔහුගේ පුත් ෆයිසාල් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ අතර, ෆයිසාල් කුමරු ගේ උපදේශකයා වූයේ ලෝරන්ස් ය.
1916 දී හුසේන් ෂරීෆ් වරයා හෙජාස් ප්‍රදේශය තුර්කි වරුන් ගේ පාලනයෙන් ඉවතට ගෙනයමින් බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට මිතුරු නිදහස්ස් රාජ්‍යයක් "හෙජාස් රාජධානිය" ලෙස ප්‍රකාශයට පත් කලේය. ෆයිසාල් කුමරු අරාබි ජාතිකයන් ගෙන් සමන්විත හමුදාවක් ගොඩනැංවූ අතර බ්‍රිතාන්‍ය හමුදාවේ ආධාරයෙන් ඔවුහු ඔටෝමන් තුර්කීන්ට එරෙහිව සටන් කළහ.
හෙජාස් රාජධානියේ කොඩිය (උපුටා ගැනීම විකීපීඩියා)
කෙසේ නමුත් බ්‍රිතාන්‍යයන් ගේ අරමුණ වූයේ තුර්කීන් පරාජය කිරීම නිසා සටන් තුර්කීන් ගේ ඍජු පාලනයට නතුව තිබූ සිරියාව, ඉරාකය, ජෝර්දානය, ලෙබනනය සහ පලස්තීනය අවට වැඩිවශයෙන් පැවතුනු අතර, සාවුද් වරුන්ට ඉන් වූ බලපෑම අවම විය. නමුත් ඔටෝමන් සහය නොලැබී යාම නිසා අල්-රෂීද් වරුන් ගේ බලය බිඳවැටුනි.
පළමුවන ලෝක යුද්ධය අවසාන වද්දී අරාබි අර්ධද්වීපයේ බටහිර වෙරළ, සිරියාව, පලස්තීනය, ඉරාකය, ලෙබනනය සහ ජෝර්දානය බ්‍රිතාන්‍යය සහය ලද හැෂමයිට් වරුන් යටතට පත්ව තිබුණු අතර, හුසේන් ගේ සුපිරි අරාබි රාජ්‍යයේ සිහිනය සැබෑවන ලකුණු පහල විය.
පළමුවන ලෝක යුද්ධය අවසාන වද්දී අරාබි අර්ධද්වීපයේ බටහිර වෙරළ, සිරියාව, පලස්තීනය, ඉරාකය, ලෙබනනය සහ ජෝර්දානය බ්‍රිතාන්‍යය සහය ලද හැෂමයිට් වරුන් යටතට පත්ව තිබුණු අතර, හුසේන් ගේ සුපිරි අරාබි රාජ්‍යයේ සිහිනය සැබෑවන ලකුණු පහල විය.
No comments:
Post a Comment