Monday, November 16, 2015

සිරියානු අර්බුධය​



මේ සටහන ඉතාමත් සංකීර්න දේශපාලන තත්වයක් වන සිරියානු අර්බුධය පිළිබඳ කෙරෙන සටහනකි. මෙය කිසිසේත්ම එම සංකීර්න අර්බුධය පිළිබඳ දේශපාලන විග්‍රයහක් නොව​, සිදු වන්නේ කුමක්දැයි අවබෝධ කරගැනීම පිණිස තැබෙන සරළ මග පෙන්වීමකි.

සටන් වදින පාර්ශව​


මුලින්ම බැලිය යුත්තේ සටන් වදින පාර්ශන මොනවාද යන්න දෙසය​. අවබෝධ කරගත යුතු වැදගත්ම කරුණ සිරියානු අර්බුධය යනු බහු-පාර්ශවීය යුද්ධයක් යන්නයි. එනම් මෙය පැහැදිලිව දෙපිළ බෙදුනු දෙපිරිසක් අතර කෙරෙන යුද්ධයක් නොව විවිධ පාර්ශවයන් අතර කෙරෙන යුද්ධයක් බවත්, ඒ ඒ පාර්ශවයන් අතර විවිධ මට්ටමේ ගැටුම් සහ මිත්‍ර ගිවිසුම් ඇති බවත් ය​.

සියළුම පාර්ශවයන් ප්‍රධාන කණ්ඩායම් හතරකට වර්ග කළ හැක​.
1. ෂියා වරු
2. සිරියානු කැරලි කරුවන්
3. කුර්දි වරු
4. ඉස්ලාමීය රාජ්‍යය

ඒ ඒ පාර්ශව වලට අයත් කණ්ඩායම් ගැන විස්තරයක් පහත දැක්වේ

1. ෂියා වරු


සිරියානු අරාබි ජනරජය​

භාවිතාවන නම : සිරියාව​
නායකයා : ජනාධිපති බෂාර් අල්-අසාද්
බල ප්‍රදේශය : බටහිර සිරියාව​
දේශපාලන ස්ථාවරය : ඓහික අරාබි ජාතිකවාදය​
ආගම : ෂියා ඉස්ලාම්

සිරියානු රජය​. සිරියාව ප්‍රධාන වශයෙන් සුන්නි ඉස්ලාමීය රටක් වුවද​, සිරියානු රජයේ බලය ඇත්තේ ෂියා මුස්ලිම් වරුන්ටය​. සිරියාව බටහිර විරෝධී සහ ඊශ්‍රායල් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

ජාතික ආරක්‍ෂක හමුදාව​

භාවිතාවන නම : ෂබීහා
බල ප්‍රදේශය : බටහිර සිරියාව​
දේශපාලන ස්ථාවරය : අසාද් වාදී
ආගම : ෂියා ඉස්ලාම්, ක්‍රිස්තියානි

ෂියා මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජන කොටස් අතරින් සැදුම් ලත් සිරියානු රජයට පක්‍ෂපාතී මිලීෂීයා හමුදාවක්


ඉරාන ඉස්ලාමීය ජනරජය​

භාවිතාවන නම : ඉරානය​
නායකයා : අයතුල්ලා සයියෙද් අල් කමේනි
බල ප්‍රදේශය : ඉරානය​
දේශපාලන ස්ථාවරය : ෂියා ඉස්ලාමීය පාලන ක්‍රමයක්
ආගම : ෂියා ඉස්ලාම්

ඉරාන රජය​. සිරියානු රජයේ ප්‍රධානම මිතුරු රාජ්‍යය​. සිරියාවට ප්‍රධානම වශයෙන් යුධ ආධාර ලැබෙන්නේ ඉරානයෙනි. සිරියානු රජය ෂියා මුස්ලිම් වරුන් ගෙන් සමන්විත වන නිසා සහ සිරියාවේ ඊශ්‍රායල් විරෝධී ප්‍රතිපත්ති නිසා ඉරානය සිරියාවට සහය දේ.

රුසියානු ෆෙඩරේෂනය​

භාවිතාවන නම : රුසියාව​
නායකයා : ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්
බල ප්‍රදේශය : රුසියාව​
දේශපාලන ස්ථාවරය : රුසියානු ජාතිකවාදය​
ආගම : රුසියානු ඕකඩොක්ස් ක්‍රිස්තියානි

රුසියානු රජය​. සිරියානු රජයේ මිතුරු රාජ්‍යයක්. රුසියානු නාවුක කඳවුරක් සිරියාවේ පිහිටා තිබේ. රුසියාව ඉස්ලාමීය රාජ්‍යයට සහ අනෙකුත් සිරියානු කැරලි කරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරයි.

හෙස්බොල්ලා

භාවිතාවන නම : හෙස්බොල්ලා
නායකයා : සයියිඩ් හසන් නසරල්ලා
බල ප්‍රදේශය : දකුණු සහ නැගෙනහිර ලෙබනනය​
දේශපාලන ස්ථාවරය : ෂියා ඉස්ලාමීය ජාතිකවාදී
ආගම : ෂියා ඉස්ලාම්

ලෙබනනය මූලික කරගත් ෂියා ඉස්ලාමීය ගරිල්ලා සංවිධානයක්. සිරියානු රජය ෂියා මුස්ලිම් වරුන් ගෙන් සමන්විත වන නිසා සහ සිරියාවේ ඊශ්‍රායල් විරෝධී ප්‍රතිපත්ති නිසා. හෙස්බොල්ලා වරු සිරියාවට සහය දේ.

ඉරාක ජනරජය​

භාවිතාවන නම : ඉරාකය​
නායකයා : හයිදර් අල්-අබාදි
බල ප්‍රදේශය : දකුණු සහ නැගෙනහිර ඉරාකය​
දේශපාලන ස්ථාවරය : ෂියා ඉස්ලාමීය ප්‍රජාතන්ත්‍රවාදය​
ආගම : ෂියා ඉස්ලාම්

ඉරාක රජය​. ඉරානයේ මිතුරු රාජ්‍යයක්. ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව සටන් කිරීමට ඉරාකය සිරියාව සහ ඉරානය සමඟ එක්ව ක්‍රියා කරයි.



2. සිරියානු කැරලි කරුවන්


සිරියානු විප්ලවීය සහ විපක්‍ෂ බලවේගයන් ගේ ජාතික එකමුතුව​​

භාවිතාවන නම : සිරියානු විපක්‍ෂය​
නායකයා : කාලෙද් කෝජා
බල ප්‍රදේශය : උතුරු සිරියාව සහ දකුණු සිරියාවේ සමහර ප්‍රදේශ​
දේශපාලන ස්ථාවරය : අසාද් විරෝධී
ආගම : සුන්නි ඉස්ලාම්

අසාද් රජයට විරුද්ධ විවිධ කණ් ඩායම් රැසකින් සමන්විත එකමුතුවක්. මෙහි සාමාජික සංවිධාන වල දේශපාලන ස්ථාවරයන් එකිනෙකින් විශාල වශයෙන් වෙනස් වේ. සමහර කණ්ඩායම් ප්‍රජාතන්‍ත්‍රවාදී වන අතර සමහර කණ්ඩායම් ඉස්ලාමීය අන්තවාදීන් වේ. නිදහස් සිරියානු හමුදාව මෙහි බලවත්ම සාමාජිකයා වේ.

ජායිෂ් අල්-ෆතාහ් (විජයග්‍රහනයේ හමුදාව)

භාවිතාවන නම : සිරියානු ඉස්ලාමීය පෙරමුණ​
නායකයා : අබු යාහියා අල්-හමාවි
බල ප්‍රදේශය : උතුරු සිරියාව​
දේශපාලන ස්ථාවරය : සුන්නි ඉස්ලාමීය අන්තවාදය​
ආගම : සුන්නි ඉස්ලාම්

සුන්නි ඉස්ලාම් අන්තවාදී කණ් ඩායම් රැසක එකමුතුවක්. අහ්.රාර් අෂ්-ෂාම් සංවිධානය මෙහි බලවත්ම සාමාජිකයා වන අතර​, අල්-කයිඩා සංවිධානයේ සාමාජික සංවිධානයක් වන අල්-නුස්‍.රා පෙරමුණද මෙහි සාමාජිකයෙකි. සිරියානු විපක්‍ෂය සමඟ සමහරවිට ඒකාබද්ධව කටයුතු කරයි.


බටහිර රටවල්

භාවිතාවන නම : බටහිර රටවල්
නායකයා : ඇමරිකන් ජනාධිපති බරක් ඔබාමා
බල ප්‍රදේශය : බටහිර ලෝකය​
දේශපාලන ස්ථාවරය : ධනවාදය
ආගම : කතෝලික සහ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි

ඇමරිකාව සහ ප්‍රංශය ප්‍රමුඛ බටහිර රටවල් විසින් අසාද් රජයට එරෙහිව සිරියානු විපක්‍ෂයට සහ වෙනත් ඉස්ලාමීය අන්තවාදී සංවිධාන වලට ආධාර ලබා දේ.

ඊශ්‍රායල රාජ්‍යය​

භාවිතා වන නම : ඊශ්‍රායලය​
නායකයා : අගමැති බෙන්ජමින් නෙතන්හායු
බල ප්‍රදේශය : ඊශ්‍රායලය​​
දේශපාලන ස්ථාවරය : සයොන් වාදය​
ආගම : යුදෙව්

ඊශ්‍රායල් රජය​. ඊශ්‍රායලය විසින් සමහර අවස්ථා වලදී හෙස්බොල්ලා ගරිල්ලන්ට සහ ඔවුන් සමඟ සිටින සිරියානු හමුදාවන්ට එරෙහිව පහර දේ.

ගල්ෆ් අරාබි රටවල්

භාවිතා වන නම : ගල්ෆ් අරාබි රටවල්
නායකයා : සවුදි අරාබි රජ සල්මන් බින් අබ්දුල්ලාසිස්
බල ප්‍රදේශය : අරාබි ගල්ෆ් කලාපය​
දේශපාලන ස්ථාවරය : සුන්නි ඉස්ලාමීය වහාබි වාදය​
ආගම : සුන්නි ඉස්ලාම්

ගල්ෆ් අරාබි රටවල් වන සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර්, බහරේන්, කටාර් රාජ්‍යයන් ෂියා මුස්ලිම් වරුන්ට එරෙහිව සුන්නි ඉස්ලාමීය කැරලි කරුවන්ට සහය දෙයි.

තුර්කි ජනරජය​

භාවිතාවන නම : තුර්කිය​
නායකයා : ජනාධිපති රෙසෙප් තායිප් එර්දොගාන්
බල ප්‍රදේශය : තුර්කිය​
දේශපාලන ස්ථාවරය : ඓහික තුර්කි ජාතිකවාදය​
ආගම : සුන්නි ඉස්ලාම්

කුර්දි වරුන්ට එරෙහිව තුර්කිය සටන් කරයි. සමහර විට තුර්කිය සිරියානු කැරලි කරුවන්ට සහ ඉස්ලාමීය රාජ්‍යයට සහය දේ.




3. කුර්දි වරු


බටහිර කුර්දිස්ථානය​

භාවිතාවන නම : සිරියානු කුර්දිස්ථානය​
නායකයා : ජනාධිපති අස්‍.යා අබ්දුල්ලා සහ සාලි මුස්ලිම් මුහම්මද්
බල ප්‍රදේශය :  ඊශාන දිග සිරියාව​
දේශපාලන ස්ථාවරය : කුර්දි ජාතිකවාදය​
ආගම : සුන්නි ඉස්ලාම්

සිරියාවේ කුර්දි වරු වාසය කරන ප්‍රදේශයේ පිහිටුවා ගත් ස්වයං පාලිත ප්‍රදේශයක්. කුර්දි වරු ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව සටන් කරන අතර සමහර අවස්ථා වලදී සිරියානු විපක්‍ෂය සහ සිරියානු රජය සමඟ ද ගැටුම් ඇතිකර ගනී. නමුත් සමස්තයක් වශයෙන් කුර්දි වරු සිරියානු රජයට හිතවත් ප්‍රතිපත්තියක් අනුගමනය කරති. ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව සටන් කිරීමේදී කුර්දි වරුන්ට බටහිර සහය හිමිවේ.

දකුණු කුර්දිස්ථානය​

භාවිතාවන නම : ඉරාක කුර්දිස්ථානය​
නායකයා : ජනාධිපති මසූද් බර්සානි
බල ප්‍රදේශය : උතුරු ඉරාකය​
දේශපාලන ස්ථාවරය : කුර්දි ජාතිකවාදය​
ආගම : සුන්නි ඉස්ලාම්

ඉරාකයේ කුර්දි වරු වාසය කරන ප්‍රදේශවල පිහිටුවා ගත් ස්වයං පාලිත ප්‍රදේශයක්. ඉරාක කුර්දි වරු සිරියානු කුර්දි වරු සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර​, ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව සටන් කරති. ඉරාකය සහ ඉරාක කුර්දි වරු අතර ද ගැටුම් පවතී.



4. ඉස්ලාමීය රාජ්‍යය


භාවිතාවන නම : අයිසිස්
නායකයා : අබු බකර් අල්-බග්දාදි
බල ප්‍රදේශය : නැගෙනහිර සිරියාව සහ බටහිර ඉරාකය​
දේශපාලන ස්ථාවරය : සුන්නි ඉස්ලාමීය අන්තවාදය​
ආගම : සුන්නි ඉස්ලාම්

සුන්නි ඉස්ලාම් අන්තවාදීන් ගෙන් සැදුම් ලත් අන්තවාදී සංවිධානයක්. අල්-කයිඩා සංවිධානයේ සාමාජික සංවිධානයක් ලෙස ඇරඹුනු ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය 2014 දී ඉන් බිඳී ගොස් ඉරාකයේ සහ සිරියාවේ විශාල භූමි ප්‍රදේශයක් අල්ලා ගෙන ඉස්ලාමීය රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළහ​. සිරියානු රජයට,  ඉරාක රජයට සහ කුර්දි වරුන්ට එරෙහිව සටන් කරන ඔවුහු සමහර විට අනෙක් සිරියානු කැරළි කරුවන් සමඟ ද ගැටෙති.


බල ප්‍රදේශ​


ඒ ඒ කණ්ඩායම් විසින් පාලය කරන බල ප්‍රදේශ පහත සිතියමේ දැක්වේ.

ලා රතු - සිරියානු රජය​
තද රතු - ඉරාක රජය​
කහ - කුර්දි වරු
කොළ - සිරියානු විපක්‍ෂය​
සුදු - ජායිෂ් අල්-ෆතාහ්
අළු - ඉස්ලාමීය රාජ්‍යය