Tuesday, September 13, 2016

මිනි හයිඩ්‍රෝ නම් පිළිකාව​.


විදුලි බලය නිපදවන ශක්ති ප්‍රභව ගනනාවක් ඇත​. සුළං, සූර්‍ය බලය​, ඩීසල්, ගල් අඟුරු, ස්වාභාවික වායු, න්‍යෂ්ටික බලය සහ ජලය ඉන් ප්‍රධාන වේ.

ලංකාවේ වාණිජ්‍යය මට්ටමින් විදුලි නිෂ්පාදනයට භාවිතා කෙරෙන්නේ ජලය​, ඩීසල්, ගල් අඟුරු, සුළං සහ සූර්‍ය බලයයි.

මේවා අතරින් ජලය ප්‍රධාන ස්ථානයක් උසුලයි. ලංකාවේ අර්ථ දැක්වීමට අනුව මෙගාවොට් 10 කට වැඩි ධාරිතාවක් සහිත ජල විදුලි බලාගාර ප්‍රධාන ජල විදුලි බලාගාර ලෙසත්, මෙගාවොට් 10ට අඩු ධාරිතාවක් සහිත ජල විදුලි බලාගාර කුඩා ජල විදුලි බලාගාර හෙවත් මිනි හයිඩ්‍රෝ ලෙසත් හැඳින්වේ.

විදුලිය නිෂ්පාදනය සඳහා යම් ශක්ති ප්‍රභවයක් භාවිතා කිරීමේදී ප්‍රධාන වශයෙන් කරුණු 3ක් සැලකිල්ලට ගනී.

1. ලාබදායී බව​
2. පද්ධතියේ ස්ථායී බව​
3. පරිසර දූෂනය​

මෙම සෑම කරුනක් අතින්ම සලකා බැලීමේදී මිනි හයිඩ්‍රෝ යනු ඉතාමත් අවාසිදායී විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රමයක් බව පෙනී යයි.


1. ලාබදායී බව​.


ඕනෑම ශක්ති ප්‍රභවයකින් විදුලි බලය නිෂ්පාදනය කිරීමට යම්කිසි පිරිවැයක් වියදම් වේ. මෙය ප්‍රභවයෙන් ප්‍රභවයට වෙනස් ය​. උදාහරණයකට ඩීසල් මගින් විදුලිය නිෂ්පාදනයට විදුලි ඒකකයකට රුපියල් 40ක් පමණ වැයවන අතර​, ගල් අඟුරු මඟින් විදුලිය නිෂ්පාදනයට විදුලි ඒකකයකට රුපියල් 6ක් පමණ වැය වේ.

ජලය මඟින් විදුලිය නිෂ්පාදනයට වැය වන්නේ විදුලි ඒකකයකට රුපියල් 1ක් පමණ ඉතා කුඩා මුදලකි. ඩීසල් ගල් අඟුරු මෙන් නොව ජලය නොමිලේ ලැබීම මීට හේතුවයි.

එම නිසා තර්කානුකූලව සිතා බැලුවොත් මිනි හයිඩ්‍රෝ මඟින් විදුලිය නිෂ්පාදනය වැඩි වන විට, විදුලි ඒකකයක් සඳහා වන සාමාන්‍යය පිරිවැය අඩු විය යුතු අතර, ඒ ලාභය පාරිභෝගික ඔබට ලැබිය යුතුය​.

නමුත් එසේ වන්නේ නැත​.

ලංකාවේ මිනි හයිඩ්‍රෝ බලාගාර එකක් හැර අන් සියල්ලේම අයිතිය පුද්ගලික සමාගම් සතු වන වේ. මෙම සමාගම් තම බලාගාර මඟින් නිෂ්පාදනය කරන විදුලිය ලංකා විදුලි බල මණ්ඩලයට විකුනන අතර​, විදුලි බල මණ්ඩලය ඒ විදුලිය පාරිභෝගික ඔබට විකුණයි.

විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියලක් වත් වියදම් නොවූවත්, මේ පුද්ගලික මිනි හයිඩ්‍රෝ බලාගාර හිමියෝ තම විදුලිය විදුලි බල මණ්ඩලයට විකුණන්නේ රුපියල් 11 බැගිනි! සෑම විදුලි ඒකකයකින්ම ඔවුන්ට රුපියල් 10 පමණ ලාබය​.

ඔවුන් එසේ ලාබ ලබද්දී පාරිභෝගික ඔබ විදුලිය සඳහා ලෝකයේ ඉහළම මිලක් ගෙවයි.

ඒ මදිවාට ඔවුන් මේ ලාබ ඉපයීම සඳහා අමු ද්‍රවය්‍යක් ලෙස භාවිතා කරන්නේ ඔවුන් ගේ පුද්ගලික බූදලයක් නොව, ලංකා වාසී සියළුම දෙනාට සමසේ අයිතිය ඇති සොබාවික දිය පහරවල ඇති ජලයයි.

මිනි හයිඩ්‍රෝ බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කරන රටාව විදුලි බල මණ්ඩලය් ඒ පාලනයෙන් තොරය​. ඔවුන්ට කැමති විට නිෂ්පාදනය කිරීමටත්, කැමැති විට නිෂ්පාදනය නොකර සිටීමටත් ඔවුන්ට නිදහස ඇත​. මෙම තත්වය යටතේ අධික වර්‍ෂාව ලැබෙන කාලවලදී, විදුලි බල මණ්ඩලය සතු ජලාශ පිටාර දමද්දී පවා එම බලාගාර සතු උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් සමහර විට උද්ගත වේ. ඒ විදුලිය නිපදවන තරම් පද්ධතියේ ඉල්ලුමක් නැති බැවිනි. නමුත් එවැනි අවස්ථාවක මිනි හයිඩ්‍රෝ මගින් නිෂ්පාදනය කරන විදුලිය නොමැති වූවා නම්, මණ්ඩලය සතු බලාගාර වලට උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කළ හැක​.

නමුත් අද ඇති තත්වය යටතේ ජලාශ පිටාර දමද්දී මණ්ඩලයේ බලාගාර අඩු ධාරිතාවයෙන් ක්‍රියා කරන අතර​, මිනි හයිඩ්‍රෝ උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කරමින් අධික ලාභ උපයයි.


2. පද්ධතියේ ස්ථායී භාවය​


මිනි හයිඩ්‍රෝ මගින් ඉහළ විදුලි ජනනයක් කරනු ලබන්නේ වර්‍ෂාව අධික කාලයටය​. එම කාලයේදී විදුලි බල මණ්ඩලය සතු ජලාශ සඳහා ද ඇති තරම් ජලය ලැබෙන නිසා විදුලිය නිෂ්පාදනය ලොකු ප්‍රශ්නයක් නොවේ. විදුලි නිෂ්පාදනය ප්‍රශ්නයක් වන්නේ නියං සමයටයි. ඒ කාලවලදී මිනි හයිඩ්‍රෝ වල නිෂ්පාදනය අවම මට්ටමක පවතී. ඒ නිසා මිනි හයිඩ්‍රෝ මඟින් පද්ධතියේ ස්ථායී භාවයට ලැබෙන දායකත්වයක් නැති තරම් ය​.

ඇත්තෙන්ම කලිනුත් සඳහන් කළ ආකාරයට මිනි හයිඩ්‍රෝ බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කරන රටාව විදුලි බල මණ්ඩලයේ පාලනයෙන් තොර නිසා සමහර අවස්ථා වලදී පද්ධතියේ වෝල්ටීය තාවය අධික ලෙස ඉහළ යාම වැනි ප්‍රශ්න පවා ඇති වීමේ ඉඩක් ඇත​.


3. පරිසර දූෂනය​


බොහෝ දෙනා තුල ඇති අදහසක් වන්නේ ජල විදුලිය යනු පරිසර දූෂනය අවම ශක්ති ප්‍රභ්වයක් බවයි. නමුත් මෙය වැරදි සහගතය​.

විශාල හෝ කුඩා ජල විදුලි බලාගාරයක් සඳහා ජලය ලබා ගන්නේ ගංගාවක් හෝ වෙනත් දිය පහරක් හරස් කර එම ජලය වෙනත් මාර්ගයකට යොමු කිරීමෙනි. මෙය සොබාවික තත්වය මුළුමනින්ම උඩු යටිකුරු කිරීමකි.

විශාල විදුලි බලාගාර වලද මෙම තත්වය පවතින නමුත්, ඒවායින් අඩු මිලට විදුලි ජනනය කිරීමේ හැකියාව සහ නිෂ්පාදන ධාරිතාවය ඉහළ වීම නිසා සිදුවන හානිය සාධාරනීකරනය කළ හැක​. එමෙන්ම, විශාල ව්‍යාපෘති වලදී පරිසර හානිය ගැන තක්සේරුවක් කොට ඒ සඳහා ප්‍රතිකර්ම යම් දුරකට දෙනු ලබයි. උදාහරණයකට ඉහළ කොත්මලේ ජලාශය ඉඳි කිරීමේදී ලංකාවට ආවේනික වූ නිශාචර ගොළුබෙල්ලෙක් "නැවත පදිංචි කිරීමකට​" ලක් කෙරිනි.

නමුත් මිනි හයිඩ්‍රෝ බලාගාර ඉඳි කිරීමේදී එවන් පරිසර ඇගයීමක් සිදු නොකෙරේ. කිසිදු වග විභාගයකින් තොරව හිතූ හිතූ පරිද්දෙන් දිය පහර හරස් කරනු ලබයි. ඒ මදිවාට ඒවායින් ලැබෙන ලාබයක් හෝ මහ ලොකු ධාරිතාවක් නැත​.

අද මධ්‍යයම කඳුකරය පුරා දිය පහරවල් හරස් කරමින් ඉඳි කර ඇති සිය ගණන් වූ මිනි හයිඩ්‍රෝ බලාගාර නිසා සිදු වී ඇති මරිසර හානිය නිසි ගණනය කිරීමක් හෝ කර ඇත්දැයි සැක සහිතය​. මෙය කෙලින්ම රටේ හදවතට පිහියෙන් ඇනීමක් බඳු වේ. මෙහි ප්‍රතිඵල අපිට ලැබෙන්නෙ තව අවුරුදු 10 කිනි.


මිනි හයිඩ්‍රෝ ජාවාරම​


ලංකාවේ බොහෝ පුද්ගලික ව්‍යාපාර මෙන්ම මිනි හයිඩ්‍රෝ ද අද ජාවාරමකි.

මෙම ජාවාරම ඇරඹෙන්නේ ශක්‍යතා අධ්‍යනයේ පටන් ය​. මිනි හයිඩ්‍රෝ බලාගාරයක් සඳහා යම් කිසි ස්ථානයක ශක්‍යතා අධ්‍යනයක් කළ පසු, එම ස්ථානයේ අයිතිය එම අධ්‍යයනය කළ පුද්ගලයා සතු වේ. එතැන බලාගාරයක් ඉඳි කිරීමට නම්, ඔහුට ඉතා විශාල මුදලක් ගෙවා එම අයිතිය ඔහුගෙන් මිලදී ගත යුතුය​.

ඉන් පසු බලාගාරය ඉඳි කිරීම ඇරඹේ. එහිදී සිදුවන පරිසර හානිය ගැන අමුතුවෙන් කිව යුතු නැත​.

බලාගාරයේ විදුලි නිෂ්පාදය ඇරඹූ දින සිට බලාගාර හිමියා අධික ලාබ ලැබීම අරඹයි. මෙගාවොට් එකක විදුලි බලාගාරයක් දිනකට පැය දොළහක් ක්‍රියාත්මක වුවහොත් විදුලි ඒකක දොළොස් දාහක් නිෂ්පාදනක කළ හැක​. එවිට ඉන් ලබන ලාබය දිනකට රුපියල් එක් ලක්‍ෂ විසි දාහකි.

මතක තමා ගන්න​, මේ දිනකට පැය දොළහක් ක්‍රියා කරන බලාගාරයකින් ලැබෙන ලාබයයි. අධික වැසි සමයට බලාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

ගල් අඟුරු මාෆියා, ඩීසල් මාෆියා, ඉංජිනේරු මාෆියා ගැන නිතර නිතර ඇසෙන්නට ලැබුණත්, ලංකාවේ විදුලි බල ක්‍ෂේත්‍රයේ සැබෑ මාෆියාව ඇත්තේ මෙතැනය​.

නවක වදය ගැන​....



රැග් එකේ තියෙන්නෙ "ෆන් එකක්" වත්, "අළුත් නංගිල මල්ලිලට කැම්පස් ඉන්න ඕනෙ විදිහ පරණ අයියල අක්කල කියල දෙන එකක් වත් නෙවෙයි. පැහැදිලිවම ඒක දේශපාලනිකයි. රැග් එකෙන් කරන්නෙ තමාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිසුන් ගාල් කිරීම. අර උඩින් කියපුව ඒක වටේ තවරපු සීනි විතරයි. ඔය ඩෙනිම් විරෝධය, උප සංස්කෘතිය අරකද මේකද ඔක්කොම සීනි.

දේශපාලනික උවමනාවන් වෙනුවෙන් ගාල් කිරීම කියන්නෙ සමහර දේශපාලන පක්‍ෂ (ජේවීපී සහ පෙරටුගාමී) තමාගේ දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් යොදාගත හැකි ඔළුගෙඩි ගාන වැඩි කර ගැනීම. උදාහරණයකට කොළඹ තියෙන උද්ඝෝෂනයකට සහභාගී කරවිය හැකි සිසුන් ගාන වැඩි කර ගැනීම.
රැග් එකේ තියෙන ප්‍රධාන සංකල්පයක් තමයි "බැච් ෆිට් එක" බැච් ෆිට් එක කියන්නෙ බැච් එකම එක මතයක ඉන්න ඕනෙ කියන එක. මතුපිටින් බැලුවම මේක හරි ෂෝක් දෙයක්. ඒ වගේම මේක ප්‍රයෝජනවත් වෙන තැනුත් තියෙනව. නමුත් වැදගත් ප්‍රශ්නය තමයි බැච් එකම එකඟ වෙන "එක මතය" කාගෙ මතයද කියන එක. මේක බැච් එකේ බහුතරයකගේ මතය නෙවෙයි. බැච් එකේ දේශපාලනික පොරවල් ගෙ, මතය. ඔවුන් ගේ මතය අනෙක් අය වෙත ආරෝපණය කිරීමත්, ඊට අනුගත නොවෙන අය "අලයන්" ලෙස හංවඩු ගැසීමත් සිද්ධ වෙනවා.

උදාහරණයකට ලිප්ටන් වටරවුමේ තියෙන X නම් දේශපාලන කරුණ වෙනුවෙන් තියෙන උද්ඝෝෂනයකට සහභාගී වෙන හැමෝම X ගැන උනන්දුවක් තියෙන අය වෙන්නම ඕනෙ නෑ. නමුත් අලයෙක් ලෙස හංවඩු ගැසීමෙන් බේරෙන්න ඔවුන්ට ඒකට යන්න වෙනව.

ලංකාවෙ කැම්පස් වල ඉන්න බහුතරය ගම් වලින් හෝ අර්ධ නාගරික ප්‍රදේශ වලින් එන දුප්පත් හෝ පහළ මධ්‍යම පාන්තික සිංහල බෞද්ධ ළමයි. ඒ අතර නාගරික ධනවත් ළමයිනුත් එනවා. නමුත් ඔවුන් සුළුතරයක්.
දැන් අර ඉහත කියපු ගම්බද සහ/හෝ දුප්පත් ළමයි තමාගෙ ජීවිත කාලය පුරාම විවිධ ආකාරයෙන් පසුව කියපු නාගරික සහ/හෝ ධනවත් සමාජය විසින් මාජිනලයිස් වුන අය. ඔවුන්ට ඒ සමාජය ගැන බියක් සහ වෛරයක් තියෙනවා.

ඒ වගේම සමහර පීඨ වල කෝස් එක කෙරෙන්නෙ ඉංග්‍රීසියෙන්. ඉතින් ඉංග්‍රීසි දැනුම අඩු ළමයින්ට කෝස් එක කර ගැනීම පිළිබඳ බියක් තියෙනවා.

මේ ප්‍රධාන කාරනා දෙක තමයි රැග් එක විසින් තම පැවැත්ම සඳහා භාවිතා කරන්නෙ.

රැග් සීසන් එකේදි නවකයන්ට දෙන තෙල් වලදි මේ කරුණු දෙක භාවිතා කරනවා ඔවුන් රැග් එක කෙරෙහි ආකර්‍ෂනය කර ගන්න.

නවකයන්ට ඔවුන් ගෙ සමාජ පසුබිම අමතක කරල "සරසවි උප සංස්කෘතියට" අනුගත වෙන්න කියනවා. රැග් සීසන් එකේදි තමාගෙ පාසැල මොකද්ද කියල ඇහුවොත් ඒකෙ නමින් කියන්න බෑ. ඒ වෙනුවට ඒ සඳහා සම්මත කරගත්ත අපහාසාත්මක යෙදුමක් පාවිච්චි කරන්න ඕනෙ. "අහවල් තැන අන්ඩර කඩේ". දෙමාපියන් ගෙ රැකියාවත් එහෙමයි. ඒ වගේම හැමෝම "යුනිෆෝම්" එකක් අඳින්න ඕනෙ. ඩෙනිම් බෑ. කෙල්ලො නම් චීත්ත ගවුම් විතරයි. සපත්තු බෑ. රබර් සෙරෙප්පු විතරයි.

මේකෙ මුඛ්‍යය අරමුන තමයි හැමෝම සමාන තැනකට ගේන එක. නමුත් සැබෑ අරමුන තමයි අර කිව්ව ගැමි/දුප්පත් ළමයින් ගෙ නාගරික/ධනවත් සමාජය ගැන තියෙන බිය, සැකය සහ වෛරය එක්ස්ප්ලොයිට් කිරීම. "බලපල්ල අරුන් පොෂ් අලයො. උංගෙ සල්ලි බලය සහ සමාජ බලය ප්‍රදර්ශනය කරනවා. හැමදාම කරා වගේ උං මෙතනදිත් උඹලව මාජිනලයිස් කරයි. ඒක නොවෙන්න නම් උඹල එකතු වෙලා උන්ට ඒක ප්‍රදර්ශනය කරන්න තියෙන අවස්ථාව නැති කරන්න ඕනෙ. බලපල්ලා උඹලගෙ සීනියර් ල උඹල වෙනුවෙන් පෙනී සිටිනවා. උඹලව ආරක්‍ෂා කරනවා". ඕක තමයි යටින් යන තීම් එක.

ඒ එක්කම කියනවා "ලෙචාල ඉන්නෙ උඹලව අන්නන්න බලාගෙන. ඉංග්‍රීසියෙන් ලෙකචර්ස් ගිහිල්ල උඹලට කෝස් එක ගොඩ දාන්න බෑ. ගොඩ යන්න නං කුප්පි ක්ලාස් යන්න ඕනෙ". කෝස් එක කම්ප්ලීට් කර ගන්න බැරි වෙයි කියන බය එක්ස්ප්ලොයිට් කරලා "අපි නැත්තං තොපි ෆේල්" කියල තීම් එක යවනව යටින්.

මේ ෆියර්මොංගරින් උපක්‍රම වලින් අලුත් බැච් එකක අති බහුතරය "කැමැත්තෙන්" රැග් වෙන මට්ටමට ගේනවා (මේ ඇති කරන බය සහමුලින්ම අසත්‍යය නොවන බවත් ඒවට යම්කිසි පදනමක් තියෙන බවත් කියන්න ඕනෙ).

ඊට පස්සෙ ඕන වෙනව සිස්ටම් එකට මුර බල්ලො. එතනදි තමයි අර මානසික රෝගී පකයල ටික එළියට එන්නෙ. උන් තමයි සිස්ටම් එක කඩන එවුන් ව හපා කන්න පාවිච්චි කරන්නෙ. කුණුහරුපෙන් බැනීමේ සිට බැච් එකේ කොන් කිරීම හරහා ඉතාමත් අශික්‍ෂිත උපක්‍රම දක්වා සියලු දේ පාවිච්චි කරනවා සිස්ටම් එකෙන් පනින එවුන් ආපහු ඇතුළට දාගන්න. මේ මුර බල්ලන් ගෙන් සෑහෙන පිරිසක් නවකයන් බවත් කියන්න ඕනෙ. මේ නවක මුර බල්ලො තමයි බැච් එකේ පොරවල් වෙන්නෙ. ඒ ප්‍රිවිලේජ් එක වෙනුවෙන් මේ මුර බල්ලො සිස්ටම් එක කඩන එවුන් ගැන ජේෂ්ඨයන්ට ඔත්තු සපයනවා. සිස්ටම් එක කඩන තමාගේ බැචාලට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදා හරිනවා.

ඊ ළඟට ඉන්නව මේක ආරක්‍ෂා කරන එවුන් ටික. උන් තමයි "රැග් එක හරි ෆන් මෙයාලා - කැම්පස් කාලෙ ඒවයෙන් මතක් කරල හිනා වෙන්න තියෙන්නෙ රැග් වෙච්ච ඒව තමයි. මේ ගොල්ලො කියනව වගේ මරාගෙන කන්නෙ නෑ අනේ. ඔය පොඩි පොඩි ගොංපාට් ටිකක් තමයි දෙන්නෙ. හරි ෂෝයි" වගේ කතා කියන්නෙ.

මේ තමයි මීහරක් රැළ. උන් තාම දන්නෙ නෑ උන්ට ඇරිය කියල. මේ පිරිස අර ඉහත කියපු භීතිකාවට අහුවෙලා රැග් වෙලා එක එකාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සහ මානසික රෝගී පකයල ගෙ මානසික රෝග වෙනුවෙන් වධ බන්ධනයන්ට ලක් වුන අය. හැබැයි උන් ඒක දන්නෙ නෑ. සිස්ටම් එක කඩන්න ලොකුවට ට්‍රයි කරේ නැති නිසා "මරාගෙන කන රැග් එකකට" ලක් වෙලා නෑ. හැබැයි උන් දන්නෙ නෑ හැමෝමටම ඒවගේ මල් රැග් ලැබෙන්නෙ නෑ කියල.

සිස්ටම් කඩන්න කැරලි කාර පුකේ උණක් තිබීම නිසා හෝ සිස්ටම් එකට අනුගත වෙන්න තරම් මානසිකත්වය ශක්තිමත් නොවීම නිසා හරියට අනුගත නොවෙන එවුන්ට අමානුෂික රැග් එකක් ලැබෙනවා. සමහර එවුන් මානසික රෝගී වෙනවා. දිවි නසා ගන්නව. කෝස් එක දාල යනවා. අර උඩ කියපු මල් රැග් කාපු මල් පොන්නයොන් ගෙ කතා වලින් ඒක වහනවා.


අනිතිමට කියන්න තියෙන්නෙ යමෙක් ගෙ කැම්පස් ජීවිතයේ මතක් කරල හිනා වෙන්න තියෙන්නෙ දේශපාලන පක්ස වලට කඩේ යාම සහ මානසික රෝගීන් ගේ විකෘති ආශාවන් සන්තර්පනය කිරීම පමණයි නම්, ඒ කැම්පස් ජීවිතේ හීනියට රෝල් කරල පුකේ ගහගන්න කියල තමයි.

පැරණි වම, මැද වම සහ නව වම


පැරණි වම



ලංකාවේ ධනපති පන්තියක් කවදත් තිබුනේ නැත. ලංකාව වැනි ලෝක ධනවාදයේ පරිධියේ ඇති රටක ජනතාවාදී ව්‍යාපාරයක සැබෑ සතුරා විය යුත්තේ මනඃකල්පිත ධනපති පන්තියක් නොව, ගෝලීය ධනවාදයේ ගාමක බලය වන බටහිර අධිරාජ්‍යය වාදයයි.

එහිදී ජනතාවාදී සමාජවාදී ව්‍යාපාරයක් නිතැතින්ම ජාතිකවාදී බලවේගයන් සමඟ එකට සිට ගත යුතුය. ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ (ලෝක අධිරාජ්‍යය වාදයට ගොදුරු වූ කලාපය) සාර්ථක සමාජවාදී ව්‍යාපරයන් සියල්ලම ජාතිකවාදීන් සමඟ උරෙනුර ගැටී අධිරාජ්‍යයවාදයට එරෙහිව කළ අරගලයන් ය. කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ, වියට්නාමයේ හෝ චී මිං සහ කොංගෝවේ පැට්‍රිස් ලුමුම්බා දැවැන්ත උදාහරණයන් වේ.

ලංකාවේ පැරණි වම (සමසමාජ - කොමියුනිස්ට් - මහජණ එක්සත් පෙරමුණ) මේ තත්වය මැනවින් අවබෝධ කරගෙන සිටි බව අපට පෙනේ. මුලින්ම සමසමාජ පක්‍ෂය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදයට එරෙහිව පූර්ණ නිදහස වෙනුවෙන් ගෙන ගිය සටන එහි මුල් කාලීන ජනප්‍රියත්වයට බෙහෙවින් බල පෑවේය. මෙකල "ජාතියේ පියවරු" බ්‍රිතාන්‍යයන් ගෙන් බලාපොරොත්තු වූයේ අර්ධ නිදහසක් පමණක් බව සිහි තබාගත යුතුය.
නිදහසින් පසු ලංකාවේ අධිරාජ්‍යයවාදයේ සහ එහි දේශීය ඒජන්තයන් වූ කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරය සහ එහි දේශපාලන බලවේගය වූ එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව පැරණි වම ප්‍රශස්ත අරගලයක් ගෙන ගියේය.
1952 ශ්‍රිලනිපය බිහි වූ පසු ලංකාවේ ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය බවට පත් වූයේ එයයි. එජාපය විසින් නියෝජනය කළ කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරය සතු වූ දේශපාලන-ආර්ථික බලය තමා සතු කර ගැනීමට ලංකාවේ සිංහල-බෞද්ධ/දිළිඳු/ගැමි සමාජ ස්ථරයන් ගෙන ගිය අරගලයේ ඔවුන් ගේ දේශපාලන බලවේගය වූයේ ශ්‍රිලනිපයයි. නමුත් ශ්‍රිලනිපයේ මෙම අරගලයට පැරණි වම දැවැන්ත සහයෝගයක් ලබා දුන්නේය.
1956 ශ්‍රිලනිපය ප්‍රමුඛ ජාතිකවාදීන් සුවිශේෂී ජයක් ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ එක සමසමාජය සහ කොමියුනිස්ට් පක්‍ෂය සමඟ ඇති කරගත් නිතරග ගිවිසුමයි. මෙහිදී ශ්‍රිලනිප ප්‍රමුඛ ජාතිකවාදී බලවේගයන් ලබා ගත්තේ මුළු ඡන් ද ප්‍රමානයෙන් 40% පමණක් බව සිහිකළ යුතුය. එජාපය 28% ලබා ගත් අතර සමසමාජය 10%ක් ලබා ගත්තේය. මේ අනුව පෙනෙන්නේ පාර්ලිමේන්තුව තුළ එජාප බලය අතුගා දැමීමට සහ එමඟින් 56 පෙරලිය සිදු කිරීමට පැරණි වම විශාල දායකත්වයක් ලබා දුන් බවයි.

ඉන්පසුවද 1960-65 සමයේ ශ්‍රිලනිප රජයන් යටතේ ජනසතු කරන වැඩපිළිවෙල මගින් කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරයඒ බලය සහමුලින්ම බිඳ දැමීමට පැරණි වම ජාතිකවාදීන් සමඟ අත්වැල් බැඳ කටයුතු කලේය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 63 හමුදා කුමන්ත්‍රනය මගින් කතෝලික හමුදා නිලධාරීන් පිරිසක් ලංකාවේ හමුදා පාලනයක් ඇති කිරීමට උත්සහ දැරීමක් ඇති විය. මෙය මර්ධනය කිරීමේදී ද සිරිමාවෝ මැතිණියට ඉමහත් ශක්තියක් ලබා දුන්නේ පැරණි වමයි (මෙය අද ලංකා ඉතිහාසයේ බොහෝ දෙනාට අමතකව ගිය, නමුත් වැදගත් පරිච්ඡේදයකි).

මේ ආකාරයට ලංකාවේ අධිරාජ්‍යයවාදී දේශපාලන බලය බිඳ දමා සිංහල-බෞද්ධ ගැමි සමාජ ස්ථරයන් ශක්තිමත් කිරීමෙහි ලා පැරණි වම තීරනාත්මක කාර්‍ය භාරයක් ඉටු කළේය. (මෙහිදී ට්‍රොට්ස්කි ගේ නොනවතින විප්ලවය පිළිබඳ න්‍යාය සමඟ මේ අස්ථානය දක්වන සමානත්වය අධ්‍යයනය කරනු වටී) මෙහිදී එන්.එම්. සහ පිලිප් ගේ මාක්ස්වාදී සිද්ධාන්තයන් ගෙන් ඔබ්බට ගොස් තම දේශපාලන ඉවෙන් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව කැපී පෙනිනි (මෙම දේශපාලන ඉව ලෙනින්, ට්‍රොට්ස්කි සහ ස්ටාලින් සතුවද පැවති ගුණාංගයකි). මෙහිදී ඔවුහු මාක්ස් ගේ ආර්ථිකය මත පමණක් පදනම්ව කළ අසම්පූර්න පන්ති බෙදීම පිළිබඳ න්‍යාය ඉක්මවා පන්ති බෙදීමේ සංස්කෘතික පදනම පිළිබඳ යම්කිසි අවබෝධයකින් කටයුතු කළහ. ඔවුහු නිවැරදිව වටහා ගත්තේ ලංකාවේ පොදු ජන ව්‍යාපාරයක සිංහල-බෞද්ධ ගැමි ජනයාට හිමි විය යුතු ප්‍රමුඛ ස්ථානයක් බවයි.

මේ සමයේදීම පැරණි වමේ නායකයන් වූ එන්.එම්. (1979) පිලිප් (1972) සහ එස්.ඒ. (1982) මිය යාම නිසා පැරණි වමේ දීප්තිමත් සමය අවසන් විය. ඉන්පසු මහජන එක්සත් පෙරමුණ දිගටම ජාතිකවාදී ස්ථාවරයක හිඳිමින් යම් සාර්ථකත්වයක් ලැබුවද සමසමාජය සහ කොමියුනිස්ට් පක්‍ෂය පොතේ ගුරුන් ගේ නායකත්වයට නතු වීමෙන් දිය වී ගියේය.

මැද වම


ලංකාවේ
මැද වම ලෙස හැඳින්විය හැක්කේ ජවිපෙ ය. ලංකා කොමියුනිස්ට් පක්‍ෂය (චීන) පිළෙන් බිඳී ගිය කුඩා කණ්ඩායමක් ලෙස ජවිපෙ බිහි වූ අතර, මාවෝ මාදී පක්‍ෂයක් ලෙස එය නිසඟයෙන්ම ගැමි ජනයා අතර පදනම් වූ ව්‍යාපාරයක් විය. 1980 න් පසු එතෙක් පැරණි වම වෙත ආකර්‍ෂනයව සිටි උගත් (විශ්ව විද්‍යාල) තරුණයන් ද පැරණි වමේ දිය වීමෙන් පසු ජවිපෙ වටා රොක් විය.

ජවිපෙ නායකත්වය ඉංග්‍රීසි
උගතුන් නොවූ නිසා එය පැරණි වම මෙන් මාක්ස්වාදී සිද්ධාන්ත මත තදින් පිහිටා ගත් පක්‍ෂයක් නොවීය. එනිසාම ජවිපෙ දේශපාලනය ජාතිකවාදී ලක්‍ෂන වලින් සමන්විත විය.

නමුත් ගල්කටස් තුවක්කු සහ ටින්කිරි බෝම්බ වලින් සන්නද්ධ වූ
තරුණයන් හත්-අට දාහකට පුළුල් ජනතා සහභාගීත්වයකින් තොරව සන්නද්ධ අරගලයක් කළ හැකිය සහ අතිශය කෲර ප්‍රචන්ඩත්වයක් මගින් පොදු ජනතා සහය තමා වෙත ළඟා කරගත හැක යන රෝහණ විජේවීර ගේ මුග්ධ ආකල්පයන් නිසා ජවිපෙ සාර්ථකත්වය එක්තරා මට්ටමකින් ඉදිරියට නොගියේය.

ඇත්තෙන්ම ඉන්දු - ලංකා ගිවිසුම මත පදනම්ව
නැගී ආ දැවැන්ත ආණ්ඩු විරෝධයේදී ජවිපෙ අනෙකුත් ජාතිකවාදී බලවේග සමඟ එකට කටයුතු නොකර ප්‍රචන්ඩත්වය මත පදනම්ව ගෙන ගිය වැඩ පිළිවෙල නිසා සමස්තයක් වශයෙන් ජාතිකවාදී දේශපාලන බලවේගයන්ට එහිදී විශාල පාඩුවක් සිදු විය.

 94 න් පසු නැවත උපදින ජවිපෙ ප්‍රචන්ඩත්වය පසෙක ලා කටයුතු කිරීමත් සෝමවංශ - වීරවංශ නායකත්වය යටතේ විශේෂයෙන්ම 2000 න් පසු ජාතිකවාදී බලවේග සමඟ එක්ව කටයුතු කිරිමත් නිසා ජවිපෙ විශාල ප්‍රගතියක් ලැබීය. එය පාර්ලිමේන්තු ආසන 39 ක් දක්වා ලබා ගැනීමට තරම් සමත්විය.

මෙම අවස්ථාවේදීද ජවිපෙ ඉතාමත්
නිවැරදිව ලංකාවේ පොදු ජන ව්‍යාපාරයක සිංහල-බෞද්ධ/ගැමි/දිළිඳු ජනයාට හිමි ස්ථානය සහ ඔවුන් ගේ ප්‍රධාන සතුරා බටහිර අධිරාජ්‍යයවාදය බවත්, දෙමළ බෙදුම්වාදය එහි ඒජන්තයෙක් ලෙස රඟ දක්වන භූමිකාවත් අවබෝධ කරගෙන කටයුතු කළ බව පෙනේ.

නමුත් ජවිපෙ බල අරගලයක් තුළින් සෝමවංශ - වීරවංශ ප්‍රමුඛ
ජාතිකවාදී හිතවාදී කොටස් ඉන් නෙරපා හැරීම මගින් ජවිපෙ අවස්ථාවාදී මෙන්ශෙවික් වාදයක සිර වී කාණු පල්ලට ඇද වැටෙන තැනකට අද පත්ව ඇත.

නව වම


1980 දශකය වන විට කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරයේ සිට සිංහල-බෞද්ධ/ගැමි/දිළිඳු සමාජ ස්ථරය දක්වා වූ බල හුවමාරුව ස්ථාවර තත්වයට පත්ව තිබූ නිසා එජාපයටද තමාගේ නාගරික/ධනවත්/කතෝලික හැව ඉවත් කර ජාතිකවාදී වෙස්මුහුණක් පැළඳ ගැනීමට සිදු විය. එතෙක් සිටි ටයි කෝට් පැළඳි ඩී.එස්. සර් ජෝන් සහ ඩඩ්ලි ලා වෙනුවට නැෂනල් ඇඳි ජේ.ආර්. ප්‍රේමදාස සහ ගාමිණී ඉදිරියට ආහ. ජේ.ආර්. පෙනී සිටියේ ධර්මිෂ්ඨ සමාජයක් වෙනුවෙනි. විශේෂයෙන්ම ප්‍රේමදාස හරහා එජාපය ගැමි/සිංහල බෞද්ධ/දිළිඳු සමාජ ස්ථරයන් වෙත සමීප විය.

මෙකල
පැරණි වම දිය වී යාමේදී ඉන් කුඩා කණ්ඩායම් කැඩි වෙන්විය. නව ලංකා සමසමාජ පක්‍ෂය, සමාජවාදී සමානතා පක්‍ෂය ආදී අටෝරාසියක් වාමාංශික පක්‍ෂ (මේවා බොහෝ දුරට ට්‍රොට්ස්කිවාදී පක්‍ෂ විය) ඇති වූ අතර, ඔවුන් මතවාදීව ඉතාමත් දුප්පත් පිරිසක් වූය. 

කාල් මාක්ස්
අවුරුදු සීයකට පෙර පළකල අසම්පූර්න අදහස් වලට දශමයක් වත් ඔබ්බෙන් දැකීමට අපොහොසත් වූ මේ නව වම, තම ප්‍රධාන සතුරා ලෙස හඳුනා ගත්තේ ලංකාවේ එවකට සැලකිය යුතු දේශපාලන බලයක් ලබා සිටි සිංහල-බෞද්ධ ගැමි සමාජ ස්ථරයයි.

 56 සිට 75 දක්වා සිද්ධ වූ සමාජ පෙරලිය ප්‍රගතිශීලි එකක් ලෙස දැකීමට අපොහොසත් වූ මේ පොත් ගුල්ලෝ මනඃකල්පිත සිංහල බෞද්ධ ධනපති පන්තියකට පහර දුන්හ. මෙහිදී ඔවුන් ගේ මිතුරා වූයේ බටහිර අධිරාජ්‍යයවාදයත්, එහි දේශීය ඒජන්‍තයෙක් වූ දෙමළ බෙදුම්වාදයත් ය.

ලංකාවේ පොදු ජනයාට සමාජවාදය අප්‍රිය කරවීමේ ලා නව
වම කර ඇති කාර්‍ය භාරය සුළුපටු නොවේ. මනඃකල්පිත සිංහල බෞද්ධ ධනපති පන්තියකට එරෙහිව සැබෑ බටහිර ධනවාදය සමඟ කඳවුරු බැඳගත් මේ මරි මෝඩයන් දුටුවානම්, ලෙනින් පශ්චාත් භාගයට ලාම්පුතෙල් ගසා ගිනි තබාගනු නිසැකය.

නිරාගමික තුමා සහ සොහොන​



උදේ පාන්දරින්ම අවදි වෙච්ච නිරාගමික තුමා තාත්තගෙ සොහොන පැත්තෙ ගියේ මලක් තියල ඉටි පන්දමක් පත්තු කරලා එන්න.

ඈත තියද්දිම දැක්ක කවුදෝ සෙට් එකක් සොහොන ළඟ ඉන්නවා. ළං වෙලා බැළුවම තමයි සීන් එක දැක්කෙ. කොළු ගැටව් තුන් දෙනෙක් උදේ පාන්දරම සොහොන උඩ "පර-පර" ගාල රෙනවා.

එකෙක් සොහොනෙ කකුල් දාන පැත්තෙ ඉඳගෙන බීඩි කූරක් එහෙම අදින ගමන් ආතල් එකේ සින්දුවකුත් මුමුණ මුමුණ රෙනවා. තව එකෙක් සොහොන ඉස්මත්තෙ තියෙන කුරුසෙ දෙබල උඩ වාඩි වෙලා සොහොනෙ මූණ තියෙන හරියට ගූ වැටෙන විදිහට රෙනවා. අනිත් එකා රීල ඉවර වෙලා නැගිටලා සොහොන් කොතේ නම තියෙන හරිය තෙමෙන්න හුජ්ජ කරනවා.

නිරාගමික තුමා යක්‍ෂාවේස වුනා.

"තොපි මොකද යකෝ ඔය කරන්නෙ? තොපිට දෙයියන් ගෙ හාල් කැවිලද?"

කොළු ගැටව් තුන් දෙනා ගැස්සිල ගියා. අර බීඩියක් ගහ ගහ හිටපු එකා ඉඳගෙන ඉන්න ගමන් ම පොඩි හිනාවක් එහෙම දාල "උදේම හන්දියෙ කඩෙන් බිත්තර කොත්තු තුනක් කෑව අයියා. බඩ පොඩ්ඩක් අවුල් වගේ. ආයෙ ගෙදර දුවන්න වෙලාවක් නෑ. එහෙම්මම මෙතන වැඩේට සෙට් වුනා. වටේටම කැලේනෙ අයියා, මෙතන තමයි පොඩ්ඩක් එළිමහන තියෙන්නෙ. කැලේ රෙන්න ගිහිං පුකට කූඩැල්ලෙක් එහෙම ගියොත් සුනාමි කේස් නෙ" කිව්වා.

"යකෝ මේ මගේ තාත්ත ගෙ සොහොන"

"ඉතිං අපිට පුකෙයි? ඒ ඔයාගෙ තාත්ත වුනාට අපේ තාත්ත නෙවෙයි නෙ. අපිට පොර නිකම්ම නිකං ඕල්ඩ් මෑන්ස් කෙනෙක් විතරයි"

"යකුනේ තොපි ඔය රෙන්නෙ මගේ තාත්ත ගෙ මිනිය උඩට"

"ඉතින් බොස් තාත්තට අවුලක් නෑනෙ අපි රිව්ව කියල. පොර දැන් නෑනෙ? අපි පොර ජීවත් වෙල ඉද්දි පොර ගෙ කටට රෙන්න ආවෙ නෑනෙ?"

"ඒ වුනාට ඔතන මගේ තාත්ත....."

"පිස්සුද දොරේ? ඔතන ඇති තාත්තෙක් නෑ. ඔතන තියෙන්නෙ ඇටකටු ටිකක් විතරයි"

දෙබල උඩ වාඩි වෙලා රිරී හිටපු එකා දෙබලෙන් බැහැල නිරාගමික තුමා ළඟට ආව.

"නිකං මෙතන පිස්සු කෙලින්න එපා ලොක්කා. ඔයා නිකං මෙතන ඇටකටු ටිකක් වල දාගෙන ඒවට පහන් පත්තු කරනවා. ඒ වගේද අපේ සරමෙ රෙවුන නං? මේක මානුෂීය අවශ්‍යතාවයක්"

"අනිත් එක ඔයාට ෂුවර් ද ඔය මෙතන වල දාල ඉන්නෙ ඔයාගෙම තාත්තද කියල?" සොහොන් කොතට හුජ්ජ කර කර හිටපු එකා දෙපාරක් ගස්සල ඇතුළට දාගන්න ගමන් ඇහුව. "කොහෙද ඉතින් ඔයා ඕකට ඩී.එන්.ඒ. ටෙස්ට් එකක්වත් කරන්න දෙන්නෙ නෑනෙ"

"වල් පරයෝ මගේ තාත්තට අපහාස කරන්න මම තොපිට ඉඩ තියන්නෙ නෑ"

"ලොක්කා නිකං ගෝත්‍රික ටෝක් දෙන්න එපා. ඒ ඔයාගෙ තාත්ට වුනාත අපේ තාත්ත නෙවෙයි. ඔයාගෙ ගරු කිරීම ඔයා තියාගන්න. ඔයා කියන්නෙ අපිට සරමෙ රෙන්න කියලද?"

"ඒ වුනාට *ත්තිගෙ පුතෝ මේක මගේ ඉඩම. තොපි කොහොමද මේක අස්සෙ රෙන්නෙ?"

"පිස්සුද ඕයි මේක බෙදා වෙන් කල පස් ගොඩක්"

ගබ්සාව ගැන​


ගබ්සාව පිළිබඳ මගේ මතය මේ වගේ.

පහත සඳහන් අවස්ථා වලදී වෛද්‍ය නිර්දේශයක් මත ගබ්සාව නීත්‍යානුකූල සහ රජයේ වියදමින් සිදු කළ යුතුයි.

1. මවගේ ජීවිතයට තර්ජනයක් වන විට
2. කළලය ඉතා දරුණු ආබාධයකින් පෙළෙන විට
3. දූෂනයකින් වන ගැබ් ගැනීමකදී

අනික් අවස්ථා වලදී ගබ්සාව අධිකරනයේ විශේෂ අනුමැතියකින් සහ කළලයේ වයස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද කාල සීමාවක් ඉක්මවා නොමැති විට මව්පියන් ගේ වියදමින් සිදු කිරීමට අවසර දිය යුතුයි. එහිදී අවසර දීම සඳහා පහත කරුණු (පමණක් නොවේ) සලකා බැලිය හැකියි.

1. හදිසියේ ඇති වූ තත්වයක් නිසා දරුවා නිසි පරිදි නඩත්තු කිරීමේ ආර්ථික (හෝ වෙනත්) හැකියාව දෙමාපියන්ට අහිමි වීම.
2. ගැබ් ගැනීමෙන් පසු දෙමාපියන් දික්කසාද වීම.
3. ගැබ් ගැනීමෙන් පසු මව දීර්ඝ කාලයකට සිරගත වීම සහ දරුවා නඩත්තු කිරීමට වෙනත් භාරකරුවෙක් නොමැති අවස්ථාවකදී.
4. මවගේ මානසික මට්ටම දරුවෙක් නඩත්තු කිරීමට සුදුසු තත්වයක නොතිබීම සහ දරුවා නඩත්තු කිරීමට වෙනත් භාරකරුවෙක් නොමැති අවස්ථාවකදී.
5. එට්සෙක්ට්‍රා....

අනෙකුත් සියළුම අවස්ථාවන් හිදී ගබ්සාව නීති විරෝධී වන අතර, ගබ්සාවක් සිදු කරන අවස්ථාවකදී මව සහ ගබ්සාව සිදු කරන තැනැත්තා දැඩි දඬුවම් වලට ලක් කල යුතුයි.

ගබ්සාව යනු උපත් පාලන ක්‍රමයක් නෙවෙයි.

කොන්ඩම් පැකට් එකක් සුළු මුදලකට ඕනෑම ෆාමසියකින් ලබා ගන්න​ පුළුවන්.