Showing posts with label ක්‍රිකට්. Show all posts
Showing posts with label ක්‍රිකට්. Show all posts

Wednesday, October 17, 2018

All Time Greatest English Test Team


ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තය නියෝජනය කළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන් සැදුම් ලත් ක්‍රිකට් කණ්ඩායම​.

(සන්සන්දනය කිරීමේ පහසුව සඳහා 1920 ට පෙර ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයන් නොසලකා හැර තිබේ)


1. ජැක් හොබ්ස්


ජෝන් බෙරී හොබ්ස් (The Master)
ප්‍රාන්ත පිල : සරේ



තාක්‍ෂනය අතින් පිරිපුන් ආරම්භක පිතිකරුවෙක් වුන ජැක් හොබ්ස් සැලකුනේ එංගලන්ත පිතිකරණයේ මුදුන් මල්කඩ විදිහට​.

1908 සිට 1930 දක්වා අවුරුදු 22 ක ටෙස්ට් ජීවිතය පුරාවට හොබ්ස් ලකුණු 5000 ක් සහ ශතක 15 ක් රැස් කළා. ඔහුගේ ශතක වලින් අඩක්ම වාර්තා කලේ ඔහු වයස 40 ඉක්මවූ පසුව​. ටෙස්ට් ශතකයක් රැස් කළ වයස්ගතම පිතිකරු වන්නේත් හොබ්ස්. හොබ්ස් පළමුපෙළ තරග වලදී ලකුණු 61,000 ක් සහ ශතක 199 ක් වාර්තා කළා. මේ දෙකම අදටත් නොබිඳුනු ලෝක වාර්තා. හොබ්ස් විශ්‍රාම යනවිට ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ පිතිකරුවා වුනේ ඔහු.

1920 දශකයේදී එංගලන්ත ආරම්භක පිතිකරු යුගලය වුනේ හර්බර්ට් සට්ක්ලිෆ් සහ ජැක් හොබ්ස්. මේ යුගලය අදටත් සැලකෙන්නේ ලොව බිහිවූ හොඳම ආරම්භක පිතිකරු යුගලයක් විදිහට​. ඉනිම 38 කදී ඔවුන් දෙදෙනා ශතක සබඳතා 15 ක් පවත්වා තියෙනවා.

සට්ක්ලිෆ් ගේ අදහස අනුව පන්දු යවන්නන්ට වාසි සහගත තණතිලි වලදී හොබ්ස් බ්‍රැඩ්මන්ටත් වඩා හොඳ පිතිකරුවෙක්. හොබ්ස් සැලකුනේ තාක්‍ෂනිකව ඉතාම නිවැරදි සහ ඉතාමත් අඩුවෙන් අවදානම් ගන්නා පිතිකරුවෙක් විදිහට​. මේ නිසාම අදටත් ඔහු සැලකෙන්නේ ආරම්භක පිතිකරුවන් අතර රජු විදිහට​.


2. ලෙන් හට්න්


ලෙනාර්ඩ් හට්න්
ප්‍රාන්ත පිල : යෝක්‍ෂයර්



දෙවන ලෝක යුද්ධයෙන් පසු කඩා වැටුනු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව යලි ගොඩනැංවීමේදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කලේ ලෙන් හට්න්.

හට්න් තමාගේ දෙවන ටෙස්ට් තරගාවලියේදීම ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 364 ක් රැස් කරමින් එවකට වැඩිම ටෙස්ට් ඉනිම සඳහා වූ ලෝක වාර්තාව බිඳ දැම්මා. නමුත් අවාසනාවකට හට්න් ට තමාගේ ක්‍රිකට් ජීවිතයේ හොඳම අවුරුදු හතක් යුද්ධය නිසා අහිමි වුනා. ඒ වගේම යුධ සේවයේදී අනතුරකට ලක් වීම නිසා ඔහුගේ වම් අත අඟල් දෙකක් කොට වුනා. මේ හේතුවෙන් යුද්ධයට පසු ඔහුගේ පහරවල් එල්ල කිරීමේ රටාව වෙනස් කරගන්න ඔහුට සිදු වුනා. ඒත් ඔහුගේ ලකුණු ලබාගැනීමේ හැකියාවට ඒකෙන් කිසිම බාධාවක් වුනේ නෑ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව දැඩි පසුබෑමකට ලක්වුනා. එංගලන්ත පිලේ පිතිකරණයේ බර සම්පූර්නයෙන්ම වගේ පැටවුනේ හට්න් ගේ කර මතට​. ඔහු ලින්ඩ්වෝල් සහ මිලර් වැනි ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ට නොබියව මුහුණ දෙමින් මෙ කාර්‍යය සාර්ථකව ඉටු කලා.

1950 සංචාරයේදී දී රාමදීන් සහ වැලන්ටයින් යන කොදෙව් දඟපන්දු යවන්නන් දෙදෙනා එංගලන්ත පිතිකරුවන් විනාශ කලා. නමුත් හට්න් ඔවුන්ට සාර්ථකව මුහුණ දුන්නා. ඕවල් පිටියේ පැවැත්වුනු හතරවන ටෙස්ට් තරගයේදී එංගලන්ත පිල ලකුණු 344 කට සියල්ල දැවී යද්දී හට්න් නොදැවී ලකුණු 202 ක් රැස් කලා. මේ ඉනිම අදටත් සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම ඉනිමක් විදිහට​.

හට්න් ආරම්භක පිතිකරුවෙක් විදිහට නිවැරදි තාක්‍ෂනයක් සහ ඉවසිලිවන්ත තරග රටාවක් අනුගමනය කළ පිතිකරුවෙක්. නමුත් ඔහුට අවශ්‍යවිටකදී ආක්‍රමනශීලී පිතිහරඹයක නියැලෙන්නත් හැකියාව තිබුනා. ඔහුගේ ටෙස්ට් දිවිය අවසන් වන විට 56.67 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 6,900 ක් රැස් කරන්න ඔහුට හැකි වුනා.

1952 දී එංගලන්ත නායකත්වය භාර ගත් හට්න් 1953 දී ඕස්ට්‍රේලියාව පරදවමින් අළුබඳුන ශූරතාවය එංගලන්තයට දිනා දුන්නා. මේ සඳහා හට්න් ගෙ පිත්තේ දායකත්වය කැපී පෙනුනා. 1954-55 ඕස්ට්‍රේලියානු සංචාරයේදී නැවතත් අළුබඳුන රැක ගන්න හට්න් ප්‍රමුඛ එංගලන්ත පිල සමත් වුනා. 1955 දී හට්න් විශ්‍රාම යනවිට ලොව හොඳම ක්‍රිකට් පිල වශයෙන් සැලකුනේ එංගලන්ත පිල​.


3. කෙන් බැරිංටන්


කෙනත් ෆ්‍රෑන්ක් බැරිංටන්
ප්‍රාන්ත පිල : සරේ




"කෙන් බැරිංටන් පන්දුවට පහර දෙන්න එනවිට ඔහු පිටුපසින් එංගලන්ත කොඩිය ලෙල දෙන හැටි මැවිලා පේනවා" ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් බැරිංටන් ගැන කිව්වෙ එහෙමයි. තම්න් ක්‍රීඩා කල හැම විනාඩියක් ම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල බැරිංටන් ගැන ඒක හොඳ හැඳින්වීමක්.

1950 දශකයේ අග භාගයේ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවුන පිබිදීමේ ඉදිරියෙන්ම හිටපු ක්‍රීඩකයෙක් තමයි කෙන් බැරිංටන්. ක්‍රීඩාවට පිවිසෙනකොට ආක්‍රමනශීලී පිතිකරුවෙක් වුන බැරිංටන්, එංගලන්ත පිලේ එවකට පීටර් මේ, ටොම් ග්‍රැවනි වගේ ආක්‍රමනශීලී පිතිකරුවන් රැසක් හිටපු නිසා තමාගේ ක්‍රීඩා විලාශය වෙනස් කරගෙන ඉතාමත් ඉවසිලිවන්ත සුපරික්‍ෂාකාරී පිතිකරුවෙක් බවට පරිණාමය වුනා.

එංගලන්ත පිලේ අංක 3 ස්ථානය ස්ථිරවම හිමි වුනේ බැරිංටන්ට​. බැරිංටන්ගේ ටෙස්ට් ඉනිම 114 අතරින් 31 කදීම එංගලන්ත පිලේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරු වුනේ ඔහු. ඒක එංගලන්ත පිල බැරිංටන් ගේ පිතිහරඹය මත කොයිතරම් රඳා පැවතුනාද කියන එක ගැන හොඳ දර්ශකයක්.

බැරිංටන්ගේ පන්දුවට පහරදීමේ විශිෂ්ඨත්වය මැනවින් ප්‍රදර්ශනය වුන අවස්ථාවක් තමයි 1967 දී ඉන්දියාවට, පාකිස්ථානයට සහ කොදෙව් පිලට එරෙහිව ඉනිම 13 කදී ඔහු ලබා ගත් අර්ධ ශතක 5 සහ ශතක 3.

ඔහු ක්‍රීඩාවෙන් සමු ගද්දී ටෙස්ට් ලකුණු 6,800 රැස් කලේ සාමාන්‍යය 58.67 ක් රඳවා ගනිමින්. අදටත් ටෙස්ට් ලකුණු 2000 ට වැඩියෙන් රැස් කළ පිතිකරුවන් අතර දෙවැනියට ඉහළම සාමාන්‍යයක් තියෙන්නේ බැරිංටන්ට.


4. වොලී හැමන්ඩ්


වෝල්ටර් රෙජිනෝල්ඩ් හැමන්ඩ්
ප්‍රාන්ත පිල : ග්ලූසෙස්ටෂයර්



එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම පිතිකරු විදිහට සැලකෙන්නේ වොලී හැමන්ඩ්. ඉතාමත් අලංකාර පිතිකරන රටාවක් තිබුනු පිතිකරුවෙක් වුන හැමන්ඩ් ගේ කවර් ඩ්‍රයිව් පහර සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ ඉතාමත් අලංකාර පහර විදිහට​.

1928 දී තමාගේ නව වැනි ටෙස්ට් තරගයට සහභාගී වන තරුණ පිතිකරුවෙක් විදිහට ඕස්ට්‍රේලියාවට එන හැමන්ඩ් සංචාරය පුරාවටම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අසරණ කරමින් ටෙස්ට් තරග 5 කදී ලකුණු 905 රැස් කලා. ඒ ශතක දෙකක් සහ ද්විත්ව ශතක දෙකක් සමඟින්. ඒ සංචාරය අවසන් වුනේ හැමන්ඩ් ලෝකයේ හොඳම පිතිකරු ලෙස පොදු පිළිගැනීමට ලක් වෙමින්. නමුත් හැමන්ඩ් ගේ අවාසනාවට ඒ සංචාරයේදී ම ටෙස්ට් වරම් ලබන බ්‍රැඩ්මන් ඔහුගෙන් ඒ කිරුල උදුරා ගන්න සමත් වුනා.

තමාගේ ක්‍රිකට් ජීවිතය පුරාවටම කොයිතරම් පිත්තෙන් දස්කම් පෑවත්, හැම විටම බ්‍රැඩ්මන් හමුවේ දෙවැනි තැනට වැටීමේ අවාසනාවට හැමන්ඩ් ලක් වුනා. බ්‍රැඩ්මන් නොහිටින්න හැමන්ඩ් අද සැලකෙනු ඇත්තේ ලෝක ඉතිහාසයේ හොඳම පිතිකරු විදිහට​.

හැමන්ඩ් තමාගෙ ටෙස්ට් දිවිය නිම කරන විට ත්‍රිත්ව ශතකයක් සහ ද්විත්ව ශතක 5 ක් ඇතුළුව ශතක 22 ක් රැස් කර ගන්න සමත් වුනා. නවසීලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 336 ඔහු ලබා ගන්නේ විනාඩි 318 ඇතුලත​. ඊට හයේ පහර 10 සහ හතරේ පහර 34 ක් ඇතුලත් වුනා. හැමන්ඩ් ගේ ප්‍රවේගකාරී පිතිහරඹයට ඒ ඉනිම කදිම නිදසුනක්.

හැමන්ඩ් ටෙස්ට් තරග 85 කදී ලකුණු 7,200 ලබා ගන්නේ 58.46 ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. ඊටඅමතරව ඔහු පළමු පෙළ තරග වලදී ශතක 167 සමඟින් ලකුණු 50,000 ක් ලබා ගත්තා.

විශිෂ්ඨ පිතිකරුවෙක් වුනාට අමතරව ඔහු දක්‍ෂ මද වේග පන්දු යවන්නෙක් සහ විශිෂ්ඨ ස්ලිප් ක්‍රීඩකයෙක් වුනා. ඔහු රැකගත් උඩ පන්දු ගණන 110 ක්. එය එවකට ලෝක වාර්තාවක්.


5. ඩෙනිස් කොම්ප්ටන්


ඩෙනිස් චාර්ල්ස් ස්කොට් කොම්ප්ටන්
ප්‍රාන්ත පිල : මිඩ්ල්සෙක්ස්



ලෙන් හට්න් වගේම තමාගේ හොඳම කාලය යුද්ධය වෙනුවෙන් පූජා කරන්න වුන ක්‍රීඩකයෙක් තමයි ඩෙනිස් කොම්ප්ටන්. කොම්ප්ටන් එංගලන්ත ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රිය වුනේ නිදහස් ක්‍රීඩා රටාවක් සහිත සටන්කාමී පිතිකරුවෙක් විදිහට​.

1937 දී ටෙස්ට් පිටියට අවතීර්න වන කොම්ප්ටන් එංගලන්ත පිලේ මැදපෙළ පිතිකරුවෙක් විදිහට තහවුරු වුනත්, යුද්ධය නිසා ඔහුට 1939 සිට 1946 දක්වා වසර හතක් ටෙස්ට් පිටිය අහිමි වෙනවා. කොම්ප්ටන් එංගලන්ත පිතිකරු ලැයිස්තුවේ තමාගේ සලකුණ සටහන් කරන්නේ 1947 වසරේදී ශතක 6 ක් සමඟ ලකුණු 1159 ක් රැස් කිරීමෙන්. මෙයට ඇඩිලේඩ් පිටියේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිම දෙකේදීම ශතක රැස් කිරීමත් ඇතුළත්.

කොම්ප්ටන් ගේ විශිෂ්ඨතම ඉනිම විදිහට සැලකෙන්නේ 1948 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව මැන්චෙස්ටර් හිදී නොදැවී ලබා ගත් ලකුණු 145. එංගලන්ත ඉනිමේ ඊළඟට වැඩිම ලකුණු ගණන වුනේ 37. පන්දු යවන්නන්ට ඉතාමත් වාසි සහගත තණ නිල්ලක ලින්ඩ්වෝල්, ජොන්ස්ටන්, තොෂැක් සහ ජොන්සන් වැනි දක්‍ෂ පන්දු යවන්නන් ට එරෙහිව ලබා ගත් මේ ශතකය කොම්ටන් ගේ සටන්කාමීත්වය මැනවින් ප්‍රදර්ශනය කලා.

1950 දී දණහිසේ ආබාධයකට ගොදුරු වීමෙන් පසු කොම්ප්ටන් ගේ පිතිකරණය මදක් පසු බෑවත්, ඔහු ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට 50.06 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 5,800 ක් ලබා ගන්න සමත් වුනා.

කොම්ප්ටන් ගේ හැකියාවන් ක්‍රිකට් පිටියට පමණක් සීමා වුනේ නෑ. ඔහු ආසනල් පිල වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කරන්නත් සමත් වුනා.


6. ඉයන් බොතම්


ඉයන් ටෙරන්ස් බොතම් (Beefy, Guy de Gorilla)
ප්‍රාන්ත පිල : සමර්සෙට්, ඩර්හැම්, වෝසෙස්ටෂයර්



එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ දඩබ්බරයා ලෙස සැලකුණු බොතම්, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව පසු බෑමකට ලක් වුන 70 සහ 80 දශක වලදී ඊට සටන්කාමීත්වයක් එකතු කරන්න සමත් වුනා.

ඉයන් බොතම් සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ බිහිවුනු විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට​. ක්‍රීඩාවට එළැඹුනු මුල් දවස් වල ඉතාමත් වේගවත් පන්දු යවන්නෙක් වුන බොතම් වයස්ගත වෙද්දී වේගය අඩු වුනත් දෝලනය සහ කපටි කම පාවිච්චි කරමින් පිතිකරුවන් අභිබවා යන්න සමත් වුනා. ඒ වගේම ඔහු ඉතාම ප්‍රවේගකාරී පිතිකරුවෙක් වුනා. පන්දු රැකීමේදීත් බොතම් දැක්වුයේ නොමද හැකියාවක්.

ඉයන් බොතම් ටෙස්ට් කඩුළු 100 ලබා ගන්නේ ඔහුගේ 19 වැනි ටෙස්ට් තරගයේදී. ඊට වඩා අඩු ටෙස්ට් තරග ගණනකින් කඩුළු 100 ලබා ගත් ක්‍රීඩකයන් ඉන්නේ 6 දෙනෙක් පමණයි. බොතම් 1986 දී ඩෙනිස් ලිලී අභිබවා යමින් වැඩිම ටෙස්ට් කඩුළු ගණනක් දවා ගත් ක්‍රීඩකයා බවට පත් වුනා. ඔහු තම ක්‍රීඩා දිවිය අවසන් කලේ කඩුළු 383 ලබා ගණිමින්.

බොතම් අවස්ථා පහකදී ශතකයක් සහ ඉනිමක කඩුළු පහක් දවාගෙන තියෙනවා. එවැනි දස්කමක් කළ එකම ක්‍රීඩකයා ඔහු. අනෙක් කිසිම ක්‍රීඩකයෙක් දෙවතාවකට වඩා එවැනි දස්කමක් දක්වා නෑ.

බොතම් ගේ විශිෂ්ඨතම තරගය ලෙස සැලකෙන්නේ 1981 ඕස්ට්‍රේලියාවට එරෙහිව ලීඩ්ස් හිදී පැවැත්වුනු ටෙස්ට් තරගය​. ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේදී බොතම් කඩුළු 6 ක් දවා ගන්නවා. ඒත් එංගලන්තය තම දෙවැනි ඉනිම අරඹන්නේ ලකුණු 227 ක් පිටුපසින්. ඔවුන් දෙවැනි ඉනිමේදී ලකුණු 135 කට කඩුළු 7 ක් දැවී අසීරු අවස්ථාවක සිටින විට බොතම් හතරේ පහර 27 ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 148 කදී ලකුණු 149 ක් රැස් කරමින් ඕස්ට්‍රේලියාවට ලකුණු 130 ක ඉලක්කයක් ලබා දෙනවා. ඕස්ට්‍රේලියාව ලකුණු 111 කට දැවී යන්නේ එංගලන්තයට ලකුණු 18 ක ජයක් ලබා දෙමින්.


7. ගොඩ්ෆ්‍රී එවන්ස්


තෝමස් ගොඩ්ෆ්‍රී එවන්ස්
ප්‍රාන්ත පිල : කෙන්ට්



එංගලන්තයෙන් බිහිවූ හොඳම කඩුළු රකින්නා විදිහට ගොඩ්ෆ්‍රේ එවන්ස් සහ ඇලන් නොට් යන ක්‍රීඩකයන් දෙන්නම විවිධ විචාරකයන් විසින් නම් කරනවා. ඒ ගැන ගොඩක් තර්ක විතර්ක තියෙනවා. ඒත් කිසිම තර්කයකින් තොරව හැමෝම පිළිගන්න කරුණ තමයි වඩාත්ම සටන්කාමී කඩුළු රකින්නා ගොඩ්ෆ්‍රී එවන්ස් බව​.

එවන්ස් ටෙස්ට් පිටියට අවතීර්න වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු 1946 දී. ඔහු බිඳ වැටුණු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවූ සමයේ සිට 1950 දශකයේ මැද භාගයේ ලෝකයේ හොඳම ක්‍රිකට් පිල දක්වා ගිය සමය දක්වා කඩුල්ල පිටුපස නොසැලෙන කාර්‍ය භාරයක් ඉටු කලා.

ටෲමන්, ටයිසන්, ස්ටේතම් වගේ වේග පන්දු යවන්නන්, බෙඩ්සර් වගේ පන්දුව දෝලනය කරන මද වේග පන්දු යවන්නන් වගේම ලේකර් සහ ලෝක් වැනි දඟ පන්දු යවන්නන් හමුවේ එවන්ස් විශිෂ්ඨ කඩුළු රැකීමක නිරත වුනා. ඔහු අතින් දවා ගැනීමක් හෝ අතිරේක ලකුණක් ගිලිහී ගියේ ඉතාම කලාතුරකින්.

එවන්ස් ගේ විශේෂත්වය වුනේ පිතිකරුගේ පා ඉන්න දෙසින් එන පන්දු රැක ගැනීම​. මද වේග පන්දු යවන බෙඩ්සර්ට එවන්ස් කඩුළු රැක්කේ කඩුල්ල අසලම රැඳී සිටිමින්. ඒ වුනත් පා ඉන්න පැත්තෙන් එක පන්දුවක්වත් එවන්ස් අතහැරියේ නෑ. සමහර අවස්ථාවලදී පිතිකරු ගේ ලෙග් ග්ලාන්ස් පහරවල් පවා උඩපන්දු විදිහට රැකගන්න ඔහු සමත් වුනා.

ඒ වගේම එවන්ස් සටන්කාමී පිතිකරුවෙක්. එංගලන්තය අසීරු අවස්ථාවකට පත්වුනු හැම වෙලාවේම එවන්ස් ගේ සටන්කාමී පිත්ත ක්‍රියාත්මක වුනා. ඔහු තම ක්‍රිකට් දිවිය නිමා කලේ ශතක දෙකක් සහ අර්ධ ශතක අටක් වාර්තා කරමින්.


8. හැරල්ඩ් ලාවූඩ්


හැරල්ඩ් ලාවූඩ්
ප්‍රාන්ත පිල : නොටිංහැම්‍ෂයර්



හැරල්ඩ් ලාවූඩ් සැලකෙන්නේ ලෝකයේ මෙතෙක් බිහිවුනු බිහිසුනුම වේග පන්දු යවන්නා විදිහට​.

පැයට සැතපුම් 100 ක පමණ වේගයෙන් පන්දු යැවූ ලාවූඩ් ගේ විශේෂත්වය වුනේ ශාරීරික යෝග්‍යතාවය සහ නිවැරදි එල්ලය​. එතරම් උස ක්‍රීඩකයෙක් නොවුනත් ඉතාමත් ශක්තිමත් සිරුරකට හිමිකම් කිවූ ලාවූඩ් අධි වේගයෙන් දවස පුරාවට වෙහෙස වීමකින් තොරව පන්දු යැවීමට හැකි ක්‍රීඩකයෙක්.

1926 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලාවූඩ් ටෙස්ට් පිටියට පිවිසෙන්නේ තරුණ අධිවේගී පන්දු යවන්නෙක් විදිහට​. ඒ තරගාවලියේදී විශේෂයෙන් කැපී පෙනෙන යමක් නොකළත් ඉක්මනින්ම ඔහු ලෝකයේ වේගවත්ම පන්දු යවන්නා විදිහට නමක් දිනා ගත්තා. 1928 දී නැවතත් එංගලන්ත ටෙස්ට් පිලට ඇතුල්වන ලාවූඩ් එංගලන්ත පිලේ ප්‍රධාන වේග පන්දු යවන්නා විදිහට ස්ථාවර වුනා.

1930 ඕස්ට්‍රේලියානු පිලේ එංගලන්ත සංචාරයේදි බ්‍රැඩ්මන් එංගලන්ත පන්දු යවන්නන් සියළුම දෙනා විනාශ කර දැමුවා. ලාවූඩ් ටත් අත් වුනේ ඒ ඉරණම මයි. ටෙස්ට් තරග තුනකදී ඔහුට දවාගන්න ලැබුනේ කඩුළු හතරක් පමණයි.

1933 එංගලන්ත පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයේදී එංගලන්ත නායක ඩග්ලස් ජාඩින් ඕස්ට්‍රේලියාවත් බ්‍රැඩ්මන්වත් නවතාලීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසු වුනා. මේ සඳහා ඔහු යොදාගත් මූලික අවිය වුනේ තමාගේ වේග පන්දු බල​ඇණිය​. බිල් වෝස්, බිල් බෝව්ස්, ගබී ඇලන් ගෙන් සමන්විත වුනු මේ බලැණියේ මූලිකත්වය ගත්තේ ලාවුඩ්.

සංචාරය පුරාවටම එංගලන්ත වේග පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ගේ සිරුරු ඉලක්ක කරගෙන පන්දු යැවීමේ උපක්‍රමයක් යොදා ගත්තා. "බොඩි ලයින්" නමින් හැඳින්වුනු මේ උපක්‍රමය නිසා පිතිකරුවන්ට ලකුණු රැස්කිරීම වෙනුවට සිද්ධ වුනේ තමාගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීම ගැන වෙහෙස වෙන්න.

ඇඩිලේඩ් හි පැවතුනු තුන්වන ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනෙක්ම ලාවූඩ් ගේ පන්දු වැදීමෙන් ඉතා දරුණු තුවාල ලැබුවා. තරගාවලිය පුරාවටම ලාවූඩ් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් භීතියෙන් මුසපත් කළා. තරගාවලිය පුරාවට ලකුණු 644 කට කඩුළු 33 ක් දවාගන්න ලාවූඩ් සමත් වුනා. තරගාවලිය 4-1 විදිහට එංගලන්තය ජය ගත්තා.

නමුත් තරගාවලියෙන් පසුව ඇතිවුනු මත ගැටුමේදී එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සියළු වැරදි ලාවූඩ් පිට පටවා අත සෝදා ගැනීම නිසා ඔහුව නැවත එංගලන්ත පිලට තෝරා ගැනුනේ නෑ. මේ නිසා ඉතාමත් අවාසනාවන්ත විදිහට ලාවූඩ් ගේ ටෙස්ට් දිවිය වසර 7 කට සහ තරග 21 කට සීමා වුනා.


 9. ජිම් ලේකර්


ජේම්ස් චාල්ස් ලේකර්
ප්‍රාන්ත පිල : එසෙක්ස්, සරේ

 

එංගලන්තයෙන් බිහි වුනු හොඳම දඟ පන්දු යවන්නා විදිහට සැලකෙන්නේ ජිම් ලේකර්.

දකුණතින් පිට දඟ පන්දු යවන ජිම් ලේකර් තමාගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය අරඹන්නේ 1948 බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පළමු ඉනිමේම කඩුළු 7 ක් දවා ගනිමින්. එතැන් සිට අවුරුදු 11 ක් පුරාවට එංගලන්ත පිලේ ප්‍රමුඛ දඟ
පන්දු යවන්නා ගේ භූමිකාව ජිම් ලේකර් ඉටු කළා.

1950 දශකයේ බිඳ වැටුණු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවමින් එංගලන්ත පිල ලෝකයේ හොඳම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දක්වා ගිය ගමනේදී ලේකර් විශාල කාර්‍ය භාරයක් ඉටු කළා. ලේකර් ගේ සහ පා දඟ පන්දු යවන ටෝනි ලෝක් ගේ පන්දු යැවීමේ සුසංයෝගය අදටත් සැලකෙන්නේ ලෝකයේ බිහිවුනු හොඳම දඟ පන්දු යුගලයක් විදිහට​.

ලේකර් ගේ නම ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීය තැනක් ලබා ගත්තේ 1956 ඕස්ට්‍රේලියාවේ එංගලන්ත සංචාරයේදී. එහිදී 1-0 ලෙස ඉදිරියෙන් සිටි ඕස්ට්‍රේලියාව අභිබවා පිට පිට තුන් වැනි වරටත් අළු බඳුන රැක ගැනීමට එංගලන්‍තය සමත් වෙන්නේ තුන්වන සහ හතරවන ටෙස්ට් තරග ජයග්‍රහණය කරමින්. මෙහිදී ලේකර් තුන්වන තරගයේදී කඩුළු 11 සහ හතරවන තරගයේදී කඩුළු 19 ක් දවාගනිමින් ඉදිරියෙන්ම හිටියා.

වැස්සෙන් තෙමුණු තණතීරුවක් මත පැවැත්වුනු හතරවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලේකර් ලකුණු 37 කට කඩුළු 9 ක් දවා ගන්නේ ඕස්ට්‍රේලියාව ලකුනු 84 කට දවා ගනිමින්. දෙවන ඉනිමේදී ඔහු ලකුණු 53 කට කඩුළු 10 ම දවා ගනිමින් ලෝක වාර්තාවක් තිබ්බා. අදටත් ටෙස්ට් තරගයක ඉනිමක සහ තරගයක හොඳම පන්දු යැවීම විදිහට සටහන් වෙන්නේ ලේකර් ගේ මේ දස්කම​.

ඒ තරගාවලියේ දී ලේකර් තරග 5 කදී ලකුණු 442 කට කඩුළු 46 ක් ලබා ගනිමින් විශිෂ්ඨ දස්කම් පෑවා.

එංගලන්ත තේරීම් කමිටුවේ ඒ කාලයේ ප්‍රතිපත්තිය අනුව ඕස්ට්‍රේලියානු සංචාර සඳහා යොදවා ගත්තේ පා දඟ පන් දු යවන්නන් පමණයි. ඒ නිසා ලේකර් ට ඕස්ට්‍රේලියානු සංචාරයක් ලැබෙන්න 1959 වන තුරු ඉන්න සිදු වුනා. මේක ඔහුගේ ක්‍රිකට් දිවියේ වුනු විශාල අවාසියක්.

නමුත් ඔහු ටෙස්ට් දිවිය නිමා කළේ තරග 46 කදී 21.24 ක සාමාන්‍යයක් සහිතව කඩුළු 193 ක් දවා ගනිමින්. පළමු පෙළ තරග වලදී ඔහු දවාගත් කඩුළු ගණන 1944 ක්.

10. ෆ්‍රෙඩී ටෲමන්


ෆ්‍රෙඩ්‍රික් සීවර්ඩ්ස් ටෲමන් (Fiery Fred)
ප්‍රාන්ත පිල : යෝර්ක්‍ෂයර්



කිසිම විවාදයකින් තොරව එංගලන්තයෙන් බිහිවුන හොඳම වේග පන්දු යවන්නා විදිහට ෆ්‍රෙඩී ටෲමන් සලකන්න පුළුවන්.

1952 දී 21 හැවිරිදි තරුණ වේග පන්දු යවන්නෙක් විදිහට ඉන්දියාවට එරෙහිව ටෙස්ට් පිටියට පිවිසෙන ටෲමන් එවකට ඉතාමත් වේගවත් පන්දු යවන්නෙක් වුනා. තමාගේ වේගයෙන් ඉන්දීය පිතිකරුවන් භීතියෙන් මුසපත් කළ ටෲමන් තරගාවලිය අවසන් කළේ තරග 4 කදී ලකුණු 386 කට කඩුළු 29 ක් දවා ගනිමින්. මෙහිදී ඔහු මැන්චෙස්ටර් හිදී ඉන්දීය පළමු ඉනිමේදී  ලකුණු 31 කට ලබා ගත් කඩුළු 8 කැපී පෙනෙනවා.

ඉතාමත් සුමට පන්දු යැවීමේ ඉරියව්වක් හිමි වුනු ටෲමන් ඒ නිසාම ආබාධ වලට ලක් වුනේ ඉතාමත් අඩුවෙන්. ප්‍රතිවාදී පිතිකරුවන් භීතියට පත් කිරීම ටෲමන් ගේ ප්‍රධාන අවියක් වුනා. 

50 දශකයේ එංගලන්තය සතුව බෙඩ්සර්, ටයිසන්, ස්ටේතම්, ලෝඩර් වැනි හොඳ වේග පන්දු යවන්නන් ගණනාවක් සිටීම සහ ටෲමන් ගේ නිලධාරීන්ට අවනත නොවීමේ ගතිය නිසා ඔහුට ටෙස්ට් තරග ගණනාවක් මග හැරුනත්, 59-65 කාලය තුල ටෲමන් එංගලන්ත පිලේ නිත්‍ය සාමාජිකයෙක් වුනා. ඒ වන විට ඔහුගේ අධි වේගය අඩු වී තිබුන නමුත්, එල්ලය සහ දෝලනය විශිෂ්ඨ ආකාරයට යොදා ගත් නිසා පිතිකරුවන්ට එල්ල වුන තර්ජනයේ අඩුවක් වුනේ නෑ. ටෲමන් - ස්ටේතම් සුසංයෝගය අදටත් සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ බිහි වුනු හොඳම වේග පන්දු සුසංයෝගයක් විදිහට​.

ටෙස්ට් ඉතිහාසයේ කඩුළු 300 ක් දවා ගත් පළමු පන්දු යවන්නා වුනේ ටෲමන්. ඔහු ටෙස්ට් දිවිය නිම කළේ තරග 67 කදී 21.57 ක සාමාන්‍යයක් සහිතව කඩුළු 307 ක් දවා ගනිමින්. පළමු පෙළ තරග වලදී ටෲමන් කඩුළු 2304 ක් දවා ගත්තා. ඔහුගේ කඩුළු ලබා ගැනීමේ ප්‍රහාරක වේගය පන් දු 49.4 කට එක කඩුල්ලක් විදිහට සටහන් වෙනවා. අදටත් කඩුළු 300 ට වඩා ලබා ගත් පන්දු යවන්නන් අතරින් ඔහුට වඩා හොඳ ප්‍රහාරක වේගයක් තියෙන්නේ ඩේල් ස්ටේන්, මැල්කම් මාෂල්, වකාර් යුනිස් සහ ඇලන් ඩොනල්ඩ් ට පමණයි.

11. ඩෙරෙක් අන්ඩර්වූඩ්


ඩෙරෙක් ලෙස්ලි අන්ඩර්වූඩ් (Deadly)
ප්‍රාන්ත පිල : කෙන්ට්



අසාමාන්‍යය පන් දු යැවීමේ රටාවකට හිමිකම් කිවූ අන්ඩර්වුඩ් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුළු ලබා ගත් දඟ පන්දු යවන්නා වෙනවා. 

අන්ඩර්වුඩ් වමත් පා දඟ පන් දු යවන්නෙක් වුනත්, ඔහුගේ පන්දු යැවීමේ වේගය මද වේග පන්දු යවන්නෙක්ට ආසන්න වුනා. වැස්සෙන් තෙමුණු තණතීරු අන්ඩර්වූඩ් ඉතාමත් අසීරු අභියෝගයක් වුනා. ඒ ඔහුගේ වේගය නිසා පන්දුව ඉහළ නැගීම හේතුවෙන්. වරක් පළමු පෙළ තරගයකදී සසෙක්ස් පිලට එරෙහිව වැස්සෙන් තෙමුණු පිටියකදී ඔහු ලකුණු 9 කට කඩුළු 8 ක් ලබා ගත්තා.

අන්ඩර්වුඩ් තමාගේ නම ටෙස්ට් පිටියේ රඳවන්න සමත් වුනේ 1968 ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වුනු පස් වන ටෙස්ට් තරගයේදී. අවසාන දිනයේ තරගය නිම වීමට විනාඩි 6 ක් තිබියදී ඕස්ට්‍රේලියාව ලකුණු 125 කට දවාලමින් තරගයේ ජය එංගලන්තයට ලබා දෙන්න අන්ඩර්වුඩ් සමත් වුනා. එහිදී ඔහු අවසාහ කඩුළු 4 දවාගත්තේ පන් දු 27 කින්.

පන් දුව විශාල වශයෙන් දඟ කැවීමට ලක් නොකල අන්ඩර්වුඩ් ගේ ප්‍රධාන අවිය වුනේ නිවැරදිතාවය​.

අන්ඩර්වුඩ් 16 වසරක දීර්ඝ ටෙස්ට් දිවිය නිමකළේ තරග තරග 86 කදී කඩුළු 297 ක් බිඳ හෙලමින්. ඉනිමක කඩුළු 5 ක් දවාගත් අවස්ථා 17 සහ තරගයකදී කඩුළු 10 දවගත් අවස්ථා 6 ක් වාර්තා කරන්න ඔහු සමත් වුනා. පළමුපෙළ තරග වලදී ඔහු දවාගත් කඩුළු ගණන 2465 ක්.

අන්ඩර්වුඩ් ගේ අවසාන ටෙස්ට් තරගය වුනේ ලංකාවේ කුළුඳුල් ටෙස්ට් තරගය​. එහිදී පළමු ඉනිමේ කඩුළු 5 ක් සහ දෙවැනි ඉනිමේ කඩුළු 3 ක් බිඳ හෙලමින් දස්කම් පාන්න ඔහුට හැකි වුනා.

Sunday, February 21, 2016

චයිනමන් පාට් ටූ - අන්ඩර් ආම්

චයිනමන් පාට් ටූ - අන්ඩර් ආම්





ෂෙහාන් කරුණාතිලක ගෙ අති සාර්ථක "චයිනමන්" නවකතාවෙන් පස්සෙ ඔන්න මිනිහ තව නවකතාවක් ලියනවලු.

ඒකත් ලංකාවෙ ක්‍රිකට් ගැන.

කතාව තියෙන්නෙ කොටස් දෙකකට.

පළවෙනි කොටස පටන් ගන්නෙ එක්දාස් නවසිය හැත්තැ ගණන් වල අග හරියෙන්. තරුණ කොලු ගැටව් තුන් දෙනෙක් කොළඹ එනව ලංකාවෙ නැෂනල් ටීම් එකට ක්‍රිකට් ගහන්න. තුන් දෙනාම එන්නෙ කෝච්චියෙන්.

පළවෙනි එකා ධනුෂ්ක බණ්ඩාර. මහනුවර විද්‍යාර්ථෙට ගහපු වේග පන්දු යවන්නෙක්. මහනුවර ධර්මරාජෙ ටී.බී. "කෙහෙල් යකා" කෙහෙල්ගමුවට පස්සෙ ලංකාවෙ බිහිවුන වේගවත්ම පන්දු යවන්න. කඟවේනෙක් වගේ බෝල් කරන්නෙ.

දෙවෙනි එකා සුනෙත් හේවාමිතිගේ. මාතර සර්වේෂස් එකේ. බෝලර්ස්ල තුට්ටුවකට මායිම් නොකර හැල්මේ බැටදෙන බැටෙක්. මිනිහගෙ කවර් ඩ්‍රයිව් එක ගහද්දි ඕෆ් සයිඩ් එකේ ෆීල්ඩර්ස් ල එකෙක්ටවත් හෙල්ලෙනවත් වෙලාවක් නෑ.

තුන්වෙනි එකා ගැන වැඩි විස්තරයක් දාල නෑ. ඌ බදුල්ලෙ කොල්ලෙක්. වතු වල මහත්තුරු ක්‍රිකට් ගහද්දි උන්ට නෙට් එකේ බෝල් කරපු පොඩි කොල්ලෙක්. එක වතු මහත්තයෙක් සීසීසී එකේ කොන්ටැක්ට් එකකින් තමයි ඌව කොළඹ එවල තියෙන්නෙ. අපි ඌ ගැන එච්චරයි දන්නෙ. ඌ ගිය ඉස්කෝලයක් ගැන සඳහනක් නෑ. කොටින්ම උගේ නම දාල තියෙන්නෙත් රාජා කියල විතරයි. ඒක රාජසිංහ ද රාජලිංගම් ද කියලවත් අපි දන්නෙ නෑ. හැබැයි දකුණතින් පා දඟ පන්දු යවන මේ කොල්ලට ලෙග් ස්පින්, ගුග්ලි, ෆ්ලිපර්, ටොප් ස්පින් ඕන එකක් ඔට්ටුයි කියල දන්නව.

මුන් තුන් දෙනා සිලෝන් ටීම් එකත් එක්ක ප්‍රැක්ටිස් පටන් ගන්නවා. ක්ලබ් මැචස් ගහනවා. ඉන්ටර්නැෂනල් මැච් ගහනවා.

රාජා ගේ බෝල් වලට ටීම් එකේ පත බැට්ස්මන් ල ඇඹරිල යනව. ලොකු ලොකු නම් තියෙන කොළඹ ඉස්කෝලවලට ගිය මහත්තුරු ප්‍රැක්ටිස් නෙට් වල නිකං විහිළුකාරයො වගේ වෙනව. උං ඒවයෙ ඇරියස් අල්ලන්නෙ ඩ්‍රෙසිං රූම් එකේදි. රාජා ඇවිදින විදිහ, කතා කරන විදිහ, ඌට ඉංග්‍රීසි වචනයක් වත් බැරි වීම, හැඳි ගෑරැප්පු පාවිච්චි කළ නොහැකි වීම වගේ ඌ ගැන හැම දෙයක් ම මේ මහත්තුරුන් ගෙ ඉලක්ක වෙනව. කොටින්ම රාජා ඩ්‍රෙසිං රූම් එකේ බයිට් එක වෙනව. රාජා ව බයිට් නොකරන එවුන් පවා ඌ එක්ක ප්‍රසිද්ධියේ යාළුකම් පවත්වන්න බයයි. රාජා බදුල්ලෙන් එනකොට ගෙනාව ආත්ම විශ්වාසය ටික ටික දිය වෙලා යනවා. මුලදි මුලදි මැච් වල ලකුණු 30-40 දීලා විකට් 5-6 ගත්තු රාජා පස්සෙ පස්සෙ ලකුණු 80-90 දීලා විකට් 2-3 ගන්න ලෙවල් එකට යනවා.

සුනෙත් හේවාමිතිගේ ගේ ප්‍රහාරාත්මක පිති හරඹයට බෝලර්ස්ල බය වෙනවා. හැම මැච් එකේම සුනෙත් ගෙ පළවෙනි ඕවර් හත අටේ හයේ-හතරෙ ඒව දහයක් දොලහක් වරදින්නෙ නෑ. සුනෙත් ඉන්ටර්නැෂනල් මැච් වලත් ලකුණු හැට හැත්තෑව ගහනවා. ලකුණු ගානට වඩා බෝල ගාන වැඩි වෙන්නෙ කලාතුරකින්. හැබැයි කෝච් මිනිහට කැමති නෑ. ඒ කවර් ඩ්‍රයිව් එක ගහද්දි බැට් එක කෙලින් නැති නිසා. ඒ නිසා කෝච් මිනිහව සිලෙක්ට් කරන්න හොරයි. කෝච් කියන්නෙ ඉන්ටර්නැෂනල් මැච් වල හොඳ ඉනිමක් සෙල්ලං කරන්න නං හොඳ ටෙක්නික් එකක් තියෙන්නෙ ඕනෙ කියල. සුනෙත් ට කවදාවත් සෙන්චරියක් ගහන්න බැරි ලු ටෙක්නික් අවුල් නිසා. සුනෙත් වෙනුවට කෝච් තෝරන්නෙ කොළඹ ඉස්කෝලවලට ගිය පර්ෆෙක්ට් ටෙක්නික් එකක් තියෙන හැමදාම දහයට පහළොවට අවුට් වෙන අවාරෙට පොල් වැටෙනව වගේ සෙන්චරියක් ගහන ප්ලේයර්ල ව. "ඉට්ස් නොට් හව් මෙනි රන්ස් යූ ස්කෝර් සනා. ඉට්ස් හව් යූ ස්කෝර් දෙම්". අන්තිමේදී සුනෙත් ට්‍රයි කරනවා ස්ට්‍රේට් බැට් එකක් තියාගෙන කවර් ඩ්‍රයිව් එක ගහන්න. මිනිහත් දහයට පහළොවට අවුට් වෙන්න පටන් ගන්නව.

ධනුෂ්ක බණ්ඩාර ගෙ බෝල් වලට බැට්ස්මන් ලගෙ හෙල්මට්, ඉළඇට කූඩු, ග්ලවුස් එහෙම හොඳට පුරුදුයි. සිලෝන් ටීම් එකේ ඕපනිං බැට්ස්මන් පවා බණ්ඩ ගෙ බෝලට බැට් එක දාගන්නෙ ඕවෙරේට දෙතුන් පාරයි. හැබැයි ධනුෂ්ක හැමදාම සිලෙක්ට් වෙන්නෙ ඉන්දියා - පකිස්තාන් ටුවර් වලට. ඉංග්ලන්ඩ් ඕස්ට්‍රේලියා නිව් සීලන්ඩ් ටුවර් වලට සිලෙක්ට් වෙන්නෙ රෝයල්, සෙන් තෝමස්, සෙන් පීටර්ස් ට්‍රිනිටි ගහපු කොල්ලො. ලාහෝර් වල, බැංගලෝර් වල දුඹුරු පාට දූවිලි ගොඩවල් උඩ බණ්ඩ දුම දාගෙන බෝල් කරනයවා. විකට් 4-5 ගන්නව. ඉළ ඇට දෙක තුනක් කුඩු කරනවා. හැබැයි ඕස්ට්‍රේලියා ටුවර් එක එද්දි බණ්ඩ හැමදාම ඉන්ජර්ඩ්. බණ්ඩ දන්නව මිනිහට හැමදාම පැයට හැතැම්ම අනූවක වේගෙන් බෝල් කරන්න බෑ කියල. එක්දාස් නවසිය අසූ දෙකේ සවුත් ඇෆ්‍රිකන් රෙබෙල් ටුවර් එකට බණ්ඩත් සයින් කරනවා. සල්ලි වලටම නෙවෙයි. කොළ පාට විකට් එකක බෝල් කරන්න ආසාවට. ඒ ටුවර් එකේ දි බණ්ඩ මයික් ප්‍රොක්ටර් ගෙ හෙල්මට් එක ගැලවෙන්න බවුන්සර් එකක් දානව. තව එකක් වදින්නෙ පීටර් කර්ස්ටන් ගෙ ඉළ ඇට කූඩුවෙ.

බිඳුන ආත්ම විශ්වාසයත් එක්ක රාජා ආපහු කෝච්චියෙම බදුල්ලෙ යනව. අද රාජා පොඩි මැණිකෙ එකේ වඩේ විකුණනවා.

සුනෙත් හේවාමිතිගේ ට ගෙදර ආර්ථික ප්‍රශ්නත් එක්ක දිගටම අතින් වියදම් කරගෙන ක්ලබ් ක්‍රිකට් ගහන එක ප්‍රශ්නයක් වෙනව. ඉන්ටර්නැෂනල් මැච් වලට මිනිහ සිලෙක්ට් වෙන්නෙත් නෑ. සුනෙත් ගෙ මාම සුනෙන්ත් ට මාතර මහජන බැංකුවෙ ජොබ් එකක් සෙට් කරනවා. සුනෙත් ආපහු මාතර යනව. මිනිහ අද වයිෆුයි ළමයි දෙන්නයි එක්ක මාතර පදිංචිය.

බණ්ඩ සවුත් ඇෆ්‍රිකා වල ඉඳන් ඇවිල්ල කටුනායකින් කෙලින්ම යන්නෙ නුවර. ටුවර් එකේ සල්ලි වලින් පොඩි හාඩ්වෙයාර් බිස්නස් එකක් පටන් ගන්නව. අද මිනිහ සාර්ථක ව්‍යාපාරිකයෙක්. බණ්ඩට දැන් පොඩි මුදලාලි බඩක් එහෙම තියෙනවා. ආයෙත් පීටර් කර්ස්ටන් ගෙ ඉළ ඇට කුඩු වෙන්න බෝල් කරන්න බෑ.

කතාවෙ දෙවෙනි කෑල්ල පටන් ගන්නෙ හරියටම අවුරුදු දහයකට පස්සෙ. නැෂනල් ටීම් එකට ක්‍රිකට් ගහන්න මාතර සර්වේෂස් ගහපු කොල්ලෙක් කොළඹ එනව කෝච්චියෙන්. ඉස්සර සුනෙත් හේවාමිතිගේ ඉස්කෝලෙ ක්‍රිකට් ගහද්දි වැට අයිනට වෙලා ඇස් පිල්ලන් නොගහ බලන් හිටපු මේ කොල්ල යකෙක් වගේ කලුයි. කඟවේනෙක් වගේ ජව සම්පන්නයි. වමත් පිතිකරුවෙක්. ගහද්දි ගහනව බෝලෙ පතුරු ගැලවෙන්නෙ. හැබැයි කවර් ඩ්‍රයිව් එක ගහද්දි බැට් එක කෙලින් නෑ.

මේ කොල්ලටත් එහෙන් මෙහෙන් කැපිලි එනව. හැබැයි ටීම් එකේ ඉන්න බඩ මහත ආනන්ද කාරයෙක් මිනිහට උදව් කරනව. මිනිහ වැඩිපුර ලකුණු නොගැහැව්වත් දිගටම මැච් වලට ගන්නව. ටෙක්නික් එක වෙන්ස් කරන්න දෙන්නෙ නෑ. "උඹට පුළුවන් විදිහට ගහපන් මල්ලි". අවුරුදු පහකට පස්සෙ ඕස්ට්‍රේලියාවෙ ඇඩිලේඩ් වල ටෙස්ට් මැච් එකක්........

මම පොඩි විහිළුවක් කරේ.

ෂෙහාන් කරුණාතිලක මෙහෙම පොතක් ලියන්නෙ නෑ.

ගල්කිස්සෙ ප්‍රයිවට් ඉස්කෝලෙක ඉගෙන ගත්ත, නිව් සීලන්ඩ් වල යුනිවර්සිටියක ඩිග්‍රිය කරපු ෂෙහාන් කරුණාතිලක කවදාවත් මෙහෙම පොතක් ලියන්නෙ නෑ.

මේ පොත ලියන්න ඕනෙ අපි.

Monday, January 5, 2015

All Time Greatest English Test Team



This is my selection for an all time English Test team.

For the sake of fair comparison players ended their career before 1920 were not considered for this selection (as cricket was very different those days).

The squad includes 21 players  - 10 batsmen, 1 all rounder, 2 wicket keepers, 5 fast bowlers and 3 spinners.

1. Jack Hobbs 

"The Master"


Jack Hobbs was one of the greatest and most prolific batsmen of all times. Although his career was interrupted by the first world war, he still holds the record for the most number of first class centuries (199).

A right handed opening batsman, Hobbs was technically correct and careful. His test career spanned 22 years from 1908 to 1930, and half of his first class centuries were made after he passed the age 40.



2. Herbert Sutcliffe


Formed one of the greatest opening partnerships in the history of the game with Jack Hobbs. He was the artist to Hobbs' craftsman, and and the pair complemented each other nicely.

His courage and his fighting spirit was well recognized. Finished his test career with a batting average of 60.


3. Len Hutton


Len Hutton was instrumental in rebuilding English cricket which was devastated by second world war. He is considered the second greatest English batsman of all times (after Hammond) and perhaps the most successful English captain. 

In his sixth test scored 364 against Australia, which was the highest test score at the time. He was an attacking stroke player when he started, but an accident during the war forced him to change to a more careful game. 

Later became England's first professional captain, and regained the Ashes in 1954-55 tour.


4. Ken Barrington


Ken Barrington was the stonewall of the English batting lineup in the 1960s. He gave up his attacking game for consistency and reliability. His careful approach formed the foundation on which his more colourful team mates could build on.

He ended his career with an average of 58, second only to Sutcliffe among English batsmen.


5. Wally Hammond


Wally Hammond was the flower of English batting before the war. A true artist, his cover drive is considered the most perfect stroke of the history of the game. 

Hammond had the misfortune of being overshadowed by Bradman throughout his career. He was considered a more attractive batsman than Bradman and a better one than him on bad wickets. Stylish, effortless and classic, Hammond could devastate a bowling attack on his day like when he scored 336 runs in 318 minutes in New Zealand. If not for Bradman, he would be considered as the greatest batsman of all time.

Hammond was also a capable medium fast bowler and a superb slip fielder.


6. Peter May


In the great English teams of 1950s, every batsman batted under the shadow of Peter May.

Tall and elegant, he played many great innings for England, but his best was in 1957 when he made 285 in 600 minutes against a West Indian attack which included Ramadhin, Gilchrist and Sobers to save the match.

He captained England in 41 tests, a record, and won 20 of them. 


7. Denis Compton


Denis Compton was never a classic batsman, but he was a fighter. Free-spirited and aggressive, his batting was as flamboyant as the person.

Like Len Hutton, Compton lost his best years to the war. After the war, his record was not as consistent as his talent would suggest. An injured knee during a football match made the matters worse for him later in his career.

Compton was there to rescue England in many tight situations, but his best fighting innings was the 184 he made against the Bradman's "Invincibles" after Asutralia replied with 509 to England's 165.

He was also a handy left arm chinaman bowler.


8. Kevin Pietersen

"KP"
The South African born batsman is not of the classic English style. But his aggressive stroke play and natural talent makes him the greatest English batsmen of modern era. 

Tall and powerfully built, Pietersen can devastate a bowling attack on his day. He was instrumental in winning The Ashes in 2005 after a long drought of 16 years where he was the top scorer for both sides with 473 runs. 


9. Ted Dexter


Ted Dexter was perhaps the most aggressive English batsmen of all times.

Born to English aristocracy, "Lord Ted" was powerfully built, yet a graceful athlete. He was comfortable in facing pace and spin alike, but he was at his brilliant best when demolishing fast bowlers. He once smashed Hall and Griffith for 70 runs in 73 balls.

Retried at the early age of 33, Ted's stats does not quite reveal his batting skills.

He was also a more than capable medium pacer and he captained England.





10. Colin Cowdrey


Colin Cowdrey was the most durable of the great English batsmen emerged during the two decades after the war.

Cowdrey never played up to his full potential, his performances always seems to lack that extra bit which makes a player great. But for more than two decades he was the backbone of English batting and he rarely let them down in all kinds of wickets around the world,

Cowdrey was the first player to play 100 test matches. He was also a superb slip fieldsman.



11. Ian Botham

"Beefy"


Ian Botham was one of the greatest all-rounders and one of the most colourful characters of the history of the game.

During the dry patch of 1980, he was the face of the English cricket, batting with typical bravado and bowling with aggression and skill. His flamboyant personality on and off the field earned him many fans (and a few enemies).

As a bowler Botham was not the fastest, but was a brilliant seam bowler. Early in his career, his bowling record was phenomenal, but later on he lost some of his edge and had to rely on iron will for wickets. He held the world record for the highest number of wickets with his 383 wickets.

As a batsman Botham was always on the attack. He could totally destroy a bowling attack on his day, as he did during his 149 in 148 balls in that famous Headingley test against Australia.

Botham was also a great fielder anywhere on the field.

He also captained England, but he was more successful as an all-rounder than as a captain.




12. Godfrey Evans


There may be more skillful wicket keepers than Evans, but only a few could match his big heart.

Evans was quick with sharp reflexes, had a keen eye and his keeping down the leg side was legendary. But it was his ability to keep the spirit of the team up even during a grave situation that made him special. 

As a batsman he was typically aggressive and flashy. But he could change his game when the situation requires it. He once batted for 97 minutes without scoring while trying to save a game.



13. Alan Knott

"Flea"
Alan knott kept wickets with silken grace and hardly missed a chance that came his way. 

Knott always believed in standing up to the wicket, even when Underwood was bowling close to medium pace.

As a batsman he was versatile. He could attack or defend with the same skill and guts.



14. Harold Larwood


Harold Larwood was the most feared fast bowler of all times.

He was short for a fast bowler, but was well built and strong. With his classic side on action he could really made the ball fly, specially on hard Australian wickets. He was without a doubt one of fastest in the history of the game and his accuracy made him a truly dangerous customer to handle. 

Larwood's name is forever coupled with the term "bodyline". English captain Jardine chose Larwood as his main weapon to unleash his new tactics on the Australians in the 1932-33 Ashes tour. Larwood was the ideal choice, because of his speed and accuracy.

Larwood finished the tour with 33 wickets at 19.51 and a few broken Australian bones. England won the Ashes, but Larwood never played test cricket again.



15. Fred Trueman


Without a doubt Fred Trueman was the greatest English fast bowler.

When he started Trueman was very fast and aggressive and struck terror into batsmen's hearts. Later on, as he lost some of his speed, he made up for it by developing the finer arts of the trade. But he never stopped intimidating the batsmen.

A classic side on action, control, accuracy, aggression, pace and the ability to swing the ball both ways with great precision made him the ideal fast bowler.

Trueman was the first bowler in the history to take 300 wickets, and has the best strike rate among all bowlers who took more than 300 wickets.



16. Alec Bedser


Alec Bedser carried the English attack on his broad shoulders in the years following the war.

Like many Englishmen of his generation, his prime years were lost to the war. He was already 28 when he started his test career.

Bedser bowled his inswingers and leg cutters off a short run at medium pace, with nagging accuracy and great skill. The fact that he took Bradman's wicket 6 times in 17 innings speaks volumes of his skill.

In 1953 Ashes he took 39 wickets at 17.48 at the age of 35.



17. Brian Statham

.
"If you miss, I hit" was Brian Statham's bowling philosophy. He was always accurate and always hitting the "corridor of uncertainty" outside the off stump, sometimes cutting back off the seam with devastating results.

Brian Statham was the long time opening partner for Fredie Trueman. They were so different in style - Trueman fast and furious, Statham accurate and patient - yet so successful.

His finest performance was during the 1960 South African tour of England, when he took 27 wickets at 18.18 to help England to a 5-0 win.



18. Bob Willis

"Goose"
Tall, lanky and quick, Bob Willis spearheaded the English attack during the era of great fast bowlers.

Often overshadowed by his West Indian and Australian counterparts of the era, Willis was nonetheless a very aggressive and skillful fast bowler. Plagued by knee injury, he collected 325 scalps by sheer will and courage.

His finest performance was at the famous Headingly test in 1981 when he took 8 for 43 to bowl out the Australians for 111, who were chasing 130.



19. Hedley Verity


A slow left arm orthodox bowler, Verity never turned the ball sharply, but his accuracy and control made him a formidable opponent.

Hedley Verity had the unique distinction of having Bradman's wicket more times - 8 -  than any other bowler in test cricket. It is said he was the only bowler who could contain Bradman.

He was superb on any conditions, but unplayable on a wet wicket. In 1934 the Lord's pitch was caught in a shower and Verity took 15 Australian wickets - including Bradman in both innings. 14 of those came in a single day. It was the best bowling performance in a test match until Laker got his famous 19 wickets.

Hedley Verity died in Italy during an assault on a German position during the war.



20. Jim Laker


Jim Laker immortalized his name with his 19 wicket haul in 1956 at Old Trafford against Australia, which is the highest number of wickets taken in a test match by any bowler.

A right arm off break bowler who gave the ball plenty of spin, Jim Laker was leading the spin attack for England throughout 1950s. He formed a formidable pair with Tony Lock.



21. Derek Underwood 

"Deadly"
Derek Underwood bowled his slow left arm orthodox spinners at close to medium pace with such accuracy and mastery, he is still the English slow bowler with most number of test scalps.

Underwood's defining characteristics were accuracy and speed. His pace was closer to medium pace than slow. Yet on a spinning wicket he could still turn the ball sharply. Like his predecessor Hedley Verity, he was devastating on a rain affected wicket.

And he mirrored Verity's performances at Lord's, with 13 Pakistani wickets at the same venue in 1974 on a similar wet wicket.


Out of these 21, my choice for the first XI is as follows:

1. Jack Hobbs
2. Len Hutton (captain)
3. Ken Barrington
4. Wally Hammond
5. Denis Compton
6. Ian Botham
7. Godfrey Evans
8. Hedley Verity
9. Harold Larwood
10. Fred Trueman
11. Derek Underwood