ලිපි මාලාවන්
▼
Tuesday, June 19, 2018
තංගම්මගෙ ලැයිං සුදිය
සිරා බිස්නස් අයිඩියා එකක් ආව.
ගන්නව ඔය හැටන් කොටගල තලවකැලේ පැත්තෙන් ඉඩං කෑල්ලක්. ඒකෙ ගහනව සුද්දගෙ කාලෙ තිබ්බ වගේ ලැයිං කාමර සෙට් එකක්. ඊට පස්සෙ ඒ ලැයිං කාමර රෙන්ට් කරනව. ඒකට නම දාන්නෙ "තංගම්මගෙ ලැයිං සුදිය" කියල. පැකේජ් එක දවස් තුනයි.
හැබැයි ඔය හොට් වෝටර්, බාත් රූම්, ස්ප්‍රිං මෙට්ට වගේ සීනිබෝල හුකුං නෑ. ෆුල් ඔතෙන්ටික් එක්ස්පීරියන්ස් එකක්.
උදේ පහට විතර සංගුවක් ගහල ඇහැරවනව. මූණ කට හෝදගන්න තියෙන්නෙ එළියෙ තියෙන පීල්ලකින් එන වතුර පාරක්. අයිස් වගේ වතුර. රෙන්ට කක්කුස්සියක් නෑ. අර පීල්ලෙන්ම අයිස් වතුර හුන්ඩුවක් පුරෝගෙන පඳුරක් අස්සෙ රෙන්න පුළුවන්. පුක හේදුවොත් ඉතිං පුකේ මයිල් ඉස්මයිල් වෙනව. ඒ නිසා කැමති නං පුක නොසෝදා ඉන්නත් පුළුවන්.
ඊට පස්සෙ කූඩෙත් අරං තේ දළු කඩන්න වත්තට යන්න ඕනෙ. වැස්ස, සීතල, මීදුම, කූඩැල්ලො වගේ ලපටි කතා නෑ. දළු කඩන්න නොගියොත් කන්න දෙන්නෙ නෑ.
හවස් වෙනකං දළු කැඩුවට පස්සෙ රෑ වෙලා ආපහු කාමරේට එතෑකි. කන්න දෙනව රොටී දෙකක්. එච්චරයි. මුළු හැත්ත බුරුත්තටම එක කාමරයයි තියෙන්නෙ. පැදුරු කෑලි තියෙනව එලාගෙන බුදියගත්තෑකි. අනිවා උදේ වෙද්දි කොළරාව හැදිල තියෙන්නෙ. මොකද ඉතිං උදේට මූණ හෝදන්නෙ කාරිය උඩ ලැයිං වල එවුං රෙන එව්ව හෝදගෙන එන වතුරෙන් නෙ. ඒ වුනාට ඒ හුකාරිස් නෑ. පුකෙං බඩසාරු වක්කරගෙන හරි එදත් දළු කඩන්න යන්න ඕනෙ. නැත්තං රොටී දෙක නෑ.
ඔප්ෂනල් පැකේජ් දෙකක් තියෙනව. එකක් "පෙරිය දොරේ". ඒක ගත්තොත් දළු කඩ කඩ ඉද්දි සුද්දෙක් අස්සයෙක් පිටේ ඇවිල්ල කසෙන් ගහනව. අනිත් එක "මැලේරියා". ඒක ගත්තොත් මැලේරියා ඉන්ජෙක්ෂන් එකක් ගහනව. එතකොට අර ෆුල් ආතල් එක ගන්න පුළුවන් මැලේරියාව හැදිල වෙව්ල වෙව්ල.
වැඩේ නැගල ගියොත් තව සීන් එකක් පටන් ගන්නව "සිරිමලී ගෙ මායිං ගම්මාන ආතල්" කියල. ඒක දාන්නෙ වවුනියාව පැත්තෙ. ඒකත් දවස් තුනේ පැකේජ් එකක්. සීන් එක යන්නෙ එක්ස්ට්‍රීම් ස්පෝර්ට් එකක් විදිහට.
පොඩි කටුමැටි පැල් කොට වල තමා ඉන්න තියෙන්නෙ. උදේම නැගිටල යන්න ඕනෙ කුඹුරෙ වැඩ කරන්න. හවස් වෙලා ආයෙ ගෙදර එනව. රෑට නිදාගද්දි තමා සෙල්ලම පටන් ගන්නෙ. දවස් තුනෙන් ඕනම දවසක රෑ තුවක්කු, කඩු, කැති, මුගුරු ගත්ත සෙට් එකක් පනිනව. අහුවෙන අහුවෙන එකා කැතිගාල මරනව. කැලේ පැනල හැංගිල බේරෙන්න ඕනෙ. අහුවුනොත් මැරුව. පට්ටම ඇඩ්රිනලින් රෂ් එකක් එන්නෙ. ඔය බංජි ජම්පිං, රාෆ්ටිං වගේ ඒව නිකං ලෑතර පීතර කියල හිතෙයි.
ඔය වෙන රටවලත් තියෙන්නෙ ඒ වගේ සීන්. වියට්නාමෙ උමං මාර්ග, පෝලන්තෙ අවුෂ්විට්ස් වගේ. හරි හරි ඒවයෙ ඉතිං වැඩේ සිද්ධ වෙන්නෙ එඩියුකේෂනල් ට්‍රිප් එකක් වගේ තමා. ඒ වුනාට ඕව ගැන රිසර්ච් කරල එහෙම වැඩක් කරන්න පුළුවන් කාටද ඕයි. ඊට වඩා ලේසි නැද්ද මේ වගේ ගොම්පාට් එකක් දාන එක? ඔය පොෂ් සෙට් එකටත් ආයෙ ඕව ඉගෙන ගෙන වැඩක් තියේයැ. උන්ටත් ඕනෙ අම්මට සිරි වෙලා යන සෙල්ෆි ටිකක් ෆේස්බුක් දාගන්න නෙ. ඉල්ලුමට සැපයුම. මේක තමා රොම්බ දනවාදෙ.
මොකද්ද? ඔය වතුවල, ගං වල ඉන්න එවුන්ට අවුල් යයි ද? පිස්සුද හුත්තො? ඔය නූගත් දුප්පත් වඳ හැත්තට අපිට වගේ දුක, වේදනාව, ලැජ්ජාව කියන හැඟීම් දැනෙන්නෙ නෑ. එදාවේල වේසිගෙපුතාලනෙ. නිකං සත්තු වගේ තමා ජීවත් වෙන්නෙ. අහුවුන දෙයක් කෑව. නිදාගත්ත. උන්ට ඕවයෙ ගානක් නෑ. උන්ට ඉතිං ඕවයෙ ලගින්ට එන සුද්දෙක්ට අලිපේර ගෙඩි දෙකක් ජුජුබ්ස් පැකට් එකක් විකුණ ගන්න තිබ්බොත් වැඩිත් එක්ක.
ඒක නෙවෙයි ඕයි හොඳම සීන් එක. අර ඒ කාලෙ ඇත්තටම තේ වතු වල වැඩකරපු දෙමළු මරාගෙන කාපු සුද්දංගෙ පරම්පරාවල එවුං ඒ මරාගෙන කාල හම්බකරපු සල්ලි වලින් ඇවිල්ල ඔය ආතල් එක ගද්දි. කොහොමද ආතල් එක? සීය දෙමළු මරාගෙන කාපු ලැයිං කාමර වල මුණුපුරා ඇවිල්ල ෆන් එකක් අරගෙන යනව. ඕං බලාගනිං සීයගෙ හපංකං. ඇඬෙනව නේද ඕයි? ඕක තමයි ඕයි දනවාදෙ කියන්නෙ. අඬන්න එපා හිනාවෙනව.
උකනවද පෝල් කියුවලු
ReplyDelete:'(
ReplyDeleteබුකියේ කොමෙන්ට් එක්කම කියෙව්වා.. පට්ට.. :)
ReplyDeleteබස්තියන්
Deleteමගේ හිතේ ඔය ලැයින් කාමර අස්සේ නොගියට අපි දැනුත් හැමදාමත් ගන්නේ එහෙම ආතල් තමා
ReplyDelete++++++++++
ReplyDelete