Showing posts with label පාදඩයා. Show all posts
Showing posts with label පාදඩයා. Show all posts

Monday, May 25, 2020

පාදඩයා ෆ්‍රයිඩ් රයිස් කාපු හැටි



එක පාරක් මම අපේ ෆැකල්ටිය ළඟ තියෙන හෝටලේට ගියා ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න​. ඒ කාලෙ හෝටල් වලින් ෆ්‍රයිඩ් රයිස් කනව කියන්නෙ හෙනම ලක්‍ෂරි සීන් එකක්. මම හිතන්නෙ මහපොළ වත් හම්බෙල තියෙන්න ඇති.

ඔන්න කඩේට ගියාම කඩේ ඇතුළෙ දහයක දොළහක සෙට් එකක් ඉන්නව​. ට්‍රිප් එකක් ආපු සෙට් එකක්. උනුත් කන්නෙ ෆ්‍රයිඩ් රයිස්. චිකන් හොදි එක්ක​.

මාත් ඉතිං ෆ්‍රයිඩ් රයිස් එකයි චිකන් හොදියි ගේන්න කිව්ව​. කඩේ වැඩට ඉන්නෙ අවුරුදු පහළොවක විතර කොළු ගැටයෙක්. ඌත් රයිස් එකයි හොදි එකයි ගෙනත් දුන්න​.

දෙයියනේ කියල චිකන් හොදි රයිස් එකට දාගන්න යද්දිම තමයි දැක්කෙ. චිකන් හොද්දෙ.........

නෑ යකෝ වඳ පෙති නෙවෙයි. කැරපොත්තෙක්.

පොඩ්ඩක් කල්පනා කරල බැලුව මොකද කරන්නෙ කියල​. සීන් එක ඇනලයිස් කරා.

මම කැම්පස් කියල කඩේ එවුං දන්නව​. ඒ නිසා මම නිකං පිම්බත් විසිවෙන සයිස් එකේ (ඒ කාලෙ ඈ. දැං එහෙම නෑ) එකෙක් වුනත් මට ලොකුවට ගේම කෝල් වෙන්නෙ නෑ කියල බුදු ෂුවර්.

ට්‍රිප් එක ආපු එව්වො දැනටමත් සෑහෙන තරමක් කාල​. මම කෑගහල සීන් එක වකූර් කරොත් උං මට වඩා කලබල වෙනව​. මොකද උං දැනටත්මත් කැරපොතු හොදි කාල ඉන්නෙ. සෙට් එකේ කොල්ලො හතර පස් දෙනෙකුත් ඉන්න නිසා බොහෝ විට මුදලාලිට කනේ පාරක් වගේ ලැබෙන්නත් ඉඩ තියෙනවා. කඩේ මුදලාලිට හොඳම දේ වැඩේ ගොඩින් ෂේප් වෙන එක​.

උං දැනටමත් කැරපොතු හොදි කාල තියෙන්නෙ. ඒ නිසා මම කෑගැහුවොත් උන්ට අප්පිරියාවටම වමනෙ ගිහිල්ල ට්‍රිප් එකත් අල වෙන්න ඉඩ තියෙනවා. මම කෑගැහුව කියල උන්ට වෙන යහපතක් නෑ.

ඒ නිසා මම ෂේප් එකේ කොල්ලට කතා කරල කැරපොත්තව පෙන්නුව​.

ඌ නිකං රෙවෙන ගානට බය වුනා. ඌ එතන නටනවා. මට තව හොදි එකක් ගේන්නං කිව්ව​. මම ඇහුව ගොම්පාට් ද කියල​. ඒ හැලියෙන් ම නෙ ගේන්නෙ.

මුදලාලි සීන් එක දැකල එතනට ආව​. පොරත් ටිකක් කලබල වුනා. එක එක කතා කියනවා. අනිත් සෙට් එක දිහා හැරි හැරී බලනවා.

මම කිව්ව හරි මට වෙන හොදි ඕනෙ නෑ ඕක ඔහොම්මම තියල කෝක් එකක් දෙන්න කියල​. නිකම්ම රයිස් ගිලින්නත් බෑ නෙ. ලිස්සල යන්නත් මොනා හරි තියෙන්න ඕනෙ නෙ. ඊට පස්සෙ කෝක් එකත් එක්ක රයිස් එක කෑවා. රයිස් එක කාල ඉවර වෙලා සිගරට්ටෙකක් ගෙන්න ගෙන ඒකත් බිව්ව (ඒ කාලෙ කඩ ඇතුලෙ සිගරට් බොන්න පුළුවං).

ඊට පස්සෙ නැගිටලා යන්න ගියා.

මම නැගිටල යද්දි මුදලාලි නිකං "මල්ලි බිල​?" වගේ ලුක් එකක් දැම්ම​. මම "පිස්සුද අයියා ගොම්පාට් ද​?" ලුක් එක දාල යන්න ගියා

Saturday, February 8, 2020

පාදඩයා අරක්කු පැන්නුව හැටි




මම කාලයක් මුස්ලිම් රටක රස්සාව කරා. ඒ රටේ මත්පැන් පාවිච්චි කරන්න තහනම්. තහනම් කියන්නෙ ලෙසටම තහනම්. හිස් අරක්කු බෝතලයක් තිබිල අහුවුනත් උසාවි දානවා. මාස හත අටකට හිරේ ඉන්න පුළුවන් වැරැද්දක්. අරක්කු එක්ක බෝතලයක් අහුවුනොත් හිතා ගන්න පුළුවන් නෙ.

එහෙමයි කියල අපි අරක්කු නොබී ඉන්නවද​? නෑ නේ. නෑ නේ. අපි විවිධ ක්‍රම වලට අරක්කු බොනවා. එයාපෝට් එකේ බාර් එකෙන් බොනවා. ටුවරිස්ට් හොටෙල් වලින් බොනවා. ඒ දෙකම ඉතා මිල අධිකයි. ඒ වුනාට අපි බොනවා. සමහර එවුන් හොරෙන් කසිප්පු පෙරනවා. රටඉඳි වලින්. අපි නං ඒක ට්‍රයි කරේ නෑ.

වැඩියෙන්ම බොන්නෙ ටුවරිස්ට් හොටෙල් වලින් පන්නන අරක්කු. හොටෙල් වල වැඩ කරන ලංකාවෙ එවුන් බෝතල් පන්නල අපිට විකුණනවා. ඒව ලැබෙන්න සහන මිලට​. හැබයි පට්ට රිස්කි වැඩක්. අහුවුනොත් ගස්.

එක දවසක් ආරංචියක් ආව හොර වොඩ්කා බෝතල් හයක් එනව කියල​. ඔරිජිනල් ගානෙන් හාෆ් ප්‍රයිස් එකට දෙන්නෙ. හැබැයි හයම එකට ගන්න ඕනෙ. අපි කවදාවත් එක බෝතලේකට වඩා අරං නෑ. හයක් එක්ක අහුවුනොත් මොනාවයිද කියන්න බෑ. බෝතල් හයක් හංගගෙන පාරෙ අරං එන්නත් බෑ. ඒත් අතාරින්න හිතෙන්නෙත් නෑ.

බෝතල් එන්නෙ බෝට්ටුවකින් බීච් එකට​. එතනට ගිහිල්ල ගන්න ඕනෙ. අපේ එකෙක්ට ස්කූටර් එකක් තිබ්බා. ඒකෙන් ගිහිල්ල ගන්න ප්ලෑන් කරේ. බෝතල් හයක් බස් එකේ හෝ පයින් හංගගෙන එන්න බෑ නෙ. අරූ ස්කූටරේ පදිනවා. මම පිටිපස්සෙ බෑග් එකක් කරේ දාගෙන යනවා. බෝතල් හය බෑග් එකේ. ඕක තමයි ප්ලෑන් එක​.

බඩු එනවා කියල කෝල් එක ආව​. රෑ නවයට විතර ඇති. අරුයි මායි ස්කූටරේ ගියා. තිත්ත කළුවර​. එකෙක් බෝට්ටුවකින් කළුවරේම හබල් ගාගෙන ආව​. සල්ලි ගත්ත​. බඩු දුන්නා. ඌ ගියා. වචනයක් වත් කතා කරේ නෑ. අපි බෝතල් ටික කළුවරේම බෑග් එකට දාගෙන ආපහු ආව​.

ආපහු එද්දි රෑ මුර සංචාරයේ යන පොලිස් කාරයො පාරෙ. නිකමට හරි උන්ට සැක හිතුනොත් මුං දෙන්න රෑ බීච් එකේ ඉඳන් එන්නෙ ඇයි කියල අපි ඉවරයි. මගෙ පපුව ගැහෙනව නිකං කම්මල වගේ. අරූ වෙව්ලනව කියල උගෙ කටහඬින් තේරෙනවා. මට තව බයයි මූ බයටම ස්කූටරේ ඇණ ගනියි කියල​. කෝකටත් මාර හෙමිං ආවෙ.

අන්තිමට ගෙදර එද්දි අපි දෙන්නම මැරිල ඉපදිල වගේ.
 
 
එදා රෑ තමයි මගේ ජීවිතේට වැඩියෙන්ම බීපු දවස​. රෑ දහයට විතර පටන් අරගෙන පාන්දර හතර වෙනකං බිව්ව​. හතර දෙනෙක් ලීටර් 1.1 බෝතල් දෙකයි. ඔය පින්තූරෙ තියෙන බ්‍රෑන්ඩ් එක​. ෂැන්ඩි කරේ දෙහි ජූස් වලින්.

අරුයි මායි දෙන්නම දැන් ලංකාවෙ ඉන්නෙ. අපි දෙන්නම දැන් බොන්නෙ හරි කලාතුරකින්. ගෑණු බර බරේ දාන නිසා.

Tuesday, October 2, 2018

පාදඩ කතා - 4 (බොන කතා)


(පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට​, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)

එක​


නුවර එකෙක් නං පවන කිව්වම ආයෙ අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑ. නුවර නොවන එවුන්ට පවන ගැන විස්තර කරොත්, පවන කියන්නෙ නුවර ටවුමෙ තියෙන බාර් එකක්. නාට්ටාමිලා සිට අතේ සතේ නැති කොළු ගැටව් හරහා පහළ මැද පන්තියේ අංකල් ල තමයි ඒකෙ බොන්නෙ. නගර සබාවෙ පඩි දවසට දෙමළ ආච්චිල එහෙම පිරිල​. ඕං හිතා ගනිල්ල ජොයින්ට් එකේ හැටි.

අපිත් ඒ කාලෙ පවනෙන් බොනවා. වෙන තැනකින් බොන්න සල්ලි නැති නිසා. පවනෙ අයිතිකාරය අරක්කු 1 ට කසිප්පු 1 අනුපාතයෙන් මිශ්‍ර කරල දෙන නිසා ගෙවන මිලට උපරිම වටිනාකම ලැබෙනවා.

ඔන්න එක දවසක් හවස තුනට විතර අපි කොල්ලො තුන් හතර දෙනෙක් පවනෙ බොනව​. අපිට එහා මේසෙ තව කොල්ලො සෙට් එකක්, පෙනුමෙන් සහ කතා බහෙන් ත්‍රීවිල් සෙට් එකක් වගේ, බොනවා. තව කීප දෙනෙක් තැන් තැන් වල බොනවා. හවස් වෙලා නැති නිසා ලොකු සෙනඟක් නෑ.

එක පාරටම අවුරුදු 50-60 විතර වයසක බුවෙක් වෙඩි කාපු ඌරෙක් වගේ වැසිකිළිය පැත්තට දිව්වා. ඒ දුවපු දිවිල්ලට ඌ අපේ අල්ලපු මේසෙ බිබී හිටපු එකෙක් ගෙ ඇඟේ හැප්පිල ගියේ. ඌ සැනෙකින් වැසිකිළිය ඇතුලට රිංගුවා.

අර ඇඟේ හැප්පුන එකාට මල පැන්න​. ඌට අරූට ගහන්න ඕනෙ වුනා. උගේ යාළුවො ටික වැඩේ ෂේප් කරන්න උත්සහ කරත් හරි ගියේ නෑ. ඌත් වෙඩි කාපු ඌරෙක් වගේ වැසිකිළියට රිංගුවා. උගෙ යාළුවො ටිකත් ඌ පස්සෙන් වැසිකිළියට රිංගුවා. නොමිලේ ලැබෙන ෂෝ එකක් නිසා අපිත් උං පස්සෙන් වැසිකිළිට ඇදුනා.

අරූ ගිය ගමන් වහල තිබ්බ දොරකට පයින් ගැහුවා. අර වයසක බුවා ඒක ඇතුලෙ රෙනවා. රිරී ඉන්න එකාව බෙල්ලෙන් ඇදල ගත්ත​.

"තෝ මොකද මගෙ ඇඟේ හැප්පුනේ?"

"අනේ මල්ලි සොරි සොරි මගෙ බඩේ අමාරුවක්"

ඌ නොවඳිනා වැඳුම් වඳිනවා ෂේප් වෙන්නෙ.

අරූගෙ යාළුවො ටික බොහොම අමාරුවෙන් ඌව ෂේප් කරල ආපහු එළියට එක්කරගෙන ගියා. ඒ යන ගමන් එකෙක් අර වයසක බුවාට මෙහෙම කිව්වා.


"ඔයා රෙන්ඩ අයියා"


දෙක​


කැම්පස් ඉද්දි අපි කොල්ලො හතර දෙනෙක් ටවුමට ගිහින් පුක්ස් මැක්ස් වෙන්න ගහල රෑ එකොළහට විතර ආපහු හොස්ටල් එකට ආව​. එද්දි අපේ සෙට් එකේ එකෙක්ට මදි වෙලා තවත් බොන්න ඕනෙ වුනා. රෑ එකොළහට කොහෙන්ද අරක්කු හොයන්නෙ. ඒත් අරූ එහෙම සැලෙන එකෙක් නෙවෙයි. ඌ යෝජනා කරා කසිප්පු බොන්න.

ඉතින් රේල් පාරෙ ටිකක් ගැවසෙනකොට අවුරුදු විසි දෙකක විතර කොල්ලෙක් සෙට් වුනා. ඌ කිව්ව කසිප්පු ජොයින්ට් එකකට එක් කරගෙන යන්නං කියල​. හැබැයි ටිකක් දුරයි. ඉතින් අපිට කිලෝ මීටර් දෙක තුනක් පයින් ගිහිල්ල කසිප්පු බොන්න තරං පුකේ අමාරුවක් තිබ්බෙ නැති නිසා බොන්න ඕනෙ වෙච්ච එකාව යවල අපි නැවතුනා.

ඌ ගිහිල්ල එනකං අපි රේල් පාරෙ එක පීල්ලකට ඔළුව තියාගෙන​, අනිත් පීල්ලට කකුල් දෙක තියාගෙන ඇළ වෙලා සිගරට් එකක් එහෙම පත්තු කරගෙන දාර්ශනික කතා බහක නිරත වෙලා හිටියා.

එක පාරටම ඉළ ඇට කූඩුව හරහා පයින් පාරක් වැදුනා. බැලුවම කසිප්පු හොයන්න ගිය එකා.


අපි තුන් දෙනාටම රේල් පාරෙ නින්ද ගිහිල්ල​.


තුන​


අපි කැම්පස් අවුට් වෙලා ජොබ් එකකට ගිය අළුත අත මිට එහෙම සරු නිසා නිතිපතා බොනවා. ඉතින් මගේ යාළුවෙක් (ඉහත කතාවෙ කසිප්පු හොයන්න ගිය එකා) ඔෆිස් එකේ සෙට් එකත් එක්ක බොන්න ගිහිල්ල​. බීල තියෙන්නෙ බියර්.

බිබී ඉන්නකොට ඌට බාර් එකේදි බැචෙක් සෙට් වෙලා. ඌත් උගෙ යාළුවෙක් එක්ක බොන්න ඇවිත්. අම්මට හුඩු බැචා කියල මූටත් උං එක්ක බොන්න කතා කරල​. උං බීල තියෙන්නෙ අරක්කු.

දැන් බීල ඉවර වෙලා මගෙ යාළුවා ආපහු බෝඩිමට එන්න හදද්දි බැචා උගේ අළුත්ම කාර් එකෙන් මූව ගිහින් ඇරලවන්න ඉදිරිපත් වෙලා. දැන් මුන් දෙන්න කාර් එකේ එනවළු. ෆුල් ඒසී. ජනෙල් එහෙම ඔක්කොම වහල​.

බියර් අරක්කු කවලං ගහපු නිසා මගෙ යාළුවට ටික වෙලාවක් යද්දි නාග සලං වේගෙන ඇවිල්ල​. ගොජ ෂුවර් වගේ තේරීගෙන එද්දි අමාරුවෙන් බැචාට කියල කාර් එක නවත්තපං කියල​.

"පිස්සුද බං දැන් කොහෙ නවත්තන්න ද​?"

අරූ ෂටර් එක ඇරගන්න ට්‍රයි කරල​. ඒත් බැරි වෙලා.

"මචං වමනෙ, ෂටර් එක ඇරපං"

බැචත් හොඳට ගසල නිසා බොක්ක උපරිමයි.

"මගේ කාර් එක ඇතුලෙ උඹ වමනෙ දාන්නෙ නැතුව කවුරු දාන්නද බං? ඔන්නොහෙ ඇතුලෙ දාපං"


එහෙම කිව්වට ඉතිං අළුත්ම කාර් එක ඇතුළෙ වමනෙ දාන්න පුළුවන් ද කියල හිතපු මගෙ යාළුවා ඇඳගෙන හිටපු කමිසෙ උඩ සාක්කුවට වමනෙ දාල​.


හතර​


අපේ කැම්පස් එකේ රගර් ටීම් එක මැච් එකකට පිට ගිහින් ආපහු එන ගමන් බීල එහම මගදි බස් එක නවත්තල නයිට් කඩේකට ගිහින් කන්න​. 

කාල බිල ගෙවල එළියට එද්දි එළියෙ ලොකු සිමෙන්ති පටවපු ලොරියක් නවත්තල තියෙනවලු. ඒකෙ ඩ්‍රයිවරුයි ගෝලයයි ලොරිය ස්ටාට් වෙන්නෙ නැතුව පුක කැඩිච්ච කඩි වගේ නටනව ලු.

සිමෙන්ති කොට්ට සීයක් විතර පටවපු ලොරියක් තල්ලු කරන එක ලේසි පාසු වැඩක් නොවුනත් රගර් මොරාල් එක සහ අරක්කු මොරාල් එක සංකලනය වෙලා මොරාල් එක ඕවර්ඩෝස් ගිහින් මුං ටික සෙට් වෙලා ලොරිය තල්ලු කරනවලු.

ටීම් එකේ විං ත්‍රී ක්වාටර් ගහන එකා ටොයිලට් ගිහිල්ලා. ඌ චූ කරල එළියට එද්දි මුළු ටීම් එකම කෑ ගහ ගහ ලොරිය තල්ලු කරනව ලු. ඒත් අඟලක් වත් හෙල්ලෙන්නෙ නැල්ලු. මූත් ඈත තියලම සද්දෙට කෑගහගෙන ආවලු වැඩේට සෙට් වෙන්න​.

"කමෝන් (කැම්පස් එකේ නම​)..................."

අනිත් එවුන් ටික බලනවලු මූ කෑ ගහගෙන ආවට ලොරිය ළඟට ආවෙ නැත්තෙ මොකද කියල​. මුගෙ නම කියල කතා කරාලු. එතකොට ළඟ තිබ්බ අකුලකින් සද්දයක් එනවලු.

"අපි මෙහේ....."


ඌ කරුවලේ දුවගෙන එද්දි බෝක්කුවකට වැටිල​.


පහ​


2006 දෙසැම්බර් පළවෙනි දා. එදා තමයි බ්‍රයන් ලාරා අන්තිම ටෙස්ට් මැච් එක ගැහුවෙ. වෙස්ට් ඉන්ඩීස් දෙවෙනි ඉනිමෙ ලාර අවුට් වුනේ 49 ට​.

එදා රෑ අපි මොකක් හරි හේතුවකට බිව්වා. බොන ගමන් අපේ එකෙක් ඉන්නෙ ෆුල් අප්සෙට් එකේ. කතාවක් බහක් නෑ. සින්දු කියන්නෙ නෑ. මඩ වලට පොල් කඩනව වගේ අරක්කු හලා ගන්නව විතරයි.

"මොකද බං මොකක් හරි අප්සෙට් එකක් ද​?"

කීප සැරයක්ම එහෙම ඇහුවට උත්තරයක් දෙන්නෙ නෑ.

"මොකද බොල වෙලා තියෙන්නෙ?"


"අඩේ ලාර කියන්නෙ මේ ලෝකෙ ලස්සන කරපු මිනිහෙක් බං"


හය​


මගෙ යාළුවෙක් (කලින් කතාවෙ ලාර ගෙ රසිකයා) ගියා ලාඕසෙට​. හැබැයි සාමාන්‍යය මිනිස්සු වගේ එම්බසියට ගිහින් වීසා අරගෙන නෙවෙයි. උගෙ යාළු සුද්දෙක් හිටියා එන්.ජී.ඕ. එකක​. ඌ කරන්නෙ තායිලන්තෙ ඈත ගම්මාන වල නළ ලිං ගහන එක​. මූ සුද්දත් එක්ක සෙට් වෙලා තායිලන්තෙට ගිහින්, මීකොං ගඟේ තියෙන හොර තොටුපොළකින් බෝට්ටුවකින් පැනල තමයි ලාඕසෙට ඇතුල් වෙලා තියෙන්නෙ.

සතියක් එහෙ ඉඳල පට්ටම ආතල් එකක් අරගෙන​. එහෙ ලිවිං කොස්ට් මාර අඩුයි ලු. ඒ නිසා පොඩි ගානක් අරගෙන ගිහින් අමර ෆන් එකක් ගන්න පුළුවන් ලු.

මූ දවසක් ඈත ඩොටේ ගමක ලාඕ එවුන් ටිකක් එක්ක බොන්න සෙට් වෙලා. විදේශිකයෙක් නිසා උනුත් ටිකක් සරුවට වැඩේ සෙට් කරල​.

බොද්දි එක එක විදිහෙ බයිට් තියෙනවලු. එක ප්ලේට් එකක තියෙනවලු නිකං ඉස්සො වගේ සීන් එකක්. මූ ඒවත් කාල​.

බොන ගමං එකෙක් ගෙන් ඇහුවලු ඒ ඉස්සො වගේ ඒව මොනාද කියල​.

බලද්දි බැදපු රැහැයියො.


ඌට වමනෙ යන එක නැවතිල තියෙන්නෙ පහුවදා.


හත​


මේකත් කැම්පස් ඉද්දි කතාවක්. අපි සෙට් එකක් හොස්ටල් එකේ රූම් එකක සෙට් වෙලා බිව්ව​. බෝතල් දෙක තුනක් හිස් වෙද්දි අපේ සද්දෙ අපිටත් නොදැනිම වැඩි වෙලා. ටික වෙලාවකින් කවුදෝ දොරට ගහනව ඇහුනා. අපි දොර ඇරියා.

රැවුල වවපු දෙමළ බුවෙක් ඇතුලට ආව​. 

"අයම් ද සබ් වෝඩ්න්"

සබ් වෝඩ්න් හෙවත් සබා කියන්නෙ හොස්ටල් එකේ පරිපාලනය සඳහා පත් කරල ඉන්නෙ කථිකාචාර්‍ය වරයෙක්. 

අපේ එකෙක් හිටියා. අපි හිතමු උගේ නම අබේසිංහ කියල​. ඌ මේසෙ උඩ කකුල් දෙක තියාගෙන ලෝඩ් පකීර් වගේ සිගරට් එකක් ගහ ගහ හිටියෙ.

"හෙලෝ, අයම් අබේසිංහ​"

ඌ හිතල තියෙන්නෙ සබා සීනියර් බැච් එකක ටැමිල් බුවෙක්, ඌ කියල තියෙන්නෙ උගෙ නම කියල​.

සබා අපිට බැන්නෙ නැත්තෙ කුණුහරුපෙන් විතරයි. දැන්ම බොන එක නවත්තපියව් කියල අපිව අපේ රූම් වලට එළෙව්ව​.

සබා යනකං ඉඳල අපි අඩුම කුඩුම ටිකත් අරගෙන උඩ තට්ටුවෙ කාමරේකට ගිහින් වැඩේ කන්ටිනියු කරා. මදි පාඩුවට කොම්පියුටර් එකක සින්දුවකුත් දාගත්ත​.

ටිකක් වෙලා යද්දි ආයෙත් දොරට ගැහුව​. දොර ඇරල බලද්දි ආයෙත් සබා.

"වට් ඊස් ඕල් දිස් නොයිස්?"

ඒ පාර උත්තර දුන්නෙ වෙන එකෙක්.

"සර් වී ආ වොචිං අ ෆිල්ම්. අ වෝ ෆිල්ම්"

සබාට එතකොට තමයි මීටර් වුනේ පල්ලෙහා හිටියෙත් අපිමයි කියල​.

"ආන්ට් යූ ද පීපල් හූ ව' ඩ්‍රින්කිං ඩවුන්ස්ටෙයාස්?"

"නෝ සර් වී ආ ඩිෆරන්ට් පීපල්"


වෝඩ්න් ගාවට නොගිහිං බේරුනෙ සබාගෙ පුකට වැඳල​.


අට​


කැම්පස් ඉද්දි අපි සෙට් එකක් හොස්ටල් එකේ රෑ බිව්ව​. බීගෙන බීගෙන යද්දි සිගරට් ඉවර වුනා. බොද්දි සිගරට් ඉවර වෙනව තරං කරුමයක් නෑ. අපි තීරණය කරා ටවුමට පයින් ගිහිං සිගරට් අරගෙන එන්න​. වෙලාව රෑ එකට විතර ඇති.

ටවුමට හැතැම්මක් විතර තියෙනවා. පයින්ම ගිහින් නයිට් කඩේකින් සිගරට් ගත්තා. නයිට් කඩේකටත් ආපු එකේ බිත්තර රොටියක් කාල ප්ලේන්ටියකුත් ගහලම යනව කියල හිතාගෙන කඩේ උඩ තට්ටුවට ගියා.

බිත්තර රොටී කකා ඉද්දි අපේ එකෙක්ට (ආයෙත් අර ලාරා ගෙ රසිකයා) වැඩි වුනා. දැන් මූ මෙලෝ සිහියක් නැතුව ටෝක් දෙනව​. වැඩිපුරම දෙන්නෙ ඌ තායිලන්තෙයි ලාඕසෙයි ගිය ඒව​. එකකට එකක් සම්බන්ධයක් තියෙන කතා නෙවෙයි.

"තායිලන්තෙ පන්සලකට ගියා මචං ඒවගෙ තියෙන බුදු හාමුදුරුවන් ගෙ කැත​..... වට්ටක්ක ඇට පිටින් කන්නෙ..... මේම් සයිස් ආඳො ඇළවල් වල ඇඟේ හැප්පි හැප්පි පීනගෙන යන්නෙ......"

කඩේ එවුන්ටත් පට්ටම ආතල්. හිනා වෙවී බලාගෙන ඉන්නවා.

එක පාරටම මූ පුටුවෙන් නැගිටලා උස්සල පොළවෙ ගහනව වගේ ඇක්‍ෂන් එකක් දාල මෙහෙම කියපි.

"මහින්ද රාජපක්‍ෂ මහත්තයව මේම උස්සල පොළවෙ ගහන්නෙ"

මේ කියන්නෙ 2008 විතර​. වැඩේ චා වුනොත් කුඩු වෙන්න ගුටි කන්න වෙනව ෂුවර්. ඒ නිසා වහාම එතැනින් මාරු වෙන්න තීරණය කරා. මූ පල්ලෙහාට බහින්න බෑ කියනව​. ඌව කරේ තියාගෙන පහළට ගෙනාවෙ. ඌව එහෙම්මම එළියට අරගෙන ගිහින් පේමන්ට් එකේ වාඩි කරවල බිල ගෙවන්න අපි ඇතුළට ගියා.

බිල ගෙවල එද්දි මූ නැගිටල එතනම පාරෙන් එහා පැත්තෙ තියෙන ත්‍රීවිල් පාක් එකෙන් ගේම කෝල් කරනව​. බොහොම අමාරුවෙන් එතනින් ඌව ගලව ගෙන ඇදගෙන ආපහු ආව​.

පහුවදා අපි ඌට ඌ කෙලපු පිස්සුව කිව්ව​. ඌ කියන කියන හැම එකම ගානක් නැතුව හිනාවෙවී අහගෙන ඉන්නව​.

"තෝ මහින්ද රාජපක්‍ෂව උස්සල පොළේ ගහනව් කියලත් කිව්ව​"

එතකොට උගෙ ඇස් පොඩ්ඩක් උඩ ගියා.


"අඩේ මම එහෙමත් කිව්වද​? අඩේ මම මහින්ද මහත්තයට ආදරෙයි නෙ?"

Friday, April 13, 2018

පාදඩ කතා - 3 (මල් කතා)


(පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට​, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)

පාදඩයා කූඹියො බලපු හැටි කියවල තියෙනව නෙ. මේත් ඒ වගේ මල් කතා ටිකක්.

එක​


එක පාරක් පාදඩයා කැම්පස් ඉද්දි පාටියකට යන්න සෙට් වුනා. පාටිය හතට විතර පටන් ගන්න නිසා  පාදඩයයි තව එවුන් දෙන්නෙකුයි හයට විතර මල් පූජා කරල පේවුනා.

ඊට පස්සෙ අපි ලෑස්ති වෙන්න මල් පූජා කරන්නෙ නැති එකෙක් ගෙ රූම් එකට ගියා. ඌත් පාටියට යන්න ලෑස්ති වෙනවා. දැන් තියෙන්නෙ ෂර්ට් අයන් කරන වෙලාව​. ඌ කොහෙන් දෝ අයන් එකක් හොයාගෙන ඇවිල්ල (අපි ගාව කොහෙද ඕයි අයන්? අපි ෂර්ට් අයන් කරනවද​?) මට ඒක ප්ලග් කරන්න දීල ෂර්ට් එකක් හොයන්න ගියා.

මමත් අයන් එක ප්ලග් කරා. ටූ පින් ප්ලග් එකක්.

අරූ ෂර්ට් එකක් අරගෙන ඇවිල්ල පුක ඉරාගෙන අයන් කරනව​. ඒත් අයන් වෙන්නෙ නෑ. මොකද අයන් එක රත් වෙලා නෑ. අයන් එකේ අයිතිකාරයට බණිනවා. අයන් එක රත් වෙන්නෙ නැත්තෙ ඇයි කියල අහනවා. අයන් එක කරකව කරකව බලනවා.

එක පාරටම ඌ මෙහෙම ඇහුවා.

"කවුද මේක ප්ලග් කරේ?"

"මම​. ඇයි?"

"මෙහෙමද යකෝ ප්ලග් ගහන්නෙ?"

ප්ලග් එක නියුට්‍රල් එකට සහ අර්ත් එකට ගහල තිබුනා.


දෙක​


එකපාරක් මම කොහෙදෝ ගිහින් හොස්ටල් එකට එද්දි මගේ යාළුවො දෙන්නෙක් හොස්ටල් එක ඉස්සරහ තියෙන කොට තාප්පෙ උඩ වාඩි වෙලා මූණෙන් මූන බලාගෙන ඉන්නව​. තව එකෙක් ටිකක් දුරින් ඉඳගෙන උන් දෙන්න දිහා බලාගෙන ඉන්නව​. තුන් දෙනාම ඉන්නෙ කක්‍ෂගත වෙලා බව බැලූ බැල්මට පේනවා.

"උඹල මොකද මේ කරන්නෙ?"

"අපි ක්‍රිකට් ගහනවා"

ක්‍රිකට් ගැහිල්ලක් තියා බැට් එකක් බෝලයක් වත් පේන තෙක් මානෙක නෑ.

"මොකා?"

"ඔව් මචං අපි මනසින් ක්‍රිකට් ගහනවා"

".........."

"මචං දැන් මූ මනසින් දුවගෙන ඇවිල්ල මනසින් උඩ පැනල මනසින් බෝලයක් දානව​. මම ඒකට මනසින් ගහනව​. මූ මනසින් බෝලෙ අල්ලනව​. මම මනසින් දුවනවා."

උන් දෙන්න ඉන්නෙ මට ළං වෙන්න බැරි තලයක කියල තේරුන නිසා වැඩි විස්තර අහන්නෙ නැතුව මම යන්න හැදුවා. ඒත් අර පැත්තක වාඩි වෙලා ඉන්න එකා මොකද කරන්නෙ කියල අහන්නෙ නැතුව යන්න බැරි තරං කුතුහලය වැඩියි.

"එතකොට අරූ මොකද කරන්නෙ?"

"ඌ තමයි අම්පයර්"


තුන​


මගේ තවත් යාළුවෙක් ගෙ යාළුවෙක් හිටියා (මාත් එක්කත් තරමක් ෆිට්) මල් පූජා කිරීම කලාවක් නං ඌ එකේ පිකාසෝ.

එක පාරක් ඌ තවත් කීප දෙනෙක් එක්ක තණමල්විල පැත්තෙ ගංජ හේනකට ගිහින් ඒකෙ සතියක් විතර නැවතිලා ඉඳල​.

ඊට පස්සෙ ඌ ගෙදර ගියාලු (අනුරාධපුරේ පැත්තෙ එකෙක්). ගෙදර ගිහිල්ල සතියක් දෙකක් යනකං උගෙන් කිසි ආරංචියක් නැල්ලු.

මුගෙන් ආරංචියක් නැති තැන මුගෙ යාළුවො දෙන්නෙක් මූව හොයාගෙන ගෙදර ගිහිල්ල​.

කලින් උගෙ ගෙදර ගිහිල්ල නැති නිසා ගෙවල් ළඟ හන්දියක බැහැල එතන හිටපු ත්‍රීවිල් ඩයල් එකකින් උගෙ නම කියල ඇහුවලු උගෙ ගෙවල් කොහෙද කියල​. එතකොට ත්‍රීවිල් බුවා ඇහුවලු "ආ අර කොහා වගේ කෑගහන එක්කෙනාද​?" කියල​.

ඒ අපබ්‍රංශය මොකද්ද කියල නොතේරුනත් උගෙන් පාර අහගෙන මුන් දෙන්න ගෙදරට ගිහිල්ල​.

බලද්දි ඌ ෆුල් අවුට් ගිහින්. හැමදාම උදේට ගෙවල් ළඟ තියෙන ලොකු නුග ගහකට නැගල කොහෙක් වගේ කෑ ගහනවලු. ඒ මදිවට ඌ හිතාගෙන ඉන්නෙ ඌ බුදු වෙලා කියලලු. සිගරට් එහෙම අතට දුන්නට බොන්නෙ නැල්ලු. පත්තු කරල කටේ තියන්න ඕනෙ ලු.

ඉස්පිරිතාලෙ මානසික රෝගී වාට්ටුවෙ නැවතිල​ මාස දෙකක් ප්‍රතිකාර අරගෙන තමයි යථා තත්වයට පත් වෙලා තියෙන්නෙ.


හතර​


තව යාළුවෙක් ගෙ යාළුවෙක් හිටිය ඌ මල් පූජා කරාම උගෙ පෙම්වතියට පණිවිඩ යවනවා. හැබැයි අපි උඹල වගේ එස්.එම්.එස්. ගහල​, කෝල් කරල නෙවෙයි. ළඟ තියෙන ටෙලිකොම් ටවර් එකකට මනසින් සම්බන්ධ වෙලා චිත්ත තරංග ඔස්සේ.

ඒ වගේ පණිවිඩ යවල සමහර වෙලාවට ඌ ඒ ගෑණු ළමයට තැනක් වෙලාවක් කියල එතනට එන්න කියනවා. ඒ කරල මූ ඒ වෙලාවට එතනට ගිහිල්ල ඒකි එනකං බලාගෙන ඉන්නවා.

බලාගෙන ඉඳල ඉඳල ඒකි ආවෙ නැතිවුනාම කෝල් කරල තිත්ත කුණුහරුපෙන් බණිනවා.

Sunday, April 1, 2018

පාදඩ කතා - 2 (ආදර කතා)


(පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට​, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)

අට​

පාදඩයා විදේශගතව හිටපු කාලෙ වෙච්ච සිද්ධියක්.

පාදඩයට සහ උගේ යාළුවෙක්ට එක පාරක් ඒ රටේම රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවියක් ගෙ ෆෝන් නම්බර් එකක් ලැබුනා. ඉතිං අපිත් කම්මැලි වෙලාවට කෝල් කරල පොඩි ෆන් එකක් ගන්නව (කෝල් විතරයි ඈ, එයා හිටියෙ අපි හිටපු තැනට කිලෝමීටර් සිය ගානක් ඈත​).

ඉතිං මේ කාන්තාවියට කෝල් කරාට කවදාවත් දැකල තිබ්බෙ නෑ. ඒ නිසා අපි දවසක් කිව්වෙ පොටෝ එකක් එවන්න කියල​. පොටෝ එකක් ආව​.

පොටෝ එක බලල අපි ආයෙත් කෝල් එකක් ගත්ත​. සංවාදය ඇදිල ගියේ මේ වගේ.

"මොකද්ද බං උඹෙ පිට ලෑලි නෙ? තන් දෙකෙන් වැඩක් ගත්තෙ නැද්ද​?"

"අඩෙ අවංකවම බං. තන් දෙකෙන් නං වැඩක් ගත්තෙ නෑ බං."


නවය​​

මේකත් විදෙස් ගතව ඉද්දි පාදඩයගෙ යාළුවෙක්ට වෙච්ච සීන් එකක්.

අපි හිටපු නගරයේම හිටිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකා අක්ක කෙනෙක්. එයා ඉතිං තනිකමේ පාළුවේ ඉන්න මල්ලිලට හරි අනුකම්පා සහගතයි.

දවසක් අපේ එකෙක්ට සෙල්ලම දාන්න හිතිල අක්කව හොයාගෙන ගියාලු. ඒත් වැඩේ හරි ගිහිල්ල නෑ. ඌට ලැබිල තියෙන්නෙ මේ වගේ ප්‍රතිචාරයක්.

"අනේ අද නං බෑ මල්ලි. අද බීට් රූට්."


දහය​​

මේක පාදඩයගෙ යාළුවෙක්ට සහ උගේ යාළුවෙක්ට වෙච්ච එකක්.

මුං දෙන්න රැකියාවේ අවශ්‍යතාවයකට සිංගප්පූරුවෙ ගිහිල්ල​. ඉතිං වැඩ කටයුතු හමාර කරල කාරිය හවස් වෙලා ගියාලු මසාජ් එකක් දාගන්න​.

මසා ජොයින්ට් එකට ගියාම එතන හිටපු චීන ජාතික නංගිල දෙන්නෙක් මුං දෙන්නව කාමර දෙකකට කැඳවගෙන ගිහිල්ල​. කාමර කිව්වට ඒව කාමර නෙවෙයි. වෙන් වෙලා තිබිල තියෙන්නෙ ස්ක්‍රීන් එකකින්. උඩින් සම්බන්ධයි. ඒ නිසා පෙනුනෙ නැතුවට එහා පැත්තෙ සද්ද ඇහෙනවා.

ඉතිං නංගිල දෙන්න මුන්ට චේන්.ජ් කර ගන්න කියල එළියට ගියාලු. පාදඩයගෙ යාළුව ඇඳුම් ගලවල තුවායක් ඇඳගෙන මසාජ් ටේබල් එකට නගින්න යද්දි එහා පැත්තෙ එකා කතා කරාලු.

"ඒයි මචං"

"මොකද හුත්තො?"

"කලිසමත් ගලවනවද​?"


එකොළහ​​

පාදඩයගෙ යාළුවෙක් එක පාරක් ලංකාවෙ මසා ජොයින්ට් එකකට ගිහිල්ල​. ඒකත් අර සිංගප්පූරු ජොයින්ට් එක වගේ ස්ක්‍රීන් එකකින් වෙන් වෙලා තියෙන කාමර සහිත එකක්.

ඉතිං මසාජ් නංගි මුගේ අතේ ගහන ගමන් එහා පැත්තෙ කාමරේ මසාජ් නංගිත් එකක් හෙන ලොකු කතාවක් ලු. මොකද්දො උංගෙ ගෙදර ප්‍රශ්නයක් ගැන​. මෙලෝ රහක් නැති නිසා මූට නග්ගල තියාගන්නත් මාර ගේමක් දෙන්න වුනාලු.

එක පාරටම එහා පැත්තෙ නංගි මෙහා පැත්තෙ නංගිගෙන් මෙහෙම අහනව ලු.

"ඔයාගෙ එක්කෙනට ගියාද අනේ? මගේ එක්කෙනා නං හරි."

එතකොට මෙහා පැත්තෙ නංගි උත්තර දෙනවලු.

"අනේ නෑ වදේ. තාම නෑ."

අරූ එවෙලෙම ආපහු ඇවිල්ල ගෙදර ඇවිල්ල ඌම අතේ ගහගත්තලු,


 දොළහ​

මේකත් පාදඩයා විදේශගතව ඉද්දි වෙච්ච එකක්.

පාදඩයා හිටපු රටට පාදඩයගෙ කැම්පස් කාලෙ යාළුවෙක් ආව රැකියාවේ අවශ්‍යතාවයකට​. පාදඩයා මූව හොඳට අඳුනන බොක්කෙ ෆිට් එකක්. මූගෙ වෙඩිමටත් ගිහිල්ල තියෙනවා. උගෙ වයිෆ්වත් සාමාන්‍යයෙන් අඳුනනවා.

හැබැයි මූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සල්ලාලයෙක්.

ඉතිං මූ ෆ්ලයිට් එකේ එද්දි ඒකෙ හිටපු ලංකාවෙ කෙල්ලෙක් ටෝක් වෙලා. මූ ඒ රටේ හිටපු සතියක විතර කාලය ඒකිත් එක්ක තමයි ගත කරේ.

සල්ලාලයා වුනාට මී හරකෙක් නිසා මූ ඒකිත් එක්ක එකට ෆොටෝ ගහල ඒව කැමරාවෙම තියාගෙන. ෆොටෝ අපිටත් පෙන්නුව. ඒවයෙ මූයි කෙල්ලයි බදාගෙන ඉන්න ඒව එහෙමත් තියෙනවා. ඉතිං ගෙදර ගිහිල්ල වයිෆ් කැමරාව බැලුවම ෆොටෝ ටික මාට්ටු වෙලා. එක යුද්ධයයි ලු.

ඉතිං මම මේ හාංකවිසියක් දන්නෙ නෑ. මම ඒ රටට වෙලා මගේ පාඩුවෙ ඉන්නව​. ඔහොම ඉද්දි මට මුගෙන් කෝල් එකක් ආව​.

"ආ මචං කොහොමද​? අවුලක් නැතුව ගියාද​?"

"අවුල් හුත්තො කෙළවෙලා ඉන්නෙ"

ඊට පස්සෙ ඌ මට සීන් එක පැහැදිලි කරා.

"දැන් මෙහෙමයි. මම ගෑණිට කිව්වෙ ඒ උඹේ කෙල්ල කියල​. උඹල දවසක් බීච් එකේ සෙල්ලං කරද්දි ඒකියි මායි ගොඩ හිටියෙ එතකොට ගහපු ෆොටෝ වගයක් කියල තමයි කිව්වෙ."

"ඉතිං පකෝ ගෑණි ඇහුවෙ නැද්ද මගේ කෙල්ල උඹත් එක්ක ෆොටෝ ගන්නෙ ඇයි කියල​?"

"ඇහුව බං මම කිව්ව ඒ රටේ කල්චර් එක එහෙමයි කියල​"

"ඉතිං ගෑණි මොකද කිව්වෙ?"

"කැරි සීන් එක බං. ඌගෙ කෙල්ල තමුසෙව බදාගෙන ෆොටෝ ගහනකං බලාගෙන හිටියෙ ඌ පොන්නයෙක් ද කියල ඇහුව බං."

"........................."

"මේ මම උඹේ නම්බර් එක ගෑණිට දුන්න​. දැන් කොයි වෙලේ හරි ගෑණි උඹට කෝල් කරයි. ඒ විදිහටම කියපං ඈ"

Saturday, March 31, 2018

පාදඩ කතා - 1 (ආදර කතා)


(පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට​, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)

එක


අපි ඒලෙවල් පන්තියෙ ඉද්දි අපේ යාළුවෙක්ට අවුරුදු 40 ක විතර ගෑණු පරානයක් සෙට් වෙලා හිටිය. හොඳට ඇහැට කනට පේන ඉස්තිරියාවක්. අපි ඉතිං ඒ කාලෙ කෙල්ලෙක් ගුඩ් මෝනිං කිව්වත් කලිසමේ හුජ්ජ යන මට්ටමේ එවුන් නිසා ඇන්ටි කෝස් එකක් කරපු ඌ ජාතික වීරයෙක් වශයෙන් තමයි සැලකුනේ.

එක දවසක් මූ මේ කාන්තාවත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල​. හැබැයි ඌ දන්නෙ නැතුව අපේ පියෝ මැත්ස් සරුත් එදාම ඒ හෝල් එකේම ඒ ෆිල්ම් එකම බලල​. ඌ සර් ව දැක්කෙ නැතුවට සර් ඌව දැකල​.

පහුවදා පියෝ මැත්ස් පීරියඩ් එකේදි ඌ සහ සර් අතර මේ වගේ සංවාදයක් ඇති වුනා.

"ආ තමුසෙ හෙන චිත්‍රපටි රසිකය නේද​?"

"ඇයි සර්?"

"තමුසෙ ඊය *** එකේ (ෆිල්ම් හෝල් එකේ නම​) හිටියෙ"

(කලබලයට පත්ව​)
"ආං මේ මේ ඔව් සර්"

"කවුද ඒ තමුසෙත් එක්ක හිටියෙ"

(අතිශයින් කලබලයට පත්ව​)
"මේ මේ ඒ අපේ නැන්ද කෙනෙක් සර්"

"ආ නැන්දද​? තමුසෙ කිරි බොන්න හදපු විදිහට මම් හිතුවෙ අම්ම වෙන්න ඇති කියල​"





දෙක​


මේ අපි කැම්පස් ඉද්දි වුන සිද්ධියක්.

අපේ සෙට් එකේ එකෙක් ජූනියර් බැච් එකක බඩුවක් සීන් කරා. ඒකිගෙ ගෙවල් තිබුනෙ අපේ කැම්පස් එකේ ඉඳල තරමක් දුරින් (කිලෝමීටර් විසිපහක් විතර​). දවසක් මේකිව ටෝක් කිරීමේ ඉලක්කය ඇතුව අපේ යාළුවා මේකිව ෆලෝ කරගෙන ගිහින් මේකි නැගපු බස් එකටම නැග්ගා.

දැන් මූ මොකද මෙහෙ යන්නෙ කියල ඇහුවොත් ලොකු අම්ම ගෙ ගෙදර යනව කියල කියන්න කලින්ම සෙට් වෙලා හිටියෙ. ඌට හිටපු ලොකු අම්මෙක් නෑ.

ඉතින් මූත් බස් එකට නැගල කෙල්ල ලඟින් ම හිටගෙන මූලික ටෝක් ටික දැම්මලු. කෙල්ලත් යහපත් ප්‍රතිචාර දක්වලා. සීන් එක ෆුල් ස්මූත් එකේ යනවලු.

කොන්ද ටිකට් කඩාගෙන කඩාගෙන මුන් දෙන්න ළඟටත් ඇවිල්ල​. කෙල්ල ටිකට් ගන්න සූදානම් වෙද්දි මූ වීරය වගේ කිව්වලු "ඉන්න නංගි මම ගන්නං" කියල​.

ඊට පස්සෙ පර්ස් එක එළියත අරං දිග ඇරල බැලුවම මුළු පර්ස් එකටම තිබිල තියෙන්නෙ රුපියල් දෙකයි.
මූ පර්ස් එක දිග ඇරගෙන පර්ස් එක දිහා බලාගෙන ඉන්නවලු. ඉහිං කනිං ටික ටික දාඩිය වැක්කෙරීගෙන එනවලු. ඔහොම ටිකක් වෙලා යද්දි කෙල්ලට සීන් එක තේරිල මූටත් එක්ක ටිකට් එකක් අරගෙන​.
ඊට පස්සෙ ගමනාන්තයට එනකං වැඩිය කතා බහක් සිද්ධ වෙලා නෑ.

ගමනාන්තයට ආවට පස්සෙ මූට ආපහු කක්ක බර හැදුනලු ආපහු යන හැටි මතක් වෙලා. වෙලාවත් හවස හයට විතර ඇති. මූ ජීවිතේටම ඒ නගරයට ඇවිල්ල තියෙන්නෙ එදා.

කෙල්ලත් එළදෙනක් නෙවෙයි නෙ. ඒකිටත් තේරෙන්න ඇති මූට ලොකු අම්මෙක් නෑ කියල​. ඒකි "අයිය ආපහු යන්න සල්ලි තියෙනවද​?" කියල අහල රුපියල් පණහක් දීල​.

තවත් ආදර කතාවක් එසේ නිමා වුනා.


තුන​


මේක පාදඩයගෙ පුද්ගලික අත්දැකීමක්.

එතකොට පාදඩය හිටියෙ දහයෙ නැත්තං එකොළහේ. දවසක් බස් එකේ යනකොට බස් එකේ කට කපල සෙනඟ​. පාදඩයට ඉස්සරහින් හිටගෙන හිටියෙ ඒ ලෙවල් සෙකන්ඩ් ෂයි කරන්න ක්ලාස් යනවා යැයි සිතිය හැකි අක්ක කෙනෙක්.

බස් එකේ සෙනඟ නිසා නිකම්ම ජැක් වදිනවා. ඒත් පාදඩයා කියන්නෙ ෆුල් සිල්වත් ඩයල් එකක් නිසා මාර ගේමක් දීලා අක්ක ගෙ ඇඟේ ගෑවෙන්නෙවත් නැතුව හිටියා.

විනාඩි පහළොවක් විතර ඔහොම ගියාට පස්සෙ අක්ක පිටිපස්ස හැරිල පාදඩය ගෙන් මෙහෙම ඇහුවා.

"ඇයි මල්ලි බයද​?"

ඊටපස්සෙ ඉතිං නිකං තව්තිසාවෙ ගියා වගේ තමා


හතර​


පාදඩයා විදේශගතව හිටපු කාලෙ දවසක් අපි ලංකාවෙ එවුන් සෙට් එක බොන්න ගියා.
බාර් එකේදි අපිට ෆූස්බෝල් ගහන්න පිලිපීන සෙට් එකක් සෙට් වුනා.

ඒ අල්ල පනල්ලෙදි අපේ සෙට් එකේ එකෙක් පිලිපීන් සෙට් එකේ කෑල්ලක් ටෝක් කරගත්ත​. අපිත් ජාතියේ ගෞරවය රැකීමේ වගකීම ඌට බාර දුන්න​.

බීල ඉවර වෙලා අපි ආපහු ගෙදර ආව​. අරූ කෑල්ලත් එක්ක කොහෙදෝ ගියා.

ගෙදර ඇවිත් අපි කාඩ් ගහමින් ටෝකක් දාගෙන ඉද්දි මූ එක පාරටම කාමරේට කඩා වැදුනා. මූ ගිහිල්ල පැය
බාගයක් වත් ගියේ නෑ. මූට ක්‍ෂනික මෝචනය තියෙන බවක් අපි දැනගෙන හිටියෙ නැති නිසා අපි ඇහුව මොකද වුනේ කියල​.

"වැඩක් නෑ මල්ලි. කලිසම අස්සට අත දැම්මම පොදියට අහුවුනා."

ඒ ලේඩි බෝයි කෙනෙක්.


පහ​


මේ කතාව පාදඩයගෙ යාළුවෙක් ගෙ යාළුවෙක්ට වුන එකක්.

එතකොට ඌ ඉඳල තියෙන්නෙ ඒ ලෙවල් පන්තියෙ. ඌ කෙල්ලෙක් සෙට් කරගෙන​. හැබැයි කොස්සකට තිබිල තියෙන්නෙ කෙල්ල ගෙ තාත්ත සල්ලි පොලියට දෙන තරමක් මැරවර පහේ ඩයල් එකක් වීම​. තාත්තා සීන් එකට ෆුල් විරුද්ධයි ලු.

මූ දවසක් ටවුමේ හෝටලේක තේ එකක් බොමින් සිටියදී කෙල්ලගෙ තාත්ත ඒකට ගොඩවැදිල​. තාත්ත මූව දැකල හෙමින් සැරේ මූ ඉඳපු මේසෙට ඇවිල්ල මූ ළඟින් ඉඳගත්තලු.

අරූ ගෙ ඇට දෙක සීතල වේගෙන ආවත් පුරුස දහිරිය දාල නිර්භීත මූණක් පෙන්නගෙන හිටියලු.
උගේ අනාගත මාමණ්ඩි ඌට මේ වගේ අවවාදයක් දීල​.

"පුතා මම පකේ මයිල් ගානට කොල්ලන්ට පුක් ගහල තියෙනව​. මගෙන් පුකේ ඇර ගන්නෙ නැතුව ඕක නවත්තපං."


හය​


තවත් යාළුවෙක් ගෙ යාළුවෙක්ට වෙච්ච දෙයක්.

 මේ කියන එකාට කෙල්ලෙක් ඉඳල තියෙනවා. නිල වශයෙන් ගෙදරට කියල නැතත් කෙල්ල ගැන උගේ ගෙදරින් දන්නව ලු. උගේ අම්මලත් කෙල්ලට එච්චර අවුලක් නැල්ලු.

මෙහෙම යද්දි උට ඇන්ටි පාරකුත් සෙට් වෙලා. මූ ඉතිං දෙකම සමාන්තරගතව කරගෙන ගිහින්. කෙල්ලට මාට්ටු නොවෙන්න වැඩේ කරාට උගේ අම්මට සීන් එක මාට්ටු වෙලා. අම්ම බර බරේ දැම්මට මූත් කට්ටි පැන පැන හිටියලු.

දවසක් මූ කොහෙදෝ ගිහින් ගෙදර එද්දි අම්ම මිදුලෙ ඉඳල බෙල්ලටම අල්ලගෙන​.

"උඹ මොකද්ද මේ කරන විකාරෙ? එක්කො ඔය මගුල නවත්තපං. නැත්තං අර අහිංසක කෙල්ලට ඉන්න දීපං."

මූට එකපාරටම මෙහෙම කියවුනා ලු.

"දත් හයිය කාලෙ තමයි අම්මෙ උක් දඬු හපන්න ඕනෙ."

කියවුනාට පස්සෙලු මූට කතාවෙ බරපතල කම මීටර් වුනේ. පරමාණු බෝම්බයක් බලාපොරොත්තුවෙන් ඇස් කොනෙන් අම්ම දිහා බැලුවලු.

අම්ම කට තද කරගෙන හිනාවෙනව ලු.


හත​.


මේක යාළුවෙක් ගෙ යාළුවෙක්ට​.

 ඌට කෙල්ලෙක් ඉඳල​. මූ දවසක් කෙල්ලට ලියපු ලියුමක් කෙල්ලගෙ අම්මලට මාට්ටු වෙලා.

ඒ ලියුමෙ මෙහෙම වාක්‍යයක් තිබ්බලු.

"මම ඔයාට කිස් දෙකක් දෙනව​. එකක් මූණට​. අනිත් එක චූ පැත්තට​."


Thursday, October 12, 2017

පාදඩයා කූඹියෝ බලපු හැටි


නෑ මේ අර ටෙලි නාට්‍යය බලපු හැටි නෙවෙයි. කාලෙකට ඉහතදී "AntZ" කියල කාටූන් එකක් ආව​. මේ තියෙන්නෙ පාදඩයා ඒක බලපු හැටි.

පාදඩය ඒ කාලෙ හිටියෙ කැම්පස් එකේ. ඒ දවස් වල පාදඩය හොඳ ළමයෙක් නිසා නිති පතා මල් පහන් පූජා කරල තමයි ඉන්නෙ. මේත් ඒ වගේ දවසක්. හවස හයට විතර තවත් යාළුවෙක් එක්ක මලක් පූජා කරල​, සුවඳ දුම් පූජාව පවත්වලා හොස්ටල් එකට ආව​.

කැන්ටිමෙන් ගත්ත මිරින්ඩා බෝතලෙ එක්ක සිගරට් එකක් ගහනකොට තමයි තේරුනෙ දැන් දෙන්නම ඉන්නෙ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙකට ඇතුල් වෙන්න ඔන්න මෙන්න ලෙවල් එකේ කියල.

ඒ දවස් වල අපි ඔක්කොම නිතර සෙට් වෙන "ගුණෙ අයියගෙ කාමරේ" වගේ සීන් එකක් තිබ්බ​. ඒකෙ අයිති කාරය අපේ බැචෙක් වුනාට හිටියෙ ගජේට ඉන්න සින්නෙක්. ඌ ළඟ කොම්පියුටර් එකක් තිබ්බ​. ඒ නිසා තමයි ඔක්කොමල්ල ඒකට සෙට් වෙන්නෙ (ඔව් ඕයි මේ එක්දාස් නවසිය බර ගණං. දැං වගේ හැම කොල්ල බල්ලම කොම්පියුටර් සෙල්ෆෝන් පාවිච්චි කරේ නෑ). ඉතින් අපි දෙන්නත් ගුණෙ අයියගෙ කාමරේට ආව​.

එතන ඉන්නව අපේ බැචෙක් සහ උගේ යාළුවෙක්. යාළුව කැම්පස් නෙවෙයි. ඌ අපේ ඉස්කෝලෙ අපිට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක්. බුදු ෆිට් එකක් නොවුනට සාමාන්‍යෙයෙන් දන්න කියන එකෙක්.

අපි දෙන්න කාමරේට ඇතුල් වුනාම අපේ ඉස්කෝලෙ එකා මට හිනාවක් දැම්ම​. ඒත් මම ඌව ගණං ගත්තෙ නෑ. ලොකු කමකට නෙවෙයි. බ්‍රහ්ම ලෝකෙ ඉඳල මනුස්ස ලෝකෙට ඩිරෙක්ට් කොමියුනිකේෂන් අමාරු නිසා. අපි දෙන්න කතාවක් බහක් නැතුව කොම්පියුටරේ ඔන් කරා.

දැන් කොම්පියුටරේ බූට් වෙනකං අපි දෙන්න ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. අරුන් දෙන්න කටවල් ඇරගෙන අපි දෙන්න දිහා බලාගෙන ඉන්නවා.

බැරිම තැන මගේ බැචා

"මචං මූ උඹලගෙ ඉස්කෝලෙ, උඹ මූව දන්නවද​?" කියල ඇහුව​

අරුන් දෙන්න හිටියෙ අපි දෙන්නගෙ පිටිපස්සෙන්. මම හැරිල උන් දෙන්න දිහාවට මාරුවෙන් මාරුවට බැලුව​.

"නෑ"

මම ආපහු කොම්පියුටරේ දිහා බලා ගත්ත​. අරූ ගෙ මූණ දෙල් වෙලා යනව යාන්තමට පෙනුනත් ඒ වෙලාවෙ ඒක එච්චර ප්‍රශ්නයක් වුනේ නෑ.

කොම්පියුටරේ බූට් වෙන්න ගිය විනාඩි පහක විතර කාලය ඇතුලත ඒ කාමරේ අස්සෙ ආපහු වචනයක් වත් කතා වුනේ නෑ.

"AntZ" දැම්ම​. දැන් අපි දෙන්න ෆුල් සිරාවෙලා "AntZ" බලනවා. බලනවා කියන්නෙ මාරම උනන්දුවෙන්. ඩිස්නි කාටූන් එකක් වුනත් මෙළෝ මගුලක් තේරෙන්නෙ නෑ. කොටින්ම කතාවෙ චරිත ටිකවත් වෙන් වෙන් වශයෙන් අඳුන ගන්න අමාරුයි. ෆුල් සිරා ප්‍රබුද්ධ කාටූන් එකක් වෙන්න ඇති කියල හිතුවා. එක දෙබසක් අහගෙන ඒකෙ තේරුම ප්‍රොසෙස් කරල ඒකෙ යටි පෙළ ගැන හිතල ඒක කතාවට ගලපගන්න උත්සහ කරද්දි දෙබස කිව්වෙ කවුද කියල මතක නෑ. ඒ වුනාට ගේම අතෑරියෙ නෑ. ආපහු ඊළඟ දෙබස වත් අල්ල ගන්නව කියල දිගටම ට්‍රයි කරා.

ඔය ෆිල්ම් එකේ තියෙනවා කූඹි සෙට් එක යුද්ධෙකට යන සීන් එකක්. එතන අහස එහෙම කළු වෙලා හාත්පස අඳුරු වෙලා තියෙද්දි මාචිං සෝං එකකට අනුව පය තබමින් රණ ගී ගයමින් කූඹියෝ දහස් ගානක් එක පෙළට යුධ බිමට යනව තමයි තියෙන්නෙ.

https://www.youtube.com/watch?v=EnULSmNbCuo

මේක ටිකක් වෙලා බලාගෙන ඉද්දි මට කලිසමේ හුජ්ජ යන ගානට බය හිතුනා. බය කියන්නෙ ඩ්‍රැකියුලා ෆිල්ම් එකක් බලද්දි වත් එහෙම බය හිතිල නෑ. උගුර කට ඔක්කොම වේලිලා. ඒත් මේසෙ උඩ තියෙන වතුර බෝතලෙන් වතුර උගුරක් බොන්න වත් අත උස්සන්න බයයි. දත්මිටි කාගෙන බය තද කරගෙන දිගටම බලාගෙන හිටිය​. මුළු ඇඟම දාඩියෙන් පෙඟීගෙන යනවා.

මගේ බැචාට මේ වෙද්දි වැඩේ මීටර්. ඌ අමාරුවෙන් හිනාව නවත්තගෙන අහනවා.

"මොකද්ද බං උඹල ඔය බලන්නෙ? පට්ට සිරා ෆිල්ම් එකක් ද​?"

මගෙ යාළුව ඌට මෙහෙම උත්තරයක් දුන්නා.

"ඔව් බං මේක කූඹි ගුලක කතාවක්"

"මම යන්නං මචං" කියපු අපේ ඉස්කෝලෙ එකා දොරත් ඇරගෙන කාමරෙන් ගියා. අපේ බැචත් ඌත් එක්ක ගියාද කියල මට දැන් නිච්චි නෑ.