කොංගෝ අර්බුධය කියන්නෙ වර්තමානයේ "කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය" නමින් හැඳින්වෙන රට 1960 දී බෙල්ජියම් පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුව ඇතු වුන අර්බුධකාරී වාතාවරනයට.
අර්බුධ සිය ගානක් ඇති අප්‍රිකා මහද්වීපයේ ඉතිහාසයේ මේ අර්බුධය කැපී පේන්නෙ මේ අර්බුධය ඇතුලේ යටත් විජිත වාදය, සීතල යුද්ධය, අප්‍රිකාණු ජාතිකවාදය, ගෝත්‍රවාදී එදිරිවාදිකම්, දූෂනය, සොබාවික සම්පත් සඳහා ඇති තරගය වගේ හැමදේම කැටිවෙලා තියෙන නිසා.
කොංගෝ අර්බුධය පුරාවටම තියෙන්නෙ සිතියමක් උඩ ඉරි ඇඳලා හදපු යටත් විජිත නිදහස ලැබීමෙන් පස්සෙ පැරණි ගෝත්‍රික බැඳීම් වලින් මිදිලා ජාතික රාජ්‍යයන් පිහිටුවීමට අප්‍රිකාණු ජාතිකවාදීන් කරපු අරගලය.
කොංගෝ අර්බුධය කියන්නෙ නූතන අප්‍රිකාවේ ඉතිහාසයේ පැතිකඩක්.
පසුබිම
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (හෙවත් කොංගෝව) කියන්නෙ විශාල රටක්. භූමි ප්‍රමානයෙන් ඒක අප්‍රිකාවේ දෙවෙනි විශාලම රට. ජනගහනය අතින් අප්‍රිකාවේ හතරවෙනි විශාලම රට. ඒ වගේම ලෝකයේ වැඩිම ප්‍රංශ භාෂාව කතාකරන ජනගහණය ඉන්නෙ කොංගෝවේ.
රටේ ජනගහණය කේන්.ද්‍රගත වෙලා ඉන්නෙ දකුණේ සහ බටහිර. විශේෂයෙන්ම කින්සාෂා අගනුවර අවට.
කොංගෝවේ රට මැද ඉඳලා බටහිරට ගලාබහින කොංගෝ නදිය තමයි රටේ වැදගත්ම භූගෝලීය ලක්‍ෂනය. ඒ වගේම කොංගෝව නැගෙනහිරින් අප්‍රිකාවේ මහාවිල් වලින් මායිම් වෙනවා.
කොංගෝව කියන්නෙ සොබාවික සම්පත් වලින් පිරුන රටක්. දියමන්ති, කොබෝල්ට්, තඹ සහ යුරේනියම් ඒ අතින් ප්‍රධානයි. මේ සම්පත් බොහොමයක් පිහිටල තියෙන්නෙ රටේ දකුණේ.
කොංගෝවේ ජනවර්ග (හෙවත් ගෝත්‍ර) 250 කට අධික ගාණක් ඉන්නවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නෙ මොංගෝ, ලුබා, බාකොංගෝ, මංබෙටු සහ සන්ඩේ යන ජන වර්ග පහ.
කොංගෝවේ ප්‍රධාන ජනවර්ග වල ව්‍යාප්තිය |
1877 දි බෙල්ජියමේ රජු වුන ලියෝපෝල්ඩ් මේ ප්‍රදේශය යටත් විජිතයක් වශයෙන් අල්ලා ගන්නවා. නමුත් ඒ බෙල්ජියමේ යටත් විජිතයක් වශයෙන් නෙවෙයි. ඔහුගේ පුද්ගලික දේපලක් විදිහට. ඔහු එය නම් කරන්නෙ "කොංගෝ නිදහස් ජනපදය (Congo Free State)" කියල.
ඔහුගේ පාලනය සැලකෙන්නෙ ලෝක ඉතිහාසයේ දරුණුම පාලනයක් විදිහට. සොබාවික සම්පත් උකහා ගැනීමට පතල් වල සේවයට බලෙන්ම ස්වදේශිකයන්ව යොදවනවා. ඒ වගේම රබර් වගාවත් කෙරෙනවා. මාසිකව නියමිත රබර් ප්‍රමානය ලබා නොදෙන ස්වදේශිකයන්ට අත් කපා දැමීමෙන් දඬුවම් දෙනවා. කැරලි මර්ධනය කෙරෙන්නෙ ගම් පිටින් සමූල ඝාතනය කිරීමෙන්. ආහාර වගා කළ ඉඩම් වල රබර් වගා කිරීම නිසා ඇතිවෙන සාගත වලිනුත් විශාල ප්‍රමානයක් මිය යනවා.
අත් කපා දැමූ ස්වදේශිකයන් |
අන්තර්ජාතික බලපෑම නිසා බෙල්ජියම් රජුට තමාගේ යටත් විජිතය අත හරින්න සිද්ධ වෙනවා. 1908 ඉඳලා කොංගෝව පාලනය වෙන්නෙ බෙල්ජියමේ යටත් විජිතයක් විදිහට. එය හැඳින්වෙන්නෙ "බෙල්ජියම් කොංගෝව" කියල.
බෙල්ජියම් පාලනය යටතේ ස්වදේශිකයන් ගෙ තත්වය තරමක් යහපත් වුනත්, ඔවුන් ට සලකන්නේ ඉතාමත් දරුණු ආකාරයට.
නිදහසට පෙර
1950 දශකයේදී බෙල්ජියම විසින් කොංගෝවේ නවීකරන වැඩ පිළිවෙලක් ඇති කරනවා. ඒ මගින් නගර දියුණු කිරීම සහ ස්වදේශික මධ්‍යම පන්තියක් ඇති කෙරෙනවා. 1955 වෙද්දි අප්‍රිකාණු මහද්වීපයේ වැඩිම වැටුප් ශ්‍රමිකයන් ඉන්නෙ කොංගෝවේ.
බෙල්ජියම් පාලනය යටතේ කොංගෝව ප්‍රාන්ත 6 කට බෙදලා තිබ්බ.
ඒ එක්කම කොංගෝවේ නිදහස් ව්‍යාපාරය වර්ධනය වෙනවා. මේ නිදහස් සටනේ ප්‍රධාන මතවාදීමය ධාරාවන් දෙකක් තියෙනවා.
පළමුවැන්න පෙනී සිටින්නෙ විවිධ ප්‍රාදේශීය ජනවර්ග වලට ස්වාධීනත්වයක් හිමිවන ෆෙඩරල් පන්නයේ කොංගෝවක් වෙනුවෙන්. ඔවුන් බලාපොරොත්තු වන කොංගෝව විවිධ ජනවාර්ගික පාලන ඒකක වල ලුහු එකතුවක්. මේ ධාරාවේ නිදහස් ව්‍යාපාර ගණනාවක් විවිධ ජනවර්ග අතරින් ඇති වෙනවා. ඔවුන් ගේ බලය තියෙන්නෙ ඒ ඒ ජනවර්ගය වෙසෙන ප්‍රදේශ වල.
මේ ධාරාවේ ව්‍යාපාර අතරින් ප්‍රධාන වෙන්නෙ ජෝශප් කසවුබු ගේ "බාකොංගෝ එකමුතුව (ABAKO)", මොයිසී ෂොම්බේ ගේ "කටන්ගා ජනවර්ග වල එකතුව (CONKAT)",
සහ ජේසන් සෙන්ඩ්වේ ගේ "කටන්ගා ප්‍රාන්තයේ ලුබා වාර්ගික සහයෝගිතාව (BALUBAKAT)".
ABAKO පක්‍ෂයට බලය තියෙන්නෙ බාකොංගෝ ජනවර්ගය අතර. ඔවුන් ගේ බලප්‍රදේශය වෙන්නෙ අගනුවර වන ලියෝපෝල්ඩ්විල් නගරය අවට සහ රටේ බටහිර ප්‍රදේශය.
ජෝශප් කසවුබු |
මොයිසී ෂොම්බේ |
ජේසන් සෙන්ඩ්වේ |
මේ ධාරාවේ ව්‍යාපාර අතරින් ප්‍රමුඛ තැනක් ගත්තේ පැට්‍රිස් ලුමුම්බා ගේ "කොංගෝ ජාතික ව්‍යාපාරය (MNC)" සහ ඇන්තෝනී ගිසෙන්ගා ගේ "අප්‍රිකාණු එක්සත් පක්‍ෂය (PSA)"
පැට්‍රිස් ලුමුම්බා |
සිරිල් අඩූලා සහ ජෝශප් ඉලේඕ |
ඇන්තෝනී ගිසෙන්ගා |
ඇල්බට් කලොන්ජි |
මේ නිසා කසවුබු විසින් MNC පක්‍ෂය හැඳින් වූයේ දියාරු ව්‍යාපාරයක් විදිහට.
කැරලි
1959 ජනවාරි මාසයේදී බෙල්ජියම් පාලකයන්ට විරුද්ධව අගනුවර වන ලියෝපෝල්ඩ්විල් නගරයේ උද්ඝෝෂන ඇති වෙනවා. බෙල්ජියම් හමුදාව උද්ඝෝෂන මැඩ පවත්වන්නෙ හමුදා බලය භාවිතා කරල. 49 දෙනෙක් මිය යනවා.
මේ වෙද්දි කොංගෝවේ 89,000 ක විශාල බෙල්ජියම් ජාතියන පිරිසක් පදිංචි වෙලා ඉන්නවා. උද්ඝෝෂන කරුවන්ට හමුදාව වෙඩි තැබීමත් එක්කම සුදු ජාතිකයන්ට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා ඇති වෙනවා. සුදු ජාතිකයන් තමාගේ ආරක්‍ෂාවට මිලීෂියා කණ්ඩායම් හදා ගන්නවා. මේ මිලිෂියා කණ්ඩායම් ස්වදේශිකයන්ට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා වල නිරත වෙනවා.
ක්‍රමයෙන් මේ කැරලි ගම් බද ප්‍රදේශ වලටත් පැතිරෙනවා.
කැරලි පැතිරෙද්දි බෙල්ජියම් පාලකයන් කසවුබු සහ ලුමුම්බා අත් අඩංගුවට ගන්නවා. කොංගෝවේ තත්වය අස්ථාවර බවකට පත් වෙනවා.
නිදහස
තත්වය නරක අතට හැරෙද්දි ස්වදේශික නායකයන් එක්ක සාකච්ඡා කරන්න බෙල්ජියම් පාලකයන් කැමති වෙනවා. මේ සාකච්ඡා පැවැත්වෙන්නෙ බ්‍රසල්ස් නගරයේ. මේ සඳහා කොංගෝවේ දේශපාලන පක්‍ෂ 14 ක නියෝජිතයෝ සහභාගී වෙනවා.
කසවුබු වහාම නිදහස ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. ලුමුම්බා පෙනී සිටින්නෙ ක්‍රමික නිදහසක් වෙනුවෙන්.
නමුත් බෙල්ජියම් රජය අවුරුදු 30 ක සංක්‍රාන්ති කාලයක් යෝජනා කරනවා. කොංගෝවේ ඒ වෙද්දි පවතින තත්වයක් එක්ක එච්චර දිග කාලයකට එකඟ වෙන්න ලුමුම්බාට හැකි වෙන්නෙ නෑ. ඔහුත් වහාම නිදහස ඉල්ලා සිටිනවා.
සියළුම පක්‍ෂ වල දැඩි බලකිරීම මත බෙල්ජියම් රජය තමාගේ සංක්‍රාන්ති සැලසුම හකුලාගෙන 1960 ජූනි 30 වෙනිදා කොංගෝවට නිදහස දෙන්න කැමති වෙනවා.
මැතිවරණය
කොංගෝවේ පළමුවන මැතිවරණය පැවැත්වෙන්නෙ 1960 මැයි 22 වෙනිදා.
මැතිවරණයේදී බෙල්ජියම් පාලකයන් ලුමුම්බාට එරෙහිව දැඩි ප්‍රචාරයක් ගෙනියනවා. ඔහු කොමියුනිස්ට් වාදියෙක් විදිහට නම් කරනවා. මේකෙ අරමුණ වෙන්නෙ ඒකීය කොංගෝවක් වෙනුවට දුර්වල ප්‍රාන්ත ගණනාවකින් සම්න්විත ෆෙඩරල් කොංගෝවක් බිහි කර ගැනීම. ඒ මගින් කොංගෝව දිගටම බෙල්ජියම මත යැපෙයි කියල ඔවුන් බලාපොරොත්තු වෙනවා.
බෙල්ජියම් වරුන් ගේ සහය ලැබෙන්නෙ ෂොම්බේට. ඔහුගේ බලය පැතිරුන කටන්ගා ප්‍රාන්තය තමයි කොංගෝවේ වැඩිම සොබාවික සම්පත් සහිත ප්‍රාන්තය. ඒ වගේම ෂොම්බේ දැඩි බටහිර හිතවාදියෙක්.
ආසන 137 ක් සඳහා පැවැත්වෙන මැතිවරණයෙන් කාටවත් පැහැදිලි බහුතරයක් ලැබෙන්නෙ නෑ. නමුත් MNC පක්‍ෂය ආසන 37 ක් ලබල පළවෙනි තැනට එනවා.
මැතිවරණ ප්‍රතිඵල |
ලුමුම්බා ගිසෙන්ගා ගේ PSA පක්‍ෂය සහ තවත් පක්‍ෂ කීපයක් සමඟ එක් වෙලා සභාග රජයක් පිහිටුවනවා. පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ලෙස තෝරා ගන්නේ කසවුබු ව. ඊට MNC පක්‍ෂයේ සහයත් ලැබෙනවා.
කොංගෝ ව්‍යවස්ථාව අනුව විධායක බලතල අගමැති සහ ජනාධිපති අතර බෙදී යනවා.
No comments:
Post a Comment