Monday, May 25, 2020

පාදඩයා ෆ්‍රයිඩ් රයිස් කාපු හැටි



එක පාරක් මම අපේ ෆැකල්ටිය ළඟ තියෙන හෝටලේට ගියා ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න​. ඒ කාලෙ හෝටල් වලින් ෆ්‍රයිඩ් රයිස් කනව කියන්නෙ හෙනම ලක්‍ෂරි සීන් එකක්. මම හිතන්නෙ මහපොළ වත් හම්බෙල තියෙන්න ඇති.

ඔන්න කඩේට ගියාම කඩේ ඇතුළෙ දහයක දොළහක සෙට් එකක් ඉන්නව​. ට්‍රිප් එකක් ආපු සෙට් එකක්. උනුත් කන්නෙ ෆ්‍රයිඩ් රයිස්. චිකන් හොදි එක්ක​.

මාත් ඉතිං ෆ්‍රයිඩ් රයිස් එකයි චිකන් හොදියි ගේන්න කිව්ව​. කඩේ වැඩට ඉන්නෙ අවුරුදු පහළොවක විතර කොළු ගැටයෙක්. ඌත් රයිස් එකයි හොදි එකයි ගෙනත් දුන්න​.

දෙයියනේ කියල චිකන් හොදි රයිස් එකට දාගන්න යද්දිම තමයි දැක්කෙ. චිකන් හොද්දෙ.........

නෑ යකෝ වඳ පෙති නෙවෙයි. කැරපොත්තෙක්.

පොඩ්ඩක් කල්පනා කරල බැලුව මොකද කරන්නෙ කියල​. සීන් එක ඇනලයිස් කරා.

මම කැම්පස් කියල කඩේ එවුං දන්නව​. ඒ නිසා මම නිකං පිම්බත් විසිවෙන සයිස් එකේ (ඒ කාලෙ ඈ. දැං එහෙම නෑ) එකෙක් වුනත් මට ලොකුවට ගේම කෝල් වෙන්නෙ නෑ කියල බුදු ෂුවර්.

ට්‍රිප් එක ආපු එව්වො දැනටමත් සෑහෙන තරමක් කාල​. මම කෑගහල සීන් එක වකූර් කරොත් උං මට වඩා කලබල වෙනව​. මොකද උං දැනටත්මත් කැරපොතු හොදි කාල ඉන්නෙ. සෙට් එකේ කොල්ලො හතර පස් දෙනෙකුත් ඉන්න නිසා බොහෝ විට මුදලාලිට කනේ පාරක් වගේ ලැබෙන්නත් ඉඩ තියෙනවා. කඩේ මුදලාලිට හොඳම දේ වැඩේ ගොඩින් ෂේප් වෙන එක​.

උං දැනටමත් කැරපොතු හොදි කාල තියෙන්නෙ. ඒ නිසා මම කෑගැහුවොත් උන්ට අප්පිරියාවටම වමනෙ ගිහිල්ල ට්‍රිප් එකත් අල වෙන්න ඉඩ තියෙනවා. මම කෑගැහුව කියල උන්ට වෙන යහපතක් නෑ.

ඒ නිසා මම ෂේප් එකේ කොල්ලට කතා කරල කැරපොත්තව පෙන්නුව​.

ඌ නිකං රෙවෙන ගානට බය වුනා. ඌ එතන නටනවා. මට තව හොදි එකක් ගේන්නං කිව්ව​. මම ඇහුව ගොම්පාට් ද කියල​. ඒ හැලියෙන් ම නෙ ගේන්නෙ.

මුදලාලි සීන් එක දැකල එතනට ආව​. පොරත් ටිකක් කලබල වුනා. එක එක කතා කියනවා. අනිත් සෙට් එක දිහා හැරි හැරී බලනවා.

මම කිව්ව හරි මට වෙන හොදි ඕනෙ නෑ ඕක ඔහොම්මම තියල කෝක් එකක් දෙන්න කියල​. නිකම්ම රයිස් ගිලින්නත් බෑ නෙ. ලිස්සල යන්නත් මොනා හරි තියෙන්න ඕනෙ නෙ. ඊට පස්සෙ කෝක් එකත් එක්ක රයිස් එක කෑවා. රයිස් එක කාල ඉවර වෙලා සිගරට්ටෙකක් ගෙන්න ගෙන ඒකත් බිව්ව (ඒ කාලෙ කඩ ඇතුලෙ සිගරට් බොන්න පුළුවං).

ඊට පස්සෙ නැගිටලා යන්න ගියා.

මම නැගිටල යද්දි මුදලාලි නිකං "මල්ලි බිල​?" වගේ ලුක් එකක් දැම්ම​. මම "පිස්සුද අයියා ගොම්පාට් ද​?" ලුක් එක දාල යන්න ගියා

4 comments:

  1. කිව්වම මොකෝ මටත් ඔහොම එකක් උනා. හෑබෑයි බොහොම හිච්චි එකා කාලෙ. අපෙ බාප්පගෙ මගුලදා. එදා දවල් කෑම මේසෙ වටේ අපේ නෑදෑ සනුහරේම මදිවට වෙන්ඩ පුන්චි අම්මගෙ සනුහරෙත් හිටියා කියමුකො. මන් ඉඳගෙන හිටියෙ අපේ අම්ම එක පෑත්තක අනිත් පෑත්තෙ ලොකු අක්ක. මගෙ බත් එකේ තෑම්බිච්ච අලි පලඟෑටියෙක්. මම අම්මට පෙන්නලා කෑගහන්න කට ඈරිය විතරයි අම්ම මගෙ කට අතින් වෑහුවා. මාවත් නෑගිට්ටවාගෙන අම්ම එලියට ගියා එක අතක් මගෙ කට වහගෙන.. වටේ හිටිය කවුරුත් එච්චර ගනන් ගත්තෙ නෑ.
    මම එලියට ගිහින් ඕක් ... ගාල අතෑරිය කියමුකො..
    ඔන්න ඔහොමයි අපෙ අම්ම සනුහරේම කොලේ බේරගත්තෙ මෝඩ පොඩි එකාගෙන්..


    සරත් ලන්කාප්‍රිය

    ReplyDelete
  2. ඇත්ත කියපන් උඹ කැරපොත්තෙක් සාක්කුවේ දාගෙන ගිහින් දැම්ම නේද හොදි එකට? :))

    ReplyDelete
  3. කෑම බඳුනක කැරපොත්තෙක් දුටුවිට වමනය යෑම සයිකෝ සොමැටික් තතත්වයක්.
    මටනම වමනේ යන්නෙ නෑ.

    ReplyDelete
  4. යකෝ පරණ ඒවා ආයෙ ආයෙ දානවද? 🤣

    ReplyDelete